Colombo Katunayake Expressway III

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අධිවේගී මාර්ග දැන් ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සම්ප්‍රාප්තියත් සමග බොහෝ දෙනා මේ අධිවේගී මාර්ග ගැන කථා කරන්න පෙළඹුනා.අදහස්,උදහස් මැද කොහොමෙන් කොහොමෙන් හරි රට පුරා දිවෙන අධිවේගී මාර්ග පද්ධතිය කෙමෙන් කෙමෙන් ඉදි වෙමින් පවතිනවා

    Colombo Katunayake Expressway III

    25ey9w3.jpg


    මතකනෙ මම කලින් ඉදිරිපත් කරපු කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පළමු හා දෙවන අදියරේ ඉදිකිරීම් සිදුවන අකාරය ගැන ලිපි පෙළ.ඔන්න අද අරගෙන එන්නෙ තුන්වන අදියරේ ඉදිකිරීම් සිදුවන අකාරය.

    මෙන්න මෙහෙමයි ඉදිකිරීම් සිදුවෙන්නෙ

    421665_339321426104587_164278523608879_849009_24678710_n.jpg


    වත්තල පිවිසුම් ස්ථානය ඔබට දිස්වෙන අකාරය තමයි මේ පෙනෙන්නෙ.ඈතින් තාර වැස්මක් පෙනෙන්නෙ ටිකෙන් ටික සම්පූර්ණ වෙන මාර්ගයයි.

    425938_339321846104545_164278523608879_849010_1313642735_n.jpg


    කටුනායක ප්‍රදේශයේ සිට තාර දැමීමේ මුල් අදියර සම්පූර්ණ කරගෙන ආවත් මෙම ප්‍රදේශ නම් තවම වැලි වලින් ගොඩ කරල තිබෙනව පේනවා.එමෙන්ම මෙතන යම් වෙනත් ඉදිකිරීමක් සදහාද ප්‍රදේශය(වෙල )පුරවන බවක් පෙනෙන්නට තිබේ.

    419673_339322132771183_1850069109_n.jpg


    ඉදිකිරීම් සදහා යොදා ගන්නා ලේලන්ඩ් වර්ගයේ ට්‍රිපර් රථයි මේ.මුහුදින් ගොඩ කරන වැලි මේවා මගින් ඉදිකිරීම් ප්‍රදේශ වෙත ගෙන යයි.

    421218_339322542771142_164278523608879_849012_1868871528_n.jpg



    තාවකාලික පාර තමයි ඔය පසෙකින් පේන්නෙ.ට්‍රිපර් වගේ බර වාහන යන්නෙ ඔය පාර ඔස්සේ තමයි.වාහන යනකොට වටේ පිටේ ගෙවල් පොඩි කම්පන වලට ලක්වෙනවා.භූමිකම්පාවක් වගේ

    416854_339322932771103_164278523608879_849013_1791055676_n.jpg


    NEM CONSTRUCTION (PVT) LTD කියන සමාගම යටතේ තමයි මෙහි ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙන්නෙ.මේ ඒ සමාගමේ වාහන

    428102_339323442771052_164278523608879_849014_997105617_n.jpg


    64766_339323792771017_164278523608879_849015_166644743_n.jpg


    මේ පින්තූරය මගින් ඔබට මාර්ගයේ උස ප්‍රමාණය පිළිබධ නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්.සාමාන්‍ය වශයෙන් අඩි 18ක වගේ ප්‍රමාණයක් වන අතර ඉදිකිරීම් අවසානයේදී මෙහි උස අඩි 14ක් වගේ විය හැකි යැයි නිලධාරීන් පැවසුවා.

    418157_339324192770977_164278523608879_849016_173494693_n.jpg


    අමුද්‍රව්‍ය රැගත් වාහන

    423760_339324796104250_164278523608879_849018_419324168_n.jpg


    මෙන්න අනාගතයේදී ඔබ ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ නවතම තත්වය.මේ දිනවල සිදු වෙන්නෙ තාර යොදන්න මේ විදියට සැකසෙන පාරයි.කොන්ක්‍රීට් ගල් මිශ්‍ර කර සාදන මිශ්‍රණයක් යොදමින් පාර සකස් වේ.වැලි පිරවුමට උඩින් යොදන මේ මිශ්‍රණය තුලින් මාර්ගයේ දරා ගැනීම තහවුරු කරන බව දැනගන්නට ලැබුනා.

    418112_339325582770838_164278523608879_849022_1260088808_n.jpg


    මාර්ගයේ මන්තීරු වෙන් වන ස්ථානයයි මේ.සම්පූර්ණ තීරු 4ක් වන මෙහි තීරු දෙකක් කොළඹ දෙසටද,ඉතුරු තීරු දෙක කටුනායක දෙසටද දිවෙන ලෙස වෙන් වෙන්නේ මෙන්න මේ ස්ථානයෙනි.එම ස්ථානයේ වැටක් වැනි දෙයක් ඉදිවෙන බව පැවසූ අතර ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම වෙන් කිරීමේ තීරුව දැකිය හැකි බව අප හා අදහස් දැකිවූ නිලධාරින් පැවසුවා

    432282_339324522770944_164278523608879_849017_1789956008_n.jpg


    වැසි අවස්ථාවක මාර්ගය තුල ජලය එකතුවීම වැළැක්වීමට යොදා ඇති ක්‍රමවේදයයි මේ.මෙමගින් වැසි ජලය මාර්ගයෙන් ඉවත්වී පහතට ගලා ගොස් ගමනා ගමනය පහසු වේ.මාර්ගය දෙපසම මෙලෙස ඉදිකෙරෙන බව අපට පෙනී ගියා

    419748_339325159437547_164278523608879_849020_531971937_n.jpg


    මේ තුලින් එවැනි ජලය ඉවත් කිරීමේ කානු දිගටම තිබීම පෙනෙන අතර පසෙකින් පෙනෙන්නේ මේ යොදා ඇති මිශ්‍රණය සකස් කරන වාහනයකි.


    424139_339326049437458_164278523608879_849024_853719354_n.jpg


    දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේද මෙලෙස මාර්ගය දෙපස තණකොළ වවා තිබීම දකින්න පුළුවන්.මාර්ගයේ අභ්‍යන්තරය සේදීයාම වැළැක්වීමටද ලස්සනක් ඇති කිරීමද මෙහි ප්‍රධාන අරමුණු වෙයි.

    419682_339326629437400_164278523608879_849027_349624979_n.jpg


    මේ තිබෙන්නෙ මාර්ගය අවට ජලය හුවමාරු කෙරෙන බෝක්කු හෙවත් මුතුරාජ ඇල වෙත දිවෙන කාණු පද්ධතියයි.මෙහි මුල් ඉදිකිරීම් වලදී මෙය ඉතා ගැඹුරට සකස් කර තිබෙණු ඔබ දකින්නට ඇත.මේ දැන් වර්ථමාන තත්වයයි.

    422963_339327499437313_164278523608879_849034_600313348_n.jpg


    ආශ්චර්යේ පිවිසුමට ඔබ සුදානම්ද

    425756_339327849437278_164278523608879_849036_1002971040_n.jpg


    428316_339328899437173_164278523608879_849044_1270129593_n.jpg


    මේ පෙනෙන්නේ මේ දිනවල ලහි ලහියේ සිදුවන මුතුරාජ ඇල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියයි.මඩ ඉවත් කරමින් ජලය බැසයන අකාරයට බැකෝ දමමින් කරන සුද්ද කිරිල්ලයි.

    426115_339329206103809_767860185_n.jpg


    පිරිසුදු කරන ලද මුතුරාජ ඇල
    මාර්ගය හරහා දිවෙන කාණු පද්ධතිය ඔස්සේ ගලා එන ජලය එක් වන්නේ මේ විශාල ඇලටයි.


    419658_339329842770412_559889326_n.jpg


    මේ පැත්ත මෙහෙමයි
    බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහතරුන් ඉදිකිරීම් නිරීක්ශනය සදහා පැමිණි අවස්ථාවේ ජනතාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේ විශාල ඇල පිළිසකර කිරීම අරම්භකර තිබෙනවා.


    429813_339330402770356_164278523608879_849064_1373588245_n.jpg


    එක් පසක කඩොලාන ආදියෙන් සමන්විත කැලෑවයි.
    කැලෑවක් කිවුවට කිසිම භයානක සතෙක් සර්පයෙක් තාම නම් මේ කැලේ ඉදලා හම්බෙලා නෑ
    .

    417346_339327196104010_164278523608879_849031_104882420_n.jpg


    කැලේ ඇතුළින් පාරවල් තියෙන්නෙ මෙහෙමයි.ඔය වෙල් ආශ්‍රිතව නිපද වෙන කෝලා වර්ග(කසිප්පු,ඇටමාදුරු )මේව අස්සෙ තමයි හදන්නෙ ඊට අමතරව තව................................

    416987_339330966103633_164278523608879_849065_323253771_n.jpg


    424384_339331389436924_164278523608879_849066_725448805_n.jpg


    මෙන්න මේ වගේ හොර මාර්ග(භූගත ගමන් මාර්ග )දකින්න පුළුවන් මේව ඇතුලින් ගියාම හරි හරි සෙල්ලම් දකින්න පුළුවන්

    යයිලු සමහරු යහනේ සිරි සොයා කැලයට
    වේය කෑමට මදුරුවො එමට
    දකින අපහට නටබුන් සටනේ එමට
    ඔබද දකින්නේ පහලින් සටන අවසානයේ නොවෙද


    423023_339332302770166_164278523608879_849068_1285618015_n.jpg


    ගෙනයි ලොකු පොඩි බඩුත් මේ තුලට
    පාසැල් ටියුශන් හොර ශොට් යන්නේ ඇතුලට
    හොරෙන් එන්නේ එළියට අපට ඇත හසුවී එමට
    ශබ්ධ නොකර යනු මැන පිටවී ඉවතට.........


    කොල්ලො සෙට් එකක් සෙට් උනාම සප්පායම් වෙන්න.ඔය එහෙන් මෙහෙන් මලක් ගහන්නට.පුළුවන් වෙලාවක බඩුවක් ගහන්නට මේ පැති වල අය රිංගන්නෙම මෙහෙට.

    Place එක ගැන අහල PM නම් එවන්න එපා ඕන්න

    419331_339331822770214_164278523608879_849067_509739728_n.jpg


    මේ වගේ රැකියාවලුත් කොළඹ කටුනායක මාර්ගය අසල සිදු වෙනව අපිට දකින්නට ලැබුණා.මේ වගේ දේවල් එක අතකින් හොදයි,ඒ වගේම නරකමත් නැතුව නෙවෙයි.

    423020_339333316103398_164278523608879_849071_2143653727_n.jpg


    420759_339334139436649_164278523608879_849073_1367400709_n.jpg


    කොහොමද දූවිල්ල

    මේක නම් එපාමවෙන සිදුවීමක් වෙලා මේ ප්‍රදේශවල.වාහන යද්දී දූවිලි ඇවිස්සිලා හැම තැනම යනවා ගෙවල් වල ඉන්න පවා අමාරුයි.දූවිලි හැම තැනකම විසිරිලා.ලෙඩ වෙන තත්වයක් පවා තියෙනව.විශේෂයෙන් මේ ආසන්නයේ ඉන්න අයට ස්වසන රෝග ආදිය පවා වැළදිලා තියෙනව අපිට නිරික්ෂණය උනා.මටත් මුල් කාලමෙ කෙස් එක තේරිලා මාරු වීමක් ලැබුවා .වෙබ් අඩවි වල පවා මේ ගැටලුව ගැන කියල තිබ්බා මම දැක්කා.

    ඒකට පොඩි හරි විසදුමක් වගකියයුතු පුද්ගලයන්ට ගන්න පුළුවන් නම් වටිනව

    432049_339334432769953_164278523608879_849074_2082498177_n.jpg


    වැල්ලෙ ගහන එල්ලෙ

    අපිත් සෙට් උනාම ක්‍රිකට් පාරක් එල්ලෙ පාරක්,කල්ලි පාරක් ගහන ප්ලේස් එක.පහු කාලෙක අපිට මේවල සෙලම්කරන්න බැරි වෙයි නේ
    .

    420203_339334802769916_164278523608879_849077_1112739346_n.jpg


    හ්ම්.......මෙන්න මේ විදියට අපි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සිදුවෙන හැටි බලන්න ගිය ගමන මෙතනින් ඉවර කරන්න වෙනවා.2013 වෙනකොට අපිට මේ මාර්ගයේ සම්පූර්ණ කිරීම් ඉවර කරල ගමන් කරන්න පුළුවන් වෙයි කියල මතක් කරන්න කැමතී.මේ වගේ දේවල් රටකට හැදෙන එක නරකම නෑ.අනිත් අංශවලිනුත් ඒ අතරම සංවර්ධනය වෙනව නම් ආසියාවේ ආශ්චර්ය බිහිවනු ඇත.
    _________________________________________________
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අතර මගදී අප හා එක්කූ තවත් යාලුවෙක් තමයි පල්ලෙහා ඉන්නෙ

    427976_339335062769890_164278523608879_849079_397881887_n.jpg


    මේ ගැන වැඩිය විස්තර ඕනෙ වෙන්නෙ නෑ
    3 1 අනුපාතය යටතේ ඕක ඉසිරිලා විසිරිලා ගියා

    මේ ගමන පිළිබධ අදහස් දක්වන වැඩ්ඩා සහෝදරයා

    අත්තටම ලොකු කට්ටක් කාලා තමයි මේ විස්තර සහා පින්තූර ලබා ගත්තේ......
    අපිට අත්තටම වාසනාවන්ත සිද්ධියකට මුහුන දෙන්න උනා.. ඒ තමා මා මෙහි පින්තූර ගනිමින් ඉද්දි එතනට මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු‍වරයෙක් ආවා එවිට අපේ මල් බබා සහොදරයා ඔහුගෙන් බොහොමයක් විස්තර ලබා ගත්තා..........

    ස්ථානය යාපනය නොවුනට කාපු කට්ට නම් එමටයි....... මේ හරියේ ගස් කොළන් නැති නිසා ඉර අව්ව හිස පසාරු කරගෙන යනවා...

    ඒ වගේම ඊට දෙවනි නැති දූවිලි කන්ද.... ඩුබායි වල දුවිලි කුණාටුවකට අහු උනා වගේ !!!

    මේ ගමනට මටත් ආරාධනා කරාට මල් අයියට ස‍්තූතිය පුද කරන්න කැමති....
    තවත් මෙවනි දේවල් බලා පොරොත්තු වන්න!!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=12242068&postcount=60


    මගේ පරණ ලිපි


    MediaFire [a-z]
    අන්තර්ජාලයේදී ඔබ සුරක්ෂිතද ?
    War Crimes Of Sri Lankan Soldiers
    Colombo
    Zuckerberg's Exposed On Facebook
    Thurston College Idiripita Riyaperale
    New York Hot At Night
    How To Add Tags In Elakiri Forum

    _________________


    _________________

    Join Mal Baba's Facebook Official Page
    Mal Baba Exclusive@Facebook

     
    Last edited:

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    අතර මගදී අප හා එක්කූ තවත් යාලුවෙක් තමයි පල්ලෙහා ඉන්නෙ

    427976_339335062769890_164278523608879_849079_397881887_n.jpg


    මේ ගැන වැඩිය විස්තර ඕනෙ වෙන්නෙ නෑ
    3 1 අනුපාතය යටතේ ඕක ඉසිරිලා විසිරිලා ගියා

    andouille.gif


    Rep iwarai banzzzzzzzzzzzzzzzzzzz
    :no::no::no::no::no::no:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අතර මගදී අප හා එක්කූ තවත් යාලුවෙක් තමයි පල්ලෙහා ඉන්නෙ

    427976_339335062769890_164278523608879_849079_397881887_n.jpg


    මේ ගැන වැඩිය විස්තර ඕනෙ වෙන්නෙ නෑ
    3 1 අනුපාතය යටතේ ඕක ඉසිරිලා විසිරිලා ගියා

    මගේ පරණ ලිපි

    MediaFire [a-z]
    අන්තර්ජාලයේදී ඔබ සුරක්ෂිතද ?
    War Crimes Of Sri Lankan Soldiers
    Colombo
    Zuckerberg's Exposed On Facebook
    Thurston College Idiripita Riyaperale
    New York Hot At Night
    How To Add Tags In Elakiri Forum

    _________________


    _________________

    Join Mal Baba's Facebook Official Pagehttp://www.facebook.com/ElakiriMB
    Mal Baba Exclusive@Facebook

    :P :P :P :P :P :P :P