Path to Korea කොරියාවට එන පාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Path to Korea කොරියාවට එන පාර

    මේ දවස්වල ගොඩ දෙනෙක් විදේශ රැකියා සම්බන්ධයෙන් විමසලා තියෙන බවක් දුටුව නිසාත්,දකුණු කොරියා රැකියා සම්බන්ධයෙන් එලකිරිය තුල ත්‍රෙඩ් එකක් නොදුටුව නිසාත්,විදේශ රැකියා සම්බන්ධව සම්පූර්ණ තොරතුරු මට ලබාදිය හැකි එකම රට දකුණු කොරියාව වීම නිසාත්, ඒ සම්බධව එලකිරිය තුලින් දැනුවත් කිරීම යුතුකමක් ලෙස හිතුණු නිසාත් ඔන්න මම තීරණය කරා දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මම දන්නා සියලුම තොරතුරු ඇතුලත් කරල මේ විදිහට ත්‍රෙඩ් එකක් දාන්න :yes::yes::yes::yes:

    සියලුම තොරතුරු දාන්න ඕන හින්ද ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වෙයි.හොඳයි වටියි කියල හිතෙනව නම් වෙලාවක් වෙන් කර ගෙන කියවන්න :rofl::rofl:


    ඉතිහාසය කියනවනම් රැකියා සඳහා දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් පැමිණිම ආරම්භ කරල තියෙන්නෙ අපේ ජනපතිතුමා කම්කරු ඇමති වශයෙන් වැඩ කරන කාලෙදි.ඒ කියන්නෙ 1994 ඉඳන් :yes::yes:
    නමුත් ඒ කාලෙ නම් කොරියාවෙ රස්සාවකට යන්න මේදැන් තියෙන තරම් උනන්දුවක් නම් තිබිල නෑ :no::no:
    ගිය සතියෙ ජනාධිපතිතුමා කොරියාවට ආපු වෙලාව එතුමාගෙ කටින් ම කිව්ව විදිහට ඒ කාලෙ කොරියාවට මිනිස්සු එවල තියෙන්නෙ ටිකට් එකත් හදල දීල බලෙන්ම ප්ලේන් එකට නග්ගවල :lol::lol:
    කොරියාව කිව්වම ලංකාවෙ ඉස්සර තිබුනෙ හොඳ ප්‍රතිරූපයක් නෙමෙනෙ:dull::dull:

    ඔය විදිහට රජය විසින් ආරම්භ කරපු වැඩ පිලිවෙලට ඔය කාලෙදිම ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයත් එකතු වුනා.:yes::yes:

    90 දශකය ඉවර වෙලා 2000 2001 වෙනකම්ම කොරියාවට රැකියා සඳහා පිටත්වීම සිදුවුණේ ඇල්මැරුණූ ස්වභාවයක් :dull::dull:

    ඒත් ඔය තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ 2002 න් පස්සෙ.එජාප රජය යටතෙ මහින්ද සමරසිංහ මහතා කම්කරු ඇමති ධූරයට පත් වීමත් සමඟ කොරියා රැකියා සඳහා පිටත් කිරීම වැඩි කරනව වගේම එතනින් පස්සෙ කොරියානු රැකියා සඳහා පිටත් වීමට ශ්‍රීලාංකික තරුණ කොටස් අතර අමුතු උනන්දුවක් ද ඇති වෙනවා.:yes::yes:

    රජය මඟින් කොරියාවට එන්න නම් ඒ කාලෙ තිබ්බ මූලික සුදුසුකම උනේ දේශපාලන බලපෑම.ඒ කාලවල හිටපු ඇමති වරුන්ට අයත් ප්‍රදේශ වලින් ඒ ඒ කාල වලට කොරියාවට ඒම සිදු වෙන්නෙ ඒ අනුව.මතුගමින්,කෑගල්ලෙන්, නුවරින් වැඩි දෙනෙක් කොරියාවට එන්නෙ ඒ හේතුව උඩ.
    නමුත් ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය මගින් ගෙනගිය වැඩපිලිවෙල නම් 90% විතර විනිවිද භාවයකින් යුක්ත වුනා :D:D

    නමුත් 2006 න් පස්සෙ ජෝර්ජ් ස්ටුවර්ත් ආයතනය මඟින් කොරියාවට එවන වැඩපිලිවෙල නතර වෙනව. එතනින් පස්සෙ සම්පූර්ණයෙන්ම කොරියාවට එවන්නෙ රජය මගින් පමණයි.


