මගේ පලවෙනි ත්‍රෙඩ් එක...

  • Apr 27, 2012
    195
    21
    18
    මගේ පලවෙනි ත්‍රෙඩ් එක...

    ඉස්සෙල්ලම මට මේක Trips & Tricks එකේ දාන්න කියපු sirajstc සහෝදරයට ස්තුතිකරන්න කැමතියි...මං මේ ත්‍රෙඩ් එකම කලිනුත් open forum එකේ දැම්මා..මේකෙත් දාන්නේ ත්‍රෙඩ් එක මේ forum එකේ තිබ්බම වටින නිසා... :yes:

    ජීවිතේ පලවෙනි වතාවට තමයි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ලියන්නේ....මං හිතුව අද ඔයාලට කියල දෙන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ලේසි විදියක්...සමහර වෙලාවට මං කියන දේම වෙන කවුරුහරි කියලත් ඇති...ඕගොල්ලෝ ඔක්කොම මේක ගැන දන්නවත් ඇති...හරි වැල් වටාරම් ඇති..

    අපි කතාවට බහිමු...

    දැන් අපි හැමෝම ටොරන්ට් ක්ලයන්ට් එකකින් (bittorrent වගේ) මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින්නේ මාර දුකක් කියල ආයේ කියන්න ඕනේ නෑනේ...ඒත් මෙන්න මේ සයිට් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ලේසියෙන්ම ටොරන්ට් බාන්න පුළුවන්... :D

    zbigz.jpg


    http://www.zbigz.com/

    මං දාපු attachment එකේ රවුම් කරලා තියෙන download torrent කියන එක right click කරලා copy link address(බ්‍රව්සරය අනුව තියෙන වාක්‍යය වෙනස් වෙන්න පුළුවන්) හරි ඒ අදහසම එන එක ක්ලික් කරන්න.(මෙතන මං උදාහරණයට අරන් තියෙන්නේ kat.ph සයිට් එක).ඊට පස්සේ මං අර කලින් කියපු සයිට් එකේ link එක paste කරන්න තියෙන තැන paste කරන්න.ඊට පස්සේ Go Free කියන එක ක්ලික් කරන්න..Go Premium එක පාවිච්චි කරන්න නම් අපිට මේ සයිට් එකේ account එකක් ඕනේ වෙනවා...
    ඊට පස්සේ බොහොම සුළු වෙලාවකින් ඔය දුන්නු ෆයිල් එක ඒ සයිට් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් වෙනවා...ඊට පස්සේ ඔයාට ඒ සයිට් ඒකෙන් ෆයිල් එක direct download කරන්න පුළුවන්...Go Free වලින් නිසා ස්පීඩ් එකනම් තියෙන්නේ 50-150KBps අතර තමා...ඒත් හිමිට ටොරන්ට් ක්ලයන්ට් එකකින් බානවට වඩා එක හොදයිනේ...

    තව දෙයක් කියන්න තියෙනවා... ටොරන්ට් එකක් තෝරගනිද්දී seeders වැඩියෙන් ඉන්න එකක් තෝරගන්න..මොකද නැත්තම් ෆයිල් එක zbigz සයිට් එකට ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යන්න පුළුවන්...ඒ වගේම ඕගොල්ලෝ IDM(Internet Download Manager)පාවිච්චි කරනවානම් තවත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි වෙයි... :D

    හරි එහෙනම් මගේ පලවෙනි ත්‍රෙඩ් එක ඉවර කළා...සමහරවිට මේකේ ගොඩක් වැරදි ඇති...වැරද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මං කරුණාවෙන් ඉල්ලනවා..repost නම් සමාවෙන්න...
    :)
     

    Attachments

    • torrent.jpg
      torrent.jpg
      51.4 KB · Views: 55
  • Apr 27, 2012
    195
    21
    18
    Bit torrent ekath hodai nada bn

    මේකයි බන්... BitTorrent,µTorrent කියන්නේ Torrent Client සොෆ්ට්වෙයාර්ස් නෙ.ඒකියන්නේ අපි ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ ඒවා හරහානේ...ඒ client softwares නැතුව direct download කලොත් ස්පීඩ්... :yes: