අහස් අකුණු අතරේ
පැන දිවූ විදුලිය සේ
කලබලයෙන් පිරී ගිය
ජීවිතේ නම් නගරයේ
අගු කොනක් නොම හැර බලා
තර්කයක් මිටින් ගෙන
ඒ මිටින් ගුටි අනින
වසන්තය ගෙවී යයි
ඇද හැලෙන වැසි දියෙන්
සේදුනා වූ කූණප
පෙත්ත වූ සෙරෙප්පුව
උඩින් පැන ගලා යයි
ඉර මැරෙන හැන්දෑවේ
නගරයේ අවන්හල තුලින්
නැගී විත්
දිය වෙලා යන කතා
කාණුවට ඇද හැලෙයි
තවත් දවසක් සමග...
පැන දිවූ විදුලිය සේ
කලබලයෙන් පිරී ගිය
ජීවිතේ නම් නගරයේ
අගු කොනක් නොම හැර බලා
තර්කයක් මිටින් ගෙන
ඒ මිටින් ගුටි අනින
වසන්තය ගෙවී යයි
ඇද හැලෙන වැසි දියෙන්
සේදුනා වූ කූණප
පෙත්ත වූ සෙරෙප්පුව
උඩින් පැන ගලා යයි
ඉර මැරෙන හැන්දෑවේ
නගරයේ අවන්හල තුලින්
නැගී විත්
දිය වෙලා යන කතා
කාණුවට ඇද හැලෙයි
තවත් දවසක් සමග...





