කතා කතා කතා කතා කතා ...................

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කතා කතා කතා කතා කතා ...................

    ඔන්න මචංලා ....බලල කියපල්ලකෝ හොඳනම් ;)

    ඔන්න දවසක් ලංකාවේ ගයිඩ් කෙනෙක් සුද්දෙක්ව එක්කගෙන ගියාලු රොබට් නොක්ස් ලංකාවේ ඉන්දැද්දී නැවතිලා හිටපු ගේ බලන්න...ගේ බලල සුද්ද එළියට බහිනකොට මිදුලෙ තියෙනවලු උදැල්ලක්...මේක දැකපු ගයිඩ් කාරය..
    ...."මහත්තයෝ...මේ තියෙන්නේ රොබට් නොක්ස් මෙහෙ ඉඳිද්දී මිදුල කොටාපු උදැල්ල "
    උදැල්ල දෙස පරීක්ෂාවෙන් බැලූ සුද්දා...."අයිසේ මේකෙ මිට අලුත් වගේ නේ"
    "ඔව් මහත්තයෝ...ඕකෙ මිටනං කිපපාරක් මාරු කරා"
    තවත් පරීක්ෂාවෙන් බැලූ සුද්දා...."අයිසේ මේකෙ තලෙත් අලුත් වගේ නේ"
    ඔලුව කසමින් ගයිඩ්..."මහත්තයො ඕකෙ තලෙත් කිපපාරක් මාරු කරා"...




    නවීන තාක්ෂණයෙන් යුත් නියමුවන් රහිත ලොව ප්‍රථම මගී ගුවන් යානාව...ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කිරීමට මදකට පෙර...
    "කරුණාවෙන් සවන් දෙන්න...මේ ඔබ අමතන්නේ ලොව ප්‍රථම නියමුවන් රහිත ස්වයංක්‍රීය මගී ගුවන් යානයයි....මෙම යානය ලොව නවතම අති දියුණු තාක්ෂණයෙන් යුක්තව නිමවා ඇත..මෙහි පාලනය කිසිදු නියමුවෙකු රහිතව 100 % ක් ස්වයන්ක්‍රියව සිදුවේ.....මෙහි ගමන් කිරීමේ ඇති ආරක්ෂාව පිලිබඳ ඔබ කිසිදු බියක් ඇති කරගතයුතු නැත...මෙහි කිසිදු දෝෂයක් ඇතිවන්නේ නැත...වන්නේ නැත...වන්නේ නැත...වන්නේ නැත...වන්නේ නැත...වන්නේ....




    බසයට හතරගාතෙන් ගොඩ වූ හම්බානෙක සුර් වී සිටි ඩයල් එකක් යන්තං මැද පොල්ලේ එල්ලී සිටිද්දී " කරාස්....!!!! " ගා එකවරම බ්‍රේක් පාරක් ගැසුයෙන් ඩයල් එක තුන් හතර දෙනෙක්ම පෙල්ලාගෙන කරනමක්ද ගසා බඹ හතක් පමණ ඉදිරියට විසි වී වැටිණි...අමාරුවෙන් පොර නැගිටගෙන..."කව්ද යකෝ මේකෙ එකපාරට බ්‍රේක් ගැහුව ..*^$%^@# ....කියපල්ලා !!!

    හයේ හතරේ ඩයල් එකක් වූ රියදුරු තෙමේ එවිට පිටුපසට හැරී සැරෙන්..."මමයි මිනිහෝ බ්‍රේක් ගැහුවෙ....ඇයි මොකද ?"

    "ආ...ඔයාද...අනේ...එහෙනං කමක් නෑ..මං හිතුව වෙන කවුරුහරි කියල"




    දෙසැම්බර් 31 දින මග දිගට පාටි වලින් අඩුවක් නැත....මෙවන් මහඟු අවස්තාවක් ලැබෙනකන් පුන පුනා බලාසිටි කන්තෝරු ඩයල් එකක් එදින මහ රෑ වනතුරුම තම මිතුරන්ගේ ගෙවල් වල කරක් ගසමින් හොඳ හැටි පදම් වී පාන්දර ජාමේ අමාරුවෙන් තම ගේ හොයාගෙන ආවේය....පසුදින නැගිට වැඩට යන්නට ලැස්ති වී තම අතේ බඳින ඔරලෝසුව නැතිවී ඇති බව දැනගෙන ෆුල් නන්නත්තාර් විය...."තමුසෙට අගයක් නෑ...ඇයි අපේ මල්ලිනේ ඔහෙට ඕක දුන්නේ...බලනවා ඕයි අච්චර වටින හොඳ ඔරලෝසුව...කනමදය වගේ බීල කොහේ හරි ගුබ්බෑයමක දාල එන්නැති"

    "ආ...මට මතකයි මට මතකයි...කොහේ නමුත් මට මතකයි මම චූ කරද්දී තමයි ඕක ගැලෙව්වේ...ඒ ගෙදර තිබ්බෙ රත්තරං පාට කොමොඩ් එකක්." පොර කීය....

    "මට කමන්නෑ.......තමුසේ ඕක කොයි ලෝකෙන් හරි හොයාගෙන නැතුව අද ගෙදර එනව නෙවේ"....සිය ප්‍රිය බිරිඳ එසේ පාන්දරම වරෙන්තු නිකුත් කළාය...

    පසුව තමා ඊයේ රෑ ගිය රූට් එක දිගේ ගෙයින් ගෙට යමින් පොර ඔරලෝසුව හොයන්නට විය...
    "මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"
    හැම ගෙදරකින්ම ලැබුනේ "නෑ" කියන පිළිතුරයි...

    ඔහොම යද්දී එක ගෙදරක කාන්තාවක් එළියේ රෙදි වනමින් සිටියාය ....
    "සමාවෙන්න නෝනා...මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"

    එකවරම ඔහු දෙස රවා බැලූ කාන්තාව...ගේ දෙසට ඔලුව හරවා...."ඒයි...හැරී...ඇහුනද....මෙන්න ඊයේ රෑ ඔයාගේ සැක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලා."......




    තම සැමියා බිස්නස් ට්‍රිප් එකක් ගිය අතරේ ඔහුගේ හොඳම මිතුරා සමග ගෙදර ඇඳේ ප්‍රේමාලින්ගනයෙන් වෙලී සිටි ප්‍රිය බිරිඳට හදිසියේම කෝල් එකක් ඇවිත් ඇය ආන්සර් කළාය...."ආ ....ඕකේ ඩාලින්...බායි"

    මදක් තිගැස්සුණු මිතුරා..."හස්බන්ඩ් නේද ?...මොකද කියන්නේ ? "

    "නෑ බයවෙන්නෙපා...එයා මේ වෙලාවේ ඔයත් එක්ක හොටෙල් එහෙක ස්විමිං පුල් එහෙකලු ඉන්නේ"


    ප්‍රමාද වී පැමිණි අනුරාධපුරේ දක්වා යන සීග්‍රගාමී දුම්රිය කොටුවෙන් අද්දන්න්ට පටන්ගත්තේය....කෝච්චියේ වේගය වැඩි වෙද්දී ම වාගේ කොහෙන්දෝ පැමිණි හොඳ හැටි සප්පායම් වී සිටි හතරදෙනෙක් කෝච්චිය පසු පස ප්ලැට්ෆෝම් එක දිගේ "හෝව් හෝව්" කියමින් කෝච්චියේ එල්ලෙන්නට දිව යන්නට විය......මෙය දැකීමෙන් මහත් සංවේගයක් ඇති වූ අසල සිටි පෝටර් කෙනෙක් වහා දිවවිත් එකා එකා බොහොම අමාරුවෙන් කෝච්චියට ලෝඩ් කරන්නට විය...කොහොම කොහොමහරි අමාරුවෙන් තුන් දෙනෙක් ම කෝච්චියට තල්ලු කර පැටවුවත් හතරවැන්නා ඔහුට ඇතුලට දාගන්නට නොහැකි විය...
    "අයියෝ..අපරාදෙනේ මහත්තයා...තුන් දෙනෙක් ම නැග්ගෙව්වා...මහත්තය තව විනාඩියක් කලින් ආවනං දැන් ඇතුලේ..."

    හති අරිමින් සිටි හතරවැන්නා වෙරි මරගාතය අතරින් මෙසේ කීය.."මොනවද අයිසේ තමුසෙ කියන්නේ...මම අනුරාධපුරේට මාරුවක් හම්බවෙලා කෝච්චියේ එහෙ යන්නයි ආවේ...එකට අඩියක් ගහල අරුන් තුන්දෙනා මම එපැයි කියද්දී වැනි වැනි ආවේ මාව කෝච්චියට ඇරලවන්න...බලහං දැන් ඉතිං" .




    මිතුරන් දෙදෙනෙක් දවසක් පිටිසර ගම්බද පැත්තක යද්දී පාලු ලිඳක් දැකගන්නට ලැබිණි....පතුලක් නොපොනෙන ලිඳ කොච්චර ගැඹුරුදැයි බලන්නට ඔවුන් ඉස්සෙල්ලම පොඩි ගලක් එයට විසි කලෝය...සද්දයක් නැත....ඉන්පසු ඊට ටිකක් ලොකු දෙයක් සොයද්දී තරමක් ලොකු ගලක් අසල තිබී එය ලිඳට දැම්මෝය...ඒත් කිසිවක් ඇසුණේ නැත..."මිට වඩා හුඟක් ලොකු දෙයක් ඕන බං...පොඩ්ඩක් බලහන්කො වටපිට"....
    එවිට ඔවුන් දැක්කේ අසල තිබු පරණ සිමෙන්ති කණුවකි....දෙදෙනාම එක්ව බොහොම අමාරුවෙන් එය උස්සන් ගොස් පාලු ලිඳට දැම්මෝය....ටික වෙලාවකින් ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින් එළු නාම්බෙක් වේගයෙන් දිවවිත් මිතුරන් දෙදෙනා මැද්දෙන් ලිඳට පැන්නේය....
    ඉන් ටික වෙලාවකට පසු වයසක මනුස්සයෙක් යමක් සොයමින් ඒ දෙසට පැමිණ ..."මහත්තයල එළුවෙක් එහෙම මේ හරියේ දැක්කේ නැද්ද ?"

    "ඔයාගේ එළුවද කියලනං දන්නෙ නෑ...හැබැයි මේ දැන් එළුවෙක් පණකඩාගෙන ඇවිත් මේ ළිඳට පැන්න"....
    "නෑ මහත්තයො ඒ මගේ එකා නං වෙන්න බෑ...මම ඌව හොඳ හයිය කඹේකින් මේ හරියෙ සිමෙන්ති කණුවකට ගැටගහලයි තිබ්බෙ"





    වේගයෙන් ගිය වාහනය ට්‍රැෆික් රාළහාමි විසල් පාර ගසා නතර කළේය...
    ඔහු වාහනය ළඟට පැමිණ....

    "මහත්තයා....ඔයා 55 ට යන්න ඕන හරියක 75 ට ගියේ.."
    "අනේ නෑ රාළහාමි...මම 55 ට තමයි ගියේ."

    එවිට එහා සිට් එකේ සිටි බිරිඳ:..."අනේ නෑ ඩාලිං...ඔයා අසූවට විතර නේද ගියේ."

    "මහත්තයාගේ වම් පැත්තෙ බ්‍රේක් ලයිට් එක වැඩ නෑනේ..මට ඒකටත් ලියන්න වෙනවා"
    "මොනවා..? ඒක කැඩිලද ? අයියෝ රාළහාමි අපි පිටත් වෙද්දිත් වැඩ කරා නේ..."

    බිරිඳ: "නෑනේ ඩාලිං...ඔයා දැන් සුමාන ගානක ඉඳං නේද කිය කිය ඉන්නෙ ඕක හදන්න ඕන කියල"

    "මහත්තයා සිට් බෙල්ට් දාල නෑනෙ...මම ඒකටත් ලියනවා...තරහ වෙන්නෙපා"
    "අනේ මම සිට් බෙල්ට් දාගෙන හිටියෙ රාළහාමි...මේ රාළහාමි නැවත්තුවාම තමයි ගැලෙව්වේ.."

    බිරිඳ: "අනේ ඇයි ඩාලිං බොරු කියන්නේ ....? ඔයා සිට් බෙල්ට් දාන්නෙම නෑනෙ"

    ඒ පාර නම් මෑන්ට මල දෙපිටින් ගියේය..."පොඩ්ඩක් කට වහගෙන හිටපං ගෑනියේ මැද්දට පනින්නේ නැතුව....#%$#% !!!!!!

    "එවිට පොලිස් රාළහාමි : නෝනා...නෝනට මහත්තයා හැමතිස්සෙම මේ විදියටද කතා කරන්නෙ ?"

    බිරිඳ : අනේ නෑ රාළහාමි...මෙයා බිව්වම විතරයි..."





    :):):)......හොඳනං කියන්න....:):):):)


     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    picture.php
    picture.php
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there

    දෙසැම්බර් 31 දින මග දිගට පාටි වලින් අඩුවක් නැත....මෙවන් මහඟු අවස්තාවක් ලැබෙනකන් පුන පුනා බලාසිටි කන්තෝරු ඩයල් එකක් එදින මහ රෑ වනතුරුම තම මිතුරන්ගේ ගෙවල් වල කරක් ගසමින් හොඳ හැටි පදම් වී පාන්දර ජාමේ අමාරුවෙන් තම ගේ හොයාගෙන ආවේය....පසුදින නැගිට වැඩට යන්නට ලැස්ති වී තම අතේ බඳින ඔරලෝසුව නැතිවී ඇති බව දැනගෙන ෆුල් නන්නත්තාර් විය...."තමුසෙට අගයක් නෑ...ඇයි අපේ මල්ලිනේ ඔහෙට ඕක දුන්නේ...බලනවා ඕයි අච්චර වටින හොඳ ඔරලෝසුව...කනමදය වගේ බීල කොහේ හරි ගුබ්බෑයමක දාල එන්නැති"

    "ආ...මට මතකයි මට මතකයි...කොහේ නමුත් මට මතකයි මම චූ කරද්දී තමයි ඕක ගැලෙව්වේ...ඒ ගෙදර තිබ්බෙ රත්තරං පාට කොමොඩ් එකක්." පොර කීය....

    "මට කමන්නෑ.......තමුසේ ඕක කොයි ලෝකෙන් හරි හොයාගෙන නැතුව අද ගෙදර එනව නෙවේ"....සිය ප්‍රිය බිරිඳ එසේ පාන්දරම වරෙන්තු නිකුත් කළාය...

    පසුව තමා ඊයේ රෑ ගිය රූට් එක දිගේ ගෙයින් ගෙට යමින් පොර ඔරලෝසුව හොයන්නට විය...
    "මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"
    හැම ගෙදරකින්ම ලැබුනේ "නෑ" කියන පිළිතුරයි...

    ඔහොම යද්දී එක ගෙදරක කාන්තාවක් එළියේ රෙදි වනමින් සිටියාය ....
    "සමාවෙන්න නෝනා...මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"

    එකවරම ඔහු දෙස රවා බැලූ කාන්තාව...ගේ දෙසට ඔලුව හරවා...."ඒයි...හැරී...ඇහුනද....මෙන්න ඊයේ රෑ ඔයාගේ සැක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලා."......



    :lol::lol::lol::lol::lol::lol:
    3+
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා