සනත් ගායනා කල ගී අතුරින් අතිශයින් ම ප්‍රේමනිය ගිතය මෙය යනු මගේ පෞද්ගලික අදහසය. ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම මෙතරම් විචිත්‍ර ලෙස වර්ණනය කරන අන් තැනක් නූතන ගීත ඉතිහාසයේ සෙවීම උගහටය.
මේ තරුණයා දකින්නේ තම දිවි අරණේ මධු මල් පිපෙන, ඒ නිසා ම බමරුන් රොනට වඩින ආශ්චර්ය, ඇය ගේ පෙම බවය. ඇත්තෙන් ම මේ ආශ්චර්ය, ඔහු සිය ජීවිතයේ දී දකින ප්‍රථම වසන්තයේ මල් ඵලය. ඉදින්, ඒ මල්ඵල වල අසිරිය. ඔහුට මේ ලෙස දැනීම පුදුමයක් ද නොවේ.
තරු නැගෙන තුරා නිදි බර අඹරේ
සදු නැගෙන තුරා සිටියදි අදුරේ
ඔබ දුපුන් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ..................
ඔහු සිට ඇත්තේ ද ප්‍රෙමය පතමිනි. මේ කරුණ රචකයා නොයෙක් වූ උපමාද, අලංකරණ ද සහිතව ඉදිරිපත් කරයි. ඔහු ප්‍රේමය පතා සිට ඇත්තේ තරු නැගෙන තුරා, සදු නැගෙන තුරා අදුරේ සිටින ලෙස ය. ඇය ඔහු ගේ ලෝකයට පැමිණෙන්නේ සුපුන් සදක් සේය. කෙමෙන් මෝරන සදක් නොව, පුන් සදක් ලෙසට වීම ඔහු ගේ අලහාදයේ චමත්කාරය පිණිස හේතු වී ඇත.
සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් සේ ආවේ..........!!!!
මරු කතරක, දිය පොදක් නොලැබ, පිපුරුනු දෙතොල් සහිතව පීඩා විදින්නෙකුට, දිය පොදක් වටනේ යම් සේද, මේ පෙම ඔහුට සිසිල් දොලක් මැවුණාක් වැනි, ජීවිතයට බලාපොරොත්තු එක් කරන්නකි. ඒ සිසිල් දොල පහර සමග ඔහු ගේ ජීවිතයට පැමිණෙන්නේ වසන්තයයි. මේ ඔහු ගේ ජීවිතයේ අත්දකින ප්‍රථම වසන්තයයි.
සනත් ගේ අතිශය භාවාත්මක කටහඩ, මේ ගීතයේ අර්ථ රසය දෙගුණ තෙගුණ කරවන්නකි. මේ වියපත් මිනිසා ඔහු ගේ අති මාධූර්යය වූ නාසික-ඛණ්ඨජ ස්වරය තරුණ හැගීම් ද, යෞවන හැගීම් ද ගායනයට යොදා ගන්නා ආකාරය නම්, අනුපමේය වූ ගායනයකි.
ඇත්‍තෙන් ම අපේ ප්‍රථම ප්‍රේම අත්දැකීම ද අපට දැණුනේ මේ ලෙසම නොවේද? එහි අලහාදය, අප ප්‍රථම ප්‍රේමයෙන් ජය ගත්තද, එය බිදී ගියද, අප තවම විදිනවා නොවේද?