හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
දවසක් තියේවී වෙන් වුනු ඔබ මා නැවතත් මුන ගැසෙනා

විරහව හිතට කියදුන් ඒ අතීතයට පෙම්කරන්න....


අපි කාටත් රස විදින්න පුලුවන් සින්දුවක් මෙක . අපේ අතීත සැමරුම් වල කොහේ හෝ තැනක විරහව කියන දේ ගෑවිලා තියෙනවා. අපි වර්ථමානයේ ලොකයාට පේන්න කොච්චර හිනා වෙල හිටියත් හිත යටින් කොච්චරවත් එ අතීතය කොයිම හෝ වෙලවක තමුන්ගේ දෑස් ඉදිරියට එයි කියල පොඩි තැති ගැස්මක්, බයක් අපි ගොඩක් දෙනෙකුට තියෙන බව අපි අවිවාදයෙන් පිලිගන්න ඔන යථාර්තයක්.. මම කියන්නේ බොරුනම් තමුන්ගෙ හෘද සාක්ෂියට කතාකරලා බලන්න එක බොරුද කියලා ...







දවසක් තියේවී වෙන් වුන ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

නටුවෙන් කඩලා මල විසිකල විලසේ
වරදක් නැතත් ඔබ මට පිටු පෑ දවසේ
වල්මත් උනා මා අසරන පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ
නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ
දවසක් ලබාවී ඔබටත් මට වාගේ
මට තාම නොදැනේ මොනවා උනාදෝ
අප දෙදෙනාට ප්‍රියේ....




මේ ගීතයේ හැටියට ප්‍රෙමවන්තයා විරහව උරුමකරගත් පරජිතයෙක්. නමුත් ඒ විරහව රචකයා එ කාන්තාවට තියෙන ආදරය පලුදුකරන්නට සමත් වෙලා නැහැ. එකයි ඇයව කවදා ඔහුට හමු වුනත් ඇගේ නමින් ගලනා කදුලක් ඔහුගේ ලග ඉතිරි වෙන්නේ . ආදරය කරන කාලේ තනන පෙම් මාලිගාවල නොසිතූ ලෙස තනිවෙන්න උනාම එ ආදරයෙන් ගොඩ නගපු පෙම් මාලිගාවම මූසල සොහොනක් වෙන එක නවත්තන්න බැහැ. "වල්මත් උනා මා අසරන පෙම් පියසේ මට තාම නොදැනේ මොනවා උනාදෝ අප දෙදෙනාට ප්‍රියේ" වුනේ මොකක්ද කියලාවත් බේරුමක් කෙරගන්න බැරි විදිහට කාලයා හැම දේම අවසන් කරලා ඉවරයි..

ඔහුගෙන් මිදුනු පෙම්වතිය අද වෙන තුරුලක සැනසෙන එක නිර්මාන කරුවා බොහොම කනගාටුවෙන් බලන් ඉන්නවා..මෙ නිර්මානයේ මම දකින සුන්දරම කුහක කමක් තියෙනවා. එක පලිගැනීමේ චෙතනාවකින් නොවුනත් විරහව නිසා හිතට දැනුන දුක , පසුතැවීම අනෙකාටත් ලැබේවා කියන පුන්චි සාපය නිර්මාන කරුවා සුන්දර විදිහට කරනවා.."හිනැනෙනවා ඔබ මා හඬනා දවසේ, නැලවෙනවා ඔබ ඔහු හා රස පහසේ, දවසක් ලබාවී ඔබටත් මට වාගේ"


ඔන්න ඉතින් මේ ගීතය මම රස විදින විදිහ ඔගොල්ලන්ට කිව්වා..... :):):)

 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අOකල් මොකද මේ නූලට බහින්නේ.., අOක්ල්ට කිසි රසඥ්‍යතාවයක් නෑනේ...:eek:


    pala pala kanahila :angry: thota kiwwa kiyala hitha ganin :angry: yako geethayak wicharaya karannama ona na bola rasawindinna :frown: tho kimbulagen ahapiya mama gana :angry: anika mama mage golayekwa bassala thiyenne wichareta :P tho wikara nokara pala :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇස්දෙක කරකැවුවට කමක්නෑ අර ඕඩර් කරපු බෝතලේට අත එහෙම තියනව නෙමෙයි... :sorry::sorry::sorry:

    hik... ow ban eka diha balanne nathuwa inna ba :rofl::P bohoma amaruwen inne :sorry::eek:
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    [FONT=&quot]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT=&quot] *[/FONT][FONT=&quot]ධනුෂ්ක*[/FONT][FONT=&quot] සොයුරාට හදපිරි ප්‍රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT=&quot] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT=&quot] ආරම්භ කරන ලද [/FONT][FONT=&quot]දත්කිඹුලා[/FONT][FONT=&quot] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT]

