මචන් මටනම් එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි.. මේ පුද්ගලයට තාර්කික ශක්තියක් තියෙනවා.රහත් වෙලා කියලා තියා මොන මගුලක් හිතන් හිටියත් කමක් නෑ රට වටේ කියෝලා බුදුදහමට හානි කරන්නේ නැතුව තමන්ට "අනුව හොද වැඩ" කරන් යහපත් ජිවිතයක් ගතකරන් හිටියනම්, හැබැයි වෙන්නේ ඒක නෙමේ වගේ. ගිහිගෙයි ඉදන් රහත්වෙලා "ගිහිගෙයි ඉන්නවා" කියනවනම් ඒවගේ බොරුකාරයෙක් තවත් නෑ.
මචන්ලා අපේ කැම්පස්වල ලෙචාලගෙන් 80%ක්ම යම් පැත්තකින් මානසික ලෙඩ්ඩු.බහුතර ලෙචාලා කියන්නේ යම් මතයක ගංජා ගහන්න පුරුදු උනාවගේ ඒකෙම එල්ලිලා ඉන්න පිරිසක්. සමහරුන්ගේ සමාජ ජිවිතය අව්ල, සමහරුන්ගේ ලිංගික ජිවිතය අව්ල, ඒහෙමයි කියලා අනිත් හැමදේම ඒ මිම්මෙන් මනිනත් බෑ. උන්ගේ පිස්සුව ස්වායක්ත යම් අංශ වලින් උන් වැදගත් චරිත. මම මෙතුමව දැක්ක පලවෙනි දවසෙම දැක්කා හරි හෝ වැරදි තමන්ගේම යම් මතයක් තියෙන පුද්ගලයෙක් කියලා. ඒත් මචන් මටනම් තේරෙන විදිහට මෑන්ට කොතනින් හරි පොඩ්ඩක් ලූස්. ප්‍රතිකාරයක් කලානම් සමාජයට වැදගත් චරිතයක් වෙයි..මට මෙහෙම චරිත අම්බානක හම්බවෙලා තියෙනවා(මම කියන්නේ නෑ මට පිස්සු නෑ මූට පිස්සු කියලා, මචන් අපි හැමෝම මානසික වශයෙන් කොයි පැත්තකින් හරි ලෙඩ්ඩු.. ඒකේ මට්ටම තමා වැදගත්,, සමහර උන්ට අපිට වඩා ටිකක් වැඩි උනාම අපි කියනවා ඌට ලූස් ඔලුව අව්ල කියලා). උන් හැමවෙලේම හිතන්නේ උන්, උන්ගේ ක්‍රමය හරි කියලා..උන්ට තේරුම් කරලා දීලා දිනන්න බෑ. යම් විදිහක ප්‍රතිකාරයක්/වෙනසක් කලොත් මෙතුමා හොද "නිවැරදි" දැක්මක් ඇති චරිතයක් වෙයි
PS -මහත්තයෝ, මේ කියපු දෙයින් ඔබතුමත් කියවලා හිතරිදුනනම් සමාවෙන්න. මම කවදාවත් සිංහල කොල්ලෙක්ගේ හිත රිදවන්න කැමති නෑ. ඔබතුමාගේ පුද්ගලික මතය අපිට/මට ගැටලුවක් නෑ. ඒත් ඒක සමාජයට කාන්දු කරන/වෙන බව පේනවා. එතකොට ඒක අපෙත් ප්‍රශ්නයක් වෙනවා. මේ විදිහට එක එකා ශෝට් ඇන්ඩ් ස්වීට් විදිහට බුදු වෙන්නයි රහත් වෙන්නයි ගත්තොත් බුදුදහමත් විකාර මනස්කල්පිත මැජික් කාර දෙවියෙක් අදහන බොලද ආගම් තත්වෙට වැටිලා වගේ අනිත් උන්ට පේන්න පුලුවන්... ඔබතුමා ඔබතුමාගේ මතයක් ගොඩනැගිම ඔබතුමා සදහා පමනක් කරගෙන ඒ ඔස්සේ යහපත් සුදු චරිතයක් වෙන්න. එතකොට ඒක කාට නැතත් ඔබතුමාට පිහිටයි....... තෙරුවන් සරණයි!!
මෙන්න මේ කතාවනම් ඇත්ත