ඇග බේරගෙන හොස්ටින්ග් ගමු-tutorial 2

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඇග බේරගෙන හොස්ටින්ග් ගමු-tutorial 2

    මන් මේක එලකිරි එකට දාන්නේ මගේම බ්ලොග් එකෙන් අරන්,කොහෙදෝ යන අම්මා නැති එකෙක් මන් කොපි පේස්ට් කියලා ටැග්ස් දාලා. බ්ලොග් එක කරන්න්නේ මම තම්යි ....මගේ බ්ලොග් එකේ කිසිම දෙයක් කොපි නැ ....
    ලිපිය ටිකක් ලොකුයි තමයි.උවමනාවක් ,ආසාවක් තියෙනවා නම් ඔක්කොම කියවන්න.
    ඉයේ මන් ලිපියෙන් ඩොමේන් ගැන ලොකු ලිපියක් ලිව්වා.එකට එලකිරි එකේ ගොඩාක් අය මාව දිරිමත් කරන විදියට කතා කරලා තිබුනා.ඒ හැමොටම ස්තුතියි.
    ඒ ලැබිච්ච ප්‍රතිචාර එක්ක මන් හිතුවා දිගටම ලියනවා කියලා.මන් ගොඩාක් දේවල් ඉගන ගත්තේ තනියම,මන් මේ විශයට අසීමිත ලෙස අදරය කරපු නිසා.මන් ඉගන ගත්තේ මට මගේම කියලා කොම්පුටර් එකක් වත් නතිව ෆොන් එකේන් ඉන්ටෙර්නෙට් ගිහින්.ඉතින් උවමනාව තියෙන අයට උදව් කරන්න මන් හැමදාම කැමතියි.දැන ගන්න ඔන දෙයක් මගෙන් අහන්න.මන් ඔන වෙලාවක ඔයාලට උදව් කරනවා.ඒ මට පොර වීමේ ආසාවට නෙමේ.මන් ආසයි මීලග අවුරදු කීපයේදි බිල් ගේට්ස්ලා,මාර්ක් සකර්බෙර්ග්ලා තව ගොඩක් අය අපේ රටින් බිහි වේනවා දකින්න,
    හොදයි බයිලා නැතිව වැඩේට බහිමු.
    මොකක්ද මේ හොස්ටින්ග් කියන්නේ?
    මේක් අදාල වෙන්නේ අන්තර්ජන්ජාල්ය සමග වැඩ කරනකොට තමයි.හොදයි ඔබට වෙබ් අඩවියක් තියෙනවා,එක මිනිස්සුන්ට ලගා වෙන්න නැත්තම් බලන්න ක්‍රම 2ක් තියෙනවා.සරලම ක්‍රමය එයා ඔයා ඉන්න තැනට අවිත් ඔයාගේ කොම්පියුටර් එකෙන් බලනවා,නැත්තම් ඔයා පෙන් එකක් ,සීඩී එකක දාගෙනෙ ගිහින් එයාට පෙන්වනවා.නමුත් ඉන්ටෙර්නෙට් එක ඔය ක්‍රමය පහසු කලා.එකේන් එයාට අන්තර්ජන්ජාලය හරහා ඔයාගේ වෙබ් අඩවිය බලන්න පුලුවන් වෙලා තියෙන්වා.(වෙබ් අවේ ඉන්ටෙර්නෙට් හොයාගත්තට පස්සේ තමයි.මන් උදාහරනෙට කිව්වේ)
    නමුත් මෙක ඉන්ටෙර්නෙට් එක හරහා බලන්න අපේ වෙබ් අඩවිය කොහේ හරි ගබඩා කරලා තියෙන්න ඔන.එහෙම වෙබ් අඩවිය ගබඩා කරන එක තමයි හොස්ට් කරනවා කියලා මෙතනදි කියන්නේ.වෙබ් අඩවියක් හොස්ට් කරන්න අන්තර්ජාලෙට සම්බන්ද කරපු සර්වර් පරිගනකයක් අවශ්ය වෙනවා.
    එතකොට අපිටම වෙබ් සර්වෙර් එකක් හදා ගන්න බැරිද?
    මොකෝ බැරි පුලුවන්.නමුත් එතනදි ප්‍රායෝගික ගැටලු කිහිපයක් පැන නගිනවා.
    වෙබ් අඩවියකට එකවර පිවිසෙන්නෝ විශාල ප්‍රමානයක් එන්න පුලුවන් ඒතකොට ඒ හැමොගෙම ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න සර්වර් එකට හැකියාව තියෙන්න ඔන.ඒ නිසා අපි ගෙදර දොරේ පවිච්චි කරන සාමාන්ය පරිගනකයක් සර්වෙර් එකක් විදියට පවිච්චි කරන්න අමාරුයි.ඉට අමතරව හොද වේගවත් අප්ලින්ක් වේගයක් සහිත අන්තර්ජාල සම්බන්දයක් ඔන වෙනවා.(ලන්කාවේ කොහෙද ඔවා )මොකද ඩේටා ගොඩාක් හුවමාරු වෙන නිසා.
    තව දෙයක් සර්වෙර් එක මුලු අවුරුද්දේම පැය 24ම වැඩ කරන්නත් ඔන.වුර්තිය මට්ටමේ වෙබ් අඩවියකට හොද හොස්ටිග් සර්වර් එකක් කරන්න ගොඩක් නෙට්වර්කින්ග් ,සර්වෙර් මැනේජ්මන්ට් ගැන ලොකු දැනුමකුත් ඔන වෙනවා. ලන්කාවේ දැනට පවතින තත්වේ අනුව නම් අපිට සර්වෙර් එකක් නඩත්තු කරන්න බැ.දැනට මන් දන්න තරමින් ලන්කාවේ තමන්ගෙම සර්වෙර් එකක වෙබඩවියක් නඩත්තු කරන්නේ ඩයලොග්,එටිසලට්,හච්,මොබිටෙල්,ටෙලිකොම් වගේ අන්තර්ජාල සේවා සපයන්නන් විතරයි.
    ඉතින් මොකද කරන්නේ?
    මේ අතර ඉන්නවා වෙබ් සර්වෙර් හදලා ,ඩේටා ෆාර්ම් වෘතිය මට්ටමින් සර්වර් පවත්වාගෙන අය.(ලන්කාවේ නෙමේ,ඇමරිකාවේ,රුසියාවේ,චීනේ, වගේ රටවල් වල ).අපිට පුලුවන් කුලි පදනම යටතේ වෙබ් හොස්ටින්ග් පහසුකම් ගන්න.විවිද උවමනා වලට විවිද හොස්ටින්ග් පැකේජ තියෙන්වා,හරියට ජන්ගම දූරකතන පැකේජ වගේ.
    මුලින් තමන් හිතන්න ඔන තමන්ගේ වෙබ් අඩවියට අවශ්ය වෙන්න මොනවගේ පහසුකම්ද කියලා,ඒ අනුව වෙබ් හොස්ටින්ග් පැකේජ් එකක් තොර ගන්න ඔන.කොහොමත් අපිට වෙබ් හොස්ටින්ග් ගොඩක් වෙලාවට ගන්න වෙන්නේ අලවි නියොජිත ඒ කියන්නේ re sellers ලාගෙන්.එයාලා කරන්නේ ඩේටා ෆාර්ම් එකේ ඔව්නර් ගෙන් ලොකු පැකේජ් එකක් අරගෙන,අපිට එයත් ගානක් තියාගෙන පොඩි පැකේජ් කඩලා දෙන එක තමයි.ලන්කාවේ ඔය වෙබ් හොස්ටින්ග් දෙන හැමොම කරන්නේ ඔය ටික තමයි.හොද වෙබ් හොස්ටින්ග් සේවයක් හොයා ගන්නවා කියන්නේ හරියට හොද ගෑනියෙක් හොයා ගන්නවා වගේ වැඩක් තමයි.මොක්ද වෙබ් හොස්ටින්ග් දෙන ගොඩාක් එවුන් හොරු.( සමාවෙන්න හැමොම නෙම බහුතරය ).ඇඩ් වල දාන සුන්දර කතා,කියන කතා සර්විස් එක ගත්තට පස්සේ නැ.කවදාවත් ලාබෙට හොස්ටින්ග් ගන්න හිතන්න එපා,එහෙනම් අමාරුවේ තමයි.වෙබ් හොස්ටින්ග් ගන්න කලින් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බලන්න ඔය ගන්න හදන සෙර්විස් ප්‍රවයිඩෙර් ගැන අනිත් එයාගෙන් සෙර්විස් ගත්ත අය කියන්නේ මොනවද කියලා.(reviews).
    හොස්ටින්ග් අපිට ගන්න පුලුවන් ප්‍රදාන පැකේජ කිහිපයක් තියෙනවා.එවා ගැන මන් දැන් කියන්නම්.
    1.Shared Hosting
    මන් මේ පැකේජ ක්‍රමයට හොද උදාහරනයක් කියන්නම්.හිතන්න ඔයා ගාව අඹ ගෙඩියක් තියෙනවා එක සමානව 5 දෙනෙක් අතර බෙදිලා යන්න කපන්න ඔනා.ඔයා ඒ විදියට කපලා දෙනවා,Shared Hosting කියන සන්කල්පයත් මේ වගේ.අඹ ගෙඩිය කියන්නේ සර්වර් එක.එකට යූසර්ස්ලා ගොඩාක් ඉන්නවා,වෙබ් අඩවි ගොඩාක් හොස්ට් කරලා තියෙනවා.මේ එක් එක් යුසර්ට සර්වර් එකේ සම්පත්(CPU,RAM) සමානව බෙදිලා යනවා,සමහර සම්පත් (උදා-bandwidth,disk space,ftp,mail accounts,my sql databases ) වගේ එවට නියමිත කොටා එකක් තියෙනවා.එක ඉක්මවන්න බැ.
    2.VPS(Virtual Private Servers)
    මෙකෙදි වෙන්නෙත් කලින් කියපු ක්‍රමයට ටිකාක් සමාන මූල ධර්මයක් නමුත් ඊට වඩා ඇඩ්වාන්ස්.එකේදි වෙන්නේ මේ වගේ දෙයක්.මේකෙදිත් බාවිතා වෙන්නේ එකම සර්වරයක් තුල මෙහෙයුම් පද්දති කිහිපයක් පිහිටුවලා තියෙනවා.ඒ එක මෙහෙයුම් පද්දතියක සම්පූරන අයිතිය ඔයාට දෙනවා.මෙක හරියට ක්‍රියා කරන්නේ ඔයාටම වෙන් උනු වෙබ් සර්වෙර් එකක් වගේ නමුත් එක සෙර්වෙර් එක තුල ඔයා වගේම තව අය ඉන්නවා.එකේදි යොදා ගන්න සෙර්වර්ස් වල Shared Hosting වලදි යොදාගන්න සර්වර්ස් වලට වඩා සම්පත් වලින් යුක්තයි.නමුත් අතනදි වගේම ඒ සම්පත් යුසරස්ලා අතරේ බෙදිලා යනවා
    3.Dedicated server
    මෙකෙදි වෙන්නේ ඩේටා ෆාර්ම් එක තුල ඔයාටම කියලා සර්වර් එකක් දෙනවා.එකේ තියෙන රැම්,CPU,HARD DISK ඔක්කොම ඔයටමයි.ඔයා කියන මෙහෙයුම් පද්දතිය දාලා දෙනවා.ස්මපත් බෙදි යාමක් මෙහෙදි වෙන්නේ නැ.නමුත් මේ ක්‍රමය බාවිතා කරන්න සැලකිය යුතු මුදලක් ඒ වගේම යම් තරමක සර්වර් ගැන ඔබට දැනුමක් තිබිය යුතුමයි.
    තමන්ගේ වෙබ් සයිට් එකේ අව්ශයතාවන් අනුව ඉහත පැකේජ් එකක් තොරගන්න ඔන.මුලින්ම වෙබ් හොස්ටින්ග් කරන කෙනෙකුට ඔය පිලිවලඉන් පටන් ගන්න කියලයි මෙග නිර්දේශය.
    තව මොනවද සැලකිලිමත් වෙන්න ඔන?
    තව බලන්න ඔන දේවල් ගොඩාක් තියෙනවා.
    මුල්න්ම ඔයාගේ වෙබ් සයිට් එක ප්‍රොග්‍රැම් කරල තියෙන භාශාවට අදාල සර්වෙර් එක සහය දක්වනවද කියලා.උදාහරනයක් වශයෙන් HTML වලින් විතරක් තියෙන වෙබ් අඩවියක් ඔනම සාමාන්ය සර්වෙර් එකක් ඇති,නමුත් PHP වගේ භාශාවක් නම් ඒ වෙබ් සර්වෙර් එකේ PHP ස්තාපිත කරලා තියෙන්න ඔන.
    දැනට ලොකේ තියෙන සෙර්වෙර් ජාති දෙකක් තියෙනව ප්‍රධාන වශයෙන්,
    ලින්කස් සර්වර්ස් සහ වින්ඩොස් සර්වෙර්ස් කියලා.ලොකේ තියෙන 99% සර්වර්ස් ලින්ක්ස්.PHP වලින් වගෙ දුවන සයිට් එකක් නම් ලිනක්ස් එකක් තොරගන්න එක වඩා හොදයි,ASP වලින් ලියපු එකක් නම් අනිවා වින්ඩොව්ස් තමයි,JSP අර වගේ නම් එච්චර කතා කරලා වැඩක් නැ.ලන්කාවේ ජාවා එච්චර ලොකුවට පුම්බලා උඩ දාන්න හැදුවට ලොකේ ජාවා වලට දැන් තැනක් නැ.මන් දන්නේ නැ මගේ අදහස තමයි එක,
    තව බලන්න ඔයා යොදා ගන්නේ කොහෙන් හරි බාගත්ත ස්ක්‍රිප්ට් එකක් නම් එකට ගැලපෙන ඔප්ශන්ස් තියෙනවද බලන්න,උදාහරනෙකට වගේ එවට.
    තව බලන්න සෙර්වෙර් එකෙන් පැයකට,දවසකට යවන්න පුලුවන් ඊ-මේල් ගාන එහෙම.මොක්ද ස්පැම් නිසා ගොඩාක් සර්වෙර් වලින් ඔවා ලිමිට් කරලා තියෙන්න.ඔයාගේ ස්ක්‍රිප්ට් එකෙක්න් ගොඩාක් මේල් යන්වා නම් එකට ගැලපෙන එකක් තොර ගන්න ඔන.
    එතකොට ඔය අන්ලිමිටෙඩ් කියන්නේ මොනවද?
    එකත් හරියට ලන්කාඒ අන්ලිමිටෙඩ් ඉන්ටෙර්නෙට් පැකෙජ වගේ තමයි.අන්ලිමිටෙඩ් කිව්වට එවා හැම එකකම ලිමිට් එකක් තියෙනවා.
    ඔන්න අදත් ලොකු ලිපියක් දවස් දෙකක් තිස්සේ ලිව්වා.මීලගට ලියන්නේ මොනවද කියලා තවම අදහසක් නැ.ඔයාලට මොනවා හරි දැන ගන්න ඔනේ නම් දෙපාරක් හිතන්නේ නැතිව අහන්න.මන් පුලුවන් විදියට මන් දන්න දේවල් කියල දෙන්නම්.
    එහෙනම් සුභ……!
    රශොද්
    source -

    බොහොම අමාරුවෙන් කෙටුවේ.බම්පියක් අරවා ටිකක් දිල යන්න හොදේ...
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඔන්න අම්මා නැති එකෙක් කොපි පේස්ට් කියලා ටැග්ස් දාලා දගලනවා.අඩො ගද නරියෝ මේ පොස්ට් එක ගත්තේ බ්ලොග් එකෙන්,ඒ බ්ලොග් එක කරන්නේ මන් තමයි.එකේ කිසිම ඩ්තෙයක් කොපි නැ බොල,ඉරිසියාව නම් කටයි පුකයි වහගෙන පල.