...::: ලියන වචන කියාගන්න බැරි ඇයි..? :::...
පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

[FONT="]ලියන වචන කියාගන්න බැරි ඇයි..?
මට මේ ළගදි හම්බ වුණා ඉස්කෝලෙ යන කාලෙ ගෑනු ළමයෙක් දීපු ලියුමක්.. ඒකෙන් කොටසක් මං ලියන්නම්.. සේරම ලියන්න බෑ ලැජ්ජයි.. සමහර තැන්නම් හොදයි.. මේ එහෙම තැනක්..[/FONT]
[FONT="]“[/FONT][FONT="]පෙරේදා ගියපු ඔයා තාම නෑ.. ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකට මට එන්න ආසාවක් නොතිබුණා නෙමෙයි.. ඒත් අයියා එන්න දුන්නෙ නෑ.. අයියා රණ්ඩුව ඇදපු නිසා අම්මලත් කැමති වුණේ නෑ.. ඔයාට නම් ජොලි තැනි නේද..? අනේ රත්තරං පැටියො පරිස්සමින්.. මං දන්නවා ඔයාට වැවක් ගඟක් පේන්න බෑ ගෙම්බා වගේ පැනලා පීනනවා කියලා.. පරිස්සමින්.. කියනදෙයක් අහන්නෙත් නෑනෙ.. මං මේවා ලියලා වැඩකුත් නෑ මැණික.. ඔයා මේ ලියුම බලන්නෙ ආවට පස්සෙනෙ.. මං මේක කම්මැලිකමට ලියන්න ගත්තෙ.. ආ.. ඒක නෙමේ මැණික.. දන්නවද වැඩක්..?[/FONT][FONT="]”[/FONT]
[FONT="]මේ ටික ඇතුළෙ ඇය මට ආමන්ත්‍රණය කරපු ආදරණීය වචන කොච්චරක්ද..? රත්තරං, පැටියො, මැණික.. තව ගෙම්බා කියලත් කිව්වා.. ඒකත් ආදරේටම කියලා හිතමුකො.. මට තියෙන ගැටලුව තමයි මේ වචනවලින්, එකක්වත් ඇය මගේ ජීවිතේට මගේ මූණට කියලා නෑ.. එක්කො ඔයා කියලා කතා කළා, නැත්නම් නම කියලා කතා කළා.. මගේ මතකෙ හැටියට, මම නම් එයාට පැටියා වගේ මොකක් හරි ආදරේ හිතෙන දැනෙන සුරතල් නමක් කිව්වා.. සමහර වෙලාවට අනික් ළමයි ඉද්දිත් කිසි බයක් සැකක් නවැතුව මං එයාට ඒක කිව්වා.. මං දැනගෙන හිටියා එයා එහෙම කතා කරන එකට ආසයි කියලා.. සමහර වෙලාවට ලැජ්ජාවෙන් ඇඹරුණාට එයා ලොකු ආඩම්බරයක් සතුටක් වින්දා මං එයාට එහෙම අමතද්දි.. එයත් මට එහෙම කතා කළා නම් මටත් ඒ සතුට විදගන්න තිබුණා.. නමුත් ඇය කවදාවත් එහෙම කතා කළේ නෑ.. [/FONT]
[FONT="]ආදරේදි අති බහුතරයක් දෙනා එහෙමයි.. මේකට ගෑනු පිරිමි කියලා භේදයක් නෑ.. ගොඩක් අය ආදරේදි ලියුම් ලියන ඒවා, කෙටි පණිවිඩ ([/FONT][FONT="]SMS[/FONT][FONT="])[/FONT][FONT="]වල ලියන ඒවා ඇත්තටම කියන්නෙ නෑ.. ලියුම්වල ඕන මගුලක් ලියන්න පුළුවන්[/FONT][FONT="] SMS [/FONT][FONT="]වල ඕන මගුලක් ටයිප් කරලා යවන්න පුළුවන්.. ඒත් ඒවා ලබන කෙනා මූණට මූණ හම්බ වුණාම ගොඩක් අයට ඒ වචන කියන්න බෑ.. ඇයි ඒ.. මේකට හේතු කිහිපයක් තියෙනවා.. ආදරය කියන්නෙ අපිට දැනෙන හැගීම් අතරින් බොළදම හැගීමක්.. ඒ වගේම සුන්දරම හැගීමක්.. එය කොයිතරම් බොළදද ඒ තරමටම සුන්දරයි.. එහෙම සුන්දර හැගීමක් අපිට නැවත මුණ ගැහෙන්නෙ අපේම දරුවේ එක්ක හුරතල් වෙද්දි.. එහෙම නැත්නම් අපි අපේ පුංචි කාලෙ අපේ දෙමව්පියො එක්ක හුරතල් වෙද්දි.. මගේ අම්මා මට කිව්වෙ චූටි පුතා කියලා.. වැරදිලා හරි එයා මට මගේ නම කියලා කතා කළොත් මගේ හිත රිදුනා හොදටම.. මේ තරම් ලොකු මිනිහෙක් වෙලා ඉද්දි අදට වුණත් ආවට මට මගේ නම කියලා කතා කලොත් මගේ හිත රිදෙනවා.. මං එයාගෙ හිතෙන් ඈතට ගියා වගේ දැනෙනවා.. කොටින්ම අම්මව මට පිට කෙනෙක් වගේ දැනෙනවා..[/FONT]
[FONT="]ආදරේදි අපි ආදරේ කරන අයට කතා කරන්න සුරතල් නමක් තියෙන්නම ඕන.. එහෙම නැති වුණාම ආදරේ හෙන ඔෆිෂියල් වැඩක් වෙනවා.. ජීවිතේ එතකොට නිකං සමූපාකාර වගේ වෙනවා.. ඔබ සමූපාකාර මැනේජර් කෙනෙක් වගේ වෙනවා.. ජීවිතේ ආදරේ පාන්ඩු ගඳ හමනවා.. හාල් මැස්සො ගද එනවා.. මැස්සේ ඇහිරෙනවා.. ගුල්ලො ගහනවා.. ආදරයක් සහ ආදරයක් විදින ජීවිතයක් එසේ විය යුතු නැහැ.. අනික ආදරයක් තුළ හරි සුන්දර සෞන්දර්යක් තියෙනවා.. ඒක විදින්නම ඕන.. ඒ සෞන්දර්ය ගොඩනැගෙන්නෙ බොළදකමක් එක්ක, හුරතලෙත් එක්ක, ඔබේ පෙම්වතිය ඔබ එක්ක හුරතල් නොවී මං එක්ක හුරතල් වෙන්නෑ.. එතකොට ඔබ ඇය එක්ක හුරතල් නොවී කා එක්ක හුරතල් වෙන්නද..?[/FONT]
[FONT="]ඕක වෙලා තියෙන්නෙ කට්ටිය ආදරේ කරන්නෙ පෙම්වතාට පෙම්වතියට වුණාට ජීවත් වෙන්න යන්නෙ රටේ ලෝකෙ හැම එකත් එක්කම.. මං එයාට පැටියො කියලා කියනවා ඇහිලා අරයට මොනවා හිතෙයිද..? මට නෝනිඩි වෙන්න වෙයිද..? එයාලා මං මහ බොළදයි කියලා හිතයිද..? ඔන්න අපේ අයියලට හිතෙන මනස්ගාත.. එතකොට එහෙම නොකිය හිටියාම තමන් ආදරේ කරන එකීගෙ හිත කොච්චර රිදෙනවද කියලා මතක් වේනනෙ නෑ.. [/FONT]
[FONT="]යකුනෙ ආදරේ කරද්දි නිදහස් වෙයල්ලා.. උඹට එයාට පණ කියලා කියන්න හිතුණොත් කියපන්.. පැටියො කියන්න හිතුණොත් ඒකත් කියපන්.. ආදරේ හිතුනම ආදරෙන් කතා කරපන්.. අහන් ඉන්න උන් හිනාවෙයි.. උන්ට හිනාවෙන්න කියපල්ලා.. බැරිනම් බම්බු ගහන්න කියපල්ලා.. මතක ඇතුව උඹලා ආදරේ කරපල්ලා, හැබැයි නිකං නෙමේ අනික් උන්ට ඉරිසියා හිතෙන්න ආදරේ කරපල්ලා.. මොකද ගොඩක් එවුන්ට හිතේ තිබුණට කරගන්න බෑ.. ඒක ෂූවර්..! සමහරුන්ට ප්‍රශ්නෙ තරුණ කාලෙ කියපු කතාව නාකි වෙද්දිත් වලංගු වෙයිද කියලා.. උඹ උඹේ පෙම්වතියට පැටියා කියලා කතා කළොත් ඇය දවසක ආච්චි කෙනෙක් උනාමත් එයාට කතා කරන්න පුළුවන්ද..? බක පණ්ඩිතකම් එපා බං.. තාම ඒකි නාකි උනේ නෑනෙ.. දැන් හිතෙන දේ දැන් කරපල්ලා.. උඹලා නාකි උනාම කියන්න හිතෙන දේ නම් දැන්මම හිතයි.. ඒ කාලෙ වෙද්දි ඉන්නෙ කොහෙද, ගෙවල් දොරවල් කොහොමද නොහිතුවට.. ඕකනේ අපේ උන්ට කෙළවිලා තියෙන්නෙ.. අනික තමයි උඹ පැටියා නෙමේ චූටි බබා කියලා කිව්වත් ඒකිම තමා නාකි වෙන්නෙ.. එයාටමයි ඒක කියන්නෙත්.. ඉතින් එයාට හොද නම් අනික් උන්ට පොල්ද..? නාන්න කියපල්ලා.. [/FONT]

අවසානයි
.................................................. .................................................. .............................
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
සටහන - සමන් එදිරිමුණි
[email protected]
2012-06-04