midi controller එකේ ගොඩක් වෙලාවට ඒකටම කියලා සවුන්ඩ්ස් නෑ... එයා කරන්නේ සිග්නල් එකක් කම්පියුටර් එකට දීලා ශබ්දය උපදවන එක... ඔය විදියට යවන සිග්නල් වලට කියන්නේ MIDI DATA කියලා... MIDI වලින් පුළුවන් වෙන සංගීත භාණ්ඩයක් එක්ක සංගීත දත්ත හුවමාරැ කරගන්න.
midi controller එකේ සවුන්ඩ්ස් එන්නේ නැත්නම් ඒක තනියම පාවිච්චි කරන්න බෑ... වෙන සවුන්ඩ් මොඩියුල් එකකට හරි කම්පියුටර් එකකට හරි සම්බන්ධ කරන්න වෙනවා සද්දේ හදා ගන්න. කම්පියුටර් එකත් එක්ක ඩිජිටල් මියුසික් කරනවා නම් midi controller එකක් හොඳටම ඇති. හැබැයි හොඳ මියුසික් සොෆ්ට්වෙයාර් එකක් (DAW) පාවිච්චි කරන්න වෙනවා...
workstion එකක් කියන්නේ midi controller + කම්පියුටර්... ඒ කියන්නේ workstion එකකට පුළුවන් වෙන කිසිම දෙයක උදව්වක් නැතුව මුළු ට්රැක් එකක්ම තනියම හදාගන්න... ඩ්රම්ස්, ගිටාර් ඇතුළු හැම instrument එකක්ම ප්ලේ කරන්නත්, රෙකෝඩ් කරන්නත්, මික්ස් කරන්නත් පුළුවන්... workstion එකක එක එක සවුන්ඩ්ස් 1000 ක් විතර තියෙන ඒවත් තියෙනවා... උදා : Roland Fantom සීරීස් එක... ලයිව් Performance වලටත්, රෙකෝඩින් වලටත් දෙකටම workstion එකක් හොඳයි... හැබැයි ගණන් සැරයි... ලක්ෂ 2 පනිනවා...
ලාවට වගේ Live ප්ලේ කරන්නත් තියෙනවා නම්, කම්පියුටරේ එක්ක ඩිජිටල් මියුසික් කරන්නත් අදහසක් තියෙනවා නම්, හොඳම දේ තමයි හොඳ කීබෝඩ් එකක් ගන්න එක... ඒවායේ හැබැයි workstion තරම්ම Features නෑ...
ඔයාට මියුසික් මේකින් සොෆ්ට්වෙයාර් එකක් ගැනත්, මියුසික් ගැනත් දැනුමත් තියෙනවා නම්, ට්රැක් එකක් කරන්න midi controller එකක් නැතත් පුළුවන්... හැබැයි midi controller එකක් තියෙනවා නම් වැඩේ ලේසියි... ඉක්මන්.!!! හොඳ ට්රැක් එකක් කරන්න midi controller එකක් හොඳටම ඇති... හැබැයි වැදගත් වෙන්නේ පාවිච්චි කරන භාණ්ඩවත්, පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකවත් නෙවේ.... නිර්මාණශීලීත්වය !!!
ජයවේවා සහෝ !!!