





ඔයාට මම කොච්චර ආදරෙයිද....
මමවත් දන්නේ නෑ....
ඒ ආදරේ තරමේ හැටියට කතා කරන්න දේවල් ගොඩයි,
එත්...
මට ඔයත් එක්ක හිතේ හැටියට කතා කරන්න විදියක් නෑ...
ඒ නිසා හිතේ හිරවුන දේවල් ගොඩයි..
ඒවා අහන්න ඔය ඇරෙන්න මට ආදරේ කරන වෙන කවුරුවත් නෑ...
හිතේ හිරවුන ඒවා මතක් වෙන්න වෙන්න..
මට නොදනිම මම අඩලා...
මට පිස්සුද...???
මම දන්නේ නෑ...
නැත්නම් මට පිස්සු හැදෙන්න ලගද...???
ඔව් සමහරවිට එහෙම වෙන්න පුළුවන්....
මම අසයි තනි වෙලා ඉන්න
ඒ....
මම කොච්චර ඇඩුවත් කවුරුවත් දන්නේ නැති නිසා...
මම කැමති වැඩිය කාත් එක්කවත් කතා නොකර ඉන්න...
මොකද ඒ අය කතා කරන්නේ මගේ දුක ගැන නෙමෙයි නිසා...
කවුරු මොනවා මාත් එක්ක කතා කලත්,
මගේ හිතේ තියෙන්නේ එක දෙයයි....
ඒ දේ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ඔයා ඇරෙන්න...
එත් දැන් ඔයාටත් වෙලාවක් නෑ මාත් එක්ක කතා කරන්න,
එක ඔයාගේ වරදක් නෙමෙයි...
මම දන්නවා ඔයාට වෙලාවක් තියෙනවා නම්
මගේ කතා හරි අසාවෙන් අහන් ඉන්නවා කියලා...
එත්....
මගේ අවාසනාවට ඔයාට එහෙම වෙලාවක් නෑ.....
















