මට නිදහස ඕන නැහැ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට නිදහස ඕන නැහැ

    මට නිදහස ඕන නැහැ දරුවන් දෙදෙනාට නිදහසේ ජීවත් වෙන්න දෙන්න කියලයි මම කිව්වේ

    - සරත් ෆොන්සේකා

    ඔබ නැවත දේශපාලන ජීවිතය පටන් ගන්නේ කොහොමද කියන කුතුහලය ජනතාව තුළ තිබෙනවා. මොනවද ඔබේ ඉදිරි සැලසුම්?

    මගේ න්‍යාය පත්‍රයේ මුලින්ම තිබෙන්නේ මේ රට තුළ තිබෙන දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. ඊළඟට ජනතාවට බොරු ‍පොරොන්දු නොදී ඔවුන්ගේ ජීවිත රටාව ඉහළ නැංවිය හැකි ක්‍රමයක් එසේත් නැතිනම් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමයි. මේ රටේ හැම පුරවැසියෙකුටම සාධාරණය හා යුක්තිය ඉටුවිය හැකි ක්‍රමයක් ඇති කළ යුතුයි. එහෙම දෙයක් නැති නිසා තමයි මමත් එහි ගොදුරක් බවට පත් වුණේ.

    දේශපාලන හයියෙන් නීතිය අතට අරගෙන, මේ රටේ ජනතාව බියගුල්ලන් කරලා, ඔවුන්ව පාගාගෙන රට පාලනය කරන ක්‍රමයට මම විරුද්ධයි. පසුගිය අවුරුදු 30, 40 දිහා ආපසු හැරිලා බැලුවොත් මේ ක්‍රමය තමයි දිගටම මේ රටේ ක්‍රියාත්මක වුණේ.

    ආණ්ඩු මාරු වුණා කියලා මේ ක්‍රමය වෙනස් වුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න නම් මම ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය යුතුමයි. ඒ ගමන මම බොහොම හිමිහිට සැලසුම් කරනවා.

    කොහොමද ඔබ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ?

    මේ වෙද්දී මා සමග යම් යම් පිරිස් එකතු වෙමින් ඉන්නවා. මේ රටේ ජනතාවත් මේ අවශ්‍යතාව තේරුම් අරන් සිටින බව මට වැටහෙනවා. ඔවුන් මීට පෙර අවස්ථාවලට වඩා දැන් මා සමග ඒ සම්බන්ධව කතා කරනවා.

    මට ඒක දැනෙනවා. ඉතින් ඔවුන්ගේ ඒ අපේක්ෂාව ඉෂ්ට කරන්න මම කැපවෙනවා. මම මේ රට තුළින් වෙන මොනවත් බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. දැන් මගේ බලා‍පොරොත්තුව රටට මගෙන් යමක් දීම පමණයි.

    දේශපාලනයෙන් ඔබ පෞද්ගලිකව බලා‍පොරොත්තු වන දෙයක් නැහැ, එහෙමද?

    ඇත්තටම ඔව්. මට දේශපාලනයෙන් කිසිවක් එපා. මට ලොකු පත්වීම් වුවමනා නැහැ. මත්ත්‍රී ධුරයක් නැතිව වුණත් රට වෙනුවෙන් කළ යුතු දේ මම කරනවා. ජනාධිපති වෙන්න බැරිවුණා කියලා මම අධෛර්යමත් වෙලා නැහැ. ඒ වගේම කූඨ උපක්‍රමවලින් මගේ දේශපාලන අයිතිවාසිකම් නැති කළා වුණත් ඒක මම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මා එක්ක එකතු වෙන බලවේග එක්ක එකතු වෙලා මම බලා‍පොරොත්තු වන තැනට මේ රට කෙසේ හෝ ගෙන යනවා.

    නමුත් වසර 07 ක් ගතවන තුරු ඔබට ඡන්දය ඉල්ලීමේ අයිතියක් නැහැ. මේ නිසා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට තිබෙන අවස්ථාවක් ඇහිරිලා?

    නිදහස් කිරීම කොයි වගේද යන්න දැනගැනීමට හැකි ලියවිල්ලක් තවම මම දැකලා නැහැ. මම හිරේ හිටපු කා‍ලේ එක දඬුවම් කාලයක් අවසන් කළා. මේ දඬුවමත් අහෝසි කොට නැතිනම් මට අවුරුදු 7ක් යනතුරු ඡන්දය ඉල්ලන්න, ඡන්දය පාවිච්චි කරන්න බැහැ.
    මාව හිරේට දැම්මේ අවුරුදු දෙකහමාරෙන් එළියට දමන්න හිතාගෙන නමෛයි. ඒ කා‍ලේ මට ඇහුන දේ තමයි අවුරුදු 30ක් මාව හිරේ දානවා. ජම්පරේම මැරෙන්න ඉඩ හරිනවා. එල්ලනවා වගේ දේවල්.
    මේවා සෝඩා බෝත‍ලේ කැඩුවා වගේ කතා. අවසානයේදී මම අවුරුදු දෙකහමාරෙන් එළියට ආවා. මේ නිසා මම කියනවා යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මට අවුරුදු හතක් ඡන්දය ඉල්ලන්න දෙන්නේ නැහැ කියලා ඒකත් අපි සටන් කරලා දිනා ගන්න ලෑස්තියි.

    ඔබට මෙවැනි නිදහසක් ලැබිමට තරම් බලපෑ හේතු මොනවාද?

    මේක අහඹු සිදුවීමක් නමෛයි. දේශීයව හා විදේශීයව ආපු බලපෑම් මීට හේතු වුණා. ඒ වගේම තමයි ටිරාන් අලස් අපේ හිතවත් මන්ත්‍රීතුමාගේ සාකච්ඡා. මේ සාකච්ඡාව හරි තැනදි හරි විදියට ක්‍රියාත්මක වුණේ. මේ හැම දේකම සුසංයෝගය මගේ නිදහස්වීමට බලපෑවා. අනාගතයේදීත් මගේ අයිතීන් දිනා ගන්න මේ වගේ පරිසරයක් ගොඩ නැගේවි. ඉදිරියටත් මාව මේ විදියට දිගටම බැඳලා තියන්න ඕන කියන ආකල්පය තිබෙනවා නම් මම කියන්නේ එවැනි දේ වැඩිකල් පවතින්නේ නැහැ කියලයි.

    ඇමෙරිකාවේදී ඇමැති ජී.ඇල්. පීරිස් හිලරි ක්ලින්ටන් හමුව සිදුවන්නට මත්තෙන් තමයි ඔබේ නිදහස් වීම ගැන මාධ්‍යයට කරන අනාවරණය වන්නේ...
    ඔබ මේ පිළිබඳව දරන අදහස කුමක්ද?


    ඇමෙරිකාව මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ කියන්නේ මගේ මානව හිමිකම් වෙනුවෙන්. 2010 - 2011 ‘හියුමන් රයිට්ස්’ වාර්තාවේ මුලින්ම සඳහන් වුණේ මගේ මානව හිමිකම් ගැනයි. 2011 එංගලන්තයේ හියුමන් රයිට්ස් රි‍පෝට් එකෙත් මා ගැන මුලින්ම සඳහන් කොට තිබුණා.
    ඉතින් මේ රටවල් දෙකම මා වෙනුවෙන් කතා කරලා තිබුණා. මාව නිදහස් කළ යුතුයි කියන එක දන්වලා තිබුණා. මා ඇතුළු දේශපාලන සිරකරුවන් රැසක් පිළිබඳව ඔවුන් අදහස් ප්‍රකාශ කොට තිබුණා.
    මීට අමතරව ඇමෙරිකාවේ සෙනට් මණ්ඩලයේ කට්ටියක් මා වෙනුවෙන් කතාකොට තිබුණා. මෙවර නමෛයි මීට කළින් අවස්ථාවකදීත් ජී.ඇල්. පීරිස් විදේශ ඇමැතිවරයාට ඒ බව දන්වලා තිබුණා. එදා ජී.ඇල්. පීරිස් ඇමැතිවරයා කියා තිබුණා අපට නීතියට පිටින් යන්න බැහැ. නීතිය අනුවයි මේ දේවල් සිද්ධවුණේ කියලා.
    නමුත් මෙවර මා ගැන මතක් කරද්දී විදේශ ඇමැතිවරයා කියා තිබෙනවා ‘අපි ඔහුව නිදහස් කරන්නයි ඉන්නේ’ කියලා.
    මේ ආරංචි අපට ලැබුණා. ඒ අනුව අපිට පිළිගන්න වෙනවා මාව නිදහස් කරන්න කියලා ජාත්‍යන්තරයේ බලපෑමක් තිබුණ බවට.

