Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි ළමයිනේ දැන් ඔය සන්ඩු කිරිල්ල නවත්තල පුතාට පොඩ්ඩක් විවේක ගන්න දෙන්න,
    අනිත් දෙන්නත් ගිහින් මූණ කට හෝදගෙන ඇඳුමක් දාගෙන එන්න මන් තේ ලෑස්ති කරන්නම්,
    ඇත්තමයි ලොකු දුව ඔයාගේ කාටනම් අන්තිම අශෝබනයි, කසාද බැඳලා ගිහිනුත් ඔහොම කියෙව්වොත්නම් මිනිහ මාසෙන් උඹව ගෙදර එවනවා, දැන්වත් ඔය කට පොඩ්ඩක් පරිස්සම් කරගෙන මෙන්න මේ දිලිනි දුව වගේ හැදෙන්න බලන්න්න,

    අනේ අම්ම දුක් වෙන්න එපා අම්මේ, මේ හැකර කට තව ටික දවසකින් ගෙදරින් එලෝලා, මන් අම්මට ගෙනල්ල දෙන්නම්කො දිලිනි වගේම ලේලි කෙනෙක්ව,

    අන්න හරි පුතේ, එච්චරම තමයි දැන් අපිට මෙතෙන්ට අඩුවකට තියෙන්නේ, පුලුවන්නම් එකත් කොරල දියන්කෝ, අනේ මොකටද මගේ කට, ඔයා සනීප වෙන්නකෝ පුතේ මම ඊට පස්සේ බලාගන්නම් ඔයා ගැනත්,
    එන්න දිලිනි ඔයා යන්න මුන් දෙන්නට ඕන එකක් කරගන්න කියල, අම්මපල්ල මුන් දෙන්න හැදුවට වැඩ හොඳයි දුවේ ඇත්තටම එලදෙන්නු දෙන්නෙක් හදාගත්තනම්, අඩුම ගානේ කිරි ටිකක් හරි ගන්න තිබ්බ.

    දිලිනිත් කට ඇද කරලා අක්කටයි මටයි හිනා වෙලා අම්ම එක්ක කුස්සියට යන්න ගියා, අම්ම යනකන්ම බලන් හිටිය වගේ අක්කත් එක පාරටම මගේ ලඟට අවේ වැදගත් දෙයක් කියන්න වගේ කටත් හදාගෙනමයි.

    මල්ලි මේ මොකද්ද අර ඉස්සෙල්ල කීව ගොන් කතාව?

    මොන ගොන් කතාවද?

    එකත් ඇත්ත, තමුසේ ඉතින් කියන ඔක්කොම කතා ගොන් කතානේ,
    මන් කීවේ දැන් අර දිලිනි වගේ කෙනෙක් ගේනවා කීව කතාව.

    ආ...ආ... ඒකද? ඒක මේ නිකමට හලෝ කීවේ, කෝකටත් කියල කලින් මුට්ටිය දාල බැලුවේ මොකද වෙන්නේ කියල,
    අම්මෝ.....කොහොමද ෆයර් උන සයිස් ඒක? අම්මප අක්කේ දන්මනම් මට කසාද බඳිනවා කියන ඒක හීනයක්ම තමයි,

