ඇපල් ගහ...

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    419453_322343247804325_262942260411091_828064_2106466906_n.jpg




    ඔන්න එකමත් එක කාලෙක තිබ්බලු ලොකු ඇපල් ගහක්..
    පොඩි ලමයෙක් ඒ ඇපල් ගහේ නැගලා ඇපල් කාලා සෙල්ලම් කලා ලූ... ඇපල් ගහත් ආසාවෙන් ලු හිටියේ මේ පොඩි ලමයා සෙල්ලම් කරන එකට... කාලයක් සමග පොඩි ලමයා චුට්ටක් ලොකු උනාම එයා සෙල්ලම් කරන එක නතර කලා ලූ...
    දවසක් ඇපල් ගහ ලගින් පොඩි ලමයා යද්දි ඇපල් ගහ කතා කරලා ඇහුවා ලු..
    ""(ඇයි ඔයා දැන් සෙල්ලම් කරන්න එන්නෙ නැත්තේ)""කියලා පොඩි ලමයා කිව්වලු..
    (මම දැන් ලොකු ලමයෙක්... ඔයා එක්ක සෙල්ලම් කරන්න මට වෙලාව නෑ )කියලා.. මම දැන් සෙල්ලම්බඩු වක් ගන්න යනවා ඒත් සල්ලි තමා නැත්තේ කියලා ගහට කිව්වා ලු... ගහ උත්තර දුන්නා ලු.. (මගේ ලග සල්ලි නම් නෑ.. හැබැයි ඇපල් ටික කඩාගෙන ගිහිල්ල විකුණන්න එතකොට සල්ලි හම්බවෙයි කියලා... )
    පොඩිලමයා සතුටින් ඇපල් ටික කඩාගෙන ගියාලූ,.. ආයේ ආවේ නැල්ලු..ගහ ලමයා ආයේ ආවේ නැති එකට දුකින් ලු හිටියේ...
    පස්සේ ලමයා විවාහ වන තරම් වයසේ සිටින විට නැවත ගහ හමුවුනාලු... ගහ කිව්වාලු එන්න සෙල්ලම් කරන්න කියලා... එත්කොට ඒ මනුස්සයා කිව්වලු.. (මම දැන් ලොකුයි.. මට මගේ පවුල බලාගන්න තියනවා ගෙයක් හදා ගන්න තියනවා) කියලා....
    එතකොට ගහ කිව්වලු මගේ අතු ටික කපාගෙන ගිහිල්ලා ගේ හදාගන්න කියලා.. එතකොට අර මනුස්සයා සතුටින් අතු කපාගෙන ගියාලු ආයේ ආවේ නැල්ලු...
    ගහ අයෙත් දුකින් හිටියා ලු පොඩිකාලේ ඉදන් සෙල්ලම් කරපු ලමයා අපු නැති එකට
    තව ටික කාලෙකින් අයෙක් ගහට ඒ පුද්ගලයාව හමු වුනාලු...
    එතකොටත් ගහ කිව්වලු එන්න සෙල්ලම් කරන්න කියලා.. එතකොට මනුස්සයා කිව්ව ලු... (මට වෙලාව නෑ,... මම බෝට්ටුවක් හදන්න තියනවා කියලා).. එතකොට ගහ කිව්වලු... මගේ කදෙන් හොද බෝට්ටුවක් හදන්න පුලුවන් කද කපාගන්න කියලා,...
    ගියා ගියා ලු ආයේ අවේ නැල්ලු... ආයේ ගොඩ කාලෙකින් මනුස්සයට ගහ හම්නුනාම ගහ කිව්වලු

    ගහ: ඔයාට දෙන්න ඇපල් නෑ....
    මනුස්සයා: ඇපල් කන්න මට දැන් දත් නෑ...
    ගහ: ඔයාට නගින්න අතු නෑ මට
    මනුස්සයා: මට දැන් ගස් නගින්න පණත් නෑ..

    ගහ: මට ඔයාට දෙන්න මුකුත්ම නෑ මගේ කද නැති මුල් ටික විතරයි තියෙන්නේ කියලා දුක් වුනා ලු
    මනුස්සයා: මට දැන් හරි මහන්සි ජීවිතේ මට දැන් සැනසිල්ලේ ඉන්න ඔනේ..
    ගහ: ඉදගන්න මගේ කද උඩ ගිමන් හරින්න පුලුවන් වෙයි කියලා කිව්වලු සතුටින්

    ගහත් නිකන් අපේ දෙමව්පියන් වගේ... දෙමව්පියන් කවුරු වුනත් ඔවුන්ට ආදරය කරන්න


    here.gif



    උපුටා ගැනීම ෆෙස් බුකියෙනි ..........


    Sorry If Repost .....