    [FONT=&quot]මෙහි[/FONT]
    [FONT=&quot]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT=&quot]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT=&quot] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT=&quot]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්‍රමයටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට එහා ගිය[/FONT][FONT=&quot] දඩබ්බරවූ ක්‍රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT]

    [FONT=&quot]පද[/FONT]
    [FONT=&quot]රචකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගායකයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංගීතඥයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT=&quot] විචාරය [/FONT][FONT=&quot]90[/FONT][FONT=&quot]කට ආසන්න ප්‍රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT=&quot]ප්‍රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT=&quot]දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කලින් හුය මෙන් සාම්ප්‍රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT=&quot] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT=&quot] දත් කිඹුලාගේ[/FONT][FONT=&quot] අවසරය කලින් හුයෙහි [/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]ධනුෂ්ක* [/FONT][FONT=&quot]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT]

    [FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][FONT=&quot]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්‍රියතම හා හිතවත් [/FONT][FONT=&quot]ගීපද රචකයා කිහිප විටක ප්‍රකාශකරන ලද්දක්....

    [/FONT]
    [FONT=&quot]බන්ධුල[/FONT]
    [FONT=&quot]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][FONT=&quot] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][FONT=&quot]මෙහෙම....[/FONT]

    [FONT=&quot]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..

    [/FONT]
    [FONT=&quot]මොනව[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...

    [/FONT]
    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]මහත්තයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][FONT=&quot]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][FONT=&quot] මහත්තයෝ....

    [/FONT]
    [FONT=&quot]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT]


    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][FONT=&quot]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][FONT=&quot] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][FONT=&quot] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT]


    [FONT=&quot]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]

    [FONT=&quot]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]

    [FONT=&quot]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]

    [FONT=&quot]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]


    [FONT=&quot]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]

    [FONT=&quot]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]

    [FONT=&quot]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]

    [FONT=&quot]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]


    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]

    [FONT=&quot]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]


    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]

    [FONT=&quot]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT]

    [FONT=&quot]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT]


    [FONT=&quot]මේක[/FONT]
    [FONT=&quot]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][FONT=&quot]මේ ගීතය විප්‍රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][FONT=&quot] හැගීම්... එහෙත් විප්‍රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][FONT=&quot]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්‍රදායික ගීපද[/FONT][FONT=&quot]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][FONT=&quot]මගේ මතයයි....[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]([/FONT]
    [FONT=&quot]මගේ[/FONT][FONT=&quot]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][FONT=&quot]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)

    [/FONT]
    [FONT=&quot]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT]

    වෙනස්ම විදියේ විචාරයක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    එල වැඩක් නොවැ පටන් අරන් තීයෙන්නේ.. මමත් ෆුල් බකප් එක දෙන්නම්
    :yes::yes::yes:


    ගීතයක් ගත්තහම රචකයා / ගායකයා සහ විචාරකයා කියන තුන් ගොල්ලන්ගෙම එකතුවක් එහි සාර්තකත්වයට බලපානවා.. මේ තුන්දෙනාම එක්කෙනෙක් උනොත් එ නිර්මාණය අසම්පූර්ණයි..





    මම මේ නූලට ඇතුලු උන ගමන්ම මගේ අතිජාත මිත්‍රයා Tharinda76 දාල තියෙන සින්දුවක් දැක්කා. මේ සින්දුව පිටිපස්සෙ තියෙන රසවත් සිදුවීමක් මම කියන්නම්. මේ විචාරය නිසා මම එක්කෙක් එක්ක තරහත් උනා. ගීතය දිහා වෙනත් කෝණයකින් බලන්න ගිහින් ගුටු නොකා බෙරුනේ අනූ නවයෙන්.අද මිනිහා කැනඩාවේ ඉන්න නිසා මගේ හඩ අවදිකරන්නම් මම .:rofl::P:baffled::baffled:

    මෙන්න මේකයි විචාරය .

    මේක යම් ස්ත්‍රියක් ප්‍රෙමය බිදුණ වකවානුවක අසම්මත ප්‍රෙමයක පෙලෙන්නට දරන උත්සාහයක හෙලිදරව්වක්. මෙහි එන "ඔබ" අනෙක් ස්ත්‍රිය නියොජනය කරන අතර රචකයා මෙහිදී කෙලින්ම අනෙක් පාර්ශවය ස්ත්‍රියක් යැයි නොකියා ගීතයේ ගලා යාම අවාසානය තෙක්ම කරගෙන යනවා ."නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං" ප්‍රෙමය බිදුනු කල ඇයට කදුලු වගුරුවන්නට ඉඩනොදෙන එ හෙතුව ඇයයි .ගිලිහුනි ප්‍රෙමය තුල ඇයට ආදරය කියන දේ අහිමියි.නමුත් එ ආදරය ඇය තවත් ස්ත්‍රියකගෙන් දකිනවා


    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

    නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල්දම්

    දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං



    නිර්මානයේ හැටියට ඇය අසම්මත ප්‍රෙමයෙන් වෙලෙන අනෙක් ස්ත්‍රිය ගොඩක් හොද කෙනෙක්. අය අසල ගැවසෙන්න ඇය සමග දෙඩමලු වෙන්න මෙම ස්ත්‍රිය ගොඩක් ප්‍රිය කරනවා.මෙතන "මලවී " කියන්නේ මල්සරා කියලා අපි හදුන්වන කෙනා.සාමන්යෙන් මල්සරා කියන්නේ ස්ත්‍රියක් හා පුරුශයෙක් අතර ආදරක් ඇතිකරන්නවූ කෙනෙක් හැටියට තමා සලකන්නේ . එත් අපි අහල නැහැ නේද මල්සර පුරුශයෙක් පුරුශයෙක් අතරවත් ගැහැනියක් ගැහැනියක් අතර වත් ආදරයක් ඇතිකරනවා කියලා. අපි අහලා තියෙන්නේ ඉතියක් හා පුරුෂයෙක් අතර අතිකරවන සම්මත ප්‍රෙමයක් විතරයි.එකට කුලය,ජාතිය, වයස, පාට බලපානේ නැහැ. එත්එත් මේ පදවල තියෙන විදිහට මේ ස්ත්‍රියට අනෙක් කාන්තාව හා අසම්මත ප්‍රේමයක් හටගන්න කොට ඇය ඇයටම හිතෙනවා
    මලවී එයට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ කියලා "සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මල වී" .

    බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මල වී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
    නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී


    අනෙක් කාන්තාව මෙම කාන්තාව කෙරෙහි මිත්‍රත්වයක් මිසක් අසම්මත ආදරයක් බලපොරොත්තු වෙන්නේ නැහැ, එ නිසා "මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි" එක් සන්දිස්ථානයකදී අසම්මත ප්‍රෙමයක වෙලෙන්න අර අදින කාන්තාවට යථාර්තය අවබොද වෙනවා. නමුත් මේ ලොකය ගැන පසුතැවීමක් ,කනගාටුවක් හා කලකිරීමක් තියෙනවා ඇයගේ අසම්මත ප්‍රෙමය සැබෑවක් කරගන්න බැරිවීම සම්බන්දයෙන් "මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි, එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි"
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
    ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි ...
    සම්මතයෙන් අසම්මත වු විචාරයක ගුන සුවද ඉව කරමි. විදිමි. අපේ පළමු හුය සහෝදරයා දැක නැතුවා සේය.........
    සුන්දර ගියක ඇරඹුම.........
    අප සියළු ම සාහිත්‍ය කරුවන් පැමිණියේ ගොගොල් ගේ කබාය යටිනි යනුවෙන් දොස්තොව්ස්කි පැවසුවා සේම, අප පැමිණියේ ද මේ සුන්දර ගීයක ඇරඹුම තුළිනි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සම්මතයෙන් අසම්මත වු විචාරයක ගුන සුවද ඉව කරමි. විදිමි. අපේ පළමු හුය සහෝදරයා දැක නැතුවා සේය.........
    සුන්දර ගියක ඇරඹුම.........
    අප සියළු ම සාහිත්‍ය කරුවන් පැමිණියේ ගොගොල් ගේ කබාය යටිනි යනුවෙන් දොස්තොව්ස්කි පැවසුවා සේම, අප පැමිණියේ ද මේ සුන්දර ගීයක ඇරඹුම තුළිනි.

    :eek::eek::rolleyes: