ඔබට ආදරය කරන ඇය වෙනුවෙන් ♥

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔබට ආදරය කරන ඇය වෙනුවෙන් ♥

    ආදරය....:love:

    ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකිය. එකම පෙම්වතාද නොවිය හැකිය.

    ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.
    ඒත් . . .
    දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ?
    ඇය පරිපූර්ණ ගැහැණියක් නොවේ, ඔබද පරිපූර්ණ නැත.
    ඔබ දෙදෙනාට කවදාවත් පරිපුර්ණ විය නොහැකිය.

    එහෙත් . . .

    ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකිනම්,
    ඔබට දෙවරක් සිතන්නට ඉඩ සලසයිනම්,
    මිනිසකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම්,:D
    ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරේ ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්නත් එපා. ඇයට දෙන්න බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්න එපා.

    ඇය ඔබට සතුට ගෙන එද්දී සිනා වෙන්න.

    ආදරයේ නියම අරුත එයයි.:yes:


    527569_375175009194700_251789241533278_947126_1957717161_n.jpg




    :love::love::love::love::love::love:

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹද මචං ලිව්වෙ.. ඇත්තටම සුපිරියි.. මම පේජ් එක බුක්මාක් දාගත්තා..
    9.gif


    මේක මට හම්බුන පරිවර්තනයක් මචන්..හිතට දැනෙන නිසා බෙදාගන්න හිතුනේ..:D

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපරිමයි මචං.... මමත් සේම් බෝට් තමා...
    මේක කියවන කොට අදකාලේ ගීතයක් මතක් උනා...


    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කර තවත්
    සැනසෙන්න බැහැ එතුළ ඇත්තෙම දුකක්

    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්
    වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නැහැ වැරැදිකාරියේ ඉතින්

    ගනඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමටද
    මං ආයෙ හිනැහෙන්න උර මඬලට
    ළංවෙන්නෙ නැහැ කඳුළු පූජා කර
     
    • Like
    Reactions: Optimus Prime

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උපරිමයි මචං.... මමත් සේම් බෝට් තමා...
    මේක කියවන කොට අදකාලේ ගීතයක් මතක් උනා...


    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කර තවත්
    සැනසෙන්න බැහැ එතුළ ඇත්තෙම දුකක්

    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්
    වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නැහැ වැරැදිකාරියේ ඉතින්

    ගනඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමටද
    මං ආයෙ හිනැහෙන්න උර මඬලට
    ළංවෙන්නෙ නැහැ කඳුළු පූජා කර



    නියමයි සහෝ .... මාත් ගොඩක් ආස කරන ගීතයක් මේක ...:):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේක මට හම්බුන පරිවර්තනයක් මචන්..හිතට දැනෙන නිසා බෙදාගන්න හිතුනේ..:D

    fB ඉන්නවා නම් මේකටත් LIKE එකක් දාමු .:cool:


    https://www.facebook.com/pages/Romantic-Moments/251789241533278

    බොහොම ස්තුතියි මචං.. ඔය වගේ දේවල් කරන එක බොහොම වටිනවා.. ගොඩක් අය FB එකේ පිස්සු නටන්නෙ.. ඒ පැත්තෙ යන්නත් එපා වෙනවා ඒ නිසා.. මේ ළගදි එක පේජ් එකක දාලා තිබුණා දවල්ට කෑවා නම් ලයික් එකක් දාලා ෂෙයාර් කරන්න කියලා බත් පිගානක්.. ඒවා දැක්කම හිනා යනවා බං.. ඒත් සමහර උන් ලයික් කරලා ෂෙයාර්ත් කරලා තිබුණා.. සමහර වෙලාවට FB එකත් මාර පිස්සුවක් බං.. ඕකට ඇබ්බැහිවෙච්ච එකාට තේරෙන්නෙ නැහැ හොද නරක, මෝඩ ජෝක් මොනවද කියලා.. එයාලට ඕන පේජ් එකට ලයික් එක ගන්නත්, ෆ්‍රෙන්ඩ්ස්ලා ගාන වැඩිකර ගන්නත් විතරයි.. කොහෙන් හරි පික් එකක් හොයාගෙන ලයික් කරලා ෂෙයාර් කරන්න කියනවා.. ඒකත් හුටස් ගාලා අනිත් එවුන් ටික ෂෙයාර් කරනවා.. අවුරුදු ගානකින් වැදගත් දෙයක් දැක්කෙ නෑ FB එකේ.. මයෙ හිතේ වැදගත් පොස්ට් දාපු උන් මෙයාලා නිසා FB නවත්තලා.. උඹගෙ පේජ් එක පට්ට මචං.. මම කලියෙන් කලික් කරලා තිබුණා.. දිගටම කරගෙන පලයන්.. ජය.!


    අද දැකපු ආතල් එකක්..:D
    246420_319055201507119_100002079241199_681058_2099882467_n.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උපරිමයි මචං.... මමත් සේම් බෝට් තමා...
    මේක කියවන කොට අදකාලේ ගීතයක් මතක් උනා...


    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කර තවත්
    සැනසෙන්න බැහැ එතුළ ඇත්තෙම දුකක්

    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්
    වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නැහැ වැරැදිකාරියේ ඉතින්

    ගනඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමටද
    මං ආයෙ හිනැහෙන්න උර මඬලට
    ළංවෙන්නෙ නැහැ කඳුළු පූජා කර

    හ්ම්.. ගොඩක් අය සේම් බෝට් තමා බං.. මමත් අතුලුව.. දැන් නම් ලව් කරන්න පරාන බයයි.. දන්නවනේ බූට් කෑවම විදවන විදවිල්ල.. නොකා නොබී.. කල්පනා කර කර.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන් වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ
    එක් වෙලා එකට සිටියත් සියො ලගම දැවේ
    ජීවිත විදින්නට මිස විදවන්න නොවේ

    සුළග හමන්නේ නැතිනම් මුහුදේ රළ පෙල නැගේද
    හිරු පායන්නේ නැතිනම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැතිනම් සයුර වුවත් පලක් වේද
    සැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඩ සුළගක් වුනේ මංද
    දිය දහරක් වූ ඔබ මට සැඩ පහරක් වුනේ මංද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුනේ මංද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මංද?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආදරය රැවටීමක්ම පමණි.
    :( :( :( :( :( :(

    අවංක වූ පුද්ගලයා සැමදාම පසුතැවේ.


    ආදරය හැම වෙලේම රැවටීමක් වෙන්නේ නෑ මචන්..
    අනික ඕනවට වඩා අවංක වෙන්න හොදත් නෑ...
    :D
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    නියම පෝස්ට් එකක් සහෝදරයා. CrazyBuddy මුනුපොත ගැන කිව්ව දේ 100%ක්ම ඇත්ත. ඒකට යන්නත් එපා වෙනවා. ඉස්සරනම් මූනුපොතෙන් ඉස්කෝලෙ යන කාලේ හිටිය යාලුවෝ, දැනට වෙන රටවල ඉන්න යාලුවෝ වගේ අයගේ ගොඩක් විස්තර පිංතූර දැක ගත්තා. ඒත් දැන් නම් තනිකර කොමියක් වෙලා. මම ඉස්සර දවසකට පැය 6-7ක් මූණු පොතේ. ඒත් දැන්නම් මාසෙකට දවසක්වත් යැවෙන්නෑ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම පෝස්ට් එකක් සහෝදරයා. CrazyBuddy මුනුපොත ගැන කිව්ව දේ 100%ක්ම ඇත්ත. ඒකට යන්නත් එපා වෙනවා. ඉස්සරනම් මූනුපොතෙන් ඉස්කෝලෙ යන කාලේ හිටිය යාලුවෝ, දැනට වෙන රටවල ඉන්න යාලුවෝ වගේ අයගේ ගොඩක් විස්තර පිංතූර දැක ගත්තා. ඒත් දැන් නම් තනිකර කොමියක් වෙලා. මම ඉස්සර දවසකට පැය 6-7ක් මූණු පොතේ. ඒත් දැන්නම් මාසෙකට දවසක්වත් යැවෙන්නෑ.


    හැම දෙයක්ම වැරදි පුද්ගලයන් අතට ගියාම ඔහොම වෙනවා සහෝ ..කොහොම උනත් තාමත් හොද ගුණාත්මක දේවල් කරන ඇය නැත්තෙම නෑ ..:D
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන් වෙලා යන්න හිතුනත් හිත එකග නොවේ
    එක් වෙලා එකට සිටියත් සියො ලගම දැවේ
    ජීවිත විදින්නට මිස විදවන්න නොවේ

    සුළග හමන්නේ නැතිනම් මුහුදේ රළ පෙල නැගේද
    හිරු පායන්නේ නැතිනම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැතිනම් සයුර වුවත් පලක් වේද
    සැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඩ සුළගක් වුනේ මංද
    දිය දහරක් වූ ඔබ මට සැඩ පහරක් වුනේ මංද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුනේ මංද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මංද?
    පිස්සු හේදෙයි කොහෙද කොල්ලෝ ඉන්නේ කෝ අපිට කතාවක්..