2012 වසර තුල ඇරඹෙන නව යුගය යනු ඔබලාට ආවේණික නොවන අලුත් තාක්ෂනයක් තුලින් යන ඉදිරි පරිණාමයකි.පෘථිවියේ අතීතය එයට වැදගත් නොවේ.මිනිසාගේ විනාශකාරි නායකයන් විසින් ඔබව දක්වාගෙන ආපු අතීතය එයට වැදගත් නොවේ.ඔබලාගේ ආර්ථික දැක්ම, නායකත්වයන්, පාලන තන්ත්ර කෙටි කාලීනව යම් සීමිත පිරිසකට සෞභාග්‍යයක් දුන්නත්, එය දීර්ඝ කාලිනව මිනිසාගේ පැවත්මට හානි කර සහ විනාශකාරි බව ඔබට මේ වෙනවිට දැනෙමින් පවතිනු ඇත.එය මේ වෙනවිටත් යලිත් මිනිස් තාක්ෂනයෙන් ආපසු හැරවිය නොහැකි විශාල විනාශයක් පෘථිවි ජෛව ගෝලය වෙත කර ඇති බව පිටසක්වල ජීවින් නිසැකවම දනියි.පෘථිවි පාලනයට අවශ්‍යය ඥාණය සහ උපදෙස අවශ්‍ය අවස්තාවේදි අන්තර්සක්වල ඔරියන්තුමාට ලබාදෙනු ඇත.මේ අවස්ථාවේ මම දත යුතු දෙය පමණක් ඔවුන් මට ලබාදෙන්නේ මිනිස් වෙසින් ඉන්න මාව අවුල් සහගත තත්වයකට සහ ප්රශ්නකාරි තත්වයකට ,ආන්දෝලනයකට පත් නොකර සිටීමටය.මේ වෙනවිටත් අවශ්‍ය දේවල් ඔවුන් අහසේ සිට ඉෂ්ඨ් කරමින් සිටී.
විශේෂයෙන්ම ක්‍රිස්ටල් හිස්කබල් වැනි දේවල් පිලිබඳ දැනුමක් නව යුගයට අවශ්‍යය නැත.නාසා, සී අයි ඒ, මෙන් ඉන් බ්ලැක් ආයතන තියෙන්නේ පිටසක්වල දේවල් අධ්‍යයනයට වඩා පිටසක්වල සාක්ෂි, තොරතුරු ,දත්ත වසන් කිරීම පිනිසය. පිටසක්වල න්‍යායයන්, ආර්ථික ක්‍රම සහ මතවාද අද ලෝකය වනසන නායකයන්ට සහ බලවතුන්ට ඉතාම අහිතකර නව විප්ලවයකට මං මාවත් යොමු කරන දෑය.මේ නිසා බලය අනිසි ලෙස පාවිච්චි කරන නායකයන් සහ සමාගම් කරුවන් බංකොලොත් කරන පිටසක්වල සාධක වසන් කිරීම මිසක් ඒව ජනතාව වෙත ගලායාමක් සිදු වී නැත.නමුත් මේ සියලු සෙල්ලම් 2012 වසර තුල පිටසක්වල ජීවින් විසින්ම නිම කරනු ඇත.