    ඔබ නිදහස් වීමටත් කලින් එ.ජා.ප. යේ ඇතැම් කොටස් සඳහන් කළා ‘සරත් ෆොන්සේකා මහතා එ.ජා.ප. ය සමග එකතු වී වැඩ කරන්න සූදානමින් ඉන්නවා කියලා. මෙහි ඇත්ත කතාව මොකක්ද?

    රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.ප.ය එක්ක ‍පොදු එකඟතාවකින් වැඩකටයුතු කරන්න මම ලැහැස්තියි. ඒක මම අදත් කියනවා. නමුත් එ.ජා.ප.ය එක්සත් විය යුතුයි. ඔවුනොවුන් අතර තිබෙන ගැටලු නිරාකරණය කරගත යුතුයි. එහෙම තැනක ‍පොදු එකඟතාවකින් යුතුව වැඩ කරන්න මම ලැහැස්තියි.
    එහෙම නැතිව මම සම්බන්ධ වුණොත් මමත් ඔය ප්‍රශ්නයේ කොටසක් බවට පත් වෙනවා. මම එහෙම වෙන්න කැමති නැහැ.
    ඒ වගේම අපි හදන ‍පොදු විපක්ෂය ශක්තිමත් වෙන්න ඕන. අපි එකතු වෙන්නේ පවතින රජය පෙරළන්න නම් ඒ වෙනුවෙන් හොඳ වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. එහෙම නැතිව කවුද ‍පොදු විපක්ෂයේ නායකයා කියල හිතලා පෞද්ගලික න්‍යාය පත්‍ර දාගන්න ගියොත් වෙන ප්‍රශ්න මතු වෙනවා.
    මම කියන්නේ නායකයා කවුද? කියන ප්‍රශ්නය ඉස්සරහට දාගන්නේ නැතිව අපි සේරම එකතු වෙලා එකට වැඩ කළොත් මේ ආණ්ඩුව පන්නා දමන්න පුළුවන්.

    නමුත් එජාපයේ වගේම ‍පොදු විපක්ෂයට සම්බන්ධ වෙන්න ඉන්න තවත් කොටස් අපේක්ෂා කරන්නේ ඔබේ නායකත්වය නම්? ඊළඟට එහිදී තවත් කීප පෙළක් විරුද්ධ වෙනවා නම් ගැටලු මතු වෙනවා නේද?

    ඔව් එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා.
    නමුත් ගියවර ජනාධිපතිවරණයේදී ඔය හැමෝම මට ඇරයුම් කළෙත් ‍පොදු විපක්ෂයේ නායකත්වය ගන්න කියල.
    එහෙම හැමෝගේම ‍පොදු එකඟතාවකින් මම මෙහි පෙරමුණ ගන්න කියලා ඉල්ලීමක් ආවොත් මම ඒකට ලැහැස්තියි. රට වෙනුවෙන් කළ හැකි දේ මම කරනවා.

    පවතින නීති තත්ත්වය අනුව ඔබට යම් පෙරමුණකට, පක්ෂයකට නායකත්වය දෙන්න පුළුවන්?

    ඔව්... ප්‍රජා අයිතිය අහෝසි වී තිබුණ අවස්ථාවකදී බණ්ඩාරනායක මැතිනිය තම පක්ෂයට නායකත්වය දුන්නා. එයට ඇති බාධාවක් නැහැ. ඡන්දය පාවිච්චි කරන්න හා ඡන්දය ඉල්ලන්න පමණයි බැරි.

