සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද?

    sarath.jpg

    15.jpg

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    හුඟ කාලෙකින් නුලක් දාන්නේ හැමදාම වගේ පොලිටිකල් එකක් තමයි
    මුලින්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මා නිදැහැ වීම ගැන හරිම සතුටුයි
    එතුමාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා



    public kunuharpa or kaatahari insult karala tibboth ban karanawa
    without warnings
    .

    තවමත් එළකිරි එකේ සාධාරණත්වය තියනවයි කියල ඔප්පු කරපු tintin123ටත් ස්තුතියි දැන් මේක කියවන්නකෝ



    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    රාජපක්ෂ පවුලට සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ධෛර්යය නැති බවට අප කළ උපකල්පනය වැරදි ය. ජනාධිපතිතුමාට ඒ ආත්ම ශක්තිය තිබිණි. එසේ ම, වාර්තා වී ඇති ආකාරයට ඔහුට දී ඇති සමාව හේතුවෙන් ඔහුට දේශපාලනය කිරීමේ බාධාවක් ද නැත.


    සරත් ෆොන්සේකා නිදහස් කළ ආකාරය විසින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් වන්නේ ඔහු සිරගත කර ඇත්තේ තනිකර ම දේශපාලන අවශ්‍යතා මත බවයි.


    ඔහු නිදහස ලබන අද දින සංවාදයට භාජනය වන කාරණය වන්නේ ඔහුට කුමක් කළ හැකි ද යන්නයි.


    ෆොන්සේකා නිදහස ලබන්නේ විකල්ප නායකත්වයක් ඉල්ලා සිටින දේශපාලන සමාජයකට බව අපේ අදහසයි.


    පළමුකොට ම දැඩි ආර්ථික පීඩනය හා අසීමිත දූෂණය හේතුවෙන් ජනතාවට ආණ්ඩුව එපා වී තිබේ.:growl: එහෙත් ඒ ජනතා විරෝධය බලමුළු ගන්වන්නට හැකි නායකත්වයක් විපක්ෂයේ නැත.:no:


    ෆොන්සේකාට ඒ නායකත්වය ලබා දිය හැකි ද?:yes:
    අප සිතන අන්දමින් නම් එය සරළ කාරණයක් නො වේ. ඔහු පය තබන්නේ ලෙහෙසි පොළවකට නො වේ. එක පැත්තකින් ආණ්ඩුවේ බැලයන්ගේ කෙළවරක් නැති කුමන්ත්‍රණ ය. අනෙක් පැත්තෙන් විපක්ෂයේ කුහකයන්ගේ හීන දීන ක්‍රියා ය.:dull:


    මේ සියල්ලට ම වඩා ෆොන්සේකාට මුහුණ දෙන්නට සිදු වන අභියෝගය වන්නේ තමා ම ය. :shocked::shocked:රාජපක්ෂ මර්දනය ඉදිරියේ කොන්ද බිඳ නො ගෙන සිරගතව හිඳිමින් ගොඩ නඟා ගත් පෞරුෂය නිදහස් ජීවිතයේදී රැක ගැනීම ෆොන්සේකාට පහසු වන්නේ නැත. ෆොන්සේකා දැනටමත් රාජපක්ෂවරුන් සමග කුමන සම්මුතියකට එළඹ තිබේ ද යන්න අපි නො දනිමු.


    එසේ ම, ඔහුගේ බ්‍රේක් නැති කටින් ගිලිහෙන එක ප්‍රකාශයකින් :lol::lol:සියල්ල අවුල් කිරීමේ හැකියාව ආණ්ඩු ගැති මාධ්‍ය යාන්ත්‍රණයට තිබේ.:angry::angry::angry:


    ආණ්ඩුවේ උපායික විශේෂඥයන්ගේ උපක්‍රම මැද ඉදිරියට යාමට නම් ෆොන්සේකා පුද්ගලයකු නොව ආයතනයක් විය යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු වෙනුවෙන් විශේෂ සාමූහික සැලැස්මක් ක්‍රියාත්මක විය යුතු ය. එහිදී වැදගත් වනුයේ ෆොන්සේකාගේ සිතැඟි පරිදි සියල්ල සිදු වීම නොව, සාමූහික වැඩපිළිවෙලක සංකේතාත්මක නායකත්ව භූමිකාව ෆොන්සේකා රඟපෑමයි.


    බරක් ඔබාමාගේ ජනාධිපති මැතිවරණ සටන මේ සඳහා ආදර්ශයකි.


    එසේම මේ කරුණ ද සැලකිල්ලට ගත යුතු ය. හුදු ඔලුගෙඩි මාරුවකින් මේ රටට සිදු වන කිසිදු සෙතක් නැත. විශේෂයෙන් ම වත්මන් ආණඩුව විසින් ලංකාව ඇද දමා තිබෙන්නේ ගැඹුරු ආර්ථික අගාධයකටයි. ලංකාවේ දුප්පතුන්ට නො නැසී පවතින්නට හැකි අවම විසඳුම් ප්‍රමාණයක් හෝ දීමට සමත් වැඩපිළිවෙලක් යෝජනා කිරීම අත්‍යවශ්‍ය ය.


    එහි මූලික පියවර ලෙස අවම පොදු වැඩපිළිවෙලකට විපක්ෂය එකඟ විය යුතු ය. අලුතින් පත් වන ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන මූලික දේ වන්නේ දූෂණයට වැට බැඳීම, දේශපාලක සොරුන් විසින් රටින් පිට කරන ලද අයථා ලෙස උපයන ලද මුදල් ආපසු රටට‍ ගෙන ඒම, ඉන්දියාව, බටහිර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධතා යහපත් මට්ටමකට ගෙන ඒම, ජාතික සහජීවනය සඳහා තිරසාර හා එඩිතර පියවර ගැනීම, දේශීය නිෂ්පාදනය නැංවීම, ආනයන සීමා කළ හැකි වන පරිදි ජනතාවගේ ජීවන විලාසිතාවන් වෙනස් කිරීමට පියවර ගැනීම ආදියයි.


    අනාගතවාදී පොදු විපක්ෂ වැඩසටහනක් අනිවාර්යයෙන් ම ජාතිවාදයට හා ආගමික අන්තවාදයට විරුද්ධ විය යුතු ය. මේ දෙක වනාහි රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ම මෙවලම් දෙකයි. ඒ මෙවලම්වලින් රාජපක්ෂ ආණ්ඩුව සමග සටන් කරන්නට ගියහොත් අත් වන්නේ නිසැක පරාජයයි. මන්ද, ජාතිවාදයේදී හා ආගම්වාදයේදී ඔවුහු කෙළ පැමිණියෝ වෙති. ජාතිවාදයට එරෙහිව අභීතව පෙනී සිටීම ජාතිවාදයට මුහුණ දීමේ එක ම උපායයි.


    ෆෙන්සේකා ලංකාවට පහළ වන ගැලවුම්කරුවකු නො වේ.:no::no: ඔහු පවත්නා පවත්නා තත්වය අවම මට්ටමින් වෙනස් කිරීම සඳහා උපයෝගී කර ගත හැකි නායකත්වයකි.:yes::yes::yes: පළමුකොට ම ඒ නායකත්වය ලබා දීම සඳහා ඔහු සූදානම් ද යන්න වැදගත් ය. එසේම, එජාපයේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය, ජවිපෙ දෙපාර්ශ්වය හා චම්පික රණවක වැනි උපායික විශේෂඥභාවය සහිත පාර්ශ්ව සමග සම්මුතියකට ඒමට ඔහු සමත් විය යුතු ය. එසේම, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, තොන්ඩමන් වැනි සාධක කළමනාකරණය කර ගැනීමට ද සමත් වීම අත්‍යවශ්‍ය ය. ඔහු වටා ආර්ථිකය, ජාත්‍යන්තර දේශපාලනය, නීතිය, පරිපාලනය වැනි විෂයන්හි ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් බුද්ධි මණ්ඩලයක් තිබිය යුතු බව කිව යුතු නො වේ.


    මේ සියල්ලට ම පළමුව දැන ගත යුතු කාරණය වන්නේ සරත් ෆොන්සේකාගේ දේශපාලන සෞඛ්‍යය කෙතරම් යහපත් ද යන්නයි. ඒ සඳහා ඔහු ක්‍රියාවට පිවිසෙන තෙක් බලා සිටිය යුතු ය.

    source
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ෆොන්සේකාට වන්දනාමාන කරන්නේ නැතිව එසේම ඔහුට අවමන් කරන්නේද නැතිව අදහස් දැක්වීම ගැන ස්තූතියි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ෆොන්සේකාට වන්දනාමාන කරන්නේ නැතිව එසේම ඔහුට අවමන් කරන්නේද නැතිව අදහස් දැක්වීම ගැන ස්තූතියි

    ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමු කොට ම කිව යුතුයි, හුග කලකින් පසුව මධ්‍යස්ථව සහ නිවැරදි ලෙස සරත් ෆොන්සේකා මහත්මාණන් සහ එතුමා ගේ දේශපාලන පරිසරය විග්‍රහ කර තිබෙන බව.

