For All Buddhist Followers : බමුණං සරණං ගච්ඡාමි.
බමුණං සරණං ගච්ඡාමි
“බමුණං සරණං ගච්ඡාමි”….. අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද? එහෙම හිතුනට, දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා). හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ නම් එහෙමයි. නමුත් ඒ බෞද්ධයන්ගේ පට්ටන්තරය දන්නෝ දනිති. අපි ඇයි බෞද්ධ වුනේ, කොහොමද බෞද්ධ වුනේ කියල ඇහුවොත් හුඟ දෙනක් නිරුත්තර වෙන්න පුළුවන්. සමහරවිට කියයි අපේ දෙමව්පියො බෞද්ධ ඒක නිසා අපිත් එහෙමයි කියලා. නිකමට හිතල බලන්න ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීගන්න පුළුවන් 'බෞද්ධයො' කී දෙනක් අපි අතරෙ ඉඳීයි ද කියල. ගෞතම සංදේශය තුළින් අපේ කතිකාවත අද දිගහැරෙන්නේ මේ ආකාරයට යි.....
අසල්වැසි ඉන්දියාව කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියේ උල්පතක්. ඒ බුදුන් උපන් දේශය නම් තමා. නමුත් වර්තමාන ඉන්දියානුවො අපි තරම් වාසනාවන්ත වුනේ නැහැ ඒ බුදු සුවඳ අදටත් විඳින්න. සාගරයක් මැද පුංචි දූපතක තනි වෙච්ච අපි ඒ අතින් කොයි තරම් නම් වාසනාවන්ත ද.....
බුද්ධ කාලයෙන් පස්සෙ බලවත් වුන මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් ඒ අසිරිමත් බුදු සුවඳ දඹදිව් තලයෙන් වියැකා දමන්නට මැනවින් වගබලා ගත්තා. බුදු වදන නොසළකා හිතුවක්කාර වුන චීවරධාරීනුත් ඒ මහා විපතේ ප්‍රධාන කොටස් කාරයන් වුනා. අතීතයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි ඒ උතුම් ධර්මය මැනවින් සුරැකුනු මේ ධර්මද්වීපයේ 'අපි' අද ඉන්නෙ කොතැනද....? අපි හැම දෙනාම පෙර පින් බලේකට සකස් වෙච්ච කරුණු කාරණා එක්ක අද මේ විදියට උතුම් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඉන්නවනෙ. අපි යමු අපි පටන් ගත්ත තැනට...... ඒ කිව්වේ මව් කුසට. අපි මව් කුසේ පිළිසිඳ ගත්ත..... ඒ තුළ හැදුනා වැඩුනා දස මසක් ම..... මෙලොව එළිය දුටුවා....... ඔබටවත් මටවත් දෙමව්පියන්ටවත් ඕන හැටියට නෙවේ.... අපි කලින් සිදු කරල තිබුනු කර්මයන්ට අනුව. ඒ හේතූන්ට අනුව ඵලයක් හටගත්තා. නමුත් ඒ දෙමව්පියො උපන් දරුවගෙ මූණ බලන්නත් කලින් බැලුවෙ මොකක් ද...... හැමදාම බලන කෙහෙල්මල් ඔරලෝසුව. ඒ දරුවව තුරුළු කරන් සිපගන්නත් කලින් බදාගත්ත බමුණගෙ මිථ්‍යාව...... එල්ලුනා බමුණගෙ සාටකේ. තනියම නෙවේ..... අර අලුත උපන් කිරි දරුවත් එක්කම. හැබැයි මේ වෙන කවුරුවත් නෙවෙයි.... උදේ හවස 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන බෞද්ධයො. ඉතින් ඒ විදියට උපන් දරුවගෙ ඉන් පස්සෙ මොන දේද නැකතකින් තොරව සිද්ධ වෙන්නෙ.....? නිකමට හිතල බලන්න.
දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන.
1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි.
2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි.
3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි.
මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... ඔය ළමා කාළෙදි. ඔය අතරතුරේදි කොයිතරම් නම් දේවල් කරනවද....? අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන පිරිසක් ගැන. ඉතින් අර උපන් දරුව ටිකක් ලොකු වෙලා ඔන්න අකුරු කියවනවා. ඉස්සරහින්ම 'ඝණ'..... දකුණු පැත්තෙ 'ලක්ෂ්මී'....... වම් පැත්තේ 'සරස්වතී'........ ඕං කට්ටියගෙ තිසරණේ. අපි සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද? ඒ උතුම් බුදු සසුනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ප්‍රඥාවක් තිබුනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ධාරණ ශක්තියක් තිබුනෙ ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් ඒ අය පැත්තකට දාල අපි කාවද මේ සරණ ගිහින් තියෙන්න….? කියන්නං වාලෙ 'බුද්ධං සරණං ගච්ඡාමි' කියල අර විකෘති රූප කාය තියෙන කෙලෙස් සහිත අය සරණ ගියාම කොයින්ද තිසරණ සරණක්? පිනට ලැබුන මොළේ පෙට්ටගමේ දාල, කරන්න තියෙන මෝඩකම් ඔක්කොම කර කර කියනවා "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදුහාමුදුරුවනේ" කියල.
ළමා කාළය ගෙවිලා වැඩි වියට එන දරුවට ඔන්න කරල දෙනවා 'හිරයක්'.... (වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම 'හිරයක්'....!!!) බමුණා ආයෙත් එනවා කරළියට. කේන්දර නැකැත් ලෝකයයි. මුළු ජීවිතයම මේ කොළ කෑල්ලකට, අංක කීපෙකට යට වෙලා. තවත් කෙනෙකුට ඕන විදියට. වැසිකිළි කැසිකිළි යන්නත් කෙනෙක් වෙලාව බැලුවත් පුදුම වෙන්න එපා. ඒ තරම්ම මිනිහගෙ පෞරුෂය පිරිහිලා. හැබැයි කතා කරන්නෙ ස්වාධීන, ධනාත්මක චින්තනය ගැන. මොළේ කළඳක් හරි තියෙන අය විදියට මොහොතක් හිතල බලන්න. මේ නැකැත් සුභ නිමිති සරණ ගිහිල්ලා අපිට වෙලා තියෙන 'සෙත' මොකක්ද කියල. (කේන්දර, සාස්තර කරුවන්ට නම් සෙතක් වන බව සැබැවි ) කෝ අපේ දියුණුව? මේ බලන නැකැත්, සුභ නිමිති වල හැටියට ලාංකිකයා ලෝකයේ සෞභාග්යවත්ම ජාතියක් වෙන්න ඕන. නමුත් මෝඩ කමට බෙහෙත් නැති නිසා සෞභාග්‍යයෙන් 'සෞ' හැලී ඒ වෙනුවට 'අ' යන්න එක්වෙලා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තාමත් මේක තේරෙන්නෙ නැති එක. නැකැත් බලල කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් අසාර්ථක වෙනවා. රටේ නැති හේතු. ඉතින් නැකතට පටන් ගත්ත නම් ඔය ඔක්කොම හේතු සුභ වෙන්න එපායැ. නැකතකින් වෙන්න ඕන ඒකනෙ.
