එදා රැ කෙල්ලගේ අයියා දේවාලෙකට යනවා කියලා, මටත් යන්න කතා කලා. ඒ ගමන යන්නේ. උයී, මමයි, කෙල්ලයි, කෙල්ලගේ මල්ලියි, කෙල්ලගේ බාප්පාගේ දුවයි(මගේ ඇඟට අවි කිව්ව කෙල්ල).
කෙල්ලෝ දෙන්නවම එක මෝටර් සයිකලේක යාලුවා යනවා. මම මල්ලිව විතරක් දාගෙන යනවා.
අපි දෙන්න දවල් හම්බවෙච්ච ඇඳුම පිටින්මයි ගිහින් හිටියේ. අපි දෙන්නට දෙන්න හොරෙන් හොරෙන් බලනවා. හොරෙන් හිනා වෙනවා. අනිත් අයට නොදෙනෙන්න. දේවාලේ කපු මහත්තයා අපේ හොඳ යාළුවෙක්, මොකද එයා එක්කත් එකතු වෙලා මම ජල්තර කරලා තියෙන නිසා. මොනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.
කපුවට මම ගෙන පොඩි සැකයක් දෙනිල තිබුණා. මොකද මගේ කුරුමානම කෙහෙල් පලේට කියලා තෙරිලද කොහෙද. ඉඳල හිටලා හින්ට් පවා පාස් කරනවා.
කොහොම හරි රෑවෙලා ගෙදර යන්න බලද්දී, මගේ බයික් එකේ පැච් එකක්. ඒ නිසා මගේ බයික් එක දේවාලේ දාල මම පයින් යන්න ගත්තා. මගේ යාලුවා, කෙල්ලයි, මල්ලයි, බාප්පාගේ දුවයි කට්ටියම දාගෙන යන්න ගිය. එයාලව දාල මාව අරගෙන යන්න මගට එනවා කියලා. මම 4Km දුරක් ඉවර කරලා, කෝල් එකක් ගත්තා, මාව ගෙනියන්න එන්න එපා, මම ගෙවල් ගාවටම ආව කියලා.
යාළුවගේ ෆෝන් එක ආන්ස්වර් කලේ කෙල්ල. එයා හිටියේ අඩ අඩා, “අනේ, ”XXXX අයියේ, අපේ බයික් එක හැප්පුනා. අපි දැන් ඉන්නේ ඉස්පිරිතාලේ කියලා. මම ගෙදර දුවලා ගිහින් අපේ අයියාගේ ට්රී විල් එක ඉල්ලුවා. පොලිසිය ඉන්නවා කියලා එයා දෙන්න බැ කිව්වා, ඒ කාලේ මට ලයිෂන් නැති නිසා. මට මල පැනලා. යන ගමන් යාලුවෙකුට කෝල් කරලා බයික් එකක් ගෙන්න ගත්තා.
මල්ලි තමයි ඉස්සරහම ගිහින් තියෙන්නේ. එකාව අහකට විසික්වෙලා. සීරීම් තුවාල විතරයි තිබුනේ, හැබැයි තෝන්තු වෙලා මරු කියවනවා. මගේ යාලුවට මැහුම් 30 ක් විතර දාන්න වෙන විදිහට ඩමේජ් දෙක තුනක් තිබුණා. බාප්පාගේ දුවට පොඩි තුවාල දෙක තුනක් තිබුණා. මගේ කෙල්ලට මොකුත්ම වෙලා තිබුනේ නැහැ. හැබැයි අඬන ගමන් මයි ඉන්නේ. මම එතන දුවලා පැනලා ඔක්කොම වැඩ කටයුතු කලා. බයිසිකලේ කුඩේ කුඩු. කට්ටියට බෙහෙත් දාල මම ගෙදර එක්කගෙන අවා.
මම මේ කියන්නේ සම්පුර්නම කතාව.
කෙටියෙන් නෙවෙයි.
උන හෙම දෙයක්ම.
මු මේ මොන වල් හෙලි කියවනවද කියලා මල පනිනවා නම් සමාවෙන්න ඕනෑ.
මට මේක කෙටියෙන් කියලා ඉවර කලොත් එකෙන් මගේ දුක ඉවර වෙන්නේ නැහැ