මීයා-Meeya

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීයා...

    මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම. එයින් සමහරක්ය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේ වේ. එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩය. මීයාට ලග්නයක් ඇත උන්ගේ ලග්නය මීනය. මීයන්ට සෑදෙන වන මීවන වන අතර මීයන්ගේ සම මීසම වේ. මීයෝ නාන්නේ බක්මීවැවේය


    මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය ඒ සඳහා යොදාගන්නා කතුරු මී
    කතුරු ලෙස හඳුන්වනු ලැබේ. මීයාගේ හොටු වලින් මී ඉටිද, පැණි හලන මීයන්ගේ පැණි වලින් මී පැණිද, කිරි වලින් මී කිරිද නිෂ්පාදනය කරණු ලැබේ. කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි එයට මීදුම යයි කියනු ලැබේ. මීයා අරක්කු නිෂ්පාදනයට සමත්ය. ඒවා මීවිත, මීරා වැනි නම් වලින් හැඳින්වේ.

    සමහර මීයන් බොහෝ හික්මුනු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික්මීයන් ලෙස හඳුන්වනු ලැබේ. සමහර මීයෝ අනුන්ට කරදරකාරී ලෙස ජීවත්වේ ඔවුන් මීවද ලෙස හැඳින්වේ. එළවළු වවන මීයන් බටු මීයන් ලෙසද, කොස්ගස් හන්දියේ මීයන් කොස් ඇට මීයන් ලෙසද, සත්ව පාලනයේ යෙදෙන මීයෝ ඌරූ මීයෝ ලෙසද, හඳුන්වනු ලැබේ. මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක්ද ඇත ඒ මී මැස්සෝය. මීයාගේ ලොකුම විශේෂය මී හරක්ය. මීයාගේ යාළු සතා මීමින්නා ය.

    බොහෝ මීයෝ උන කාරයෝය උන්ට මී උන ඇතැයි සමහරු කියති. මීයාගේ ගෑණු සතා මීනාය. මීයාගේ සීයා මී මුත්තාය, ආච්චි මී ආච්චිය, මාමා මීමාය, මීයෝ පාටී දාන්න එක් රැස් වෙන්න කැමතිය. ඒවට කියන්නේ මීටින් කියාය. මීයන්ගේ බර මනින්නේ මීටර් වලින්ය. මීයන් විසින් සොයාගත් වායුවක් ඇත. එහි විද්‍යාත්මක නාමය මීතේන්ය. මීයාගෙන් රෝගද බෝවේ. මීමැස්මොරය ඉන් ප්‍රධානය. මීයා අකමැතිම ආහාරය මී පාසානම්ය.

    මී බබාලා උන්ගේ අම්මලා ට ආදරේට කියන්නේ අම්මී හෝ මමී කියලා ය. මීයා කාගේ හරි පස්සෙන් යනවිට ෆලෝමී කියාද, කාගෙන් හෝ අවසර ගන්නාවිට එක්ස්ක්‍යුස්මී කියාද, කතා කරන විට ටෙල්මී කියාද කියන අතර, මීයාට කේන්ති ගිය විට කිල්මී කියයි. මීයාගේ කැමතිම ගීතය මී පිරුණු සුවද මල් වනේය. මීයාගේ ප්‍රියතම ආහාරය කොත්තු මී වේ. එමෙන්ම මීයා අතුරු පස ලෙස මී අඹ කෑමට කැමතිය.

    මීයාට අපි ආදරේ කරමු... !! lolz :P:rofl::rofl:.


    From-Facebook

    Sorry If repost
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7.gif