    එතෙක් රජය මඟින් ගෙන ගිය වැඩපිලිවෙල විවේචනයට ලක්වීම සහ කොරියානු රැකියා සඳහා පැමිණිමේ උනන්දුව තවත් වැඩිවීමත් කොරියානු රජයත් එම වැඩපිලිවෙලට මැදිහත් වීමත් නිසාවෙන් 2008 වසරෙ ඉඳන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ආරම්භ කරනව.නමුත් එම විභාගය තනිකරම නාමිකව පැවති එකක්.අපේක්ෂකයින් ජංගම දුරකතන මඟින් පිලිතුරු ලබා ගැනීමේ පහසුකම තිබුනු අතර අපේක්ෂක්යින්ට ශාලා පරීක්ෂක වරි මඟින්ම පිලිතුරු ලබා දීමත් සිදුවනා :baffled::baffled:

    ඒත් මේ තත්වයත් 2010 පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.එම වසරේදී අපේක්ෂකයින්ට ජංගම දුරකතන රැගෙන යාම සම්පූර්ණයෙන්ම අවහිර කරනව.ඒ හින්ද ඒ විභාගය සමත්වෙන්න නම් කොරියානු භාෂා දැනුම අනිවාර්ය වුනා:yes::yes:
    කන්නන්ගර වැඩ කරපු අයත් ඉතිං ඇති :rofl::rofl:
    අවසන් වරට 2011 දි පැවති විභාගය පැවැත්වූයේත් ඒ ආකාරයටම තමයි.:D:D

    ඔන්න එහෙනම් කවුරුහරි කොරියාවට එන්න හිතන් ඉන්නවනම් මුලින්ම කරන්න තියෙන්නෙ විභාගයට සූදානම් වෙන එක.:dull::dull:

    කොරියන් භාෂාව ඉගෙන ගන්න තැන් දැන් ලංකාවෙ ඕන තරම් තියෙනවා.කොරියන් හෝඩිය හරියට අල්ල ගත්ත නම් වැඩේ ගොඩ.ඒක ඒ තරම් අමාරු වැඩක් නෙමේ.පොඩ්ඩක් මහන්සි වුනා නම් දවස් දෙකෙන් වැඩේ කරගන්න පුලුවන් :angry::angry:
    කොරියන් කියවන්න පුලුවන් විභාගෙ එකෙංම ගොඩ දාගන්න පුලුවන් ;)

    ඔය විදිහට පන්ති ගිහිල්ල වැඩේට සෙට් වෙලා ඉන්න කොට රජය විසින් නිවේදනය කරනවා කොරියන් විභාගය සඳහා අයදුම්පත් ලබාගැනීම පිළිබඳව :oo::oo:

    තෝරා ගත් දිනවල තෝරා ගත් ස්තාන වලදී අයදුම්පත් ලබා දීම සිදුවෙනවා.
    වෙන රටකට යනව වගේ නෙමෙයි කොරියාවට් එන්න නම් ලංකාවෙදි කන්න තියෙන්න දැවැන්තම කට්ටක් :confused::confused:
    ඒක පටන් ගන්නෙ ඇප්ලීකේෂන් ගන්න ගිය දවසෙ ඉඳන්.කලින් පාර වල දකින්න ඇතිනෙ එහිදි ඇතිවුනු සිද්දීන් ගැන.ඒත් ඔය තද බදය තියෙන්නෙ මුල් දවස් දෙක විතරලු තුන් වෙනි දවසෙ ගියාම නිකම්ම වැඩේ කර ගන්න පුලුවන්නු :rofl::rofl:
    පලවෙනි දවසෙ කන කට්ටෙනම කොරියාව එපා වෙන්නත් පුලුවන් :dull::dull:
    ඒව ඉතිං අපේ රටේ වැඩවල හැටිය මිසක් කොරියාවෙ වැරැද්දක් නෙමේ :no::no:

    ඇප්ලිකේෂන් ගත්තට පස්සෙ විභාගෙ සෙට් වෙන්න තමා තියෙන්නෙ:P:P
    ආරංචියෙ හැටියට මේ අවුරුද්දෙත් එකක් පැවැත්වීමට නියමිතයි.:yes::yes:

    විභාගෙ දාට තමන් ගැනම විශ්වාසය තියල වැඩේ කර ගොඩ දාගන්න.කෙටි පණිවිඩ වල පිහිට පතන වගේ දේවල් වලට යොමු වෙන්න එපා.දැන් ඒව කරන්න බෑ :no::no:

    හරි ඊටපස්සෙ විභාගෙ ප්‍රතිඵල නෙට් එකට දැම්මම බලා ගන්න පුලුවන්. වැඩේ ළිඳේ නම් ඉතිං කරන්න දෙයක් නෑ.ආයෙ ඊලඟ පාරට සෙට් වෙන්න තමා තියෙන්නෙ:rofl::rofl:

    වැඩේ ගොඩ ගිය අයටත් අමුතුවෙන් කරන්න දෙයක් නෑ.ඒ අයට එතන ඉඳන් තියෙන්නෙ බලං ඉන්න එක.:dull::dull:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔහොම බලං ඉන්න කොට වෛද්‍ය පරීක්ෂණය සඳහා දිනයක් ලබා දෙයි.මෙතනින් පස්සෙ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා.

    මෙඩිකල් එකට දිනය සහ තැන දැනුම් දුන්නාම එතනට යන්නයි තියෙන්නෙ. පෙර වැරදි සහ දරුණු ලෙඩ නැත්නම් මෙඩිකල් එකත් ගොඩ :D:D

    එතිනින් පස්සෙ තමා හොඳම් කට්ට තියෙන්නෙ.කොරියානු රැකියා අපේක්ෂකයින් සදහා නේවාසික පුහුණුව කියන එක තමයි ඊලඟට තියෙන්නෙ :baffled::baffled:

    දවස් 14 ඇතුලට ගියා වගේ තමයි ඒක නම්.හෑන්ඩ්ෆෝන් බෑ,ෆේස්බුක් බෑ,එලකිරි බෑ,සිගරට් අරක්කු බෑ:baffled::baffled:
    ඒ විතරක් නෙමේ උදේ 5 ට නැගිටින්න ඕනෙ ඊට පස්සෙ දුවන්න ඕන.ව්‍යායාම කරන්න ඕනෙ.එතන ඉඳන් ඉගෙන ගන්න ඕනෙ.ආයෙ හවසත් දුවන්න ඕනෙ.වැඩ ගොඩයි:dull::dull:

    කන්න තියෙන්නෙ පෝලිමේ ගිහින් ඒකටත් දෙන්නෙ පොඩි වෙලාවයි :angry::angry:

    අනිත් එක ඒවයෙ සනීපාරක්ෂක පහසුකම් ගැන නම් කතා කරල වැඩක් නෑ :growl::growl:
    සමහර තැන් වල 60 කටම තියෙන්නෙ ටොයිලට් දෙකයි:baffled::baffled:

    රත්මලාන,මොරටුව,බටන්ගල සහ බගවන්තලාව කියන තැන් වල පුහුණු මධ්‍යස්ථාන තියෙනවා.දැනුම් දෙන තැනට යන්නයි තියෙන්නෙ :D:D

    ට්‍රේනින්ග් ඉවර වුනා කියමුකෝ.මෙතන් ඉඳන් නම් හැම දෙයක්ම සිද්ද වෙන්න තම තමන්ගෙ වාසනාව අනුව.ඒව කාටවත් වෙනස් කරන්න බෑ.
    ඒ කියන්නෙ කොරියාවට යන දිනය,එහිදී ලැබෙන් රැකියාව ආදී දේවල් කාටවත් වෙනස් කරන්න බෑ.

    ට්‍රේනින්ග් ඉවර වුනාට පස්සෙ ඕනම් මොහොතක කොරියාවට යන්න සූදානම් වෙල ඉන්න ඕන.ඒ දවස ට්‍රේනින්ග් එකෙන් දවස් ගානකට සති ගානකට මාස ගානකට හෝ අවුරුද්දකටත් වැඩි වෙන්න පුලුවන් :yes::yes:
    ඒකනෙ කිව්වෙ ඒක වාසනාව කියල :rofl::rofl::rofl:

    කොහොමත් ට්‍රේනින්ග් ගිහින් ආවට පස්සෙ ඕන වෙලාවක යන්න සූදානමින් ඉන්න එක හොඳයි.

    ඔන්න ඉතිං බලං ඉඳල ඉඳල් කට්ට කාල කාල කොරියාවට යන්න තියෙන දවස විදේශ සේවා එකෙන් දැනුම් දෙනව :D:D

    රට යන්න කොච්චර ආසාවෙන් හිටියත් ලංකාවෙන් පිට වෙන දවස ලොකු දුකක් :(:(
    බොහෝ විට කොරියාවට යැවීමේදී සමූහ වශයෙන් පිටත් වීම සිදුවෙන හින්දා අපි වගේම කට්ටියක් අපිත් එක්ක එකට ඉන්න හින්ද ඒ පාලුව ටිකක් මකා ගන්න පුලුවන්.

