Google–Motorola එක්වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගූගල්, මෝටරෝලා එක්වෙයි...



    google-motorola-partnership.jpg



    අන්තර්ජාලයේ දැවැන්තයෙකු වන ගූගල් සමාගම වසින් මෝටරෝලා සමාගමේ කොටසක් වන මෝටරෝලා මොබිලිටි මිලදීගැනීමේ ගණුදෙනුව සම්පූර්ණ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

    ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5ක් වටිනා මෙම ගනුදෙණුව, ගූගල් සමාගම විසින් සිදුකරන ලද විශාලතම මිලදීගැනීම බව පැවසේ.

    මෙම ගණුදෙනුවට සම්පූර්ණ වූයේ චීන රජයේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

    වසර 5ක ගතවන තෙක් ගූගල් සමාගමට අයත් ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය අනෙක් ජංගම දුරකතන සමාගම් වලට ද නොමිලේ ලබාදිය යුතු බව චීන බලධාරීන් කොන්දේසි පනවා තිබුණි.

    මෙම මිලදී ගැනීම සඳහා මීට කලින් යුරෝපීය හා ඇමෙරිකානු නියාමකයින්ගේ අනුමැතිය හිමිව තිබුණි.

    මෝටරෝලා මොබිලිටි සඳහා නව කළමනාකාරීත්වයක් නම්කිරීමට ද ගූගල් සමාගම කටයුතු කර ඇත.

    මෙම ගණුදෙනුවෙන් පසුව මෝටරෝලා මොබිලිටි වලට අයත් පේටන්ට් බලපත‍්‍ර 17,000 කට වැඩි ප‍්‍රමාණයක් සඳහා හිමිකාරිත්වය කීමට හා පළමු වරට ජංගම දුරකථන හා ටැබ්ලට් පරිඝණක නිෂ්පාදනය කිරීමට ගූගල් සමාගමට හැකිවනු ඇත.