Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

    Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

    අවුරුදු කාලෙ හැමොම බලන්නෙ යහමින් බිස්නස් එකක් කරගන්න..මේකට ඉතින් හොදම වැඩෙ තමයි මොකක් හරි තරගයක් පටොලව ගන්න එක.මේක ඉතින් ටවුමේ පොඩි කඩෙ ඉදන් අතීතයෙ සිට ලංකාවෙ වැජඹෙන කර්ගිල්ස් ෆුඩ් සිටය දක්වා ඒක එක පරාස වලින් විහිදෙනව..

    IMG_1926-2.jpg

    නමුත් ඉතින් ඔය හැම තරඟයක්ම ආයතනයට ලාභ දායි ලෙස පවත්වා ගන්න ඒ අය වග බලා ගන්නව,ඒ වුනාට ලංකාවෙ මිනිස්සු කොච්චර අසුභ වාදි වුනත් මේ වගේ එවයෙ දි මටත් චාන්ස් එකක් එයි කියල ෆුල් සුභවාදි වෙන නිසා කවදාවත් ඒ ආයතන පාඩු ලබන්නෙ නැ..හොදම උදාහරනෙ ලොතැරයි මණ්ඩලය..මම හිතන්නෙ ලංකාවෙ රජයට අනුබද්ධ පාඩු නොලබන එකම ආයතනය වෙන්නත් බැරි නැ ඉස්කාරගාරය ඇරනම.

    පැන්ඩත් නිවාඩුවෙ ගෙදර ඉන්නකොට දුටුව ගෙදර තියෙන අර ෆුඩ් සිටියෙන් දුන්න කූපන් ටිකක් බැලුවම හුඟක් කැලි තියෙනව ඒක එක භාන්ඩ වල.වැඩකුත් නැති එකෙ නිකන් තියෙන එකෙ කියල පොඩ්ඩක් අන්තර්ජාලෙ කස්ටිය එක් රැස් වෙන තැන් වලින් මදි පාඩු කැල්ලක් හොයා ගන්න ට්‍රයි එක දෙනකොට තමයි තෙරුනෙ හුගක් භාන්ඩ වල මුල් කොටස් හුගක් අය ලග තිබ්බට තාම කාටවත් 4/4 වෙනි කොටස කිසිම භාණ්ඩෙක ලැබිල නැ වගේ කියල..සමහර විට මුලු ලංකාවෙම මෙහෙම වෙන්නත් පුලුවන්..තරගෙ අවසාන දිනේ කිට්ටු කරල දෙන්න ඉන්න තැගි භාණ්ඩ ප්‍රමාණයට පමණක් ඒ අවසාන 4/4 කැල්ල නිකුත් කරනව ඇති..එතකොට නෙ මිනිස්සු දිගටම උද්යොගයෙන් තරගයට සහභාගි වෙන්නෙ..අල්ලපු කඩෙ තිබ්බත් තව කිලොමීටරයක් ෆුඩි සිටියට ගිහින් වැඩි මිලට තරගෙට ඇතුලත් වෙන බඩුවක් අවශය නැතත් මිලදී ගෙන එන්න තරං පෙළඹවන්න ඒ හැගීම ප්‍රබල වෙන්නෙ ඒකනෙ.මිනිස් හිතේ මේ වගේ ස්වභාවයන් මානසික වෛද්‍යවරුන්ට වඩා මකටින් ඇනලයිස‍්රස් ල දන්නව ඇති කියල හිතෙනව මේ වෙලාවට.

    කොහොම හරි එතකොට මතක් වුනා අපි ඉස්කොලෙ යන කාලෙ අපි අහු වුන තව දෙයක්.. මතකද කැන්ඩොස් හරි එඩ්නා හරි මතක නැ හරියට ඒ දවස් චොකලට් එක්ක අංකයක් සහිත ක්‍රිකට් කීඩකයෙක්ගෙ ස්ටිකරයක් නිකුත් කලා..ඒ ටික එකතු කරල එක එක තැගි දිනා ගන්න පුලුවන්..ඒ දවස් වල ඉතින් ස්ටිකර් එකතු කරන්න කාපු චොකලට් වල සල්ලි එකතු කලා නම් කොල්ලන්ට කිකට් ආම්පන්න සෙට් එකක් ගන්නත් පුලුවන් වෙන්න ඇති..තව ඇයි ඉතින් සිට්කර් වලට කොච්චර එවුන් ගහ මර ගන්නම ඇතිද ? ස්ටිකර් ගොඩට රබර් බැන්ඩ් එකක් දාගෙන ඕක නිතර ගැන ගැන පරිස්සම් කර ගන්නවට වඩා වැඩක් තිබ්බද ඒ කාලෙ..ඒ ස්ටිකර් වලත් 306 ජයසුරිය ද කොහෙද ඉන්න එක ස්ටිකරයක් තිබ්බ ලොවෙත් හොයන්න බැ.. ඉතින් අර කවද හරි ඕක ලැබෙයි කියල හිතා ගෙන මරාගෙන හොරකම් කරගෙන අපේ එවුන් චොකලට් කැවා..පැන්ඩට ක්‍රිකට් පිස්සුව තදින් නොතිබුන නිසා පැන්ඩා මෙකෙ ක්‍රියා කාරි සහභාගිත්වයක් දැක්කුවෙ නැ..එ නිසාම බය නැතුව අනිත් එවුන් ටොයිලට් එකට එහෙම ගිහින් එනකං උන්ගෙ ස්ටිකර් වල මාව භාරකරය කරල යන්න බය වුනේ නැ..ඒකත් ලොකු නම්බුවක් ඒ කාලෙ..ඇයි සුලු පටු වගකීමක් ද ?

    ඔය වගේ මගොඩි කම් අද ඊයෙ ඇති වුන ඒව නෙවෙ..අපි ඉපදිලාවත් නැති අපේ මහප්ප කොල්ල කාලෙ දැන් රත්නපුරෙ ඉන්න ප්‍රසිද්ධ විපක්ශ මන්ත්‍රි කෙනෙක් සහ මුදලාලි කෙනෙක් ටවුමෙ පොඩි පොඩි බිස්නස් කරල තියෙනව.ඒ කාලෙ මිනිස්සු අවුරුද්දට ඉතින් ටවුමට රැස් වෙනකොට මේ දෙන්නත් හිතුවල කීයක් හරි ගරා ගන්න..දෙන්නත් එක්කෙ ටවුමෙ ලැල්ලක් දාල එකෙ තිබ්බලු රටේ නැති වෛවාරන බඩු.ඊට පස්සෙ තුන්ඩු කැලි ටිකක් ලිව්වලු..එක තුන්ඩුවක් සත 10 ලු.. මිනිස්සු ඉතින් තුන්ඩුවක් ගන්නවලු තුන්ඩුවෙ තියෙන තැග්ග එ මිනිහට දෙනවලු..දැන් ඉතින් මිනිස්සු එනවලු දෙන දෙයක් ගන්නව ටිකක් ඉඳල යනවලු..කාටවත් ඔතන නැවතිලා බලා ඉන්න වෙලාවකුත් නැනෙ ඇදෙන තැගි ගැන විස්තරයක්..ඉතින් මිනිස්සුත් දෙන දේ අරගෙන යනවලු.ඔතන ලග හිටපු රාළහාමි කෙනෙක්ට තෙරුනාලු මෙකෙ එන හැම මිනිහටම ලැබෙන්නෙ කටු පැකට් එකක හුනු බිත්තර පැකට් වගේ දෙයක් මිසක් කාටවත් වෙන වටින දෙයක් ලැබුනෙ නැ කියල.

    ටිකක් වෙලා බලල කිට්ටු කරපු රාලහාමි ඇහුවලු මෙතන හැම බඩුවටම තුණ්ඩු තියෙද කියල..මුදලාලි පැනපු ගමන් කිව්වලු අපොයි ඔව් රාළහාමි කියල..එහෙනම් ලෙහපන් බලන්න ඔක්කොම තුණ්ඩු කිව්වලු..ටිකක් වෙලා අදිමදි කරපු දෙන්න රාලහාමි ගෙන් ගැලවිල්ලක් නැති නිසා ලෙහුවලු තුන්ඩු ටික..බැලුවම වටින බඩුවකට ලියපු එකම තුන්ඩුවක් වත් නැලු..ඊටපස්සෙ ඉතුරු හරියෙ ටවුමට ඇවිල්ල හිටපු මිනිස්සු බලා ගත්ත කියල තමයි කිව්වෙ..

    ඉහත සදහන් සියල්ල, කතුවරයාගේ අවසරය රැගෙන, එළකිරි.com සදහා උපුටා ගන්නා ලද බව සලකන්න.