    ඔන්න ඉතිං කොහොම කොහොම හරි ඉන්චොන් වලින් බැස්ස කියමුකෝ :P:P
    නිකන් අමුතු ලෝකයක් වගේ පෙනෙයි.ඒව වැඩිය කියන්න ඕනෙ නෑ ඇවිල්ලම බලන්න :rofl::rofl:

    දන්න හඳුනන කවුරු හරි කොරියාවෙ ඉන්නවනම් ඒ අයට එයාර්පෝට් එකට ආවොත් හම්බ වෙන්න පුලුවන්.එහෙම එන අය ගොඩ දෙනෙක් ඉන්නවා :yes::yes:

    එතනින් පස්සෙ ආයෙත් ගෙනියන්නෙ ට්‍රේනින්ග් :angry::angry: එකකට.
    බය වෙන්න එපා.ඒක අපේ ලංකාවෙ එක තරම් කට්ටක් නෙමෙයි.
    ට්‍රේනින්ග් සෙන්ටර් එකේ හැම දෙයක්ම සුපිරි.අපේ වගේ චාටර් නෑ.:D:D
    ඒත් මෙතනදි පොඩි අවුලක් එන්නෙ කෑම සම්බන්ධව.මොකෝ කලින් කොරියන් කෑම කාල තියෙනව කියලැයි.:rofl::rofl:
    අනිත් එක මෙහෙ කන්නෙ චොප්ස්ටික්ස් වලින්නෙ.ඒ හින්ද කෑම පිළිබඳ පොඩි අවුලක් ඇති වෙන්න පුලුවන්. ඒ හින්ද තම තමන් ආස කරන බිස්කට් ටිකක වගේ ලංකාවෙන් එනකොට මතක ඇතුව අරන එන්න.:yes::yes:

    එතනත් දවස් තුනක් ඉන්න ඕනෙ.ඔන්න ඊලඟට තමයි තීරණාත්මක අවස්තාව උදා වෙන්න.රැකියා සඳහා පිටත් වීම.ට්‍රේනින්ග් සෙන්ටර් එකේ ඉන්න තුන්වෙනි දවසෙදි අදාල සේවා ස්තානයෙන් පැමිණ අදාල පුද්ගලයින් රැගෙන යාම සිදු කරනවා :yes::yes:
    මතක තියා ගන්න මේ වෙලාවට බොහෝ විට එන්න සමාගමේ හිමිකරු හෝ ප්‍රධානියෙක්. ඒ හින්ද ආචාර කරල වැදගත් විදිහට ඒ අයත් එක්ක යන්න.මතක තියා ගන්න ලංකාවෙදි තව කෙනෙකුට ඔලුව පාත් කරන එක මදි කමක් වුනත් මෙහෙ ඔලුව පාත් කරල ආචාර කිරීම ගෞරවයක්.තව කෙනෙක්ගෙ හිත් දිනා ගන්න හොඳම විදිහ ඒක :yes::yes:

    දැන් ඉතිං තියෙන්නෙ ජොබ් එකට යන්න.මෙතන් ඉඳන් නම් එකට ආපු යාලුවො නෑ.සමහරවිට 10ක්12ක් එකට වැටෙන්නත් පුලුවන් දෙතුන් දෙනෙක් වෙන්නත් පුලුවං නැත්නම් තනියම වෙන්නත් පුලුවන්.කොහොම වුනත් හිත හදා ගෙන යන්නයි තියෙන්නෙ.:yes::yes:

    මම කිව්වම හැම දෙයකම් වෙන්නෙ තම තමන්ගෙ වාසනාව අනුව කියල.
    රැකියා ස්තානයට ගියාම එතන ලංකාවෙ අය හෝ වෙන රටක අය සිටියොත් නම් ගොඩ.ලංකාවෙ අය හිටියොත් නම් ගේමක් ඇත්තෙම නෑ.
    ඒක හොඳටම තේරෙන්නෙ දැන් ඉඳන් තමයි.අපිට ලැබෙන රැකියාව මොන වගේද කියන එක තමයි මූලිකම දේ.ලෝකෙ තියෙන අමාරුම භයානකම ගණයේ රැකියා වගේම ඇඟට නොදැනෙන්න මල් කඩන රැකියාත් මෙහෙ තියෙනවා.
    වැටුපත් එහෙමයි.අපි ලංකාවෙදි අත්සන් කරන ගිවිසුමේ තියෙන වැටුප විතරක්ම ගන්න පුලුවන් තැන් වගේම ඒ වගේ දෙතුන් ගුණයක් ගන්න පුලුවන් තැනුත් තියෙනවා.

    නවාතැනුත් එහෙමයි.

    කරන්න දෙයක් නෑ මොන දේ මොන විදිහට හම්බවුනත් හිත හදා ගෙන වැඩේ කරන්නයි තියෙන්නෙ :yes::yes:

    ලංකාවෙන් ඇවිල්ල මහන්සියි කියල නෑ.බොහෝ විට ඊලඟ දවසෙ ඉදන්ම වැඩ පටන් ගන්න වෙනවා :angry::angry:
    වැඩ පටන ගත්තට පස්සෙ ඉතුරු ටික තියෙන්නෙ තමන්ගෙ අතේ.වැඩේ හරියට අල්ල ගන්න එක තමයි මුලින්ම කරන්න තියෙන්නෙ.ලංකාවෙ කවුරුත් නැත්නම භාෂා ප්‍රශ්නයත් බලපානවා.අපිට තේරෙන්න නෑ කියල නෑ කොරියො කතා කරන්නෙ කොරියන් විතරයි.ඉංග්‍රීසි දන්න උනුත් බොහොම අඩුයි:rofl::rofl:

    මුලින් පොඩ්ඩක් මහන්සි වෙල වැඩෙ අල්ල ගන්න.මුලින් හරියට කරල පෙන්නන්න.හොඳට මතක තියාගන්න අපි වැඩේ හරියට කරල පෙන්නුවට පස්සෙ ආයෙ කවුරුත් ඒ ගැන හොයන්නෙ නෑ.පාඩුවෙ වැඩේ කරගෙන ඉන්න පුලුවන්. එහෙම නැතුව මුලින් නා ගත්තොත් නම් යනකම් ගැලවුමක් නෑ පන්න පන්න හොයනවා :angry::angry:

    හරිනෙ ඉතිං වැඩත් පටන් ගත්තනෙ.පරිස්සමෙන් වැඩ කරගෙන යන්න:D:D
    මූලිකම දේ තමන්ගෙ ආරක්ෂාව.ඒක හොඳට හිතේ තියා ගෙන වැඩ කරන්න.

    රැකියා සම්බන්දව නීතිමය පැත්තත් පොඩ්ඩක් කියන්නම්.මේ ලඟක් වෙනකම්ම මෙහෙ නීති තිබ්බෙ අපිට වාසි වෙන විදිහට.ඒත් දැන් නම් ඒව් ටිකක් වෙනස්.

    අපි පැමිණි රැකියා ස්ථානයෙන් තව තැනකට යනව නම් මූලිකවම රැකියා ස්ථානයේ අනුමැතිය ලැබිය යුතුමයි.
    එහෙම නැතිනම් නියමිත ගිවිසුම් කාලය අවසන් වන තුරු සිටිය යුතුය.ඉස්සර නම් අවුරුද්දක් කාලයක් තමයි ගිවිසුම තිබුනෙ. ඒත් දැන් සමහර ආයතනවල ඒක අවුරුදු තුනක්.

    මම නම් කියන්න ආපු තැන අවුරුද්දක් වත් ඉන්න.මොකද අපි කොරියාවට එන්නෙ එන ආයතනය හින්ද.ඔවුන් ඒ සඳහා යම් කැපකිරීමක් කරනවා.ඒ හින්ද ලද දෙයින් සතුටු වෙලා එතන අවුරුද්දක් වත් සේවය කරන්න.:D:D:D
    දැන් අලුතෙන් එන ගොඩක් දෙනා ආපු ගමන්ම හදන්නෙ කම්පැණි එක මාරු කරන්න :no::no:

    අපේ ජනාධිපතිතුමාගෙ කොරියානු සංචාරය අතරතුරදි කොරියානු ජනාධිපතිතුමා විසින් ශ්‍රීලාංකික සේවකයින් අගය කිරීමත් ඉදිරියේදි ලංකාවට තව රැකියා ලබා දීමටත් ඉකඟ වුණා.

    මම කියන්නෙ මේකයි.ලංකාවෙදි තමන්ගෙ අනාගතය ස්ථාවර කර ගන්න බැරිනම්.පොඩ්ඩක් මහන්සි වෙලා අනාගතය හදා ගන්න කැමැති නම් කොරියාවට එන්න :):):)
    ඇවිත් වැඩ කරලා සල්ලි හම්බ කරලා අපේ රටේ නමත් කැත නොකර ලංකාවට යන්න.


