•║•පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස•║• (ක

Pradeep27

Active member
  • Oct 14, 2010
    395
    71
    28
    •║•පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස•║• (ක

    කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි.


    t9fu6o.jpg


    "උඹ කෑල්ලක් දාගෙන ද ඉන්නෙ?" , "උඹට කෑල්ලක් ඉන්නවද?"

    සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනවා. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් අරන් බැලුවත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනස්කම් තියෙනවා. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.


    පට්ට කෑල්ලක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල. පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි (Updated). ඇය වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඇයට තියෙනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවකට හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.


    සරල කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත පිරිමි විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීලා බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බීලා දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, රෙදි හෝදන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්. කෑල්ලක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. කෑල්ලත් එක්ක තරහා උනාම ඒකිව බැනලා එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් ළඟ ඉද්දි අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා, සරල කෙල්ලෙක් එක්ක ඉද්දි අපිට ඒ කෙල්ල එක්ක හුරතල් වෙන්න හිතෙනවා. කෑල්ලකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුභ පැතුම්, සරළ කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි...
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Machanla.. patta kellak dagena ekiwa sarala kellek karaganin... nethuwa sarala kellek dagena ekiwa kawadawath patta kellak karanna epa.. Ehema unoth Ubala amaruwe..

    Ehema unoth Ekiwa illana dewal denna giyoth ubala Loweth Nee.. lovi gaheth ne... Gaha weth Ne... Weta waththei Nee... Sirimala Malama thama...:(:(
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    බුම්ප්.....සිරා පෝස්ට් එක

    "කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුභ පැතුම්, සරළ කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි..."