..:: Driving License අලුතෙන් ගන්නවද,තියෙන එක නැති උනාද එහෙ&#3505

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
..:: Driving License අලුතෙන් ගන්නවද,තියෙන එක නැති උනාද එහෙ&#3505

Driving License


learner-plate.jpg


කනාවට වගෙ පත්තරේ මේක තියෙනව දැක්කා :P කට්ටියට වැදගත් වෙයි කියල දැම්මා :D



>>>>>>>>>>><<<<<<<<<<

ලුතින් රියදුරු බල පත්‍රයක් ලබා ගැනීමට හෝ පැරණි රියදුරු බලපත්‍රය අලුත් කරවා ගැනීමට මෝටර් රත ප්‍රවාහම දෙපාර්තුමේන්තුවට යා යුතු වනවා. එහි නිලදාරින් කාර්යක්ෂම සේවයක් ලබා දුන්නත් ඇතැන් විට සාර්තක සේවයක් ලබා ගැනීමට නොහැකි වන්නේ අප අතින් සිදු වන සුලු එහෙත් වැදගත් අඩුපාඩු කීපයක් නිසයි.

---ඔබ මෝටර් රථ දෙපාර්තුමේන්තුවට පිවිසීමට පෙර---


මෝටර් රථ දෙපාර්තුමේන්තුවට පිවිසීමට පෙර ඔබ සතු විය යුතු වැදගත් ලිපි ලේකන කීපයක් පවතිනවා.ඔබ එම ආයතනයට පිවිසෙන්නෙ අලුතෙන් සැහැල්ලු වාහන සදාහා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමටනම් ඔබගේ පැහැදිලි හැදුනුම්පත හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රය,උප්පැන්න සහතිකයේ මුල පිටපත හා වෛද්‍ය සහතිකයක් ඔබ සතු විය යුතුයි. එමෙන්ම ඔබේ වයස 17 ඉක්මවා සිටිය යුතුයි.

ඔබ අලුතින් බර වාහන සදහා රියදුරු බලපත්‍රයක් ලබා ගන්නවානම් පැහැදිලි හැදුනුම්පත හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රය,උප්පැන්න සහතිකයේ මුල පිටපත හා බර වාහන සදහා වූ වෛද්‍ය වාර්තවාක් ඔබ සතු විය යුතුයි.ඒ සදහා ඔබේ වයස 21 ඉක්මවා තිබිය යුතුයි.

රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට නම් ඔබ සතුව පැරණි බලපත්‍රය,පැහැදිලි හැදුනුම්පත හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රය හා වෛද්‍ය වාර්තාව තිබිය යුතුයි.

නැතිවූ රියදුරු බලපත්‍රයක් වෙනුවට නව බලපත්‍රයක් සදාහා අදාල වෛද්‍ය වාර්තා,පැහැදිලි හැදුනුම්පත හා මාස හයකට නො අඩු කාලයක් තුලදී ලබා ගත් පොලිස් වාර්තාවක් ඉදිරිපත් කල යුතු වේ.

එයට අමතරව පිටරටකදී ලබා ගත් රියදුරු බලපත්‍රයක් වෙනුවට ලන්කාවේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී අදාල රටේ බලපත්‍රය රැගෙන යා යුතු වන අතර, අදාල විදේශිකයා ලංකාව තුල රැදී සිටීමට මාස හයකට වැඩි කාලයකට වීසා නිකුත් කර තිබිය යුතුය.ලංකාවේ පුරවැසියෙක් විදේශයකදී ලබා ගත් බලපත්‍රයට නව බල පත්‍රයක් ලබා ගැන්නෙ නම් එම බලපත්‍රය ලබා ගත් කාලයේදී එම පුත්ගලයා එම රටේ සිටි බවට සහතික කරන්නට අදාල වීසා බලපත්‍රය ඉදිරිපත් කල යුතු වේ.

ඇතැම් කාන්තාවන් විවායෙන් පසු සිය පෙලපත් නාමය වෙනුවට සැමියාගේ පෙලපත් නාමය යොදා ගනී එවැනි අවස්තාවකදී රියදුරු බලපත්‍රය ලබා ගන්න විට විවාහ සහතිකය ඉදිරිපත් කල යුතු වේ.


---කාර්යාලයට පිවිසීමේදී---

මෝටර් රත ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පිවිසීමේදී ඔබ පලමුව ටෝකන් එකක් ලබා ගත යුතුය.එම ආයතනය දිනකට ටෝඅකන් පත්‍ර දහසක් නිකුත් කරයි. ඒ එක් දින සේවය ලබා ගැනීමට ටෝඅකෙන් පත්‍ර පන්සීයක් හා සාමන්‍ය සේවය සදහා පන්සීය බැගිනි.එක්දින සේවය සදහා රුපියල් 2200ක් වැය වන අතර, සමාන්‍ය සේවය සදහා වැය වන්නේ රුපියල් 1700ක මුදලක් පමණි.

ටෝකන් පත්‍රය ලබා ගත්තාට පසුව කාර්යාලයට පිවිසෙන ඔබ එකේ සිට එකොලහ දක්වා වූ නිලධාරීන් වෙත යා යුතුයි.එහිදී නම,වයස,උස,රුධිර ගණය ඇතුලු මූලික තොරතුරු ලබා ගන්න අතර, එම අවස්තාවේදීම චායාරූපයක් හා නිල අත්සන ලබා ගැනීම සිදු කෙරේ.ඒ සියල්ල ලබා ගත් පසුව අයදුමපත නිකුත් වීම සිදුවේ.

ඉන් අනතුරුව අංක 12,13 දරන නිලදාරීම වෙත යා යුතු වන්නේ පරන බලපත්‍රය අලුත්කරවා ගැනීම සදහාය. එහිදී පැරනි බලපත්‍රයේ සත්‍යතාව පරීක්ශා කර බලනවා. ඉන්පසුවා හා අලුතෙන් බලපත්‍රය ලබා ගන්න අයද යා යුතු වන්නේ අංක 15-27 දක්වා වූ නිලදාරීන් වෙතටයි. ඔව්න් සිදුකරන්නේ මූලික ලියකිවිලි වන ජාතික හැදුනුම් පත,උප්පැන්න සහතිකය,පැරණි රියදුරු බලපත්‍රය ආදිය ස්කෑන් කිරීමයි.මෙමගින් අවශ්‍ය දත්ත සිය ජාලයට එකතු කර ගැනීම සිදු කරනවා.

---වාහන වර්ග සදහා ගාස්තු---

ඊලගට මුදල් ගෙවීම සදහා ක්වුන්ටරය වෙත යා යුතු වේ.එහිදී විභාග සදහා දින ලබා දීම සිදුවේ.

lsna.jpg

2012.02.20

සැහැල්ලු වාහන සදහා බලපත්‍රය බර වාහන සදහා වෙනස් කර ගන්නේ නම් රුපියල් 2000ක් වැය වන අතර,සැහැල්ලු වාහන බලපත්‍රය බර වාහන හා යතුරු පැදි ලෙස වෙනස් කිරීමට නම් රුපියල් 1850 ක් වැය වේ

---ලිඛිත පරීක්ශන හා ප්‍රායෝගික පරීක්ශන---

ලිඛිත පරීක්ශන සෑම දිනකම උදෑසන 9.00ට 11.00ට හා හවස 2.00ට පැවැත්වේ.එම විභාග සමත් වීද නැතිද යන්න එම දවසේම දැන ගත හැකි අතර ප්‍රායෝගික පරීක්ශන සදහා දින ලබා ගැනීමද එදිනම සිදු කරවා ගත හැකිය.එම පරීක්ෂන ලබා දින ලබා දෙන්නේ ලිඛිත පරීක්ශනයට මුහුන ශුන් දිනයේ සිට මාස තුනකට පසු අදාල දිනට ප්‍රායෝගික පරීක්ශනයට මුහුන දුන් පසුවය.රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ මූලික කරුනු සම්පූර්ණ වේ.

වේරහැර පවත්නා මෝටර් රත ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේදී ඉක්මන් සුහදශීලී සේවාවක් ලබා ගත හැක.වර්තමානෙයේදී භාවිතා වන සිම් පතක් සමගින් එන බලපත්‍රය නිසා දත්ත වල නිරවද්‍ය තාව තහවුරුකර ගැනීමටද හැකිය.මෙම තාක්ශනය හම්බන්තොට කාර්යාලයේදී ක්‍රියාත්මක වන අතර, කුරුණෑගල,ගම්පහ යන කාර්යාල වලදී වේරහැර කාර්යාලයේ සහයද ලබා ගෙන ක්‍රියාත්මක වේ.ඊට අමතර අනුරාධපුරද මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.

>>>>>>>>>>><<<<<<<<<<​

Past papers-
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1141778
http://www.elakiri.com/forum/showpost.php?p=10582939&postcount=174

ඔන්න පත්තරේ තිබ්බ එක ගෙඩිය පිටින් දැම්මා:P මේක තිබ්බේ 2012 පෙබරවාරි 19 ඉරිදා ලක්බිම පත්තරේ රිද්ම අතිරේකෙ 8 වෙනි පිටුවේ. :P


-------කොමෙන්ට් එකක් දාල යන්න :D---------





 
Last edited:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thankz
    rep+


    මට ප්‍රායෝගික පරීක්ශනය තියෙන්නේ මාර්තු 8 වේරහැර තියෙන්නේ,මම බයික්, සැහැල්ලු වාහන දැම්මේ,දැන් කරන විදිය අලුත් නේද,දන්නවනම් එ ගැන කියන්න.
     
    • Like
    Reactions: sameerasadaru

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    thankz
    rep+


    මට ප්‍රායෝගික පරීක්ශනය තියෙන්නේ මාර්තු 8 වේරහැර තියෙන්නේ,මම බයික්, සැහැල්ලු වාහන දැම්මේ,දැන් කරන විදිය අලුත් නේද,දන්නවනම් එ ගැන කියන්න.

    මෙන්න මෙහෙමයි මචන් පත්තරේ නම් තිබ්බේ.

    වේරහැර පවත්නා මෝටර් රත ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේදී ඉක්මන් සුහදශීලී සේවාවක් ලබා ගත හැක.වර්තමානෙයේදී භාවිතා වන සිම් පතක් සමගින් එන බලපත්‍රය නිසා දත්ත වල නිරවද්‍ය තාව තහවුරුකර ගැනීමටද හැකිය.මෙම තාක්ශනය හම්බන්තොට කාර්යාලයේදී ක්‍රියාත්මක වන අතර, කුරුණෑගල,ගම්පහ යන කාර්යාල වලදී වේරහැර කාර්යාලයේ සහයද ලබා ගෙන ක්‍රියාත්මක වේ.ඊට අමතර අනුරාධපුරද මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.
     

    greenzonewebs

    Member
    Dec 9, 2011
    53
    1
    0
    machang mata UAE wala License eka thiyenawa eath lankawe ne ethakota mama lankawata awama ea license eka valide wenawada neththan mama lankawen ekak apply kaloth kochchra kal yanawada ekak ganna?
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,427
    2,232
    113
    Sri Lanka
    නැතිවූ රියදුරු බලපත්‍රයක් වෙනුවට නව බලපත්‍රයක් සදාහා අදාල වෛද්‍ය වාර්තා,පැහැදිලි හැදුනුම්පත හා මාස හයකට නො අඩු කාලයක් තුලදී ලබා ගත් පොලොස් වාර්තාවක් ඉදිරිපත් කල යුතු වේ.

    :lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    බොරලුගොඩ මහතා;12155022 said:
    ස්තුතිය් යාළුවා.. ගොඩක් වටිනවා...

    ela math ganna inne :P
    rep 4+


    එල Oගි එල... :):)
    Rep++
    :frown:
    ah elaz..

    thankz
    rep+

    Good post machan..

    ++++ nama danna bari una k :rofl:

    niyamai......macho..

    Thankz!
    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල සමියා ඔහොම යන්:cool:

    පරන ලයිසොන් එක තියෙන එකෙක් අලුත් එක ගන්නම ඔනෙද:rolleyes:පරන එක අවුරුදු කියක් වැලිඩ් ද:baffled:රිනිව් කරන දවසක් එකෙ නැත :oo:
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn mata tiyenne bara wahana license ekak.eka expire wela dan 6 month wage wenawa:shocked::shocked:.
    eka kohomada ban renew karanne:confused: