උබ තාම අපිට පොරක්....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබ තාම අපිට පොරක්....

    උබ තාම අපිට පොරක්....


    මහ අනෝරා වැස්සක්. මහ පොලව හෝදගෙන ගලද්දි, අපේ එවුන් මහ වැස්සට ශාප කර කර හැංගෙද්දි උබ වටේ හිටියා මහ වැස්සට විරුද්ධ වෙන්න මිනිස්සු ටිකක්. ඒ වගේම ඒ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න හිතක්. අපිට කරන්න දෙයක් නැහැ. අපි කලේ උබ වටේ ඉන්න එවුන්ට සහ උබට හයියක් වෙන්න උබල වෙනුවෙන්, උබලගෙ කැඩුනු හිත් වෙනුවෙන් පුද පූජා කරන්න. දැන් උබ හිතනව ඇති අපි පැත්තකට වෙලා උබව බිල්ලට දුන්න කියල. නැහැ, අපි ‍එහෙම කලෙත් නැහැ, එහෙම කරන්නෙත් නැහැ, කොටින්ම කිව්වොත් අපිට එහෙම කරන්න බැහැ. මොකද අපේ හිත් අපේ එවුන්ට ලැදි නිසා. අපේ හුස්ම පවා උබ වෙනුවෙන් ඉපදිච්ච කදුලු එක්ක සැලෙන්නෙ.


    ඒ කිව්ව අනෝරා වැස්ස, මහපොලවෙ දුඹුරුපාට පස් හෝදගෙන මහ විශාලෙට පහලට ගලන්න ගත්ත. ඒ මහ ජල කදට අපේ එකා දෙන්න බිලි වුනා. ජල පහර දරුණු වෙන්න දරුණු වෙන්න දස දහස් ගණන් බිලි වුනා. අපි දන්නේ හැමෝම කියන ටික විතරයි. ඒත් උබයි උබට උඩින් හිටපු එකාලයි දන්නව ඇත්ත මොකක්ද කියල. උබල ඒ සැඩ පහරට අහුවුනා. ඒත් ඒ රැල්ල දිගේ පහලට ගහගෙන නොගි උබ, එහෙම පහලට යන්න ගිය එවුන්වත් ඇදගෙන උඩටම පීනන්න ගත්ත. එහෙම පීනනව බලං ඉන්න බැරි එවුනුත් හිටිය. ඒ අපේ ම එවුන් නෙවේ කියල දන්න උබ, ඒ වගේම උඩින් ඉන්න එවුන් උබට හයියක් වුනා. ඒ නිසාම පිට ඉදන් අපිව පහලට දාන්න හූ කියපු එවුන් සද්ද වහ ගත්ත. වෙලාවකට උබත් පහලට ගහගෙන යන්න යනකොට උබ එල්ලුනා පැත්තක තිබ්බ පුංචි පැලෑටියක. උබට ගොඩක් අමාරු වුනා. ඒ සැඩපහරෙන් බේරෙන්න උබේ ඇගේ එල්ලිලා ජීවිතේට ආදරෙන්, අපිට ආදරෙන් හිටපු කිහිප දෙනෙක් අපිට නැති වුනා. මම සහ අපි දන්නවා උබට තාම උන් බේරගන්න බැරි වුන එකට දුකයි කියල.


    එච්චර අමාරුවෙන් උබ පුංචි පැලෑටියක එල්ලිලා, සැඩ පහරෙන් බේරෙන්න හදනකොට පිට එවුන් වගේම අපේම එවුනුත් උබට සැඩ පහරට අහුවෙන්න උබේ කිහිල්ලට කිචි කැව්වා. අපි විතරක් නෙවේ උන්, එහෙම කරපු විදිහ මුලු විශ්වයම දැක්ක. ඒත් උබට ඒක සුළු දෙයක්. උබ ඔයිට වඩා ඒවට මුහුන දිල තියෙන නිසා උබට නයි කූබි සහ දිමි ගොටු පොඩි දේවල්. හරියටම කිව්වොත් උබේ ඇගේ තියෙන්නෙ යකඩ කෑලි. ඒව ඇගේ තියාගෙන උබ නොසෙල්වී සැඩ පහරේ උඩටම පීනුව. තනියම නෙවේ, උබ වටේ හිටපු දස දහසක් ඇදගෙන, ඒ වගේම අපිව ඇදගෙන. තවත් එකාල උබට හිනාවෙද්දි, උබට පොලු වලින් ගහද්දි, උන්වත් උබ බේරගත්තා.


    උබ සැඩපහරින් ගොඩට ආව. ඒ මුලින්ම නෙවේ. උබට පිටිපස්සෙන් උබත් එක්ක හිටුපු එකාලව ගොඩින් තිබ්බට පස්සේ. මහපොලවට වතුර කලවං වුණාම එන පාට උබ, අපි හැමෝම දන්නව. ඒ උබ අපි, මේ මහපොලවෙ ඉන්න එවුන් නිසා. රගර් ගහන ලොකු මිනිස්සු වුනත් දන්නව මහ පොලවට වතුර වැටුනම එන පාට. ඒත් ඒකෙ තියෙන නියම සුවද දන්නෙ නැහැ මයෙ හිතේ. මොකද උන් කරන්නෙ සෙල්ලමක්. උබට ඒක සෙල්ලමක් නෙවේ. ඒක උබේ ජීවිතය වුන නිසාම.


    හැමෝටම පස්සෙ උබ ගොඩට ඇවිත්, වට පිට බැලුව හැටි අපිට තාම මතකයි. එදා උබ අපිට පොරක්. අද එයිටත් වඩා. උබ ගොඩට ආවට පස්සෙ මහපොලවෙ තිබ්බ පාට හෝදගෙන පිරිසිදු වුනා. අපි උබ සහ උබ වටේ හිටි හැමෝම අපේ එවුන්, අපේ ලේ කියලා ලෝකෙට පෙන්නුවා. අපි හරියට ආඩම්බර වුනා. උබ ගැන සහ උඩින් හිටපු එවුන් ගැන. ඒත් වැඩියෙන්ම උබ ගැන.


    උබ ඇදගත්ත සුදු පාට. මට, අපිට තාම මතකයි උබ අපි වටේ සැරි සැරුවා අත් දෙක අහසෙ දෙපැත්තට ඈත් කරගෙන. ඒකෙන් හරියටම කියවුනේ මේ විශ්වයම උබේ කියන්න වගේ. විශ්වයේ හැම එකාලම උබේ කියන්න වගේ. ඒ හැම එකාලම වෙනුවෙන් උබ සටන් කරනව කියන්න වගේ. එදා මම, අපි උබේ වෙනසක් දැක්ක. උබ සැඩපහරෙ ජීවත් වෙනකොට උබට උඩින් හිටපු එවුන් උබට වගේම උබ වටේ එකාලට හයියක් වුන එක ඇත්ත. ඒත් උන් මහ පුටුවල නිසා උන්ගෙ බඩවල් ඉස්සරහට ඉලිප්පුනා. ඒත් අපි දැක්ක උබේ බඩ මහ විසාල නැහැ. ඒ උබ උබේ හයිය ඒ මහ සැඩ පහරට පූජ කරපු නිසා කියල තමා මම තනියම හිතුවේ.


    එදා මහ පොලව එක්ක පොර බදල, සැඩ පහරෙ දහඩිය පාකරල සුදු ඇදගෙන අප ලගට ආපු උබට විරුද්ධව වනචාරීන් ඉදී කියල උබ හිතන්න නැතිව ඇති. ඒත් මේ අපේ පොලව, උබ එදා සැඩ පහරෙ යනකොට උබට කිචි කැව්ව එවුන් හිටිය වගේම, උබ අපි ලගට එද්දි විරුද්ධ වෙන එවුන් නොහිටී කියලද උබ හිතුවේ. උබට එදා වැරදුනා. ඒත් ඇත්තම මම, අපි දන්නවා. උබට වැරදුනේ නැහැ. ඇත්තටම උබ එදා දින්න. වෙන එවුන්ගේ අසික්කිත පෞර්ශත්වය උබව අමු අමුවේ පරාද කලා. ඒකයි ලැජ්ජ නැතිකම.


    එදත් වෙනද වගේම ඉර පායල තිබ්බ. ඌ පායන්නෙ නැතිව මොනව කරන්නද? ඒත් අපි දන්නව උබට වෙච්ච දේට ඉර - හද සාක්කි. කවද හරි උන්ට සාපයක් වෙද්දි නඩුකාරයට සාක්කි දෙන්න ඉර - හද ගේන්න වෙයි. නැතිනම් උන්ගෙ හෘද සාක්කිය වත් කතා කරන්න ඕනෙ. ඒ මහා ඉර එලියෙ, සද එලියෙ පහස නොලැබෙන්න උබව ඈත් කලා. ඒ අපෙන්, විතරක් නෙවේ මුලු ඉතිහාසයෙන්ම. ඒක බලුකම කිව්වොත් අපේ ටොමිය මාත් එක්ක තරහ වෙයි. කමක් නැහැ, ටොමිය මගේ යාලුව. ඌට තියෙනව මනුස්සකම. කන්න දෙන මාව නොහපන්න. ඒ වගේම නෑ හිතවතුන්ට නොබුරන්න. යාළු බල්ලන් එක්ක රංඩු නොකරන්න. හොරුන්ට විතරක් බුරන්න. ඒක ටොමියගෙ දේශපාලනේ කියල කියන්න පුලුවන් මට. ඒත් කට්ටිය වැරදියට දකී, මොකද ඌටත් ලොකු බඩක් නැහැ. සුදු අදින්නෙ නැහැ. උගෙ තියෙන බඩ වුනත් ප්‍රමාණවත්. ඕනෙ හදිස්සියකට මුහුන දෙන්න ප්‍රමාණවත්. මොකද ඌ පෙරේතකමට කන්නෙ නැහැ. තමන්ගෙ තරමට, තමන්ට තියෙන ප්‍රමාණයට කන්නෙ.


    ඉර එලියෙන්, හද එලියෙන්, උබව ඈත් කරල, දූවිල්ල එක්ක උබව ජීවත් කෙරෙව්වා මම, අපි ඒකට සතුටුයි. නැත්තම් උබගෙත් බඩ ඉලිප්පෙනවා. ඒත් එදා සැඩපහරෙන් උබට වෙච්ච හානියෙන් ලබපු තුවාල තවත් දරුනු වෙන්න උබ ඇතුලෙ හිටපු එක හේතුවක් වුනා. අපි දන්නව උබේ ඇගට අමාරුයි. ඒත් උබේ හිත කවදාවත් හිර වෙන එකක් නෙවේ. ඒක අහස උසට නැගල පොලව දිහා බලාගෙන ඉන්න තරමේ ශක්තියක් තියෙන හිතක්. නැත්තම් වෙන එකෙක් නම් ඔච්චර හිනා වෙලා ඉන්නෙ නැහැ වෙච්චර දේවල් වල හැටියට.


    මම, අපි දන්නව උබ එලියට එනවා. උබව එලියට දාන්න වෙනවා. උබ එලියට ආවට පස්සෙ උබෙන් අපි කිසිදෙයක් ඉල්ලන්නෙ නැහැ. මොකද උබ අපිට ඕනෙ දේ දන්නවා. උබ අපිට ඒ දේ දෙන්න තරම් පොරක් කියලා තමා මම, අපි හිතන්නේ. එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්.


    උබට ජය !


    උබත් එක්ක සැඩපහරේ පීනපු, ජීවිතේ අහිමි වුන එවුන්ටත් ජය !


    උබව ඇතුලට දාල - එලියට දාපු එවුන්ටත් ජය !



    WarHeroMemorial-.jpg


    කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්......


    Code:
    http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_20.html


    :oo: පහත බ්ලොගයෙන් එළකිරි.කොම් සදහා උපුටා ගැනීමේ © අයිතිය , කතෘ විසින් urajdrlk ® වෙත පිරිනමා ඈත. :yes::yes:


    Code:
    http://www.samindikasrimantha.blogspot.com/
     
    • Like
    Reactions: chanakamanjula

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න සිරසෙන් ලයිව් දෙනවා ජෙනරල් ෆොන්සේකා නිදහස් වෙන එක..... :yes:

    Code:
    http://www.dutunudutu.com/Online_TV/Sirasa.php