    නිදහස්වීමෙන් පසු ඔබ රනිල් වික්‍රමසිංහ හමුවුණාද? ඔහු ඔබට කතා කළාද?

    නැහැ. තවම නැහැ.

    ඔහු ඔබ ගැන කිසියම් වූ වැරදි වැටහීමකින් ඉන්නවා දැයි හිතනවාද?

    නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. එතුමා මට කතා කරන්න උත්සහ ගත්තද දන්නේ නැහැ. නමුත් එතුමා මට කතා කළා නම් මම සතුටුයි. අඩුම ගානේ මම නිදහස් වී එළියට ආ එක ගැනවත්.

    ජනතා විමුක්ති පෙරමුණ සහ ඔබ අතර සම්බන්ධතාව කොහොමද?

    ජවිපෙ නියෝජනය කරමින් මම නිදහස් වූ දවසේ අනුර කුමාර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීතුමන්ලා පැමිණ සිටියා. ඔවුන් මට සුබ පැතුවා. ඒ ඇරුණු කොට අපිට හමුවෙලා නිදහසේ කතා කරන්න තවම බැරි වුණා.

    ආණ්ඩුවේ කළකිරුණු මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්නා බව ඔබ ප්‍රකාශ කළා. ඔබ ඔවුන් සමග සාකච්ඡා කරන බවත් ප්‍රකාශ කළා.

    ඔව් එහෙම කොටසක් ඉන්නවා . ඔවුන්ගේ ප්‍රතිචාර අපට ලැබෙනවා. ඔවුන් සිටින්නේ ලොකු කලකිරීමකින්. මේ බොහෝ අය තමන්ගේ ඇමැතිධුරයේ සිටියත් නිසි තීන්දු තීරණ ගන්න බැහැ. ඔවුන් සිටින්නේ නමට විතරයි.

    ඔවුන් ඔබේ ‍පොදු විපක්ෂයට එකතු වේවිද?

    ‍පොදු විපක්ෂය ඒකරාශී වන්නේ කොයි ආකාරයටද? එදාට ඔවුන් අප සමග සම්බන්ධ වේවි. දැනට අපිට වක්‍රව කතා කරනවා. ඒ වගේම මට සුබ පතනවා.”
    මම හිතනවා අපි ප්‍රබල වුණොත් ඔවුන් මේ ආණ්ඩුව එලවා දමන්න අපි සමග එකතු වේවි කියලා.
    දැන්ම ඔවුන්ට එළියට එන්න බැහැ. එහෙම ආවොත් පාර වදින ආකාරයත් ඔවුන් දන්නවා.

    ඔබ වඩාත් සතුටු වූ දවස යුද්ධය ජයගත් දවස යැයි කිව්වා? ඒ වගේම ජීවිතයේ වඩාත් දුක් වූ දවස සිරගෙට නියම වූ දවසද?

    නැහැ. මම වඩාත් දුක්වුණේ ලලිත් ජයසිංහ වගේ හමුදාවේ සිටි දක්ෂ නිලධාරින් මියගියා ඇහුවමයි. ඊළඟට මගේ ලොකු දුව අවුරුදු දෙකහමාරකින් දකින්න ලැබුණේ නැහැ. ඒවා තමයි
    ඒ ඇරුණු කොට සිරගත වූ දවස මට අරුමයක් වුණේ නැහැ. දුකක් තිබුණේ නැහැ. මම දේශපාලනයට එද්දි මේවා බලා‍පොරොත්තු වුණා. මම ඒකට හිත හදාගෙනයි හිටියේ.

    නමුත් ඔබේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න නොලැබිම දුකක් නමෛයිද?

