ලාහුගල මඟුල් මහ විහාරය හෙවත් රුහුණු මහා ව&

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ලාහුගල මඟුල් මහ විහාරය හෙවත් රුහුණු මහා ව&

    කොළඹ-රත්නපුර-මොණරාගල-සියඹලාණ්ඩුව හරහා පොතුවිල් යන අතරමඟ
    සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට
    ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන
    රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.


    DSCN2535.jpg




    DSCN2502.jpg


    DSCN2490.jpg


    පුරාවෘත්ත වලට අනුව කැලණිතිස්ස රජු මුහුද ගොඩ ගලන අවස්ථාවේ එම ව්‍යසනයෙන් ජනයා බේරා ගැනීමට තම දූ කුමරිය මුහුදේ පා කර හැරියා..
    මෙතුමිය ගොඩ බැස්ස ස්ථානය කිරින්ද ලෙස වර්ථමානයේ සැලකුවත් නියම වශයෙන් ඇය ගොඩ බැස ඇත්තෙ පොතුවිල් මුහුදු මහා විහාරය අසලට.
    මෙතුමිය ගොඩ බසින තෙක් නොඉවසිල්ලෙන් ;);) කාවන්තිස්ස කුමරු අට්ටාල බැඳගෙන බලාගෙන ඉඳලා තියනවා..එම ස්ථානය අද හැදින්වෙන්නෙ "අඩ්ඩාලච්චේන " කියලා..
    පසුව කුමරිය පොතුවිල් පෙදෙසින් ගොඩ බට බව සැලවූ කුමරු "කෝ කුමරිය" ලෙස විමසූ ස්ථානය අද "කෝමාරිය" ලෙස හැඳින්වෙනවා..
    පසුව "අර ගමේ" යැයි ලැබුනු පිළිතුර අද අරුගම් ලෙස හැඳින්වෙනවා..
    මොනවා වුනත් අද මේ හැම ගමක්ම පාහේ මුස්ලිම් ගම්මාන වුනේ කාගේ වරදින්ද?
    අපේ අතීත උරුමයන්ට වෙන දේ ගැන ඇත්තටම දුකයි..:(:(

    DSCN2503.jpg



    විහාරමහාදේවිය සහ කාවන්තිස්ස රජුගේ සරණ මංගල්‍ය සිදුවුනේ හින්දු චාරිත්‍ර අනුවලු...
    කොහොම වුනත් ඒ මඟුල් පෝරුවේ නටඹුන් අදටත් දැකගන්න පුළුවන්..

    DSCN2504.jpg



    ඔය මැද ඇති වල ගිනිදැල්වීම සඳහා යොදාගෙන තියනවා..

    DSCN2509.jpg


    අක්කර 200ක භූමිභාගයක පැතිරිලා තියන මේ පින්බිමේ කාවන්තිස්ස රජුගේ මාලිගයේ නටඹුන් ඇතුළු තවත් බොහෝ නටඹුන් දැක ගන්න පුළුවන්..


    DSCN2498.jpg



    DSCN2496.jpg


    DSCN2497.jpg



    මෙහි ඇති සඳකඩ පහණේ විශේෂයත්වය තමයි ඇත් ගොව්වකු සහිත වීම...මෙවැනි එකම සඳකඩපහණ මෙයයි..

    DSCN2494.jpg


    DSCN2495.jpg


    මේ ලඟ නැගෙනහිර පලාතේ විශාලම චෛත්‍ය වන නීලගිරි මහා සෑය පිහිටලා තියනවා....
    මෑතකදි සොයාගත්ත මෙම සෑයේ තවමත් කැනීම් සිදුවෙමින් පවතිනවා..
    මේ ස්ථානයේ රහතන් වහන්සේලා වැඩ සිටියාසේ සැලකෙනවා ඒ සඳහා ඉදිකල කුටි 31ක් පමණ දැනට සොයාගෙන තියනවා..

    DSCN2518.jpg




    මේ මගදි ලාහුගල කැලේ මැද හිටිය අලියෙක්..

    DSCN2488.jpg


    දැන්වීම් පුවරුව..
    වටිනා විස්තරයක්..

    DSCN2492.jpg


    මේවානම් කවුරු කලත් අපත වැඩ.....

    DSCN2534.jpg



    කෞතුකාගාරය......

    DSCN2522.jpg



    මෑතදී ඉදිකල චෛත්‍ය.....

    DSCN2527.jpg




    මේ ලාහුගල රෝහල.....

    DSCN2544.jpg


    කොටලා අත්දෙකම රිදෙනවා වටිනවා අපිටත් සලකලා යන්න..
    බම්ප් එකක් ,කොමෙන්ටුවක්,නිවැරිදි කිරීමක් අදහසක් දක්වලා යන්න...
    :):):)
    විශේෂ ස්තූතිය: රන්ජන් මහතා පොතුවිල් දිස්ත්‍රික් මූලික රෝහල..​
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළනෙ බන් මම නම් ගිහින් නෑ හැබැයි ප්ලේස් එකට
    මේ වගේ දේවල් ශෙයා අරන එක හොදයි
    මමත් දැකල තිබ්බෙ නෑ
    තෑන්ක්ස් අගෙයින්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල

    එළනෙ බන් මම නම් ගිහින් නෑ හැබැයි ප්ලේස් එකට
    මේ වගේ දේවල් ශෙයා අරන එක හොදයි
    මමත් දැකල තිබ්බෙ නෑ
    තෑන්ක්ස් අගෙයින්


    eLA!!! Thanks for sharing!! :yes:

    ස්තූතියි මචං.. :)


    thnx bro
    rep++++
    :rolleyes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ වාසනාවට මගුල් මහා විහාරය තවමත් කැලෙන් වැහිලා සිංහල මිනිස්සු සමීපයේ තියෙනව. මේක හරි ලස්සන පන්සලක්.

    ලාහුගල කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ද අලිමංකඩක්. හැම වෙලේම වගේ අලි ඉන්නව. ලාහුගල ගමේ අයටනම් අලි පුරුදුයි.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල

    අපේ වාසනාවට මගුල් මහා විහාරය තවමත් කැලෙන් වැහිලා සිංහල මිනිස්සු සමීපයේ තියෙනව. මේක හරි ලස්සන පන්සලක්.

    ලාහුගල කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ද අලිමංකඩක්. හැම වෙලේම වගේ අලි ඉන්නව. ලාහුගල ගමේ අයටනම් අලි පුරුදුයි.

    :):):)