    මෙච්චර වෙල කියපුව ගෑණු පිරිමි දෙපාර්ශවයටම පොදුයි.මෙන්නෙ මේ ටික කොල්ලන්ට විශේෂයෙන් මම කියන්නෙ :P:P
    කොරියාව කියන්නෙ පිස්සු ලෝකයක් පොඩ්ඩක් කට්ට කෑවට ඒ වගේමයි සැපත්:P:P
    මෙහෙ ඇවිත් හම්බ කරන සල්ලි වලින් පිස්සු නටල ඔක්කොම විනාස කර ගන්න එපා :no::no:
    අපේ අපි අපිටම කර ගන්න විනාසයක්.
    එහෙමයි කියල ගන්න හැම සතයක්ම ඉතුරු කරන්න ඕන කියල මෙලෝ රහක් නැතුව ඉන්නත් එපා.:dull::dull:
    ඒකත් අපි අපේ ජීවිතයට කර ගන්න අපරාදයක්.මේ කාලෙ ආයෙ එන්නෙ නෑනෙ:no::no:
    ඔය දෙවිදිහෙම අය මෙහෙ ඉන්න හින්දයි එහෙම කිව්වෙ :angry::angry:

    තමන් තීරණය කරල ඔය දෙකම ගානට කර ගන්න ;)

    අවසාන වශයෙන් කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි.කොරියාවට මොන කට්ට කාල ආවත් මෙහෙදි මොන කට්ට කෑවත් එන අයගෙන් 90%ක්ම ආපහු මෙහෙන් යන්නෙ කොරියාව දාල යන්න බැරි දුකෙන් :rofl::rofl:

    වීස කාලය ඉවර වුනාම ත් මෙහේ නතර වෙන අයත් බොහෝයි.අනුන්ගෙ රටක අනවසරයෙන් රැඳී සිටීම අනුමත කරන්න බැරි වුනත් ආයෙ ලිඳේ වැටෙන්න කවුද කැමති :rofl::rofl:

    එහෙනම් ඇතිනෙ තව දැන ගන්න මොනව හරි තියෙනව් නම් අහන්න කියන්නම් ;)
    එහෙනම් අපි නැවතුණා.හැමෝටම ජයවේවා!!!:):):):)
     
    • Like
    Reactions: raakrana

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela machan,meka godak ayata wadagath wewi,magenam rata yanna adahasak naha.mage thaththa 6yr duk widala hambakala japan wala idala,eth thaththa adatath hoda kiyanne japane gana.rep++
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    අයියා ගොඩාක් වටින පොස්ට් එකක්.මට ඔයාගේ Skype Id එක PM කරනවද?
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    mata nam mara watina post ekak machan. mokada mama me sare exam liyanna enne. :P dan class yanawa.
     

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    මේ දවස්වල ගොඩ දෙනෙක් විදේශ රැකියා සම්බන්ධයෙන් විමසලා තියෙන බවක් දුටුව නිසාත්,දකුණු කොරියා රැකියා සම්බන්ධයෙන් එලකිරිය තුල ත්‍රෙඩ් එකක් නොදුටුව නිසාත්,විදේශ රැකියා සම්බන්ධව සම්පූර්ණ තොරතුරු මට ලබාදිය හැකි එකම රට දකුණු කොරියාව වීම නිසාත්, ඒ සම්බධව එලකිරිය තුලින් දැනුවත් කිරීම යුතුකමක් ලෙස හිතුණු නිසාත් ඔන්න මම තීරණය කරා දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මම දන්නා සියලුම තොරතුරු ඇතුලත් කරල මේ විදිහට ත්‍රෙඩ් එකක් දාන්න :yes::yes::yes::yes:


    yaluwa, oyage okkoma hondai but sinhala language eaka hasurawana vidihanam harima nondi. eathhama kiyanawanam oya sihala dannema ne. atheetha, warthamana, anagatha kaala gena oya igenagena nedda?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තැන්ක්ස් මචන් මම තේරේඩ් එකක් දාන්න හිටියේ මේ ගැන දැන ගන්න ක්ලාස් යන්න හොද තැනක් කියපන්කෝ පුලුවන් නම් මට .
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    grt thread

    ---------------------------
    Message from webpage
    ---------------------------
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
    ---------------------------
    OK
    ---------------------------
     
    • Like
    Reactions: cspmaxx