    ඕයි...මේ... පිස්සෙක් වගේ දඟලන්නේ නැතුව, දැන් අප්පච්චිගේ බිස්නස් එකට සෙට් වෙලා, එකත් බලාගෙන දෙයියනේ කියල ස්ථීර මිනිහෙක් වෙන්න බලනවා,
    ඊට පස්සේ පුළුවන් කසාද බඳින්න,
    එහෙම නැතුව මෙතන ගැණු ගෙනල්ල උන්ට කන්න දෙන්න උඹේ..... මන් කීව කියල හිතා ගනින්කෝ,
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සෝමෙ අද පී ඇම් එවන්න ලැහැස්ති වෙන්න එපා හරිය:angry:
    අපොයි මුන් වල් වෙලා:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හැමදේම සෙල්ලමට හිතන්න එපා රත්තරන්, ඔයා දැන් ලොකු ළමයෙක්නේ, අම්මලට මේවා ඔයත් එක්ක කතා කරන්න බැනේ, එයාල මේවා දන්නෙත් නැනේ,
    මම දිලිනි ගැන හොඳටම දන්නවා, දිලිනි මේ වෙනකන් කිසිම කෙනෙක්ට ආදරේ කරලා නෑ, එයා පස්සෙන් කොල්ලෝ ඕන තරම් ආව, එත් එයා එහෙම කිසිම කෙනෙකුට කැමති උනේ නෑ,
    ඒක නිසා ඔයා බය වෙන්න එපා කිසිම දෙකට, දිලිනිව නැතිවෙයි හෝ ඔයාව දාල යයි කියල, මොකද දිලිනි එහෙම ආවට ගියාට බැඳීම් ඇති කරගන්න කෙනෙක් නෙවේ නිසා, මම උනත් ඔයාලට කැමති උනේ ඒක නිසයි, නැත්නම් ඔයාලගේ වයස එක්ක බැලුවම මන් කරන්නේ වරදක්,
    ඒක නිසා මගේ හොඳ මල්ලි වගේ මේ දවස් ටිකේ හොඳට රෙස්ට් කරලා සනීප උනාම, අප්පච්චිට උදව් වෙලා ලස්සනට ජීවත් වෙන්න,

    හරි අක්කේ මට තේරෙනවා, එත් අනේ මන්ද හිත දෙන්නේ නෑ හලෝ....හිත හදාගෙන සතියක් වැඩ කරද්දී ආයෙත් ඒක අමතක වෙලා පරණ විදියටම වැටෙනවනේ,

    එකට බය වෙන්න එපා, දැන් අරමුණක් තියනවනේ, කෙල්ලක් ඉනව, ඒ කෙල්ල ගැන බලන්න ඕනේ, ඉල්ලන දේවල් දෙන්නන ඕනේ, එතකොට ඒවාට සල්ලි ඕන වෙද්දී නිකන්ම ඔයාට වැඩ කරන්න මතක් වෙයි, ඒක නිසා ඒක අරමුණක තියාගෙන වැඩ කරන්න,
    මොකද ඔයාට අමුතුවෙන් හම්බ කරන්න දේවල් නැනේ, මේ ගෙවල් වාහන ඔක්කොම ඔයාටනෙ, ඔයාට තියෙන්නේ අප්පච්චි ගොඩ නගපු දේවල් බලාගන්න. හිතට අරන් වැඩ කරන්න එතකොට සේරම හරි.
    මම යනවා එහෙනම් වොෂ් එකක් දාන්න, ඔයාට තේ එවන්නම් ඔයාගේ ලවු ඒක අතේම,
    කරන දෙයක් පරිස්සමෙන් අම්මල ඉන්නවා කියල මතක තියාගන්න.

    අම්මේ....ඔයානම් අක්කේ දෙයියෙක් නෙවේ දේවාලයක්......
    මේ අනේ අක්කේ පුලුවන්නම් ඔයා පල්ලෙහාට එද්දී මගේ කාමරේ ඇති සී.ඩී. පැක් එක ඒකත් අරන් එන්න ප්ලීස්.

    හරි හරි මන් ගේන්නම්, මේ හැබැයි පුරුද්දට තියාගන්න එහෙම එපා, කඩේ යන්න එක්කෙනෙක් ඉන්නවනේ එයාවම යවාගන්න එකයි ඇත්තේ.

    හරි හරි ඉතින් මේක විතරනේ, අපෝ තමුසෙගෙ කාටනම්, මට කිය කියා එයාම බෙරිහන් දෙනවා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමෙ අද පී ඇම් එවන්න ලැහැස්ති වෙන්න එපා හරිය:angry:
    අපොයි මුන් වල් වෙලා:P

    aaye PM ewanne na, puluwan ikmanta liyala iwara karanawa tikak wedi pura, eeta passe PM ekak ewanam :yes:
     

    Green Fairy

    Banned
    Mar 17, 2012
    16
    7
    0
    මේ මොන මෝඩ කතාවක්ද, මොන්ටිසොරි යන ළමයි රචනා ලියනවා මීට වඩා ලස්සනට :lol::lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    මේ මොන මෝඩ කතාවක්ද, මොන්ටිසොරි යන ළමයි රචනා ලියනවා මීට වඩා ලස්සනට :lol::lol:

    Ekekwath Someta mukuth kiyanne ehema na harida? Kello thun denekta dala gassanne (Pavani, Sameera, Agresha)
    Me eka newei mokada bun umba apu gaman ban une? :rofl:
    Umbene Crazybuddy ekka gama illapu eka?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝ බබා අක්ක ගියාද? මම මේ බලන් හිටියේ අක්ක යනකන්, මොනවද අප්පේ ඔච්චරටම ඔය දෙන්න කියෙව්වේ?

    අනේ නෑ බබා, විශේෂ දෙයක් නෙවේ දන්නේ නැද්ද ඉතින්, වැඩිහිටි අවවාද අනුසාෂනා තමයි,
    ඔයා තේ බීවද පැටියෝ?

    අනේ තවම නෑ බබා, අම්ම තේ ලෑස්ති කරනවා, ඔයාට මොනවද ඕනේ? කිරි එකක් හදන්නද ප්ලේන් ටී එකක් දෙන්නද?

    මටනම් රස්නේ මොකුත් බොන්න බෑ පැටියෝ, තියනවද බලල කූල් මොනා හරි හදන්නකෝ, දෙහි එකක් හරි කමක් නෑ,
    මට ටිකක් නිදි මතයි බබා, මට චුට්ටක් හාන්සි වෙන්න උදව් කරනවද?

    අනේ මහත්තයෝ ඔහොම චුට්ටක් ඉන්න වතුර එකක් ලෑස්තියි මන් මහත්තයගේ ඇඟ චුට්ටක් තෙත මාත්තු කරන්නම්, හොස්පිටල් එකේ ඉදන් ඇවිත් මූණත් එක්ක ලෙඩ පාටයි,
    ඇඟ සෝදගෙන ඇඳුමක් මාරු කරගෙනම එක සැරේම නිදා ගන්න,

    අනේ එකන හොඳයි බබා ඔයාට ගොඩක් පින් මේ කරන දේවල් වලට, එහෙනම් ඉක්මනට වතුර එක අරන් එන්නකෝ මන් මෙහෙම ඉන්නම්.

    පින් දෙන්න වැඩක් නෑ දෙයියෝ මට ඔයාගේ ආදරේ විතරක් දෙන්න, මුළු ජීවිත කාලෙම ඔයාගේ ගාව වැටිලා ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න දෙන්න ඒ ඇති,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි දැන් ඉතින් යන්නකෝ ගිහින් ඉක්මනට එන්න, මන් ඉන්නවනේ බබා ගාව හැමදාම, සනීප උනාම අපි දෙන්න කොහේ හරි චුට්ටක් ඇවිදලා එන්න යමු,

    අනේ මේ, එහෙම හැමතැනම රවුන් ගහන්න අට දෙන්නේ නෑ අපේ අම්ම, හිතුවද අපිත් ඔයා වගේ කැලේට කොලේට හැදුන ළමයි කියල,
    අපි මේ බෝ පැල වගේ ශාන්ත දාන්ත විදියට කැප වෙලා පේ වෙලා හැදුව දරුවෝ,

    අපෝ ඔව් ඔව් මම ඉතින් එක නොදන්නවයේ, දැක්කනේ මෙහෙ නවතින ටිකටත් බලාගන්න කියල තිබ්බ විදිය, මාව බලාගන්නැයි මෙයාට ඉන්න කීවේ, අන්තිමට එයාව බලාගන්නැයි අපිට වෙන්නේ,
    විහිලු නෙවේ බබා, අපි අනුරාධපුරේ පැත්තේ හරි නුවර එලිය පැත්තේ හරි ගිහින් එමුකො,

    හරි හරි ඒවා පස්සේ බලමුකෝ, ඉස්සෙල්ලම ඔයා සනීප වෙලා ඉන්නකෝ,
    තව වෙලා හිටියොත් එහෙම අම්ම එයි මම කෝ බලන්න, මන් ගිහින් ඔයාට දෙහි එකක් හදල ෆ්‍රිජ් එකට දාල, වතුර එකත් අරන් එන්නම්, එතකන් සුදු මහත්තය දඟ නොකර ඔහොන්මම ඉන්න ඕනේ හොඳද?

    මගේ නළලත් ඉඹල දුවගෙන ගියේ හරියට චුටි දුවෙකුට ලස්සන බෝනික්කෙක් තෑගි හම්බුනාම සතුටෙන් එක අරන් අම්මට පෙන්නන්න දුවනවා වගේ,
    අර අක්ක කියනවා වගේ මේ කෙල්ලවනම් මට ලැබුනේ ඇත්තටම මගේ පෙර පිනකට, ඇත්තටම එයාව නැති කරගන්න බෑ.
    මමත් දැන් වගකීමකින් හිතන්න ඕනේ, අප්පච්චි එක්කම හිටියොත් මට එයාගේ යටතේ ඉන්න වෙන්නේ, එහෙම උනොත් බේරී වෙලා හරි දිලිනිට ගෙදරින් ප්‍රශ්නයක් ආවොත් මට තනියම කතා කරන්න ශක්තිය අඩු වෙනවා,
    එත් අප්පච්චිගෙන් උදාවක් ඉල්ලගෙන මගේම කියල දෙයක් පටන් ගත්තනම්, මගේම කියල දෙයක් මට තියන නිසා පොඩි හරි ස්ථාවර ගතියක් තියනවා,
    එත් ඉතින් කොහොමද හිතන්නේ හරියටම හරි යන බිස්නස් එකක් ගැන?
    ජොබ් එකක් හොයා ගත්තත් ලොකු සැලරි එකකට එක පාරටම යන්න හම්බෙන්නෙත් නෑනේ,
    අප්පච්චි ආවම එයා එක්කත් කතා කරලා බලන්න ඕනේ,
    අක්කත් ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මන් කොහොම හරි ජීවිතේ දිනන්න ඕනේ, අක්ක කියනවත් වගේ දැන් පිස්සු නැතුව ඇති.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පිස්සු නැතුව ඇති.
    ඔව් ඔව් පිස්සු නටන්නේ නැතුව කතාව දාපන්......:frown::frown::frown:
    මම මේ හෙන දවසකින් ඇවිල්ලා බලද්දී කතාවට වඩා වෙන කතා තියෙන්නේ...:angry::angry::angry:
    Com 1a down වෙලා තිබ්බේ පහු ගිය ටිකේ....:(:(:(
    ඉක්මනට කතාව දාපන්කෝ සෝමේ අයියා.....:yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් ඔව් පිස්සු නටන්නේ නැතුව කතාව දාපන්......:frown::frown::frown:
    මම මේ හෙන දවසකින් ඇවිල්ලා බලද්දී කතාවට වඩා වෙන කතා තියෙන්නේ...:angry::angry::angry:
    Com 1a down වෙලා තිබ්බේ පහු ගිය ටිකේ....:(:(:(
    ඉක්මනට කතාව දාපන්කෝ සෝමේ අයියා.....:yes::yes::yes:

    ela elaaaaaaaa