    මම පෞද්ගලිකව නමි සිතන්නේ එතුමාණන් යම් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය යුතු බවය. ඒ මේ රටේ විපක්ෂයක් යයි කියා පැවසීමට තරම් වත් දෙයක් නොමැති බැවිනි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මම පෞද්ගලිකව නමි සිතන්නේ එතුමාණන් යම් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය යුතු බවය. ඒ මේ රටේ විපක්ෂයක් යයි කියා පැවසීමට තරම් වත් දෙයක් නොමැති බැවිනි.
    :yes:
    පැහැදිලිවම අයියේ
    මම කියන්නේ එතුමා සුදුසු කාලය එළඹෙන කල් ටික කාලයක් විවේක ගත යුතුයි කියලා
    මොකෝ කෑලි අහුලලවත් හදාගන්න බැරි තරම් නපුන්සක විපක්ෂයක් දැන් තියෙන්නේ
    :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:
    පැහැදිලිවම අයියේ
    මම කියන්නේ එතුමා සුදුසු කාලය එළඹෙන කල් ටික කාලයක් විවේක ගත යුතුයි කියලා
    මොකෝ කෑලි අහුලලවත් හදාගන්න බැරි තරම් නපුන්සක විපක්ෂයක් දැන් තියෙන්නේ
    :growl:
    ඒ ගැන කතා කර වැඩක් ම නැත..........
    අවංකව ම කියනවා නම් මා සිතන්නේ මේ පො.එ.පො. ආන්ඩුව මෙපමන පිස්සු කෙලිමින් බලයේ ඉන්නේ ඔවුන් හොද නිසාවත් ජනප්‍රිය නිසාවත් නොව මිනිසුන් ට දේශපාලනමය විකල්පයක් නොමැති නිසා බවය. කොටින් ම කියනවා නම් මහින්ද ගේ ආන්ඩුව පවතින්නේ ඒක හොද නිසා නොව විපක්ෂයට බැරි නිසාය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:
    පැහැදිලිවම අයියේ
    මම කියන්නේ එතුමා සුදුසු කාලය එළඹෙන කල් ටික කාලයක් විවේක ගත යුතුයි කියලා
    මොකෝ කෑලි අහුලලවත් හදාගන්න බැරි තරම් නපුන්සක විපක්ෂයක් දැන් තියෙන්නේ
    :growl:
    ow dan thiyena vipaksheata ekathu unoth thiyenawa gurawayath nathi wenawa
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ ගැන කතා කර වැඩක් ම නැත..........
    අවංකව ම කියනවා නම් මා සිතන්නේ මේ පො.එ.පො. ආන්ඩුව මෙපමන පිස්සු කෙලිමින් බලයේ ඉන්නේ ඔවුන් හොද නිසාවත් ජනප්‍රිය නිසාවත් නොව මිනිසුන් ට දේශපාලනමය විකල්පයක් නොමැති නිසා බවය. කොටින් ම කියනවා නම් මහින්ද ගේ ආන්ඩුව පවතින්නේ ඒක හොද නිසා නොව විපක්ෂයට බැරි නිසාය.

    :(:(:(:(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes:
    පැහැදිලිවම අයියේ
    මම කියන්නේ එතුමා සුදුසු කාලය එළඹෙන කල් ටික කාලයක් විවේක ගත යුතුයි කියලා
    මොකෝ කෑලි අහුලලවත් හදාගන්න බැරි තරම් නපුන්සක විපක්ෂයක් දැන් තියෙන්නේ
    :growl:

    ඔව් මචන්. අපි දැන්මම හදිස්සි වෙන්න ඕනේ නැහැ නේද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ ගැන කතා කර වැඩක් ම නැත..........
    අවංකව ම කියනවා නම් මා සිතන්නේ මේ පො.එ.පො. ආන්ඩුව මෙපමන පිස්සු කෙලිමින් බලයේ ඉන්නේ ඔවුන් හොද නිසාවත් ජනප්‍රිය නිසාවත් නොව මිනිසුන් ට දේශපාලනමය විකල්පයක් නොමැති නිසා බවය. කොටින් ම කියනවා නම් මහින්ද ගේ ආන්ඩුව පවතින්නේ ඒක හොද නිසා නොව විපක්ෂයට බැරි නිසාය.
    98% e nisa:yes:
     
    • Like
    Reactions: Mr Dilshan