    උපුටා ගැනීම :-
    Code:
    http://pandaslif.blogspot.com/2012/04/blog-post_17.html

    HF_WeWantYou.png

    මගේ සටහන :-

    මගේ ලගත් මේවායේ කෑලි බර ගාණක් තිබේ...... :yes: ඒත් ගොඩක් ඒවායේ, 3 සහ 4 කොටස් නැති අතර, 1 සහ 2 කොටස්, ඕනා තරම් තිබේ...... :angry::P කාගිල්ස් එකට මේ තෑගි ටික තියා ගන්න දෙන්නේ නැතුව, බෙදා හදාගෙන කන්න කැමති කට්ට්ය ඉන්නවා නම්, අඩු පාඩු ටික හොයා ගන්න බැරි වෙන එකක් නැත. :D :) ;) කට්ටියට මම කියපු දේ තේරුනා නේ.....?? :rolleyes: :D :P ;) ;)

    ඉතින් කාගිල්ස් එකෙන් මේ තෑගි ටික ඉස්සීමට, ඔබගේ නොමසුරු සහාය බලාපොරොත්තු වෙමි. :yes: කරුණාකර ඔබ ලගත් මේ කාගිල්ස් තෑගි කාඩ්පත් ඈතොත්, ලගම ඈති පොලිසියට :shocked: ........ වැරදුනා :P ....... මේ ත්‍රෙඩ් එක තුල දැනුම් දෙන්න...... :D :P :) :yes: ;)

    help-needed-ipad.jpg
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    කොහොම හරි එතකොට මතක් වුනා අපි ඉස්කොලෙ යන කාලෙ අපි අහු වුන තව දෙයක්.. මතකද කැන්ඩොස් හරි එඩ්නා හරි මතක නැ හරියට ඒ දවස් චොකලට් එක්ක අංකයක් සහිත ක්‍රිකට් කීඩකයෙක්ගෙ ස්ටිකරයක් නිකුත් කලා..ඒ ටික එකතු කරල එක එක තැගි දිනා ගන්න පුලුවන්..ඒ දවස් වල ඉතින් ස්ටිකර් එකතු කරන්න කාපු චොකලට් වල සල්ලි එකතු කලා නම් කොල්ලන්ට කිකට් ආම්පන්න සෙට් එකක් ගන්නත් පුලුවන් වෙන්න ඇති..තව ඇයි ඉතින් සිට්කර් වලට කොච්චර එවුන් ගහ මර ගන්නම ඇතිද ? ස්ටිකර් ගොඩට රබර් බැන්ඩ් එකක් දාගෙන ඕක නිතර ගැන ගැන පරිස්සම් කර ගන්නවට වඩා වැඩක් තිබ්බද ඒ කාලෙ..ඒ ස්ටිකර් වලත් 306 ජයසුරිය ද කොහෙද ඉන්න එක ස්ටිකරයක් තිබ්බ ලොවෙත් හොයන්න බැ.. ඉතින් අර කවද හරි ඕක ලැබෙයි කියල හිතා ගෙන මරාගෙන හොරකම් කරගෙන අපේ එවුන් චොකලට් කැවා..පැන්ඩට ක්‍රිකට් පිස්සුව තදින් නොතිබුන නිසා පැන්ඩා මෙකෙ ක්‍රියා කාරි සහභාගිත්වයක් දැක්කුවෙ නැ..එ නිසාම බය නැතුව අනිත් එවුන් ටොයිලට් එකට එහෙම ගිහින් එනකං උන්ගෙ ස්ටිකර් වල මාව භාරකරය කරල යන්න බය වුනේ නැ..ඒකත් ලොකු නම්බුවක් ඒ කාලෙ..ඇයි සුලු පටු වගකීමක් ද ?

    meka nam sira seen eka ban
    mai ayyai panadagena ekathu kara
    bat dekakui cap ekakui hambuna :D:D:D
    pissu hadenwa e dawas wala
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මගේ ගාවත් කෑලි 2ක් තියනවා බං, ෆ්‍රිජ් එකක කෑල්ලකුයි, වොශිං මැශින් එකක කෑල්ලකුයි,.. නොම්බර මතක නෑ,.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ ගාවත් කෑලි 2ක් තියනවා බං, ෆ්‍රිජ් එකක කෑල්ලකුයි, වොශිං මැශින් එකක කෑල්ලකුයි,.. නොම්බර මතක නෑ,.. :dull:

    ෆ්‍රිජ් එකේ 4 වෙනි කොටස තියෙනවද බං.....?? පුලුවන් නම් පොඩ්ඩක් බලලා කියපන්කෝ.... TV එකෙත් 4 වෙනි කෑල්ල නෑ මට.... :(