උඹේ කතාව බලපු මගේ හිතටත් ගොඩක් වේදනාවක් දැනුනා මචන්. උඹට උනා වගේ සිද්දියක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා

. අපේ ජීවිත ගමනට ගොඩක් කට්ටිය මගදී එකතු වෙනවා. ඒ අය අපේ ජීවිත ගමනේ අවසානය තෙක් අපිත් එක්ක එන්නේ නෑ. අපිත් එක්ක ඉන්න තියෙන කාලය ඉවර උනාම ඒගොල්ලෝ අපිව දාල යනවා. උඹ වගේම මමත් මගේ කෙල්ලට පණ වගේ ආදරේ කරපු කොල්ලෙක්. අන්තිමට මට ඉතුරු උනෙත් දුක විතරයි. මේ ලෝකේ අවංක කෙල්ලෝ නැතුව නෙවෙයි. හැබැයි ගොඩක් අඩුයි. උඹ ජිවිතේ කාටවත් බොරුවක් කරලා නැත්නම් උබට වරදින්නේ නෑ. උඹ පණ වගේ ආදරේ කරලත්,උඹව කසාද බැඳලත් වෙන එකෙක් පස්සේ ගියානම් ඒ කියන්නේ එයා උබට ආදරේ කරලා නෑ කියන එක තමයි. උඹට දුක වෙන්න කිසිම හේතුවක් නෑ. උඹ ලබාගන්න හදල තියෙන්නේ උඹට උරුම කෙනා නෙවෙයි. එයාත් උබේ ජිවිත ගමනේ උබත් එක්ක ටික දුරක් යන්න ආපු කෙනෙක් විතරයි. කවදාවත් කෙල්ලෙක්ගෙ ලස්සනට, කටහඩට, සල්ලිවලට, උගත් කමට රැවටෙන්න එපා. කෙල්ලෙක් සදහටම ලන්කරගන්න නම් ඒ කෙල්ලගේ ගතිගුණ, බුද්දීමත්කම ගැන හිතපන්.

එතකොට උඹට කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ.
"හිඳීවි කොතැනක හෝ.....! හිමිකාරයා උපන් උඹේ නමින්...! වඩීවී කෙදිනක හෝ...! ඒ එනතුරා...! හිත හදාගෙන ඉඳින්......! "
ජිවිතේ ඉන්න ටිකේ සතුටින් හිටපන් මචන්..යන අයට යන්නදීපන්.බලෙන් තියාගන්න එපා.

අපි කොල්ලෝ....!
