අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!

    අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!


    I dont know y? මෙහෙම වෙන්නේ ඇයි? man Vs women පලවෙනි කොටස
    අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලින් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකිවහෙන් ඔරෝ භාෂාව ගැන..

    කතාව:
    (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)​

    බි : මේ...ඔයාට නවත්තලා කෝපි කෝප්පයක් බොන්න කැමතිද?වක් කරන් ආපු කෝපි තියනවා..
    සැ: එපා අනේ....දැන් බොන්න බෑ...

    බි : (කිසිවක් කතා නොකර මූන එල්ල ගෙන ගමන් කරයි..ටික වෙලාවකින් සැමියාට වෙනස තේරෙයි..)

    සැ
    : ඇයි කතා කරන්නේ නැත්තේ? මොකෝ අවුල?
    බි : න්න්න්න්න්නෑ....මුකූත් නෑ( මුකුත් නැත්තේ නෑ කියලා අරන ගැහැනු කියන විදියට පවසයි)

    සැ: දැන් මං මොකක්ද කරපු වරද ඔයාට පුම්ඹගෙන යන්න තරම්?
    බි
    : ඔයාට පොඩ්ඩක් වාහනේ නවත්තන්න බැරි උනා නේද?

    සැ: ඔයා මොන වෙලාවෙද වාහනේ නවත්තන්න කිව්වේ...ඔයා මගෙන්නේ ඇහුවේ බොන්න ඕනද කියලා?
    බි: ඉතින් කියන්න ඕන යැ..දැනගන්න එපැයි...

    සැ
    : ඔයා හිතුවද මට හිත් කියවන්න පුලුවන් කියලා??????කියන දෙයක් කෙලින් කිව්වනම් ඉවරයිනේ!

    (ගෝරිය පටන් ගනී........)

    මෙතනදි මොකද වෙලා තියෙන්නේ?


    ඇත්තටම මෙතනදී වෙලා තියෙන්නේ අර බිරිදට කෝපි බොන්න ඕන වෙච්ච එක...නමුත් එය ඇය ඉදිරිපත් කලේ වෙන විදිහකට...නමුත් ඇය බලාපොර්තු උනා සැමියා ඒක තේරුම් ගනීවි කියලා...හරියට අර හාමුදුරුවෝ දානෙකට වැඩියම 'අරහෙටත් බෙදන්න' කියලා කියනවා වගේ...

    අපි බලමු දැන් වහෙන් ඔරෝ සිට කෙලින්ම එකම අදහස පවසන්න පුලුවන් විදි කිහිපයක් ගැන..



    1. මට උදේට බිත්තරයක් ඕන..ගිහින් මට බිත්තරයක් දාන්න..
    2. ඔයාට මට බිත්තරයක් හදන් එන්න පුලුවන්ද?
    3. මට බිත්තරයක් හදන්න පුලුවන්ද?ප්ලී..ස්
    4. ඔයාට හිතෙනවද උදේ කෑමට අපි බිත්තරයක් කෑවොත් හොඳයි කියලා?
    5. උදේට බිත්තරයක් තිබ්බොත් මරු ආ..
    6. ඔයාට ආස නැද්ද බිත්තරයක් කන්න උදේට?
    සාමාන්‍යයෙන් පිරිමියෙක් පාවිච්චි කරන්නේ ඔය උඩ තියන වාක්‍ය තුන.. ගැහැනියක් නම් ගොඩක් වෙලාවට අන්තිම වාක්‍ය දෙක හෝ තුන..

    මේක තමයි ස්ත්‍රී මොලය සැකසිලා තියන විදිහ..

    බැඳපු උදවිය විතරක් නෙවෙයි ඔය ආලෙන් වෙලිලා එතිලා ඉන්න උදවියත් ඔය වහෙන් ඔරෝ කේස් එක නිසා අනන්තවත් මරා ගන්න බව නම් මං හොඳට දන්නවා...

    ඉතින් මීට පස්සේ තමන්ගේ ප්‍රියම්බිකාව මේවගේ වහෙන් ඔරෝ දෙයක් කිව්වගමන් ඉහත තියන කෙලින්-වක්‍ර කතාදූරාවලියට දාලා ඒකෙ තියන පිලිවලට උඩට හිතලා ඇය කියන්න යන දේ තේරුම් ගන්න... :)

    ඒත් අපි ගැහැනු කෙනෙක් ගෙන් ඇහුවා කියමුකෝ ඔය දූරාවලියේ පහලම ප්‍රශ්නේ!

    "ඔයාට ආස නැද්ද බිත්තරයක් කන්න උදේට?"
    එවිට ඇගේ පිලිතුර බොහෝ වෙලාවට "මං බිත්තරයක් හදන්නද එහෙනම් ටක් ගාලා"වගේ එකක්. ඇය තේරුම් ගන්නවා...පිරිමි අපිට විතරයි බැරි..

    I dont know y?? මෙහෙම වෙන්නේ ඇයි?


    I dnt knw y?මෙහෙම වෙන්නෙ ඇයි? man Vs women

    සැමියාගේ කබාය මත ඇති දිග හිසකෙසක් අඩි ගානක් ඈතින් පේන බිරිඳම වාහනය ඕන පොටට්යෙකුට පේන පත කනුවක හප්පා ගැනීම!!


    කතාව I : ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...

    හැබැයි ඔය ගැහැනු කෙනාම මහත්තයා ගෙදර ගිහින් ආවම සර්ට් එකේ ඇමිනිලා තියන දිග කෙස් ගහක් අඩි 10ක් 12ක් දුර තියා උනත් ලේසියෙන් දකිනවා...කාගෙද මේක???කොහෙන්ද මේක???හොමද ඔයාගේ සර්ට් එකේ ඇමිනුනේ??..........................


    කතාව II
    : (පවුලක දෙබසක්...)

    අම්මා/බිරිඳ : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

    පුතා/සැමියා: කෝ නෑ නේ??

    අම්මා/බිරිඳ : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
    පුතා/සැමියා
    :මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

    (ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

    අම්මා/බිරිඳ : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
    සැමියා/පුතා : +*&#%$@*^%@*

    ඇත්තටම මොකද මෙතනදි උනේ...?




    අපි දැන් විද්‍යාත්මකව පොඩ්ඩක් මේ ගැන බලමු...


    අපේ පරිණාමය එක්ක මුසු වෙච්ච ක්‍රියා කරකම් නිසා අපේ බොහෝ ඉන්ද්‍රීයන් ඒ අනුව හැඩ ගැහුනා..අතීතයේ පිරිමියා සතු කාර්‍යභාරය උනේ දඩයම් කිරීම..ගැහැනියක් නම් තම ගුහාවට වී තම ළමයින් රැක බලා ගැනීම..දඩයම් කිරීමට යන පිරිමියාට බොහෝවෙලා දුර බලා සිටීමට සිදු උනා..ඒ නිසා ඒ සඳහා ඕන කරන විදියට ඔහුගේ ඇස් හැඩ ගැහුනා..අදටත් පිරිමියාගේ දෘෂ්ථි පරාසය බොහෝ විට උමගක් ලෙස ඈතට දකින ස්වභාවයක් තියනවා..

    ගැහැනිය ගුහාව තුල සිටින විට අනතුරු උපද්‍රව හා අන්තරුදායක සතුන් ගුහාව තුලට ඇතුල්විය හැකි නිසා ඇයට නිරන්තරයෙන්ම ලඟ නමුත් පුලුල් පරාසයක් තුල දේවල් බලන්නට සිදු උනා...මේ නිසා අදටත් පිරිමියෙක්ට සාපේක්ෂව ලඟ තිබෙන පුලුල් පරාසයක දේවල් ගැහැනියකට පේනවා..පිරිමියෙක්ට ඔලුව හරවලා බලන්න ඕන දේවල් ගැහැනියකට සමහර අවස්‍ථාවල ඔලුව හරවන්නේ නැතුවම බලන්න පුලුවන්...

    මේක තමයි ගැහැනියකට ලඟ ඇති දේ හොදින් පෙනීම ගැන පැහැදිලි කිරීම..


    කාලය අවකාශය හා දුර ( බිත්තියක් හා වාහනය අතර දුර) තීරණය කරන්නේ මොළයේ දකුනු අර්ධය මගින්..මේක සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුගේ පරිණාමිකව දියුනුයි..ඒ කියන්නේ ගැහැනියකගේ මේ කොටස එතරම් දියුනු නෑ! මේකත් දඩයම හා සම්බන්ධයි..ගොදුර සිටින්නේ කොච්චර දුරකින්ද,ඌ දුවන්නේ කොච්චර වේගෙකින්ද,මොනා ආයුධය කොයිවගේ කෝනයකින් විසි කරන්න ඕනද ආදී ප්‍රයෝගික ප්‍රශ්න වලට උත්තර හොයලා දියුණූ කරගත්තු දෙයක්..
    මේ හේතූන් නිසා තමයි වාහන එහෙම රිවර්ස් කරන්න යද්දි ගැහැනු වැඩිපුර ඇන ගන්නේ!
    Email එකකින් අවේ
    රේප්+++
    දෙන්න :yes:
    :love::love::love::love::love::love::love::love::l ove:
    කලින් ත්‍රඩ් එක්ක

    http://www.elakiri.com/forum/showthread.php?t=1424912
    http://www.elakiri.com/forum/showthread.php?t=1427224
    http://www.elakiri.com/forum/showthread.php?t=1423453
    http://www.elakiri.com/forum/showthread.php?t=1427238
    Sri-Lanka-240-animated-flag-gifs.gif

     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    නියම ත්රෙඩ් එකක් මචං
    දිගටම කරගෙන යන්න සුභපැතුම්
    6+

    බලන්නකො ඒකෙත් හැටි +


    (Allan+Barbara Pease කෘතිය අනුසාරයෙන් සකසන ලදී)
    ඇලන් බාබරා කෘතියේ සිංහල පරිවතනය 'පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි '
    යන නමින් ආරියරත්න චන්ද්‍රවංශ මහතා :)
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කොල්ල හරියට ආදරය කරනවා නම් දන ගන්න ඕනි පෙම්වතියව හෝ බිරිදව තේරුම් ගන්න ...