සත්ව ඝාතනය

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි

    සත්ව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන තර්කයක් වනනේ සත්ව ඝාතනය මගින් එම සතුන්ගේ අයිතීන් උදුරාගනු ලබන බවයි. මෙය බැලූ බැල්මට සාධාර්ණ වු තර්කයක් ලෙස පෙනුනත් මේ කාරණය පිලිබදව බුද්ධිමත් ආකාරයට අවදානය යොමු කිරීමේ දී මෙම තර්කයද ප්‍රායෝගික නොවන තර්කයක් බව අවබෝධ වේ.

    එනම්

    `සත්ව ඝාතනය මගින් සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් සිදුවන්නේ නම් එ සියලූම ආකාරයේ සතුන් සදහා පොදු වු තර්කයක් විය යුතුයි`.

    එසේ නොමැතිව විශාල සතුන් සදහා පමණක් යයි ද එසේත් නැත්නම් තමන් පි්‍රයකරන සතුන් සදහා පමණක් යයිද, සුවිශේෂ නොකල යුතුයි. උදාහර්ණයකට අලියකු මරණවා දකින කෙනෙකු එම

    අලියාගේ අයිතිය වෙනුවෙන් කථා කරන ආකාරයටම මදුරුවෙකු මරණවා දකින විටත් එ මදුරුවාගේ අයිතීන් වෙනුවෙන් කථාකල යුතුයි.

    එසේම තම ප්‍රියතම සත්වයා ගවයා ඝාතනය වනවිට එ සත්වයාගේ අයිතීන් වෙනුවෙන් කථාකරනවා සේ අනිකුත් සතුන්ගේද අයිතීන් වෙනුවෙන් කථා කලයුතුයි. නමුත් වර්ථමාන ලාංකීය සමාජය දෙස බැලූවිට ගවයා පමණයි එකම සතෙකු ලෙසත්, පන්සිල් පදයේද සදහන් වන්නේ ගවයා පමණක් ලෙසත් සිතන ආකාරයට අද බෞද්ධයින් ක්‍රියා කරයි. මෙය සාධාර්ණ වු ක්‍රියාවක් නොවේ. යම් තර්කයක් ඉදිරිපත් කරන්නේ නම් එය ඒ ආකාරයේ වු සියල්ල සදහාම පොදු විය යුතුයි. එ අනුව සතුන්ගේ අයිතීන් ලබාදීමේ අරමුණින් හෙට දිනයේ “සියලූ සතුන්ගේ අයිතීන් ලබාදිය යුතුයි කිසිදු සත්වයකු ඝාතනය නොකල යුතුයි” යනුවෙන් තීරණය කලේ නම් ඉහතින් සදහන් කලා සේ හෙට දිනයේ සිට කිසිවකුටත් වතුර වීදුරුවක් පානය කිරීමට, ඖෂධ නිෂ්පාදනය කිරීමට හෝ කෘෂි කර්මාන්තයේ කෘෂි රසායන භාවිතා කිරීමට නොහැකි වනු ඇත. එම නිසා සත්ව ඝාතනය සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් යන්න ප්‍රායෝගික නොවන මන:කල්පිතයකි.

    මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ

    සත්ව ඝාතනයට එරෙහිව මතුකරන මීළග ප්‍රධාන තර්කය වන්නේ මාංශ අනුභව කරන මිනිසුන් හැසිරෙන්නේ එම තිරිසන් සතුන්මෙනි. යනුවෙන් පවසා උදාහර්ණයකට ලොව මුස්ලීම්වරුන්ගේ ත්‍රස්ථ ක්‍රියාවන් ගෙනහැර දක්වයි. මේ කාරණය පිලිබදව අවදානය යොමු කලේනම්.
    මෙම තර්කය ලොව කිසිදු විද්‍යාඥයකු කිසිදු විද්‍යාගාරයක ඔප්පුකොට නැත. මෙය ජනයාගේ උපකල්පනයක් පමණි. වාදයකට එය සත්‍ය යයි උපකල්පනය කලත් ඉස්ලාම් තිරිසන් සතුන්ගේ එනම් මාංශ භක්ෂකයින් වන සිංහයන්, කොටියන්, දිවියන්…….වැනි සතුන්ගේ මාංශ මිනිස් ආහාරය සදහා අවසර ලබානොදෙන අතර ශාක භක්ෂකයන් වන එළවන්, ගවයන්, ඔටුවන්…….. වැනි සතුන් අනුභවය සදහා අවසර ලබාදීම තුල ඉහත චොදනාව සත්‍ය වුවත් එම චෝදනාවෙන් ඉස්ලාම් ශුද්ධ වී ඇත. එසේම මේ තර්කය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් මතුකිරිමට සිදුවේ. එනම් ලාංකීය සමාජයේ මාංශ වර්ග අනුභව නොකරන ගවයා,

    දේවත්වයෙන් සලකන දෙමළ ජනතාවගෙන් කොටසක් වන කොටි ත්‍රස්ථවාදීන් ත්‍රස්ථ කි්‍රයාවල නියලෙන්නේ මාංශ අනුභව කල නිසාද? එසේම විවිධ ප්‍රදේශවල බෞද්ධ ජනයාත් මැරක්‍රියාවල නියලෙන්නේ මාංශ අනුභව කරන නිසාද?

    එසේම ඉන්දියාවේ මුස්ලීම්වරුන්ගේ ඉපැරණි දේවස්ථානය වන “බබර් මස්ජිද්” හින්දු භක්තිකයින් ආගම නමින් කඩාබිද මුස්ලීම්වරුන්ද ඝාතනය කලේ ඔවුන් මාංශ අනුභව කල නිසාද? එසේම පසුගිය කාලවල ජපානයේ බෞද්ධ නිකායකට අයත් පිරිසක් උමං මාර්ගයකට විෂ වායු යොදා මිනිසුන් ඝාතනය කලේ මාංශ අනුභව කල නිසාද?………

    මේ ආකාරයට ප්‍රශ්න වැලක් පෙළගැස්විය හැකි වුවත් බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුහට මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ අනුව මාංශ අනුභවය තුලින් මිනිසා තිරිසනකු බවට පත්වනවා යන්න අන්තවාදී හාස්‍ය උපදවන මන:කල්පියක් පමණක් බව පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.

    මේ ආකාරයට මාංශ අනුභවයට විරුද්ධව කුමන ආකාරයේ තර්ක ඉදිරපත් කලත් එවා සියල්ල හුදෙක් තර්කයන් පමණක්ම වන අතර එවාට කිසිදු පදනමක් හෝ ප්‍රායෝගික බවක් නැත. එසේ නම් එවැනි ප්‍රායෝගික නොවන පදනම් විරහිත කරුණක් වෙනුවෙන් එරෙහි වනවා යන්න දේව නියමයන්ට එසේත් නැත්නම් ඔබේ වචනයෙන් පවසනවා නම් ස්වභාධහමට එරෙහිවීමකි. දේව නියමයක් නම් එහි නොගැලපීම් ඇතිවිය නොහැක. පටු සීමාවක හිද බලන විට නොගැලපීම් ලෙස පෙනුනත් සමස්ථ ලෝකයම සැලකුවිට බුද්ධිමත් සැලසුම්කරණයක් බව පෙනී යනු ඇත. එම සැලසුම්කරණය තුල මාංශ අනුභවය යනු ලාංකීය සමාජයට ප්‍රබල අවශ්‍යතාවයක් නොවුවත් සමස්ථ ලෝකයම සැලකුවිට අත්‍යඅවශ්‍ය කාරණයක් බව අවබෝධ වේ. එ අනුව මාංශ අනුභවය ලෝක අවශ්‍යතාවයකි. එසේනම් එය ප්‍රායෝගික සත්‍යයකි
     
    • Like
    Reactions: sirajstc

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මාංශ අනුභවය-නිර්මාංශ අනුභවය නූතන විද්‍යාව හා යථාර්ථය සමග ඉගැන්වීම් පරස්පරතාවය

    මාංශ අනුභවය පිළිබඳව අපට පොදුවේ අසන්නට ලැඛෙන්නේ ගවමස් අනුභවයට ඇති විරුද්ධතාවයයි.
    මේ පිළිබඳවද අපගේ අදහස් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු ’ගව ඝාතන විරෝධතා ව්‍යාපාර ’ගව පෙරහැරවල් ’මරණයට කැප වූ ගවයින් මුදා හැරීම වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ අයට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

    1 කුඹුරු ගොවිතැන් කිරීමේදීල තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් වස්සන්ට කරන්නාවූ සත්ව හිංසාව කෙරෙහි ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?

    2 කරත්තයට ගැට ගසා දින ගනන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැඛෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ැන කථා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ.දැක ඇතැයි සිතන්නෙමු

    3 වැස්සිට පැටව් ලැබුනායින් පස්සේ පමණයි කිරි එරෙන්නේ.නමුත් මෙම කිරි අලුත බිහි වූ වසුපැටියාගේ ආහාරය වෙනුවෙන් පමණක් බව අප ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට ’කිරි අම්මා’ යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට,වසු පැටියාට අයත් කිරි ටික ’මම නුදුන් දෙය ගැනීමෙන් වැලකීමේ සිල්පදය රකිමි.’ යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම ගැන ඇති නිහඬතාවය ගැන පුදුමයට පත්වන්නෙමු.

    4 ගවයින් හඳුනාගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇති දැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරනවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නා වූ මෙම කෘෘර ක්‍රියාව ගැන ඇති නිහඬතාවය කන් බිහිරි කරවන තරමට භයානකයග උදාහරණයක් වශයෙන් කන්දෙ මරාලලාගේ මුදියන්සේට අයත් ගවයාගේ හංවඩු ගැසීම සිදුකරන්නේ ගවයාගේ කකුල්,හතර ඉතා තදින් බැඳ බිම දමා අයිතිකරුගේ නමේ මුලකුරු වූ ක,ග, මු, ගමේ කම්මලේදී ගිනියම් කරන ලද යකඩයකින් ගවයාගේ පිට කොන්ද ප්‍රදේශයේ ඇඳීමෙනුයි.කරුණාකර මේ ගැන ඔබ වරක්වත් සිතා බලා ගවයාට ඇති විය හැකි වේදනාව ගැන හැඟීමක් ඇති කර ගත්තේ නැතිද?

    6 අලි-ඇතුන්ට නිදහස නොදී දම්වැල් යොදා අලින් සිර කිරීම.අලි පෙරහැර හා අලි-ඇතුන් මන්ද පෝෂණයෙන් මිය යෑම.

    5 ගත හැකි සියළු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට ’කිරි අම්මා’ හදිසියේම ’පින් ගොනා’ බවට පත්කොට ආහාර ලබාදීම හා අනිකුත් වගකීම්වලින් තමන්ව ඉතා වංචනික ලෙස ඉවත් කර ගනි මින් ප්‍රදේශයේ සැමටම කරදරයක් හා ප්‍රශ්නයක් වන අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම ගැන ඔබ වරක්වත් සිතා බැලූවේ නැතිද?

    අප සැම අවංකව සිතා අවංකව කටයුතු කරන්නේ නම් අපගේ බොහෝ පාරම්පරික ක්‍රියාකාරකම් හා පදනම් රහිත විශ්වාසයන් හේතු වාදයට කොතරම් පටහැනිද යන්න අවබෝධ කර ගැන්මට අපහසු නොවනු ඇත.

    මාංශ අනුභවයට බලපාන අනෙකුත් සාධක ගැනත් අපගේ අවධානය යොමු කරමු.

    ඇමරිකානු එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් 2001 වර්ෂයට පලකල සංඛ්‍යා ලේඛණ අනුව ඒක පුද්ගල මාංශ අනුභවය රාත්තල් 187.8 කි. එනම් ජනගභනය මිලියන 287කින් යුත් ඇමරිකාවේ වාර්ෂික මාංශ පරිභෝජනය රාත්තල් බිලියන 53.9 කි. මෙයට මත්ස්‍ය පරිභෝජනය අඩංගු වන්නේ නැතග යුරෝපීය රටවල ඒක පුද්ගල පාරිභෝජනය මෙයට සමාන හෝ වැඩි මිසක් අඩුවන්නට ඉඩක් නොමැතග ප්‍රාණ ඝාතනය නුසුදුසුයි යන සංකල්පය පිළිගතහොත් ඇති විය හැකි භයානක ඵලවිපාක මෙම පරිභෝජන සංඛ්‍යා ලේඛනවලින් ඉතා හොඳින් හෙලිදරව් වේ. එක් සිද්ධාන්තයක් නිවැරදි වීමට නම් එහි ව්‍යවහාරය ලොව සැමතැනටම යථාර්ථවාදී හා ප්‍රායෝගික එකක්ව තිබිය යුතුයි යන්න ගැන තර්කයක් තිබිය නොහැක.

    භූගෝලීය සාධකද මාංශ අනුභවයට බොහෝ දුරට හේතු වී ඇත. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල්වල දීර්ඝ කාලයක් පවත්නා ශීත ඍතුව නිසා එහි කෘෂි ගොවිතැනට ඇති පහසුකම් ඉතාමත්ම අල්පයග එම ප්‍රදේශයෙන්ම අයිස් මතම ජීවත්වන එස්කිමෝවරු ආහාරයට ගන්නේ මත්ස්‍ය හා මාංශ වර්ග පමණි. අප කෙසේ නම් ඔවුනට නිර්මාංශ අනුභව කරන ලෙස ඉල්ලා සිටිමුද?
    නිර්මාංශ ප්‍රතිපත්තිය මෙම ප්‍රදේශයන්ට වලංගු නැති බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙයි කියා සිතන්නෙමු. කාන්තාර හා කාන්තාර ආශ්‍රිතව ජීවත්වන අයගේ තත්වයද මේ හා සමානය.
    මිනිසුන්ට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙලක්. එනම් මාංශ අනුභවයට උපකාර වන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පද්ධතියද මිනිසාගේ සකස් වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය වීමට හැකිවන අයුරින්.මෙම යුගයේ පරාණ ඝාතයෙන් තොරව කෘෂි ගොවිතැනද කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.ඉතා සුළු පරිමාණයේ ගොවි පොලක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහර විට තිබිය හැක. නමුත් මහා පරිමාණයේ ගොවිතැන් කිරීමේදී අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමට සිදු වේ. මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි පරාණ ඝාතන අකුසල කර්මයක් බවට පත්වීමට අවශ්‍ය කරුණු පහම පලිබෝධ නාශක පාවිච්චියෙන් සිදුවන බව පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. එසේ නම් පරාණ ඝාතයෙන් තොරව ගොවිතැනක් වත් කරගැන්මට නොහැකි තත්වයක් උදාවන්නේ නම් මෙම සිද්ධාන්තයේ වලංගුභාවය ගැන අපට නැවත සිතා බලන්නට අනිවාර්යෙන්ම සිදුවෙනවා.

    නියුමෝනියාල ක්ෂය රෝගය වැනි ආසාධනයන් ඇති වූ විට අපට ප්‍රතිජීවක (Antibiotic) ඛෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවාග මෙම ප්‍රතිජීවක ඛෙහෙත් මගින් සිදුවන්නේ ශරීර ගතවී ඇති කෝටි.ගණන් රෝ්ගකාරක විස බීජ නසා දමා අපට යහපත් සෞඛ්‍ය තත්වයක් ලබා දීමයි. පරාණ ඝාතනය සෑම තැන්හිම වැරදියි වන නිගමනයේ අප පිහිටා සිටින්නේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැක ගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අප පත්වන්නට සිදුවෙනවා නේද?

    ඔබ මේ අදහස හා එකඟ වන්නේ දැයි දැනගන්නට කැමැත්තෙමු.

    ඩෙංගුල මැලේරියා හා බරවා වැනි වසංගත රෝග පාලනය කරන්නට නම් රෝග කාරක මදුරුවන් ඇතුළුව අනෙකුත් විෂබීජ අනිවාර්යෙන්ම මරා දැමිය යුතු වේ.පරාණ ඝාතනය කිරීමෙන් බරපතල ඵලවිපාක ඇති විය හැකියි යන මතයේ අප එල්බ සිටියේ නම් මනුෂ්‍ය වර්ගයා මෙවැනි වසංගත රෝගවලින් මුළු පොලෝ තලයෙන්ම අතු ගෑවී ගොස් බොහෝ කල් විය හැකි නේද?
    කරුණාකර සිතා බලන්න.

    grazing-cow-1b.jpg

    මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණවල යෙදෙමින් වෛදය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛදය පර්යේෂණය සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදු වී ඇත. පරාණ ඝාතනය වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේ නම් වෛදය විද්‍යාව අදත් ප්‍රාග් ඓතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන් කළ නොහැකි තත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත. නූතන විද්‍යාව හා යථාර්ථය සමග මෙම ඉගැන්වීම් කෙසේ පරස්පරතාවයක පවතීද යන්න ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු.

    තවත් බොහෝ සාධක විවිධ ක්ෂේත්‍රයන්ගෙන් අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට ඇතත් ඉහත කරුණු ප්‍රමාණවත් වෙයි කියා සිතන්නෙමු. නිර්මාංශ අනුභවය කැමති අය එසේ කටයුතු කිරීම ගැන අපගේ විරුද්ධතාවයක් අමනාපයක් නොමැත. නමුත් තමන්ගේ ආගමික හා පුද්ගලික අදහස් අන් අය වෙත බලෙන් පැටවීමට යෑම ගැනයි අපගේ විරෝධය. සිද්ධාන්තයක් ලෙස නිර්මාංශ අනුභවය පමණක් නිවැරදි යන්න ප්‍රායෝගික නැතිල විද්‍යාවට අනුකූල නැති, යථාර්ථවාදී නැති හා මෙම යුගයට වලංගු නැති සංකල්පයක් බව පෙන්වීමයි අපගේ උත්සාහය. ඔබගේ විචාරශීලී බුද්ධියට ඇමතීමක් කරන්නටයි මෙම ප්‍රයත්නයේ පරමාර්ථය බව දන්වන්නට කැමැත්තෙමු.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගත හැකි සියළු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට ’කිරි අම්මා’ හදිසියේම ’පින් ගොනා’ බවට පත්කොට ආහාර ලබාදීම හා අනිකුත් වගකීම්වලින් තමන්ව ඉතා වංචනික ලෙස ඉවත් කර ගනි මින් ප්‍රදේශයේ සැමටම කරදරයක් හා ප්‍රශ්නයක් වන අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම ගැන ඔබ වරක්වත් සිතා බැලූවේ නැතිද?

    :rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇමරිකානු එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් 2001 වර්ෂයට පලකල සංඛ්‍යා ලේඛණ අනුව ඒක පුද්ගල මාංශ අනුභවය රාත්තල් 187.8 කි. එනම් ජනගභනය මිලියන 287කින් යුත් ඇමරිකාවේ වාර්ෂික මාංශ පරිභෝජනය රාත්තල් බිලියන 53.9 කි. මෙයට මත්ස්‍ය පරිභෝජනය අඩංගු වන්නේ නැතග යුරෝපීය රටවල ඒක පුද්ගල පාරිභෝජනය මෙයට සමාන හෝ වැඩි මිසක් අඩුවන්නට ඉඩක් නොමැතග ප්‍රාණ ඝාතනය නුසුදුසුයි යන සංකල්පය පිළිගතහොත් ඇති විය හැකි භයානක ඵලවිපාක මෙම පරිභෝජන සංඛ්‍යා ලේඛනවලින් ඉතා හොඳින් හෙලිදරව් වේ. එක් සිද්ධාන්තයක් නිවැරදි වීමට නම් එහි ව්‍යවහාරය ලොව සැමතැනටම යථාර්ථවාදී හා ප්‍රායෝගික එකක්ව තිබිය යුතුයි යන්න ගැන තර්කයක් තිබිය නොහැක.

    භූගෝලීය සාධකද මාංශ අනුභවයට බොහෝ දුරට හේතු වී ඇත. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල්වල දීර්ඝ කාලයක් පවත්නා ශීත ඍතුව නිසා එහි කෘෂි ගොවිතැනට ඇති පහසුකම් ඉතාමත්ම අල්පයග එම ප්‍රදේශයෙන්ම අයිස් මතම ජීවත්වන එස්කිමෝවරු ආහාරයට ගන්නේ මත්ස්‍ය හා මාංශ වර්ග පමණි. අප කෙසේ නම් ඔවුනට නිර්මාංශ අනුභව කරන ලෙස ඉල්ලා සිටිමුද?
    :shocked:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙතන හෙන වැරදි සෙට් එකක් ලස්සනට තමන්ගේ මානසිකත්වය අනුව අන්වර් කාරයා දාලා තියෙනවා ඌට අනුව මේක වැරදියි කියමුකෝ එතකොට උබලා හරක් මරන්නේ ඇයි? උබලත් ඒකම කරලද වැරද්ද සාධාරණීය කරන්න යන්නේ? තව එකෙක් වැරද්දක් කරනවා නම් උබලා කරන්න ඕනේ ඒක නොකර ඉන්න මිසක්. අරය වැරද්දක් කරන නිසා අපිත් කරන මානසිකත්වයේ ඉන්න එක නෙවෙයි. බොළද තර්ක අන්වර්කාරයගේ තියෙන්නේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගත හැකි සියළු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට ’කිරි අම්මා’ හදිසියේම ’පින් ගොනා’ බවට පත්කොට ආහාර ලබාදීම හා අනිකුත් වගකීම්වලින් තමන්ව ඉතා වංචනික ලෙස ඉවත් කර ගනි මින් ප්‍රදේශයේ සැමටම කරදරයක් හා ප්‍රශ්නයක් වන අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම ගැන ඔබ වරක්වත් සිතා බැලූවේ නැතිද?

    එහෙම කරපු එවුන්ගේ නම් ලැයිස්තුවක් දෙන්න පුලුවන්ද එහෙනම්? address එක්කම.
    photo ත් ඕනේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙතන හෙන වැරදි සෙට් එකක් ලස්සනට තමන්ගේ මානසිකත්වය අනුව අන්වර් කාරයා දාලා තියෙනවා ඌට අනුව මේක වැරදියි කියමුකෝ එතකොට උබලා හරක් මරන්නේ ඇයි? උබලත් ඒකම කරලද වැරද්ද සාධාරණීය කරන්න යන්නේ? තව එකෙක් වැරද්දක් කරනවා නම් උබලා කරන්න ඕනේ ඒක නොකර ඉන්න මිසක්. අරය වැරද්දක් කරන නිසා අපිත් කරන මානසිකත්වයේ ඉන්න එක නෙවෙයි. බොළද තර්ක අන්වර්කාරයගේ තියෙන්නේ.

    :shocked::shocked::shocked:

    හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද.?
    මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

    මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

    නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?:rolleyes:

    එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.:(

    එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

    නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
    ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?:rolleyes:

    ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.

    මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

    මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.

    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙම කරපු එවුන්ගේ නම් ලැයිස්තුවක් දෙන්න පුලුවන්ද එහෙනම්? address එක්කම.
    photo ත් ඕනේ.

    අනේ මචං පොඩ්ඩක් ගම් පැත්තවලට හොට දාලා බලන්ට කෝ...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින්

    හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් -

    මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

    මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

    නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?:rolleyes:

    එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.:(

    එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

    නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
    ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?:rolleyes:

    ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.

    මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

    මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මෙතන හෙන වැරදි සෙට් එකක් ලස්සනට තමන්ගේ මානසිකත්වය අනුව අන්වර් කාරයා දාලා තියෙනවා ඌට අනුව මේක වැරදියි කියමුකෝ එතකොට උබලා හරක් මරන්නේ ඇයි? උබලත් ඒකම කරලද වැරද්ද සාධාරණීය කරන්න යන්නේ? තව එකෙක් වැරද්දක් කරනවා නම් උබලා කරන්න ඕනේ ඒක නොකර ඉන්න මිසක්. අරය වැරද්දක් කරන නිසා අපිත් කරන මානසිකත්වයේ ඉන්න එක නෙවෙයි. බොළද තර්ක අන්වර්කාරයගේ තියෙන්නේ.

    කවූද බොලේ අන්වර් ?

    ඔහු කොහෙද මේවා ලිව්වේ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ජපානයේ බෞද්ධ නිකායකට අයත් පිරිසක් උමං මාර්ගයකට විෂ වායු යොදා මිනිසුන් ඝාතනය කලේ මාංශ අනුභව කල නිසාද?………

    අමු කෙබරයක් මේක නම්. මේ ගෑස් ප්‍රහාරය කරලා තියෙන්නේ Aum Shinrikyo කියන cult එකකින්. මේක New Religious Movement, Terrorist organization යටතට අයිති වෙන එකක්.
    Council on Foreign Relations. අඩවියට අනුව (මේක හාල් කෑලි site එකක් නෙවෙයි official site එකක්)

    Aum Shinrikyo, which is also known as Aum and Aleph, is a Japanese cult that combines tenets from Buddhism, Hinduism, and is obsessed with the apocalypse

    Aum Shinrikyo කියන්නේ බෞද්ධ නිකායක් නෙවෙයි. බෞද්ධ සහා හින්දු ආගම් වලින් ගත් ශික්ෂාපද + උන්ගේ මත + ප්‍රකාශන වලින් සමන්විත cult එකකටයි. ඒ කියන්නේ බෞද්ධ, හින්දු වලින් කෑලි අරන් තමන්ගේ මත මිශ්‍ර කරලා හදාගත්ත cult එකක් Aum Shinrikyo කියන්නේ. කලින් මම දාලා තියෙන thread එක බලන්න. [THREAD LINK]
    මේ thread එකේ මම සදහන් කරලා ඇති ක්‍රිස්තියානි කියන්නේ බෞද්ධ සහා යුදෙව් ආගම් වල මිශ්‍රණයක් කියලා(හේතුව අදාළ thread එකේ ඇති), ස්ලාම් කියන්නේ ක්‍රිස්තියන්+තමන්ගේ මත වලින් හටගත්ත cult එකක් කියලා(හේතුව අදාළ thread එකේ ඇති). වක්‍ර විදියට බලන කළ ස්ලාම් cult එකෙත් බෞද්ධ ධර්මයට අයිති කොටස් තියෙනවා. එහෙම වුන පළියට ස්ලාම් කියන්නේ බෞද්ධ නිකායක් නෙවෙයි. ඕන එකෙක්ට පුලුවන් තමන් කැමති ආගම් වලින් කෑලි එකතු කරලා අළුත් ආගමක් හදන්න එහෙම වුනා කියලා මේ හදපු ආගම අර පෙර කී කිසිම ආගමක නිකායක් වෙන්නේ නෑ. නිකාය කියන එකේ අර්ථය තමයි යම් ආගමක මූලික පදනම එහෙම් පිටින්ම අනුගමනය කරන නමුත් සම්ප්‍රදායෙන් වෙන දෙයක් ප්‍රගුණ කරන වෙනත් දර්ශණයකටයි නිකායක් කියන්නේ. උදාහරණයකට බෞද්ධ ධර්මයේ ථේරවාද සහා මහායාන 2ක් තියෙනවා. මේකේ ථේරවාදේ කියන්නේ හැමෝම නිවන් දකින්න ඕනේ කියලා, නමුත් මහායානේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ බුදු වෙන්නයි නමුත් මූලික හරය මේ නිකායන් වල එක සමානයි. ගාථා, පන්සිල්, මේ හැම එකම මහායානේ වගේම ථේරවාදේ එක සමානයි. ඒ වගේම ටිබෙට් බුදු දහමේ තියෙනවා ලාමා වරුන් ගැන. මේක අනෙක් දර්ශණ වල නෑ. ඉතින් මේක වෙනම සම්ප්‍රදායක් නමුත් ටිබෛ බුදු දහමේ පවා අනුගමනය කරන්නේ බෞද්ධ දර්ශණයේ මූළික හරය තමයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කවූද බොලේ අන්වර් ?

    ඔහු කොහෙද මේවා ලිව්වේ?

    අන්වර් අමතක කරලා ප්‍රශ්ණයට උත්තර දීපන්. ප්‍රශ්ණයයි වැදගත්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පන්සිල් පදවලින් එකක් වන මම සතුන් නොමරමි වත් පිළිපදින්නේ නැති Aum Shinrikyo බෞද්ධ නිකායක් වෙන්නේ කොහොමද හු*ත්තෝ? ඊළග සැරේ පච දාන්න කලින් හොදට search කරලා දාපන්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනේ මචං පොඩ්ඩක් ගම් පැත්තවලට හොට දාලා බලන්ට කෝ...

    මට හොටක් නෑ ඒකට. උබට හොටක් තියෙන නිසානේ වගකීමෙන් වගේ ඕවා දාලා තියෙන්නේ හෝ/සහා දාපු එකාට අනුබල දෙන්නේ thread එක පුරාම. ඉතින් ඔය හොටෙන් ඔය කියන සාධක අරගෙන අපිට පෙන්වලා දීපාන්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    :shocked::shocked::shocked:

    හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද.?

    :lol: ඒක තමයි බන් මම කලින් කියලා තියෙන්නේ. බෞද්ධ මිනිස්සු සතුන් මරන එක(මෙතන මෝර මාළු) වැරදියි නම් උබලටත් හරක් මරන එකත් වැරදියි නේ? උබලට අනුව මෙතන මෝර මාළු කෑම වරදක් ඒ කියන්නේ සතුන් මරන එක වැරදියි. ඒ කියන්නේ හරක් මරන එකත් වැරදියි. ඉතින් හරක් මරන එක වැරදි නම් උබලා දැන දැන ඒ වැරද්ද කරන්නේ ඇයි? හොරෙක් පාරේ හොරකම් කරනවා නම් උබලත් ගිහින් පාරේ හොරකම් කරනවද ,උබලා දැන ගන්න ඕනේ තව එකෙක් වැරද්දක් කරනවා නම් ඒක නොකර ඉන්න මිසක් අනෙක් උන් වැරදි කරන නිසාම උබලත් කරන එක නෙවෙයි(මේ ප්‍රකාශය උබලගේ තර්කය පදනම් කරගෙන ගොඩනගන ලදි - ඒ කියන්නේ උබලගේ තර්කය අනුව බෞද්ධයන් සතුන් මරන්නන් (මේ උදාහරණයට අනුව හොරුන් ලෙස ) ලෙස සිතුවම් කරගෙන )?
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පැහැදිලි තර්කයක් ඇති ප්‍රකාශයක් හෝ පුනරාවර්තනය නොවෙච්ච ප්‍රකාශයක් ඉදිරිපත් කරොත් මම comment කරන්නම් මීට පස්සේ. පල් හෑලි වැදගත්කමක් නැති ප්‍රකාශ වලට comment බලාපොරොත්තු වෙන්න එපා. කාලය වටිනවා උබලගේ 2.50 ලිපි කියවනවට වඩා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ත්‍රෙඩ් එකක් කිව්වම යම්කිසි උණුසුම් බාවයක් තියෙන්නේ ඕනේ... මෙතන ඒක අඩුවක් නැතුව ලැබෙනවා. එමනිසා මාත් හොට දානවා..
    අර සිරාජ් ලොක්කා කිව්වා වගේ:P see you bye..