කාලෙන් කාලෙට ලංකාවට ආක්‍රමණ ආවා. සංක්‍රමණත් ආවා. දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මීය වශයෙන්. ලංකා ඉතිහාසයේ මේ අතරින් රන් අකුරින් සනිටුහන් වෙන්නේ 'මහින්දාගමනය' නෙ. රත්තරං වුනත් කාලයක් පාවිච්චි නොකර තිබුනහම දුර්වර්ණ වෙනව. දක්ෂ රන් කරුවන් ඒවා කාලයෙන් කාලෙට සුද්ද කරල ගන්න ඕනි එහෙම වෙනකොට. එහෙම නැති වුනොත් හොර තැරැව් කාරයො නොවටිනා ලෝහ දීලා අර රත්තරං හොරකං කරගන්නවා. ලංකාවෙ බුදු දහමටත් ඔන්න ඔය විපත්තිය වුනා. ඊට පස්සෙ තමා මේ ටිකෙන් ටික තිසරණය ගිලිහිලා ඈත තියෙන ග්‍රහ ලෝක සරණ ගියේ. ගස් ගල් සරණ ගියේ. කේන්දර, සුභ නිමිති සරණ ගියේ. දිසාවන් සරණ ගියේ. බුදුන් පිට දුන් බෝධියෙ 'හිරුගෙ අපල දුරු වේවා' කියල කොඩි එල්ලුවෙ..... සෙත්කවි කිය කිය ප්‍රාර්ථනා කළේ..... එතනින් නැවතිලා නැහැනෙ. නානාප්‍රකාර දේවල්.
මේ හැම දෙයින්ම මොට වුනේ මිනිසාගෙ සිතීමේ හැකියාව. කොහේ හරි කවුරුහරි කියන ඕනම දෙයක් පිළිගන්න තරම් මනස දීන වෙලා. ඒ මිථ්‍යා මත අතරෙ මුළු ජීවිතයම හිරවෙලා, අසරණ වෙලා ගිහිල්ලත් ඒක තේරුම් ගන්න, ඒකෙන් මිදෙන්න බැරි වෙලා. ඔයගොල්ලොම හෘදසාක්ෂියෙන් අහල බලන්න...... කේන්දර, නැකැත් නොබලා විවාහයක් කරන්න තරම් ශක්තියක්, විශ්වාසයක් ඔයාලට තියෙනවද? අලුත් නිවසකට ගොඩ වදින්න, ව්‍යාපාරයක් පටන් ගන්න ඔය බමුණන්ගේ සාටකේ අතහැරලා......? ඔබම මැනගන්න ඔබේ තිසරණය.
කියන්න කණගාටුයි අද කාලේ ගොඩක් පන්සල් දේවාල බවට පත් වෙලා. අපේ බෞද්ධ කියල පෙනී සිටින අය යන්නෙ පන්සලට කලින් දේවාලයට. අද අපේ සමහර හාමුදුරුවරුත් පන්සල් තුල දේවාල හදාගෙන 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන්න පෙලඹිලා. අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට, දරුවෙක් ඉපදුනහම තමන් පලතුරු වට්ටි පුරෝගෙන සල්ලි කොල මිටි ගහගෙන යන්නෙ කොහෙද කියල කල්පනා කරනකොට නිර්මල බුදු දහමට අද අත්වෙලා තියන දේ හිතා ගන්න අමාරු නෑ නේද. උදේ හවස 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන බෞද්ධයො ලක්ෂ්මී , කතරගම , සරස්වතීලා දකින්න ලංකාවේ හතර දිග්බාගේ යන්න පටන් අරන් ඒ අතරින් කාලි මෑනියන් කියමින් සතුන් බිලි පූජා සිදුකරන තරම් අද බෞද්ධයන් පිරිහිලා. කල්පනා කරල බලන්න දේවාල වලට ගිහින් කපු මහත්වරුන් ඉදිරියේ සල්ලි මිටි පිටින් දීලා අපිට අත්වෙලා තියන සෙත මොකක්ද කියල.....?( කපු මහත්වරුන් ලොකු ලොකු කොල තියන වට්ටි අරන් යන බව නම් සැබැවි. එමගින් කපු මහත්වරුන්ට නම් සෙතක් වන බව සැබැවි ) අපි සරණ ගියේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද? මේ විදිහට නානාප්‍රකාර දෙවියන් ඉදිරියේ දනින් වැටෙන්නේ එහෙම සරණ ගිය බෞද්ධ අපි නේද....?
අපි බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බෞද්ධයො. බුදු වරයෙක් දේශනා කරන්නේ දුකින් නිදහස් වන දහමක්. දුකින් නිදහස් වන මාර්ගයක්. ඒ අංග අටකින් යුතු උතුම් මාර්ගයේ පළවෙනි අංගය 'සම්මා දිට්ඨිය'...... නමුත් මේ බෞද්ධයන්ට නැති වුනෙත් ඒකමයි. මුළම වැරදිලා..... "ඇරඹුම ම වරදක් වෙලා...." ඉතින් ඉතුරු හරිය ගැන කවර කතාද....? බුද්ධ රාජ්‍ය යළි ගොඩනගන්න අපි කතා කරනවා. තමාවත් තිසරණයේ පිහිටන්නේ නැතුව රාජ්‍ය කොහේ බිහි කරන්න ද? ගිහි පැවිදි දෙපක්ෂයම අද මේ බමුණු මිථ්‍යාවට ගොදුරු වෙලා. දුකින් මිදෙන පැවිද්ද දෙන්නෙත් නැකතට. ගිහියන්ගේ කේන්දරේ බලන්නේත් පන්සලේ. ඉතින් හෙට දවසට බුදු සසුනක් ඉතිරි වේවිද.....? හැබැයි අපි තාමත් ප්‍රමාද නැහැ.
දවසක් බුදුරජාණන් වහන්සේ ලඟට ආපු බමුණෙක් අහනවා "භාග්‍යවතුන් වහන්ස, මිථ්‍යා දෘෂ්ඨිකයකුට සුගතියෙ උපදින්න ඉඩක් ඇත්තෙම නැතිද" කියලා. උන්වහන්සේ වදාරණවා "පින්වත් බමුණ, මම දැන් කල්ප 91ක් ආපස්සට බලනවා. ඒ කල්ප 91ටම එකම එක මිථ්‍යා දෘෂ්ඨික කෙනෙක් සුගතියෙ ගිහිල්ල තියෙනවා. හැබැයි එයාත් කර්ම-කර්ම ඵල විශ්වාස කළ කෙනෙක්"........ දැන් පේනවා නේද මොහොතක සුවය, සැපත සොයාගෙන මිථ්‍යා දෘෂ්ඨිය පස්සෙ ගිහිල්ල අපි අපිටම කරගෙන තියෙන විපත්තිය.... උතුම් තිසරණය අතහැරල නොපෙනෙන අවිද්‍යාවන් පස්සෙ ගිහින් අපි වැටිල තියෙන අමාරුව...?
ප්‍රමාද වෙන්න එපා තවත් නම්. තේරුම් ගන්න..... හැම ආගමකම කියන්නෙ එකම දේ නෙවෙයි. මේක සසර දුකට වැටුනු සත්වයා එයින් මුදවන දහමක්. පුහු කාමයන්ට වලට වසඟ වෙලා රුපියල් සත වලට යට වෙලා තමුන් සරණ ගිය උතුම් තිසරණය, ඒ අකාලික වූ ධර්මය, ඒ විජ්ජාඡරණ වූ ශාස්තෲන් වහන්සේව පවා දෙන්න එපා. අප්‍රමාදීව ධර්මයටම පැමිණෙන්න. තිසරණයම සරණ කර ගන්න. ළඟ නොබලන්න. දුර බලන්න. සදාතනික සැපය උදාකරගන්න.
“බමුණං සරණං ගච්ඡාමි”නොව භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සරණ යන්න අද පටන් අධිෂ්ඨාන කර ගනිමු. මෙය තවත් අයෙකුට කියවීමට ලබාදීමෙන් හෝ පිටපත් කර බෙදාහැරීමෙන් නිර්මල බුද්ධ ධර්මය රැක ගන්න අප්‍රමාදව පෙරමුණ ගමු.
ඔබ සැමට තෙරුවන් සරණයි...!!

i got this from email. guys pls read this. i'm Buddhist & this is the sad truth 

this is my 1st thread

this is my 1st thread
Last edited:

ටිකක් කියෙව්ව,
වටින කරුණු ටිකක් මචන්.