    ඇත්ත. ඒක ගැන ලොකු දුකක් තිබුණා. මට මගේ දරුවො දෙන්නා බලන්න ඉඩක් නැතිව සිටි කාලයක් තිබුණා.
    ඒක නිසා තමයි මගේ බිරිඳ ටිරාන් අලස් මන්ත්‍රීතුමාගේ ගෙදරදී ජනාධිපතිවරයා හමුවෙනවා කියලා දැන ගත්තහම කිව්වේ මාව නිදහස් කරන එක ගැන කතා කරන්න එපා. නමුත් මගේ දරුවෝ දෙන්නට ප්‍රශ්නයක් නැතිව හිරිහැරයක් නැතිව ජීවත්වෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම කරන්න කියලා. ඇත්තටම මගේ නිදහස් වීමට වඩා මට වුවමනා වුණේ දරුවන්ට කරදරයක් නැතිව ඉන්න පුළුවන් වාතාවරණයක් හදන්නයි.
    මගේ ලොකු දුව අවුරුදු දෙකහමාරකින් එයාගේ මහත්තයව දැකලා නැහැ. එයා විවාහ වෙලා අවුරුදු දෙකයි පවුල් ජීවිතේ ගත කරන්න ඉඩ ලැබුණේ. මෙම විවාහයට එක් පාර්ශ්වයකින් සාක්ෂියට අත්සන් කළෙත් ජනාධිපතිවරයායි.
    “ඔය විදිහට මම හිතනවා ඉදිරියේ අපට තවත් කැපවීම් කරන්න සිදුවෙයි කියලා. හැබැයි මේවා තාවකාලිකයි. හැම කරදරයටම අපි මුහුණ දෙනවා. ඒ ආත්ම ශක්තිය මට තිබෙනවා.

    සිරගෙදරට ගිය දවස මතකද? එදා මොනවද සිද්ධ වුණේ?

    නාවික හමුදා කඳවුරේ ඉඳලා මාව වැළිකඩ බන්ධනාගාරයට අරන් ගියේ රෑ 10.00 ට විතර. කෙලින්ම එතැනට ගියේ නැහැ. ලොකු වටයක් ගිහින් වැලිකඩ බන්ධනාගාරයට ගියේ පිටුපස දොරින්. ජනතාව දකීවි කියලා තමයි එහෙම කළේ. අන්තිම දවසේ කළෙත් එහෙමනේ. උසාවි යන එනකොටත් එහෙමයි.
    කොහොම හරි බන්ධනාගාරය ඇතුලතට අරන් ගිය මාව පුංචි සිර මැදිරියක ඇතුලට දැම්මා. එහි පැදුරක් ඒ වගේම පුංචි බංකුවක් වගේ ටි‍පෝ එකක් තිබුණා.”
    මේ ටි‍පෝ එක උඩ බත් එකක් එහෙමත් තිබුණා.
    සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ රෑ බත් එක දෙන්නේ සවස 3.00 ට විතර. මේ බත් එකේ තෙල් කූඹි ගොඩක් හිටියා. බත් එක ඇරලා බලද්දී එළවළු දෙකක් එක්ක මස් කෑල්ලක් එහෙමත් තිබුණා.
    මම බත් එක මැදින් බත් කටවල් දෙක තුනක් කෑවේ අර කූඹි නොසිටින තැන් බලලයි. සිර කූඩුවේ බිත්ති දිගේ රෑ වෙද්දි මකුණෝ බහින්න පටන් ගන්නවා. ලයිට් නිවලා නිදාගන්න ගියාට පස්සේ මදුරුවෝ, මකුණෝ විතරක් නමෛයි ගෙම්බෝ, කැර‍පොත්තෝ පවා එනවා. ඒ වගේම හිරගෙදර දොර අතර තිබෙන හිඩැස ඇතුලෙන් ලොකු ඌරු මීයෝ එනවා. නමුත් මම මේවා ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. මම සොල්දාදුවෙක් කියලා හිතුවා. එන ඕනෑම දේකට මුහුණ දෙනවා කියලා හිත හදා ගත්තා.

    ඔබත් සාමාන්‍ය සිරකරුවෙක් කියලා හිතුවා?

    ඔව්. මම හිත හදාගෙන ගියේ සාමාන්‍ය සිරකරුවන් එක්ක ‍පෝලිමේ ගිහින් බත් කන්න. ‍පෝලිමේ ඉඳලා වැසිකිළි යන්න. මොකද සිරකරුවෝ 1000කට වැසිකිළි හතයි හිරගෙදර තියෙන්නේ. ඉතිං අර විදිහට යන්නම වෙනවා.
    නමුත් මගේ හිර කූඩුවේ ඇතුළේ වැසිකිළියක් තිබුණා. මේක මට ලොකු සහනයක් වුණා. කෙසේ හෝ එතන ඉඳලා මම ජීවිතේට මුහුණ දුන්නා. ඉන් පසුව මට අඩි දෙකක පළලින් යුතු බංකුවක් ලැබුණා මෙට්ටයක් දාලා. මම ඒක ප්‍රයෝජනයට අරන් නිදාගත්තා.
    ඉන් පසුව තමයි අනෙක් සිරකාරයින්ට තිබෙන ඇතැම් පහසුකම් පවා මම උසාවිය හමුවට ගොස් ලබා ගත්තේ.

    බන්ධනාගාරය තුළ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් වගේම එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ පිරිස් එහෙමත් ඉන්නවා. ඔවුන් ඔබට ප්‍රශ්නයක් ඇති කළේ නැද්ද?

    මම හිරගෙදරට ඇතුළට යද්දිම එල්.ටී.ටී.ඊ. සිරකරුවන් කීපදෙනෙක් එළියට අරන් යන්න සූදානම් වෙනවා මම දැක්කා. ඔවුන් මාව දැකලා කෑගැහුවා. කෑගහලා හැමෝටම ඇහෙන්න කිව්වා යුද්ධ කරලා රට බේරගත්ත ජෙනරාල් වැලිකඩට එනවා. අපිව වැලිකඩින් එළියට අරන් යනවා කියලා. එදා මට හිතුණා එල්.ටී.ටී.ඊ.ය වුණත් ඔවුන් මා ගැන යම් පැහැදීමකින් ඉන්නවා කියලා. ඒ වගේම පාතාලයට සම්බන්ධ පිරිස් පවා මට පණිවිඩ එව්වා. 'සර් බයවෙන්න එපා. අපි ඉන්නවා සර් එක්ක' කියලා. ඇත්තටම මට හිරගෙදර ඇතුළෙදි නම් කිසිම බයක් ඇතිවුණේ නැහැ.


    http://www.lakbima.lk/new_site/inde...27:2012-05-26-09-41-54&catid=72:tv&Itemid=414
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    බන්ධනාගාරය තුළ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් වගේම එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ පිරිස් එහෙමත් ඉන්නවා. ඔවුන් ඔබට ප්‍රශ්නයක් ඇති කළේ නැද්ද?

    මම හිරගෙදරට ඇතුළට යද්දිම එල්.ටී.ටී.ඊ. සිරකරුවන් කීපදෙනෙක් එළියට අරන් යන්න සූදානම් වෙනවා මම දැක්කා. ඔවුන් මාව දැකලා කෑගැහුවා. කෑගහලා හැමෝටම ඇහෙන්න කිව්වා යුද්ධ කරලා රට බේරගත්ත ජෙනරාල් වැලිකඩට එනවා. අපිව වැලිකඩින් එළියට අරන් යනවා කියලා. එදා මට හිතුණා එල්.ටී.ටී.ඊ.ය වුණත් ඔවුන් මා ගැන යම් පැහැදීමකින් ඉන්නවා කියලා. ඒ වගේම පාතාලයට සම්බන්ධ පිරිස් පවා මට පණිවිඩ එව්වා. 'සර් බයවෙන්න එපා. අපි ඉන්නවා සර් එක්ක' කියලා. ඇත්තටම මට හිරගෙදර ඇතුළෙදි නම් කිසිම බයක් ඇතිවුණේ නැහැ.


    8.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා උළු ගෙදර කල්දේරම් බත් කන්න ඕනේ උන් අද සූර සැප විඳිනවා. අනේ මෙහෙමත් රටක්. මුන් තමයි දැන් දේශප්‍රේමින්.

    karuna_b1.jpg
    karuna_amman_2.jpg
    karuna_amman_3.jpg
    pillyancol1.jpg
    KP0806.jpg


    :no::no::no::no: