කුරුළෑ නැති කිරීමට...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කුරුළෑ නැති කිරීමට...

    pimples367_11.jpg



    කුරුළෑ නැති කිරීමට කලාදුරු අල පිරිසිදු ඇල්වතුරෙන් අඹරලා ගාන්න. මේක අත් බේතක්. කුරුලෑ මූණපූරාම තියෙනව නම් ඉතින් මූණපූරාම ගාන්න. හැබැයි මේ බේත බොහොම පිරිසිදුව සකස් කරගන්න ඕනෑ. අපිරිසිදුව කළොත් නම් කුරුළෑ තිබ්බටත් වැඩිය මතුවෙනවා. ඒක අමතක කරන්නත් එපා.. කුරුළෑ මූණෙ හැමතැනම නැතුව තැන් තැන්වල විතරක් තියෙනව නම් ඒ තැන්වල විතරක් ගෑවම ඇති. මූණපූරාම ගාන්න ඕනි නෑ...

    ආපසූ සෝදනවිට පැය බාගයක් විතර තියලා ඇල්වතුරෙන්ම සෝදන්න. සතියකට දෙවරක් විතර මාසයක් මේ ප්‍රතිකාරය කරන්න. තෙල් සහිත, උෂ්ණ අධික කෑම ගැනීමෙන් වළකින්න. තක්කාලි අච්චාරු, අන්නාසි, දෙල්, බල මාළු, හරක් මස් වගේ ආහාර උෂ්ණයි. මලබද්ධයටත් කුරුළෑ එනවා. පලතුරු එළවළු වැඩියෙන් කන්න. වතුර වැඩියෙන් බොන්න.


    තව බේතක් කියන්නම්... අමූකහ, කොහොඹ දළු අඹරලා ක්‍රීම් එකක් වගේ ගාන්නත් පූළුවන්. සතියකට දෙවරක් මාසයක් විතර මේ ප්‍රතිකාරය කළාම ඇති. සමහරු කියනව මේ බේත කළාම දැවිල්ලක් එනවා කියල. එහෙම නම් කොහොඹ කොළයි, අමූකහයි කොටලා වණ්ඩූවෙන් තම්බලා තවන්න ඕනි. මද උණූසූමින් තවන්නත් මතක තියාගන්න. මේ අත්බේත්වලින් සූවයක් නැත්නම් ඉතින් වෛද්‍යවරයෙක් ළඟට යන්න වෙනවා. සමහරුන්ට බඩ විරේක කරලා බේත් දෙන්නම ඕනි. ඒ අයට බාහිර ආලේපන කළාට හරියන්නෙ නෑ...


    සමහර ගෑණූ ළමයි දැන් හිසේ තෙල් ගාන්නෙම නෑ. ඒකත් විලාසිතාවක් වෙලා. පොල්තෙල් ගානවට වඩා දේශීය ඖෂධ මිශ්‍ර ඖෂධීය තෙලක් ගානවා නම් තමයි හොඳ. කෘත්‍රිම ආහාරපාන ගැනීම වැනි දේ නිසා කෙස් යෑම පැසීම ඇතිවෙනවා.


    ඖෂධීය තෙල්වල තියෙන සැරගතියට, අමිහිරි සූවඳට සමහරු කැමති නෑ...ඖෂධීය තෙල් වූණත් සූවඳ කවල තියෙනවා. හැබැයි සූවඳ කෘත්‍රිමව කවපූ ඒ තෙල් ගාලා නම් වැඩක් නෑ... ඒ තෙල්වලට එක එක දේ මිශ්‍ර කරලා තමයි ඒ සූවඳ කෘත්‍රිමව අරගෙන තියෙන්නෙ. හොඳම තෙල ස්වභාවික බෙහෙත් ද්‍රව්‍ය යොදාගෙන හිඳගත්ත තෙල තමයි.


    වායූසමීකරණ, විදුලි පංකා යට ඉන්න අයගෙත් කොණ්ඩය යනවා. හිසකෙස් ඉදෙනවා. හිසකෙස් විවිධ විලාසිතාවලට සැකසීමෙන් කෙස් වර්ණ ගැන්වීමෙන් කෙස් ඉදෙනවා. ඉස්සර කොණ්ඩෙට ජෙල් ගෑවෙ නැහැනෙ. එඬරු තෙල් තමයි ගෑවෙ. එඬරු තෙල් ගෑවම කෙස් ශක්තිමත් වෙනවා. කළුවෙනවා. වැඩෙනවා.



    ආයූර්වේද වෛද්‍ය නිල්මිණි ප්‍රේමතිලක

    Source :http://www.sinhalamag.com/2012/06/blog-post_02.html?utm_source=BP_recent

    වටිනවානම් ඉතින් රෙපක් බම්ප් එකක් එහෙම... :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    pimples367_11.jpg

    වායූසමීකරණ, විදුලි පංකා යට ඉන්න අයගෙත් කොණ්ඩය යනවා. හිසකෙස් ඉදෙනවා. හිසකෙස් විවිධ විලාසිතාවලට සැකසීමෙන් කෙස් වර්ණ ගැන්වීමෙන් කෙස් ඉදෙනවා. ඉස්සර කොණ්ඩෙට ජෙල් ගෑවෙ නැහැනෙ. එඬරු තෙල් තමයි ගෑවෙ. එඬරු තෙල් ගෑවම කෙස් ශක්තිමත් වෙනවා. කළුවෙනවා. වැඩෙනවා.


    :) :) ස්තුතියි..