හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]මා හිතාදර සොයුරකුගේ ඉල්ලීමකට මා අතුල සමිතා දෙපලගේ [/FONT][FONT=&quot]ආලෙන් වෙලාගන්න[/FONT][FONT=&quot] ගීතය පිළිබද විචාරයකට සූදානම් වූයෙමි.. එහෙත් එම විචාරය කිරීමට ආරම්භකලමුත් මා පටන්ගත් තැන දැන් පැයක් පමණ කාලයක සිට සිරවී සිටින්නෙමි.. ඒ අන් කිසිවක් නිසා නොව ගීත කිහිපයක් එක දිගට මා සිතට ගලා ඒම හා ඒ ගීතයන් නිසා මේ ලෝකයේ අනිත්‍යය මට පසක් කිරීමයි... මේ ගීතයන් සියල්ල ගත් කල [/FONT]
    [FONT=&quot]සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක් , සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්... යැයි සුනිල් එදිරිසිංහයන් පැවසූ කාරණාව කොතරම් සත්‍යදැයි මා හට වැටහේ..

    [/FONT]



    ඈත්තටම ලොකු සතුටක් දෑනෙනව සහෝ.. කියන්නට දෙයක් නෑත.. ඔබට ජය සහ පින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙම ගීතය රචනා කිරීමට එවක පැවති දේශපාලන වටපිටාව හේතුභූත වුවත් ("
    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]") ඉන් මෙතරම් කලක් ගතවීත් මේ ගීතය දැනුදු වලංගු වන අයුරු දැක මහැදුරුතුමන් තනියම සිනාසෙනයුරු මට මැවී පෙනේ.!:yes::D:lol:
    ඒකනේ හාවෝ කිව්වේ........
    සර්ව කාලීනයි.......
    සර්ව භෞමිකයි කියලා.......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    3333333f.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama neme damme:sorry:
    මම දන්නවා උඹ නෙවෙයි කියලා......ඕක දාල තියෙන්නේ ෆේක් අපතයෙක්.........මෙතන ජාතිය මතක් කරන්න මම කැමති නෑ...නමුත් ඌ තමන් ගේ උත්තමාංගයේ මුල් කොටස අහිමි වෙච්ච එකෙක් බව නම් නොකිය ම බෑ......!!!!!:growl::growl::frown:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,860
    113
    මම දන්නවා උඹ නෙවෙයි කියලා......ඕක දාල තියෙන්නේ ෆේක් අපතයෙක්.........මෙතන ජාතිය මතක් කරන්න මම කැමති නෑ...නමුත් ඌ තමන් ගේ උත්තමාංගයේ මුල් කොටස අහිමි වෙච්ච එකෙක් බව නම් නොකිය ම බෑ......!!!!!:growl::growl::frown:

    :lol::lol::lol:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    මට හිතෙන හැටි!

    සුනිල් එදිරිසිංහ යනු සුභාවිත සිංහල ගීත කලාවේ නොමැකෙන ලෙස ඉහළින් සටහන් වී ඇති නාමයකි. ගතයුත්තක් නොමැති වත්මන් ගීත කලාව තුළ තවමත් අරුත්බර ගීතයන් සමාජ ගතකිරීමට එතුමන් දරනා උත්සාහය පැසසුම් කට යුතුය. :D:yes:
    මෑතකදී එතුමන් විසින් ගයන්නට යෙදුනු "මේ තරම් සියුමැලිද කළුගල්" ගීතය ඊට කදිම උදාහරණයකි.නමුත් මෙමෙ ලිපිය එම ගීතය ගැන නොවේ.:confused::rolleyes:

    ලාංකික ගීත කලාව තුළ පිය සෙනෙහස ගැන කියවෙන අතලොස්සක් ගීත අතරට වැටෙන තවත් මහරු ගීතයක් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පබඳුමින් සුනිලුන්ගේ මියුරු හඬින් ඔපවත් වී ඇත.:love:
    තමා ඉතා ආදරයෙන් හදා වඩාගත් තම සෙවනේ සිටි තරුණ දියණිය තරුණයෙකු හා පැනගිය විට පියෙකුට ඇතිවන හැඟීම කෙබඳුද???:sorry:

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

    පියෙකුගෙන් දියණියකට ලැබෙන ආදරය, උණුසුම, සෙවණ සහ ආරක්ෂාව ආදීතවත් දහසකුත් දෑ ඉතා සරල උපමාවකින් එක් පදයකින් මෙහි දක්වා ඇති අයුරු කෙතරම් අලංකාරද?:love:

    තේ වත්තක වැඩ කරන දිළිඳු පියාගේ ජීවිතයේ එකම ආලෝකය බලාපොරොත්තුව වූ දියණිය සහ ඇය වෙනුවෙන් කලකී දෑ උන්හිටිහැටියේ සුනුවිසුනු වීයාම එනිසාම ජීවිතය අඳුරු වීම ඔහුට දරා ගත නොහැක්කකි. :no:

    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිව්වා සේ අඳුරුයි ලයින් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ


    ගීතයේ ස්ථායී කොටසේ දෙවරක්ම ඇය ගියේ මන්දැයි ඇසීමෙන් ඔහු තුළ පවත්නා දැඩි වේදනාව මතු කොට පෙන්වා ඇත.! :sorry:

    දියණිය ගියේ පැහැදිලි මඟක් ඔස්සේ ඉදිරි අනාගතය සරු කරගැනීමට නම් ඔහුට දුක වාවාගත හැක. එහෙත් එය එසේ නොවේ.:confused:

    ඇය පැන ගොස් ඇත්තේ නාගරික රස්තියාදුකාර තරුණයෙකු සමඟය.:angry: මෙසේ නාගරික තරුණයන්ගේ බස් වලට රැවටී ඔවුන් සමඟ පැනයන ගැමිතරුණියන් අවසන අභිසාරිකාවන් බවට පත්වී ඇති අයුරු පියා මහත් සොවින් සිහිකරයි.!:sorry:
    එය කෙලින්ම නොපවසා අසන්නාට සිතන්නට ඉතිරිකර උපමාවකින් සම්පූර්ණ කරයි. :love:

    ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ


    ඈ එසේ පැනයන්නේ නිවාස අසලට පැමිණි නාගරික විනෝදකාමී රස්තියාදුකාර තරුණයින් කණ්ඩායමකින් අයෙකු සමඟය. ඔවුන්ට තම නිවාස අසල විනෝද වීමට ඉඩහැරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය වූ බව සහ එය තමා වැඩිදුර නොසිතීමෙන් සිදුවූ වරදක් බව පියා කල්පනා කරයි. :rolleyes:

    මාල බැඳන් සුදුයකඩින් රෝසමල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ


    මේ ගීතයේ අවසාන පදය ඉතා ප්‍රබල යෙදුමක් ලෙස මට හැඟේ.
    ඉන් මතුපිටින් පෙනීයන්නේ ඇය සිටිනා නාගරිකය නුදුරු බවක් සහ ඇයට අවශ්‍ය නම් නැවත පැමිණීම පහසු බවය.:baffled:

    පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ

    නමුත් මට සිතෙන අයුරින් එහි පැවසෙන්නේ ඇය කුඩාළදරියකව සිට තරුණියක උස්මහත් වූ අයුරු,ලැබුණු ආදරය, සෙවණ, ආරක්ෂාව ආදිය පිලිබඳ ඇයට මතකනම් ඇයට නැවතත් ඒවා අවැසි විටක ඒ අයුරින්ම ලබාදීමට මේ ආදරණීය පියා සූදානම් බවයි.! කිසිදා දෙමවුපිය ආදරය වෙනස් නොවන බවයි.!:love::yes::D

    මෙම ගීතයේ සංගීත නිර්මාණය ගැනද කිසියම් අදහසක් පල කිරීමට මා සිතුවේ වත්මන බිහිවෙන බොහෝ ගීත වල අරුත සංගීතයෙන් ලබාදෙන අරුතට වඩා වෙනස් වන නිසාය.:confused:

    පියාගේ හදවත තුළ ඇති අයුරින්ම වචන අතරතුර නොනවත්වා බුර බුරා නැගෙන දුක ගිනිදැල් පිලිබඳ මනෝමය චිත්‍රයක් මෙහි ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස යොදාගෙන ඇති සිතාරයෙන් මවා පෙන්වයි. මේ ගීතයේ සංගීතයට පමණක් සිත යොමු කරන්නෙකුට පවා මෙය කිසියම් දුක්ඛදායක් සිදුවීමක් ගැන පවසන ගීතයක් බව නිතැතින්ම හැඟේ. හෙළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් රැන්දු රෝහණ වීරසිංහයන් එහි නිසඟ හිමිකරුවානන්ය!:yes::D

    එසේ පදමාලාවට උචිත නාදමාලාවකින් සහ ගායනයකින් සමන්විත මෙම සාර්ථක ගීත නිර්මාණය හෙළ ගීත කලා ක්ෂේත්‍රයේ සිංහයන් ත්‍රිත්වයක් විසින් එක්ව කර ඇති බව පවසා මම නිහඬ වෙමි.



    ගීතය මෙතනින් ලබාගත හැක.!


    ප.ලි.
    මේ ගීතයේ පදරචකයා සහ සංගීතවේදියා මට මතක් කොට දුන් සස්ලිට් සහෝදරයාට විශේෂ ස්තුතිය.! :yes:
     
    • Like
    Reactions: dath kimbula

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මාල බැඳන් සුදුයකඩින් රෝසමල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ


    JHHA සහෝදරයා විසින් විචාරය කරනු ලැබූ මෙම ගීතය පිළිබදව යම් අදහසක් තබමි.. ඔහු විසින් පැවසූ කරුණු ඉතා සාර්ථකවන අතර මා ඉතා රසවිදින පද පේලි 3ක් පිළිබදව මෙසේ අදහසක් ඉදිරිපත් කරමි...

    මාල බැඳන් සුදුයකඩින් රෝසමල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ


    මා මෙම ගීතයේ වඩා සංවේදීවන්නේ ඉහත පද පේලි තුන වෙතය... පිය කෙනෙකුගේ සෙනෙහස මේ ආකාරයම වේ... ලෝකයට ඇය ලොකු එකියක් උවද පියවරුණට තම දරුවන් ඇකයේ හුවා නලවන කාලයමය.. ඇය කෙතරම් උස් මහත් උවද ඔහුට එය නොවැටහෙන්නේ ඒ නිසාවෙනි...

    තාත්ත තමා දූව නරක්කරන්නේ.. මා කිහිප විටකම මගේ මව පවා පවසනු අසා ඇත්තෙමි.. රස්තියාදු කාරයන් විසිල් ගසමින් ඉගිබිගි පාමින් නිවස අවට සැරිසැරූ නමුත් උන් මේ ඉව අල්ලන්නේ මගේ දුවේ උඹට කියා මා සිතුවේ නෑ...

    පුදුම සහගත මේ කාරණය රූපක යොදාගනිමින් ගෙනහැර දැක්වීමයි.. ඉහත මා සදහන් කල කාරණය බිදකුදු නොපවසා රචකයා සින්දු කියන මාලගිරවුන්ගෙන් කිවයුත්ත කිවයුතු මට්ටමටත් එහා ගොසින් අප වෙත චිත්‍රරූපක් මවනා ආකාරය මනරම්ය...

    අවසානයේ උන්ගෙන් එකෙක් හා දියණිය යන්නට ගියේයැ.. ඉන්පසුව පියාණන්ගේ ඉහමොල ගිණිගත්තේ තමා මේ ගැන නොහිතුවේ මන්ද යන්නය.. ඒ වෙනෙකක් නිසා නොව දරුස්නේහය නිසා සිය දුව කෙරෙහි එවන් සැකමුසු බැල්මක් නොහෙලිය හැකි නිසාවෙනි.. පියාණන්ට දියණිය මෙලෙස පැනයා යැයි සීතීම අකුණු පහරක් වැනිය.. හීනෙන්වත් නොහිතනා දෙයක් සිදුවූ බව ඔහු පවසන්නේ එබැවින්යැයි මට සිතේ..

    සිංහල සුභාවිත ගී කලාවේ හැරවුම් ලක්ෂයන් පෙන්වන ලද ගී අතර මෙම ගීතයට හිමිවන්නේ අග්‍රගන්‍ය වූ ස්ථානයකි.. ස්තූතියි සොයුර දැනුම බෙදාගැනීම සම්බන්දයෙන්..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුංචි ඇස්‌ දෙක කඳුළු පුරවන්
    තවම මග බලනවා ඇති
    ඒ වුණත් මට එන්න බැරි බව
    ඔයා තවමත් දන්නැති
    මැරෙන්නට මොහොතක්‌ තියා හරි
    ඔබ සොයා ගෙන එන්නෙමි
    ඒකටත් ලොකු කාලයක්‌ නැත
    කොහොම හරි හිත රවටමි

    ප්‍රේමයේ උත්තරීතර බව
    පසක්‌ කරගෙන හොඳටම
    කාලයේ වැලිතලා යටවී
    මියෑදුණත් අපි සදහට
    ආදරේ පෙම් කතා වලටත්
    එකතුවී ඇත අප ගැන
    හඬා වැටුණත් හඬන්නට බෑ
    හිතන්නේ මම ඔබ ගැන

    දහසකුත් බාධක තියාගෙන
    ප්‍රේම කරනා ඔය හිත
    දාලා යන්නේ කොහොමදැයි මට
    ලියා දෙනවද මතකය
    සැකය කියනා වචනෙ ගැනවත්
    හිතෙන්නේ නෑ තව මට
    නිදා වැටුණට නින්ද යන්නෑ
    හිතන්නේ මම ඔබ ගැන

    පද රචනය - සත්‍යජිත් ලක්‌මාල්
    සංගීතය/ගායනය - රොෂාන් ප්‍රනාන්දු

    ආදර හැඟුම් උපදින්න වයස බලපානව ද?.... නැහැ. ආදරයට වයස භේදයක්‌ නැහැ. වයස්‌ පරතරය ආදරය කරද්දි දැනෙන්නේ නැහැ. ආදරවන්තයන්ට එය නොතේරුණත් පිටතින් සිට ඔවුන් දෙස බලන අයට නම් මේ වෙනස හොඳින්ම පෙනෙනවා, දැනෙනවා.

    පුංචි ඇස්‌ දෙක කඳුළු පුරවන්
    තවම මග බලනවා ඇති
    ඒ වුණත් මට එන්න බැරි බව
    ඔයා තවමත් දන්නැති

    මැරෙන්නට මොහොතක්‌ තියා හරි
    ඔබ සොයා ගෙන එන්නෙමි
    ඒකටත් ලොකු කාලයක්‌ නැත
    කොහොම හරි හිත රවටමි

    ඇය ඔහුට වඩා වයසින් පොඩියි. ඒ නිසා තමයි පුංචි ඇස්‌ දෙකේ කඳුළු පුරවාගෙන මඟ බලාගෙන ඉන්නේ ඔහු එනතුරා ඒත් ඔහුට එන්න විදිහක්‌ නෑ.. එක්‌කෝ ඔහු විචාහකයෙක්‌. නැත්නම් ඇයට වඩා වයසින් වැඩි නිසා ඒක බාධකයක්‌ වෙලා. ඒත් ඒ බවක්‌ ඇය දන්නෙ නැහැ. මේ ආදරණීය සම්බාධකවලින් ඔහු තැවෙනවා. පුංචි හදවතකට ආදරය කරන්නේ කොහොමද? මිය යන්න මොහොතකට කලින් හරි ඇය වෙත එන්නයි ඔහුගේ කල්පනාව. ඒත් ඉතින් ඒකටත් ඒතරම්ම කාලයක්‌ නැහැ. ඔහුගේ කාලය අවසන් වෙමින් තිබෙන්නේ. ඇගේ කාලය නම් වර්ධනය වෙනවා. කොහොම හරි ඇය සොයා එන බව සිතමින් ඔහු තමන්ගේ සිත රවටා ගන්නවා.

    මේ ගීයේ රචකයා සත්‍යජිත් ලක්‌මාල්. අත්දැකීමක්‌ නොවුණත් සත්‍යජිත් මේ ගීයෙන් කියන්නේ අද සමාජයේ කොතැනක හෝ සිදුවන දෙයක්‌.

    ප්‍රේමයේ උත්තරීතර බව

    පසක්‌ කරගෙන හොඳටම

    කාලයේ වැලිතලා යටවී

    මියෑදුණත් අපි සදහට

    ආදරේ පෙම් කතා වලටත්

    එකතුවී ඇත අප ගැන

    හඬා වැටුණත් හඬන්නට බෑ

    හිතන්නේ මම ඔබ ගැන

    ආදරය කොයිතරම් උතුම් දෙයක්‌ද? ඒ උත්තරීතර බව ඔහු හොඳින්ම වටහාගෙනයි ඉන්නේ. කාලය ගතවෙනවා. ඒ කාලයත් එක්‌කම අපි මිය ගියත් අපි දෙන්නගෙ ආදර කතාවත් ඉතිහාසගතවේවි. හරියට සාලිය අශෝක මාලා, රාමා - සීතා, රොමියෝ, ජුලියට්‌, ලයිලා, මඡ්නු - පෙම් පුවත් වගේම ඒ ඉතිහාසයට එකතුවේවි. එහෙම හිතන ඔහු, ඇය හඬා වැටුණත් හඬන්න සූදානම් නැහැ. ඔහු නිතරම හිතන්නේ ඇය ගැනයි. ඇයව වරදට පොළඹවා ගන්න ඔහු කිසිදාක හිතන්නෙත් නැහැ. ඒක තමයි ආදරේ.

    දහසකුත් බාධක තියාගෙන

    ප්‍රේම කරනා ඔය හිත

    දාල යන්නේ කොහොමදැයි මට

    ලියා දෙනවද මතකය

    සැකය කියනා වචනෙ ගැනවත්

    හිතෙන්නේ නෑ තව මට

    නිදා වැටුණත් නින්ද යන්නෑ

    හිතන්නේ මම ඔබ ගැන

    ඇය ඔහුට කොයිතරම් ආදරේද කියනවා නම් බාධක එමටයි. වයස්‌ පරතරය, කුලභේදය , සමාජ බැඳීම්, සමහර විටෙක ඔහු විවාහකයෙක්‌ වෙන්නත් ඇති. ඒත් ඇයට ඒවා බාධා නොවේ. ඒත් ඇය ඔහුට ආදරේ කරනවා. එහෙම හිතක්‌, අතැර යන්නේ කොහොමද?... ඔහු හිතනවා. ඇය ගැනත් බොහෝ දෙනා බොහෝ කතා කියනවා. ඒත් ඔහුට ඇය ගැන සැකයක්‌ නැහැ. හීනෙකින්වත් ඈ ගැන ඔහුගෙ හිතට සැකයක්‌ උපදින්නේ නෑ. ඒක තමයි ආදරේ. නිදිබර යාමෙට දෙනෙත් පියවුණත් ඒ සුළු මොහොතයි. නින්දක්‌ නැහැ. ඇය ගැනමයි. ඔහුට හිතෙන්නේ. වියපත් හදකට උණත් ආදරේ දැනුණාම එහෙම තමයි.

    අජිත් අලහකෝන්