macro mode එකේ ලග තියෙන object focus කරල photo ගන්නකොට, ටිකක් දුර තියෙන object එකක් සූම් කරල ගත්තම සහ lens එකට එන එලිය වැඩි කරහම එහෙම ඔය විදියට blur කරගන්න පුළුවන්
technically කියනවනම් ඔය කියන්නෙ depth of field එක ගැන, ඒක ලබාගන්න ක්‍රම කීපයක් තියෙනව.
ඕකට DSLR එකක් ම ඕනෙ වෙන්නෙ නැහැ , මේ තියෙන්නෙ මම normal point and shoot එකකින් සහ Bridge/super zoom වර්ගයෙ කැමරාවකින් ගත්ත photo ඔය කියන blur එක ඇවිල්ල තියෙන හැටි. මේව photoshop කරපුව නෙවෙයි.
1)focused distance - object එක ලන් වෙන්න වෙන්න blur ගතිය වැඩී.
S6100 Nikon point and shoot/compact camera
2)Aperture - අඩු වෙන්න වෙන්න depth of field අඩු වෙනව = blur ගතිය වැඩී f/2.8 >> f/8
aperture 2.8 and in macro mode kodak Z990 bridge camera
3)focal length - වැඩි වෙන්න වෙන්න (zoom කරන්න කරන්න) blur ගතිය වැඩී.
focal length = 840mm (30X zoom) kodak Z990 bridge camera