හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සනත් ගායනා කල ගී අතුරින් අතිශයින් ම ප්‍රේමනිය ගිතය මෙය යනු මගේ පෞද්ගලික අදහසය. ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම මෙතරම් විචිත්‍ර ලෙස වර්ණනය කරන අන් තැනක් නූතන ගීත ඉතිහාසයේ සෙවීම උගහටය.


    ඇත්‍තෙන් ම අපේ ප්‍රථම ප්‍රේම අත්දැකීම ද අපට දැණුනේ මේ ලෙසම නොවේද? එහි අලහාදය, අප ප්‍රථම ප්‍රේමයෙන් ජය ගත්තද, එය බිදී ගියද, අප තවම විදිනවා නොවේද?


    ඇත්තෙන්ම මේකේ තියෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක් .. එක පැහැදිලි කරන්න වචන මදි :yes: .. ප්‍රථම ප්‍රේමය යනු ......................... !!! :P:(
     

    kingdewi

    Well-known member

  • අසාරේ සාර මතිනෝ -සාරේ චාසාර දස්සිනෝ
    තේ සාරං නාධි ගච්ඡන්ති -මිච්ඡා සංකප්ප ගෝචරා

    තේරෙන්නෙ නැතුව ඇති නොවැ..

    නිසරු දේවල්ම සරු ලෙසින් ගෙන සරුදෙය නිසරු යයි ගෙන වෙහෙස වෙන වැරදි කල්පනා ඇති තැනැත්තේ නිසරු දෙයක්ම ලබයි !!
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඇත්තෙන්ම මේකේ තියෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක් .. එක පැහැදිලි කරන්න වචන මදි :yes: .. ප්‍රථම ප්‍රේමය යනු ......................... !!! :P:(

    ප්‍රථම ප්‍රේමය යනු ගෑණිට සෙට් වුනොත්, ඩෙෆා ලිඳ සහ කොස්ස සෙට්වන අති සුන්දර අති භයංකර ප්‍රපංචයකි!! :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රථම ප්‍රේමය යනු ගෑණිට සෙට් වුනොත්, ඩෙෆා ලිඳ සහ කොස්ස සෙට්වන අති සුන්දර අති භයංකර ප්‍රපංචයකි!! :lol::lol::lol:

    :eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මද මොහොතකට පෙර මේ හුය තුළ මගේ නමට සමාන නමක් අටවා ගෙන,ස්වකීය උත්තමාංග පූර්ව ‍භාගය අහිමි, පුරුෂ කෘත්‍යයෙහි අසමත් සිගාලයෙක් සිය ශරිර කෘත්‍ය සිදුකරමින් සිටින බව දුටුවෙමි.

    ඒ සිගාලයා අල්ලා පරසක්වල ගැසූ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් හට මාගේ ප්‍රණාමය පුද කරමි.
     

    kingdewi

    Well-known member
  • දැන් මද මොහොතකට පෙර මේ හුය තුළ මගේ නමට සමාන නමක් අටවා ගෙන,ස්වකීය උත්තමාංග පූර්ව ‍භාගය අහිමි, පුරුෂ කෘත්‍යයෙහි අසමත් සිගාලයෙක් සිය ශරිර කෘත්‍ය සිදුකරමින් සිටින බව දුටුවෙමි.

    ඒ සිගාලයා අල්ලා පරසක්වල ගැසූ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් හට මාගේ ප්‍රණාමය පුද කරමි.

    අඳෝමැයි...මාගේ ලොල පිනැවූ සූකර තෙම "බෑන්" වීද? :lol::lol::lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    දැන් මද මොහොතකට පෙර මේ හුය තුළ මගේ නමට සමාන නමක් අටවා ගෙන,ස්වකීය උත්තමාංග පූර්ව ‍භාගය අහිමි, පුරුෂ කෘත්‍යයෙහි අසමත් සිගාලයෙක් සිය ශරිර කෘත්‍ය සිදුකරමින් සිටින බව දුටුවෙමි.

    ඒ සිගාලයා අල්ලා පරසක්වල ගැසූ අද්මිනිස්ත්‍රාසිකාර සොයුරන් හට මාගේ ප්‍රණාමය පුද කරමි.

    :cool::lol::lol::lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    යාලුවනේ....
    මට මේ සින්දුවේ විචාරය දාන්නකෝ.......!!!!!!
    පුලුවන්නම් නිධාන කතාවක් තියෙනවනම් දන්නා......!!!!

    ඔබ දැන් කීවත් කඳුළු සලා........

    මට ආදරෙයි කියා.........
    හිත ගිය තැනකට තුරුළු වෙලා.........
    මැණිකේ නොවනු මුලා........

    මගේ ආසම සින්දුවක් මේක......!!!!
     
    උඹට ඔහොම ඔලුව වන වන ඒකිව අමතක කරන්න පුලුවන්ද බන්..... යාන්තමට අත්දැකීමක් තියෙන නිසා කියන්නේ, සමාව දීපිය එයාට....


    එයට සමව දුන්න බන්
    මට එය නැතුව බහ, ඇත්තටම එක ලොකු වැරද්දක් නෙවෙයි
    අපි එයේ හම්බ වෙලා ගොඩක් සතුටින් හිටියා
    තැන්ක්ස් මචෝ උඹේ මේ පොස්ට් එකත් ඒකට සෑහෙන්න බලපෑවා:):):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]මහා සම්ප්‍රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාව[/FONT] - The Romantic Opera
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]හේමන්ත නිද්‍රාවේ[/FONT]
    [FONT=&quot]ගිලෙන හැන්දෑවක[/FONT]
    [FONT=&quot]නිසලතාවයේ මතු වෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන[/FONT]
    [FONT=&quot]ප්‍රේමාධ්‍යාශයයි.......[/FONT]
    [FONT=&quot]සිහිනේ - උමතු නිම්නේ[/FONT]
    [FONT=&quot]මා හුදකලාවෙ නොහෙලා[/FONT]
    [FONT=&quot]ආදරේ වෙගන[/FONT]
    [FONT=&quot]හැම රාත්‍රියකම[/FONT]
    [FONT=&quot]හැම හිමිදිරියක[/FONT]
    [FONT=&quot]හැම දහවලකම[/FONT]
    [FONT=&quot]වෙලී ගයන්න එනු මැන “සුප්‍රානෝ” හඩින්...........[/FONT]

    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාවේ[/FONT]
    [FONT=&quot]ඉසියුම් නාද සංරචනයේ[/FONT]
    [FONT=&quot]හැම ස්වරයෙකින් ම වෑහෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි.........[/FONT]

    [FONT=&quot]සද දිය දහරාවේ[/FONT]
    [FONT=&quot]පෙගෙන ළැම බෙයද[/FONT]
    [FONT=&quot]නග්න තලාවේ මතු වෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ සියුමැලි සිරුරේ[/FONT]
    [FONT=&quot]උමතු ආලිංගනයයි[/FONT]
    [FONT=&quot]සිහිනේ උමතු නිම්නේ[/FONT]
    [FONT=&quot]මා හුදකලාවෙ නොහෙලා[/FONT]
    [FONT=&quot]ආදරේ දෙවගන [/FONT]
    [FONT=&quot]සදහට ම එකට[/FONT]
    [FONT=&quot]එක ආදරයක[/FONT]
    [FONT=&quot]එක මිහිරියාවක[/FONT]
    [FONT=&quot]ගිලි රගන්න එනු මැන[/FONT]
    [FONT=&quot]පියුම් මතින්..........[/FONT]

    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාවේ[/FONT]
    [FONT=&quot]ඉසියුම් රංග වින්‍යාසයේ[/FONT]
    [FONT=&quot]හැම රැගුමකින් ම මැවෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ මාගේ නොහිම් ප්‍රේමයයි.....[/FONT]

    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාවේ[/FONT]
    [FONT=&quot]ඉසියුම් නාද සංරචනයේ[/FONT]
    [FONT=&quot]හැම ස්වරයෙකින් ම වෑහෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි.........[/FONT]
    [FONT=&quot]හැම රැගුමකින් ම මැවෙන්නේ[/FONT]
    [FONT=&quot]ඔබෙ මාගේ නොහිම් ප්‍රේමයයි.....[/FONT]

    [FONT=&quot]චාමින්ද රත්නසූරිය ලියූ, එශාන්ත පීරිස් නම් සංගීතවේදියා විසින් වර්ණවත් කළ මේ ගීතය පිලිබද ව මෙය ගයන කසුන් කල්හාර දරන අදහස මුලින් ම විමසා බලමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“මෙහි එන ‍‘රෝමාන්තික ඔ‍පෙරාව’ සත්‍ය ඔපෙරාවක භාවිතා කර නිර්මාණය වූවක් නොවේ. මෙය අයත් වන්නේ සාමාන්‍ය සරල ගී ආකෘතියකට. Opera තියෙන්නේ මීටත් සෑහෙන්න එහායින්”[/FONT]
    [FONT=&quot](උපුටා ගැනීම රෝමාන්තික ඔපෙරාව සංගත තැටි කවරය)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කසුන් මොන දේ කිව්වත් සිතුවත් අප අතිශයින් ම මුසපත් කල ගායන විලාශයකි මේ ගීතය හරහා ඔහු ගෙන එන්නේ. මේ තරුන සංගීතවෙදී ගායකයා, මේ කෙටි කාලය තුළ දී මෙරට සංගීත ක්ෂේත්‍රයට එක්කනල අස්වැන්න නම් ඉතාමත් මහරුය. මේ ගිතය ගයන උස් තාරතාවයකින් යුතු වූ හඩ බලන්න. මේ මනා ව සුගම ලෙස ශතතාභ්‍යාසයේ යෙද වූ හඩක් මිස කවරක්ද? හුස්ම නොගනිමින් එක් පෙළකට මනෝරම්‍ය වූ ආකාරයකින් නැංවෙන මේ උස් කටහඩ, අපට නම් නැගී එන මයිකල් පවරොට්ටි කෙනෙකු නිතැතින් සිහිපත් කරවයි. මේ සා විශිෂ්ට වූ සුගායනීය වූ මහා සම්පුදයානුකූල වූ ගායනයක්, මෙවන් සරල ගියක ඇසුනු පළමු අවස්ථාව මෙයයි. ඔහු ගේ මේ ගීතය මට ඇසූණු පලමු වර මා ගල් ගැසී සිටියෙමි. නැවත නැවතත් මේ ගියම ඇසිමි. මා කර්ණ පටහ පටලය තෘප්ත වූයේ විසිවතාවෙක් පමණ මෙය ඇසීමෙන් පසුවය. මෙය මා හට නම් මල් වැස්සක අසිරිය මනසට නැං වු කෘතියකි. අතිශය රාගාන්විත ප්‍රේමයක්, ඒ ප්‍රේමයේ උමතු වූ අනුරාගයේ දැල්වෙන ගිනිසිලුවෙන් ආලෝකමත් කල මෙවන් ආලෝලනීය කටහඩක්, මා නම් පෙර කෙදිනකවත් හෙල සුභාවිත ගීයේ අසා නැත. මෙ කටහඩ, මේ ගායන විලාශය, ඒ අනුරාගාන්විත ආදරයේ ඇති ජව සම්පන්න බව මෙන්ම ගිලී කිදෙන්නට තරම් වන රාගයේ ගනකම ද අප හදවතේ ඇති කරන්නේ අප ඔපෙරාවක රගන ආකාරයේ අතිශය උද්වේගකර, මනෝරම්‍ය වූ සිතුවිළි සමුදායක් අප හදවත සහ මනස තුළ දල්වා ලමිනි. මෙවන් ගායන කෞෂල්‍යයක්, එක රැයකින් බිහි ව පසුදා උදයේ හිරු දුටු පිනි බිදු ලෙස අතුරුදන් ව යන "තරු" ගායකයන් ගෙන් ඔබ කිසිදා දැක තිබේද?
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මා තව දුරටත් යමක් නොකියා නිහඩව හිදිමි. ගීතය අසා මා කියන මේ දේ ඔබ ම අත්විද ගන්න.[/FONT]


    [FONT=&quot]මාගේ මිතුරණි, කසුන් කලකට පෙර කල මේ සජීව සංගීත ප්‍රසංගය නිවීහැනහිල්ලේ නරඹන්න.මේ ජවසම්පන්න ආලෝලනීය කටහඩට ඔබේ අධ්‍යාත්මය අමතන්නට ඉඩ දෙන්න.......මේ ජීවිතය විදීම හැර වෙන කුමක්ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සනත් ගායනා කල ගී අතුරින් අතිශයින් ම ප්‍රේමනිය ගිතය මෙය යනු මගේ පෞද්ගලික අදහසය. ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම මෙතරම් විචිත්‍ර ලෙස වර්ණනය කරන අන් තැනක් නූතන ගීත ඉතිහාසයේ සෙවීම උගහටය.

    මේ තරුණයා දකින්නේ තම දිවි අරණේ මධු මල් පිපෙන, ඒ නිසා ම බමරුන් රොනට වඩින ආශ්චර්ය, ඇය ගේ පෙම බවය. ඇත්තෙන් ම මේ ආශ්චර්ය, ඔහු සිය ජීවිතයේ දී දකින ප්‍රථම වසන්තයේ මල් ඵලය. ඉදින්, ඒ මල්ඵල වල අසිරිය. ඔහුට මේ ලෙස දැනීම පුදුමයක් ද නොවේ.

    තරු නැගෙන තුරා නිදි බර අඹරේ
    සදු නැගෙන තුරා සිටියදි අදුරේ
    ඔබ දුපුන් සදක් සේ පායා
    පහන් රැයක් වී ආවේ..................

    ඔහු සිට ඇත්තේ ද ප්‍රෙමය පතමිනි. මේ කරුණ රචකයා නොයෙක් වූ උපමාද, අලංකරණ ද සහිතව ඉදිරිපත් කරයි. ඔහු ප්‍රේමය පතා සිට ඇත්තේ තරු නැගෙන තුරා, සදු නැගෙන තුරා අදුරේ සිටින ලෙස ය. ඇය ඔහු ගේ ලෝකයට පැමිණෙන්නේ සුපුන් සදක් සේය. කෙමෙන් මෝරන සදක් නොව, පුන් සදක් ලෙසට වීම ඔහු ගේ අලහාදයේ චමත්කාරය පිණිස හේතු වී ඇත.

    සිත පවස දරා මිරිගුව අතරේ
    දිය පහස පතා සිටියදි කතරේ
    ඔබ සිහිල් දොළක් සේ පාවී
    වසන්තයක් සේ ආවේ..........!!!!

    මරු කතරක, දිය පොදක් නොලැබ, පිපුරුනු දෙතොල් සහිතව පීඩා විදින්නෙකුට, දිය පොදක් වටනේ යම් සේද, මේ පෙම ඔහුට සිසිල් දොලක් මැවුණාක් වැනි, ජීවිතයට බලාපොරොත්තු එක් කරන්නකි. ඒ සිසිල් දොල පහර සමග ඔහු ගේ ජීවිතයට පැමිණෙන්නේ වසන්තයයි. මේ ඔහු ගේ ජීවිතයේ අත්දකින ප්‍රථම වසන්තයයි.

    සනත් ගේ අතිශය භාවාත්මක කටහඩ, මේ ගීතයේ අර්ථ රසය දෙගුණ තෙගුණ කරවන්නකි. මේ වියපත් මිනිසා ඔහු ගේ අති මාධූර්යය වූ නාසික-ඛණ්ඨජ ස්වරය තරුණ හැගීම් ද, යෞවන හැගීම් ද ගායනයට යොදා ගන්නා ආකාරය නම්, අනුපමේය වූ ගායනයකි.

    ඇත්‍තෙන් ම අපේ ප්‍රථම ප්‍රේම අත්දැකීම ද අපට දැණුනේ මේ ලෙසම නොවේද? එහි අලහාදය, අප ප්‍රථම ප්‍රේමයෙන් ජය ගත්තද, එය බිදී ගියද, අප තවම විදිනවා නොවේද?


    maath asama godak lasana sinduwak..godak sthuthie me wicharayanta
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    [FONT=&quot]මහා සම්ප්‍රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාව[/FONT] - The Romantic Opera



    :):):):)
     
    Last edited: