මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්.

හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,

ඒ නිසා දහා අතේ කල්පනා කරලා

පස්සේ හිතුව එක්කෝ දාන්නම් විශ්වාස කරන අය කැමති වෙන අයවත් කියවයිනේ කියල. මේක මන් අහපු කතාවක්. අපේ අඳුරන කෙනෙක්ට වෙච්ච දෙයක්.
ඔන්න ඉන්නවා අපේ අම්මිගේ හොඳ යාලුවෙක් පුෂ්පා කියල. (ඉස්සරහ නම දැම්ම කියල හෙන අව්ලක් නෑනේ

) . ඉතින් මේ ඇන්ටි ඒ දවස් වල හිටියේ කිරිබත්ගොඩ scheme 1 ගොඩක් ඇතුලට වෙන්න. හොඳ ටිකක් පරණ ගෙයක් තිබ්බේ. මේ ගෙදර තියෙනවා ලොකු ජම්බූ ගහක්. දවසක් මෙයාල නැති අතර මෙයාලගේ නංගි මෙයාලව බලන්න ඇවිත් මහත්තයත් එක්ක, ඔය ජම්බු ගහ වටේ පොඩි බැම්මක් වගේ තියෙනවා එතන ඉඳගෙන ඉඳල. ඇන්ටිලා ගෙදර ආවම කට්ටිය ඉතින් උයල එහෙම කෑම කන්න පටන් ගත්ත.

මෙයාල මේ කෑම අතර ඌරු මසුත් උයල තියෙනවා.

කොහොම හරි කෑම කාල සතුටින් ඉද්දි නංගි toilet1ට යන්න ගිහින් තියෙනවා. ඒ toilet 1 තියෙන්නේ ගෙදරට සම්බන්ද කරලා නමුත් එළියෙන්. toilet 1 ඉඳන් එන කෙනාව කුස්සියේ සින්ක් 1 ළඟ ඉන්න කෙනාට පේනවා ජනේලෙන්. ඔය පුෂ්පා ඇන්ටි කුස්සියේ සින්ක් 1 ළඟ වලන් හෝද හෝද ඉඳල තියෙන්නේ. නංගි එලියට එද්දී ඇන්ටි දැකල හොඳට හිටපු නංගි මෙන්න කකුලක් ඇද ඇද මහා බය හිතෙන අමුතු විදියට ඇවිදන් එළියට එනවා.

ඇන්ටි කෑගහගෙන දුවල වෙට්ච දේ බලන්න. නංගිට ඇවිද ගන්නත් බැරිතරමට දැන් කකුල් අදිනවලු ඇවිදිද්දී. පස්සේ ඇන්ටියි නංගිගේ මහත්තයයි එකතුවෙලා නංගිව ගෙදරට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වලු. නංගිගේ දාඩිය පෙරෙනවලු. පස්සේ කට්ටියම මොනාද වුනේ කියල ප්‍රශ්න කරද්දී එක පාරටම නංගි මහා බර වයසක ගෑනු කටහඬකින් කතා කරලා. කට්ටියගේ ඉහ මොළ රත් වුනාලු.


ඒ කටහඬ හරියටම ඇන්ටි ගේ මැරිච්ච අම්මගේ කටහඬ වගේලු. දැන් මෙයා අර බර වයස කටහඬින් කෑ ගහන්න ගත්තලු.
" මම උඹේ අම්මා. මතක නැද්ද උඹට. මේ හැමදේම මගේ. මතක නැද්ද උඹලට. මං උඹලට ඉන්න දෙන්නේ නෑ. මං උඹලට ඉන්න දෙන්නේ නෑ " කියල.
දැන් කට්ටියට කරගන්න දෙයක් නෑලු. පස්සේ ඇන්ටි ට තේරිලා මේ වෙලා තියෙන දේ (මීට කලිනුත් ඇන්ටි ඕව පොඩ්ඩක් අත්විඳපු කෙනෙක්ලු).

(ඒ අම්මා අංශබාගෙ හැදිලා ඉද්දියි මැරිලා තියෙන්නේ. එකයි නංගි කකුල් ඇද ඇද ඇවිද්දේ අම්මා වැහුනම. ) පස්සේ ඇන්ටි කියල මේ මොන විකාරයක්ද, මේ ඉන්නේ මගේ නංගි කියල. එතකොටම අම්මා කියල (අම්මා කියුවේ නංගිගේ ඇඟට දැන් වැහිලා ඉන්න අම්මා),
" උඹ දන්න කෙහෙල් මල! උඹල ඔක්කොම මගේ දේවල් අරන් දැන් කියවන ලස්සන" කියල. පස්සේ මහා හයියෙන් කෑ ගහන්න අරන් " මං උඹලව නැති කරනවා. මං උඹලව තියන්නේ නෑ, මේවා මගේ " කියල.
පස්සේ එක පාරටම සද්දේ නැති වුනාලු. නංගි ලොකු හුස්මන් අරන් පහතට දැම්ම විතරයි ආයි නංගි කියවිල්ල පටන් ගත්තලු. එත් මේ පාර මහා අමුතු පිරිමි කටහන්ඩක්ලු.

" පුෂ්පා මගේ දුවේ, බයවෙන්න එපා පුතේ, මං උඹේ අප්පා." කියල. ඇන්ටිට බයටම කලන්තේ වගේ ආවලු. ඒ අතර නංගිගේ මහත්තයත් පිටසක්වලින් ඇවිත් වගේ

ඔහේ බයවෙලා බලන් ඉන්නවලු මුකුත් තේරුම්ගන්න බැරුව. පස්සේ නංගිට වැහිලා ඉන්න තාත්ත කියවන්න ගත්තලු. " මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ. මේකිගේ කට විතරයි. උඹල බය වෙන්න එපා. මං මුකුත් වෙන්න දෙන්නේ නෑ. මේ ගෑනිව මං බලාගන්නම්කෝ" කියල.
පස්සේ මෙට්චර වෙලා බලන් හිටිය නංගිගේ මහත්තයාගේ සීමාවත් පැන්නලු.

එයා කෑ ගැහුවලු " මේ ඔය මොකා වුනත් කමක් නෑ, මේ මගේ ගෑනි, හොඳ හිතින් මගේ ගෑනිට ඉන්න දීල ආපු පාරක් හොයන් යන එකයි හොඳ හිතින් " කියල.
එතකොටම අම්මා ආයෙත් නංගිට වැහිලා කෑ ගහන්න ගත්තලු. " උඹ ඉන්නේ මගේ ගෙදර. උඹ මොන හයියක් අරන්ද මගේ ගෙදර කෑ ගහන්නේ. මං උඹල ඔක්කොවම බලන් ඉන්නේ. හිටපල්ලකො මං කරන්න " කියල.
එත් එක්කම ආයි

තාත්ත ගේ කටහඬ ආවලු. " උඹල මේ ගෑනිට බයවෙන්න එපා. මං ඉන්නවනේ. මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ " කියල, පස්සේ එක පාරටම තාත්ත කෑ ගැහුවලු " දුප් පල " කියල. පස්සේ තාත්ත මෙයාලට කියුවලු " මං ඒකිව එලෝලා දැම්ම මෙතනින්." කියල. දැන් තාත්ත දිගටම කතා කරන්න ගත්තලු පන පිටින් ඇවිත් වගේ.

" දැන් ඉතින් පුෂ්පාට කොහොමද. වැඩ කරන යනවා නේද. දුව ඉස්කොලේ නේද." කියල ආපහු නංගිගේ මහත්තය පැත්තට හැරිලා කියුවලු, " අලුත් වැඩකට අත ගැහුවා නේද, ඔක්කොම හරියයි, බයවෙන්න එපා " කියල.
පස්සේ පුෂ්පා ඇන්ටි වැඳලා වගේ කියුවලු,

අනේ තාත්තේ මගේ නංගිට ඉන්න දෙන්න, මගේ නංගිගේ ඇන්ගෙන් යන්න, එයා පව් කියල. එතකොට තාත්ත කියුවලු, " හා හා කලබල වෙන්න එපා. මං යනවා දැන්. මං මෙහෙ ඉන්නවනේ, අර ගෑනිව දැන් අල්ලගන්නත් ඕනේ. ඕනට වැඩියි ඕකි දැන් " කියල.
පස්සේ නංගි ලොකු හුස්මක් අරන් ඇහැරුනා වගේ වුනාලු. ඊට පස්සේ බඩගිනියි මට, ඉවසන්න බෑ කිය කිය අඬන්න ගත්තලු.

ඇන්ටිලත් මුකුත් වැඩිය අඟවල නැතුව, ඌරුමස් නොදී

අනිත් ජාති කන්න දීල නංගිව මහත්තය එක්ක ගෙදර ඇරියලු.
පස්සේ ඇන්ටි ඕව බලන කෙනෙක් ගාවට ගියාම කියල ඒ අම්මා මැරෙද්දි ඒ ගෙදරට ආසාවෙන්ලු මැරිලා තියෙන්නේ.

එතන toilet 1 ළඟ තියෙන පොඩි කාම්බරේකයි අර ජම්බු ගහෙයි ලු දෙන්නා ඉන්නේ. කරුමෙට නංගිගේ ඇඟට එන්න පුළුවන් වෙලාලු. ඒ තාත්ත තමයිලු ඒ අම්මව පාලනය කරන් මෙයාලව ආරක්ෂා කරන්නේ.

පස්සේ කියල ඒ ගෙදර එක පස් මිටක් වත් ඉතුරු නොවෙන්න පස් හිටන් හාරලා අස් කරන්න කියල. ඒ අම්මගේ වෙන මුකුත්ම නොතියෙන්න ඇන්ටිලා මුලු ගේම කඩලා පස් හිටන් අස් කරලා ඉඩම විකුනුල යක්කල වෙන තැනක පදිංචියට ගියා.
එත් අර නංගිගේ ප්‍රශ්නේ විසඳිලා නෑලු. ගෙදර ගිය වෙලේ ඉඳන් එක එක විදියට කතා කරනවලු. පස්සේ බලද්දී ගමේ මැරිච්ච හැමෝම මෙයාගේ ඇඟට එන්න අරන්. විනාඩි පහෙන් පහට ආත්ම මාරු වෙවී කියවනවලු.

ආත්ම ඔක්කොම ගියාම මෙයා බාගෙට මැරිලා වගේ බඩගින්නේ කෑගහනවලු. කොච්චර කෑවත් ආපහු ආත්මයක් ඇවිත් ගියාම ආයි පුදුම විදියට කන්න ඕනෙලු.

හරිම දුකක් වින්දලු ඒ නංගි සතියක් විතර තිස්සේ. පස්සේ සෑහෙන අමාරුවෙන්ලු ඒවා ඔක්කොම නතර කරන් තිබ්බේ. හොඳ වෙලාවට එයාලට ළමයි කව්රුත් ඒ වෙද්දී ඉඳල නැහැ.

එත් දෙවියන්ගේ පිහිටෙන් අද ළමයි හදන්



හොඳ සතුටෙන්


කරදරයක් නැතුව ඉන්නවලු.

