ගැහැනිය

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    53257235611353776116319.jpg



    • ගැහැනිය මද සුලගින් පවා නැමීයන,එහෙත් කුණාටුවකින් වුවද නොසැලෙන තැනැත්තියකි.

    • දෙව්ලොව ගීතය තාරකාවන්ය,මනුලොව ගීතය කාන්තාවන්ය

    • රෝසමල් දකින තැනැත්තා එහි ඇති කටුද දැකිය යුතුය

    • මිනිසාගේ අභිවෘද්ධියේ මාවත ගැහැනියයි

    • ගැහැනුන්ගේ සමහර වැරදි වලට වගකිව යුත්තේ පිරිමින්ය,පිරිමින්ගේ බොහෝ හොද ගතිගුණ වලට පිරිමි බොහෝ විට ගැහැනුන්ට ණය ගැතිය.

    • ලෝක පැවත්මත් ලෝක විනාශයත් රදා පවතින්නේ ගැහැනිය මතය

    • මිහිරි සංගීතයක් වැනි ගැහැනු පිරිමියා රසභාවයෙන් රසවත් කරයි.

    • ලොවක් පාලනය කල හැකි අතක් ඇති ගැහැනියට ලොවක් ගිනිබත් කල හැකි කටක් ඇති බවද කියයි.

    • මිනිසෙකුට මෙලොව ලද හැකි රමණීයම ආශ්වාදය ලබා දිය හැක්කේ කාන්තාවකටයි.

    • යක්‍ෂයෙකු වැනි පිරිමියෙකු අවනත කල හැක්කේද ,අවනත වූ පිරිමියෙකු යක්‍ෂයෙකු කල හැක්කේද ගැහැනියකටයි.

    • බැගෑපත් ආදරය ගණන් නොගන්නා ගැහැනිය අභිමානවත් ආදරය ප්‍රිය කරන්නීය.

    • ගැහැනිය මෙලොවට බිහි වී ඇත්තේ ජීවිත කාලය පුරා හැඩීමටවත් සිනා සීමටවත් නොව ජීවිත කාලය පුරා හැඩීමත් සිනාවත් අතර රැදෙමින් ලෝකය තවත් ලස්සන කිරීමටය.

    • ආදරයේදී සහ පලිගැනීමේදී ගැහැනිය පිරිමියාට වඩා ප්‍රචන්ඩය.

    • පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි.

    • මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස් හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම් මගින් සිදුරු වී ඇත.

    • තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.

    • ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන අවලක්‍ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට වඩා ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී.

    • පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි.

    • පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.

    • පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය.

    • ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්‍ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත.

    • ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත.

    • ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ.

    • මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත.

    • ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි.

    • ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.


    මේවා ගොඩක් මං හිතන්නේ හරි

    උපුටා ගැනීම ෆේස් බුකියෙනි


    ----------
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන



    • තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.


    මළ කෙලියයි... :baffled:

    ඒ කියන්නේ ගෑනි = පිඹුරා
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බලපල්ලා ඇත්ත නේද කියල. (උපුටා පල කිරීමකි... නිර්මාණ අයිතිය T.M.R උපාලි ද අල්විස් මහතා සතුය.)

    womenc.jpg