කාලවර්ණ දේහධාරී මරදන්කඩවල යකඩයා..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලවර්ණ දේහධාරී මරදන්කඩවල යකඩයා..

    Cover-06.jpg

    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

    කාලවර්ණ දේහධාරී මරදන්කඩවල යකඩයා..

    පාසල ආරම්භ විය. ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් යන ළමයින් විසින් ගුරුවරයා හට මාසික ගෙවීමක් කළ යුතුය. ළමයින් පෝලිමේ ගොස් සුදු ජාතික ගුරුවරයාට තම ගෙවීම් සිදු කර වැඳ වැටෙයි. වැඳ වැටෙන ළමයාගේ හිස අතගෑම සුදු ජාතිකයාගේ සිරිතය. ඔහුට රිසි සේ හැසිරෙන ස්ථානයක් බවට පන්ති කාමරය පත් කරගෙන සිටියේය. හොඳ හැටි මතින් සප්පායම් වී බදින ලද කුකුළු මස් හා මාළු කමින් ළමුන්ට අධ්‍යාපනය ලබාදීම ඔහුගේ සිරිතය.

    පන්තියේ කෙළවර අසුනක වාඩි වී සිටි කලු හින්දෑරී කොලු ගැටයෙක් හට සුදු ජාතික ගුරුවරයාගේ මේ හැසිරීම් රටාව ප්‍රිය නොවීය. බීමත්කම හා මස් මාංශ ප්‍රතික්‍ෂේප කළ කොලුවා කිහිප අවස්ථාවකදීම ගුරුවරයාගේ ස්පර්ශය ද ප්‍රතික්‍ෂේප කිරීමට දැඩි උත්සාහයක් දැරීය.


    මත්පැන් උගුරක් මුවට හලා ගත් ගුරුවරයා බඳින ලද මාලු කැබැල්ලක් සපමින් කෙළවර අසුනක සිටි ජිනදාස වෙත ළං විය. මත්පැන් හා පිලි වර්ග දැඩිව ප්‍රතික්‍ෂේප කළ අයෙකු වූ ජිනදාසට බීමත් ගුරුවරයා පිළිබඳව ඇති වූයේ දැඩි අප්‍රසාදයකි. යමක් විමසමින් ජිනදාසගේ ශරීරය ස්පර්ශ කිරීමට ගුරුවරයා සැරසෙත් ම ජිනදාස අසුනින් නැගිට වහා ඉවත් විය.


    දෙළොස් වියැති ජිනදාසගේ මේ හැසිරීම සුදු ජාතික ගුරුවරයා කිසිදා අපේක්ෂා නොකළ එකකි. බීමතින් හා පිලි අල්ලා තමා ස්පර්ශ නොකරන ලෙස අවවාදාත්මක වාග් ප්‍රහාරයක් ද ජිනදාස එල්ල කළේය. පන්තියේ ළමුන් ඉදිරියේ තමා ලැජ්ජාවට පත් කළ වරදට පහර දීම සඳහා දෙවරක් නොසිතාම ජිනදාස වෙත පැන්නේ ය.


    ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් සිටි ජිනදාස වහා ක්‍රියාත්මක විය. ඉදිරියට පැන දුන් පහර කිහිපය අවසන් වන විට බීමත් සුදු ජාතික ගුරුවරයා ඩෙස් පුටු කිහිපයක් ද පෙරලාගෙන බිම ඇද වැටී සිටියේය.


    තව මොහොතක් හෝ පන්තියේ රැඳී සිටීම නුවට හුරු නොවන බව වටහාගත් ජිනදාස තම පොත් ටික ද කිහිල්ලේ ගසාගෙන හැකි වේගයෙන් පාසල් භූමියෙන් පිටතට පැන දිව්වේ ය. ජිනදාස තම පාසල් දිවිය අවසන් කර පාසල් භූමියෙන් පිටවූයේ එලෙසය. පාසලේ ගුරුවරුන්ගේ දැඩි විරෝධතාවය නිසාවෙන් ජිනදාසට යළි පාසලට ඇතුළත් වීමේ අවස්ථාව මග හැරී ගියේ ය.


    බීමතින් අයුතු ලෙස පන්තියේ හැසිරුණු සුදු ජාතික ගුරුවරයාට පහර දුන් ජිනදාසට ජීවිතයේ පළමු වරට පොලිසිය ඉදිරියේ චෝදනාවට ලක් වී පෙනී සිටීමට සිදු විය. ශිෂ්‍යයෙකු ලෙස තවදුරටත් පාසලට ඇතුළත් වීම ජිනදාසට මඟහැරී ගිය අතර සුදු ජාතික ගුරුවරයා ද නීතිය ඉදිරියේ තනතුරින් පහ කෙරිණි.


    අයුක්තිය අසාධාරණකම් ඉදිරියේ නිහඬව නොහැසිරෙන ජිනදාස චරිතය ප්‍රාණය ලබා ගන්නේ ඒ සිද්ධියත් සමඟිනි.


    කුඩා ජිනදාස තමන් සතු ඕනෑම දෙයක් නැති බැරි උදවියට දීමට කිසිවිටෙකත් පසු බවට නොවූ කෙනෙකි. තමන්ගෙන් යමෙකු කුමක් හෝ දෙයක් ඉල්ලුවේ නම් හොඳින් හෝ නරකින් ඒ දේ ලබා ගෙන ඉල්ලන ලද පුද්ගලයා සතු කිරීම ජිනදාසගේ හැටිය. දෙමාපියන් කෙතරම් අවවාද උපදෙස් දුන්න ද කිසිවෙකුගේ හෝ ඉල්ලීමක් ඉදිරියේ ‘නෑ, බෑ’ කීමේ පුරුද්ද ජිනදාස තුළ කවදත් තිබුණේ නැත.


    ජිනදාසගේ උපන් ගම පේරාදෙණිය රිදියගම යි. මාතර ප්‍රදේශයේ ජන්ම ලාභය ලබා සිටි ශාන්ති ආරච්චිගේ ඩේවිඩ් තම බිරිය වූ ජේන් නෝනා සමඟ රිදීයගමට පැමිණෙන්නේ නව යුගදිවියක් අරඹමින් දරුමල්ලන් හදාගෙන සතුටින් දිවි ගෙවීමටය. පළමු දරුවා ලෙස ශාන්තිආරච්චිගේ ජිනදාස උපත ලැබීය. පවුලේ වැඩිමලා වූ ජිනදාසට සිටියේ එකම නැගණියක් පමණයි.


    ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය යටතේ හොඳ අධ්‍යාපනයක් ලබා දී තම එකම පුතු වූ ජිනදාස උගතෙකු කිරීම ඩේවිඩ් ගේ අභිප්‍රාය විය. කුඩා කළ සිට එක විදියක චරිතයක් වූ ජිනදාස තමන් ප්‍රිය නොකරන සිද්ධියක දී හෝ යම් සමාජ අසාධාරණයක දී නිහඬව මුනිවත නොරකිනා බව දෙමාපියෝ හොඳින් ම දත්හ.


    නම කී පමණින් ඔහු හඳුනන පිරිස බොහෝ නොවෙති. එහෙත් ‘මරදන්කඩවල යකඩයා’ යැයි කියූ පමණින් ඔහු ගැන තොරතුරු දන්නෝ දුලභ නොවෙති. ඔහුට ඒ නම පටබැදෙන්නේ එක් අපූරු සිදුවීමක් සිදු වූ නිසා ය.


    සොළොස්විය කඩඉම පසුකරන ජිනදාසට පදිංචිය වෙනස්කර මනම්පිටිය ප්‍රදේශයට පදිංචියට යාමට සිදුවේ. ඒ තම දෙමාපියන් සමඟය. ජිනදාසට මුදල් හදල් අතින් එතරම් ගැටලු නොවීය. නමුත් ඒ වන විට මනම්පිටිය ප්‍රදේශයේ ජීවත් වූ බහුතරය ආර්ථික දුෂ්කරතාවලින් පෙළුණේය. හිටි හැටියේ නිවෙසින් මුදල් හදල් අතුරුදන් වූ අතර යම් යම් අවස්ථාවල බඩු මුට්ටු ද අතුරුදන් විය.


    නැති බැරි මිනිසුන්ගේ වුවමනා එපාකම් තම නිවසින් පමණක් ඉටු කර දිය නොහැකි බව තේරුම් ගත් ජිනදාස ඥාතීන්ගෙන් පවා ඉල්ලීම් කර ඒවා ඉටුකර දීමට උත්සාහ කළේ ය. යහමින් වත්කම් ඇති ව්‍යාපාරිකයින්ගෙන් මුදල් කොල්ලකා ඒවා දුප්පතුන් අතර බෙදා දීම ජිනදාස විනෝදාංශය කොට ගන්නේ ඉන් පසුය.

    කාලවර්ණ දේහධාරී ජිනදාස තරුණයා වටා රොද බැඳ සිටි තරුණ කණ්ඩායමක් මනම්පිටිය ප්‍රදේශයේ විය. විසි වස සම්පූර්ණ නොවූ තරුණ ජිනදාස ඇතුළු පිරිස දිනක් මනම්පිටිය ගඟේ පාවී එන පොල් අතු හා පොල් ගෙඩි එකතු කරමින් සිටියහ. දුම්රිය මාර්ගයට මදක් ඔබ්බෙන් වූ ගං දිය වෙනදාට වඩා රළුය. පිටාර ගලා එන ගංගාව දෙපස තැනින් තැන කණ්ඩායම් එක් ව පා වී එන පොල් වැනි දෑ එකතු කිරීම යම් විනෝදයකට ද හේතු විය. ජිනදාස ඇතුළු තරුණ කණ්ඩායම යහමින් එකතු කරගත් පොල් ගෙඩි ද මලුවල දමා ගෙන නිවෙස්බලා යාම සඳහා දුම්රිය මාර්ගයට ගොඩවූවා පමණි.


    දුම්රිය මාර්ගය බාරව සිටි කංකානම් තැන ඔවුන් වෙත කඩා පැන්නේ ය. ඒ ඔවුන් කළ වරදක් නිසා නොව එකතු කර ගත් පොල්වලින් කොටසක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙනි. අසාධාරණ ඉල්ලීම් හා චෝදනා නගමින් බැණ අඩගසන කංකානම් කෙරේ ජිනදාස තදින් කිපුණේ ය. තරුණ පිරිස පළවා හැර ඔවුන් සතු දේ හිමිකරගැනීමේ අපේක්‍ෂාව ද ඇතිව කංකානම ඔවුන් වෙත කඩා පැන්නේ ය.


    කෝපය ඉහවහා ගොස් සිටි ජිනදාස කංකානමගේ බෙල්ලෙන් අල්ලා බිම හෙළීය. ජිනදාසගේ අතට හසු වූයේ අඩි අටක් පමණ දිග රේල් පීලි කැබැල්ලකි. දෙවරක් නොසිතූ ජිනදාසගේ යදඩු අතපය හමුවේ යකඩ පිලී කැබැල්ල ඇඹරී ගියේ ය. රේල් පීලි කැබැල්ල මාලයක් ලෙස සකසා එය කංකානමගේ ගෙල වටා දැමූ ජිනදාස තරුණ කැළ සමඟ එම ස්ථානයෙන් පිට වූයේ කංකානම බිම වැටී මොරදෙද්දීය.

    මේ සිද්ධියෙන් පසු ජිනදාසට නිදහසේ නිවසෙහි ගත කිරීමට ලැබුණේ දිනක් හෝ දෙකක් පමණි. කංකානමට පහර දී ගෙල වටා පීලි මාලයක් දැමීමේ චෝදනා යටතේ ජිනදාසට එරෙහි ව පොළොන්නරුව උසාවියේ නඩුවක් ගොනු විය.


    සිද්ධිය මුල සිට අගට සාවධානව අසා සිටි නඩුකාරවරයා පුදුමයෙනුත් පුදුමයට පත් වී ජිනදාස තරුණයා වෙත අභියෝගයක් එල්ල කළේ ය. ඒ රේල් පීලි මාලය දිග හැර යළි රවුම් කර පෙන්වන ලෙසටය. වරක් කළ දෙයක් දෙවන වර කිරීම කිසිදු ලෙසකින් තමන්ට අභියෝගයක් නොවන බව අවබෝධකරගත් ජිනදාස උසාවි බිම වූවන් මවිත කරමින් පිලී මාලය දිග හැරියේ ය. පෙර සැකැසූ මාල රවුමටත් වඩා කුඩා වන ලෙස පීල්ල රවුම් කර සකස් කළ ජිනදාසගේ ඒ ක්‍රියාව දෙස අයාගත් මුවින් යුතුව සියල්ලෝ ම බලා සිටිය හ.


    අදහාගත නොහැකි ව බලා සිටි නඩුකාරවරයා එකවරම ජිනදාසගේ පියා දෙසට හැරුණේය.


    ‘මේ වගේ යකඩ පුත්තු තව ඉන්නවාද?’


    යැයි ඇසුවේ ය. එදා පටන් ජිනදාසගේ ආදරණීය නාමය ‘යකඩයා’ නම් විය. දඬුවම් නොකළ ද තම ශක්තිය නිවැරැදි දෙයට පමණක් යොදවන ලෙසට අවවාද කළ නඩුකාරවරයා ජිනදාසට නිදහස ලබා දුන්නේ ය.


    ‘යකඩයා’ නම් ලද ජිනදාස චරිතය මාධ්‍ය වෙත විවර වන්නේ එතැන් සිටය. ඒ හේතූන් ජිනදාසගේ නාහෙට නාහන ක්‍රියාකාරකම්වලට රුකුලක් වූ බව නොරහසකි.


    මැලේරියා රෝගය වැළැඳීම නිසා තරුණ ජිනදාසගේ දෙමාපියන් හදිසියේ මෙලොවින් සමුගත්හ.

    තමාගේ ආදරණීයන්ගේ වියෝව තරුණ ජිනදාසගේ මනසට තදින් ම කා වැදිණි. අවවාද අනුශාසනා දීමට කිසිවෙක් නොවූ තැන ඔහු තමන්ට රිසි සේ දිවි ගෙවීම ආරම්භ කළේ එතැන් සිට ය.

    මාතර ප්‍රදේශයේ අයෙකු වූ පියාගෙන් ලද මන්ත්‍ර ශාස්ත්‍ර ගුරුකම් පිළිබඳ හසල දැනුමක් ද ජිනදාස සතු විය. ඔහුගේ ජීවිතයේ යම් යම් ක්‍රියාකාරකම්වල දී ඒවා භාවිතයට ගෙන බොහෝ බාධකවලින් තමන් ගැලවී ආරක්ෂා වූ අන්දම ජිනදාස පසුකාලීනව ප්‍රකාශ කළේ ආඩම්බරයෙනි.


    තමන්ගේ සොහොයුරිය විවාහපත් කර දී විශාල වගකීමකින් නිදහස් වන ජිනදාස කාලය තමන්ට රිසි සේ ගෙවා දැමීමට පුරුදු විය. නිදහස් පුද්ගලයෙකු ලෙස ජීවිතය ගත කළ ජිනදාසට එරෙහි ව මංකොල්ලකෑම් වැනි වැරැදි කිහිපයක් යටතේ නඩු පැවැරිණි.


    අනුරාධපුරයේ සිට ගාඩ්වරු හය දෙනෙකු සමඟ දුම්රියෙන් මඩකලපුව උසාවිය බලා ජිනදාස යන්නේ නඩුවලට ඉදිරිපත් වීම සඳහාය. ‘යකඩයා’ ලෙස රටම හඳුන්වනු ලබන ජිනදාස හීලෑ පූසෙකු මෙන් තමන් ළඟ සිටීම ගාඩ්වරුන්ට ආඩම්බරයට කාරණාවක් විය. ඔහු එසේ සිටින්නේ තම පිරිසගේ අණසකට යටත් වී යැයි,යන අභිමානයෙන් ඔවුහු ඔදවැඩී සිටියහ.


    ‘යකඩ චණ්ඩියා පුළුවන්නම් පෙන්නපන්කෝ උඹේ ඔය චණ්ඩිකම් ටිකක් අපිටත්. උඹට කවුරු බය වුණත් අපි බය වෙන්නේ නෑ..’


    නිහඬව දෑතේ විලංගු සහිතව සිටින ජිනදාස අමතා විවිධ වූ වහසි බස් දොඩවමින් ඔහු කෝප ගන්වා විනෝද වීමට ගාඩ්වරු උත්සාහ ගත්හ. නිහඬව නිසල ව තිබූ ගිනි කන්ද පුපුරා ගියේ ය.

    දෑතේ විලංගු ද නොතකා හය දෙනෙකු හා හරි හරියට ඔට්ටු වූ ජිනදාස මෙල්ල කිරීමට වහසි බස් දෙඩූ කිසිවෙකුටත් නොහැකි විය. තැන නොතැන නොබලා ඉඩ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ජිනදාස දුම්රියෙන් පැන්නේ ය. ඔහු ගොඩබිමකැයි සිතා පැන තිබුණේ කොටලීයේ පාලමෙන් පහළට ය. දුම්රිය නවතා බොහෝ වේලාවක් ජිනදාස සෙව්ව ද ඔහු සොයාගත නොහැකි ව හිස් අතින් ම බන්ධනාගාරය වෙත යාමට ගාඩ්වරුන්ට සිදු විය.

    නිදහසේ පාව ගිය තරුණ ජිනදාසගේ සිත ඉද්ද ගැසුවාක් මෙන් එක් තැනැක නැවැතිණි. ඒ හි¼ඟුරක්ගොඩ මුදලාලි කෙනෙකුගේ තරුණ දියණියක් ළඟය. මුදලාලිගේ හිතවතෙකු වූ සී. පී. සිල්වා මහතා සමඟ ජිනදාස දිවා ආහාරවේලක් සඳහා මුදලාලි කරන ලද ආරාධනයක් පිළිගෙන ඔහුගේ නිවෙසට ගියේ ය. ඉතා ප්‍රනීත ආහාර පානවලින් කෑම මේසය සකසා තිබුණ ද නිර්මාංශ පුද්ගලයෙකු වූ ජිනදාසට ආහාරයට කිසිවක් මේසය මත නොවීය. කුසගින්න ඉවසා දරාගෙන ජිනදාස සිටිනු දුටු මුදලාලිගේ තරුණ දියණියගේ සිත කම්පාවට පත්විය. ඇය ද නිර්මාංශ ආහාරයට පුරුදු වූ තැනැත්තියකි. ඇය සඳහා වෙනමම සකසා තිබූ ඇගේ ආහාරවේල ජිනදාස වෙත පිරිනැමුවේ හද පිරි සතුටින් යුතුවය. ඇගේ පෙරැත්තය නිසා ම ආහාරවේල භුක්ති විඳි ඔහු එදා එම නිවසින් පිටවූයේ ඔහුගේ ආදර සිත ඇය ළඟ තබා ය.


    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.[/FONT]

    [FONT=&quot]
    signt.gif
    [/FONT]

    [FONT=&quot] .................................................. ......................................[/FONT]
    [FONT=&quot] ...::: පෙර ලියූ ලිපි එකතුව :::...[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot] [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්][/FONT]
    [FONT=&quot] මරන්න එපා අපි යාඥා කරමු[/FONT]
    [FONT=&quot] http://www.elakiri.com/forum/showthread.php?t=1440278[/FONT]

    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] මුලු පවුලම නැතිකරන්න මට ඕන වුණා[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440303[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [03] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] කම්බියෙන් හෙළි වූ මවගේ ඝාතනය[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440344[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [04] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] චීනාගේ චිකාගෝ ගේම[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440353[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [05] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] නුවරඑළියෙ ගිය දෝණිට මේ මොකද වුණේ[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1441150[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]




    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    සටහන - හසිත දිල්රුවන්
    [email protected]
    2012-06-09
    .................................................. .................................................. .......................


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    niyama kathwak sahodraya
    බොහොම ස්තුතියි සහෝ.. බොහොම ප්‍රසිද්ධ කතාවක් නේ..:yes:

    Great post
    ස්තුතියි මචං..

    good post
    ස්තුතියි මචං..

    REP BE LU
    කමක් නෑ මචං.. ප්‍රතිචාරයට ස්තුතියි..

    Good Post
    Thanks for sharing
    එලස්..
    11.gif