අනේ මට නං බෑ

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels



අනේ
මට නං බෑ


ප්‍රේමපාල, මැටිල්ඩා සමඟ මල්වත්තට ගියේ එක් එක් අයගේ විමසුම් ඇස් වලින් බේරී තම පෙම්වතිය සමඟ නිදහසේ පෙම් සුව විඳිනු රිසියෙනි.

ඔවුහු රුක් ගොමුවක් මැද තනා තිබූ බංකුවක් මත වාඩි වූහ.

එහි හිඳ වට පිට බැලූ ප්‍රේමපාල ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවකි.


වඳුරු ජෝඩුව වෙත රැඳුණු ඇස් වහා තමාට තුරුළු වී සිටි මැටිල්ඩා වෙත යොමු කළ ප්‍රේමපාල ඇයගේ නිකටින් අල්ලා මුහුණ තමා දෙසට හරවා ගනිමින් මෙසේ කීවේය.

“මැටිල්ඩා, අපි දෙන්නත් අන්න අර වඳුරු ජෝඩුව වගෙ ආදරෙන් තුරුල්වෙලා හැමදාම ඉමු රත්තරන්.”

මැටිල්ඩා ප්‍රේමපාල වෙතින් මඳක් බැහැරව මුහුණ ඇඹුල් කර ගනිමින් මෙසේ පිළිතුරු දුන්නා ය.

“අනේ ප්‍රේමපාල, මම නං ගස් නඟින්ඩ දන්නේ නෑ."

:dull:
:dull:
:dull:





සේවා කාලය

මෛත්‍රිපාල සේවය කළේ ආණ්ඩුවේ කන්තෝරුවක ය.

කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ ඔහු එම කාර්යාලයේ පුරප්පාඩු වූ තනතුරක් සඳහා අයදුම්පතක් පුරවා තම ප්‍රධානියා වෙත ගොස් ඔහුට දෝතින් එය පිළිගැන්වීය.


ප්‍රධානියා එය කියවා බලා මුහුණේ ප්‍රශ්නාර්ථයක් නංවා ගෙන මෛත්‍රිපාල ඇමතීය.

“මෛත්‍රිපාල තමුසේ මේ ඔෆිස් එකට ඇවිත් තාම අවුරුදු දහයයි. මේ ඉල්ලුම් පත්තරේ සේවා කාලය අවුරුදු දොළහයි කියල ලියලා තියෙන්නේ මොකද?”

මෛත්‍රිපාල බයාදු ලෙස සිනාසී, තම කැඩුණු දත ලොක්කාට පෙන්වමින් මෙසේ පිළිතුරු දුන්නේ ය.

“ඇයි සර්, අවුරුදු දහයක් තිස්සේ මම ඕවර් ටයිම් කරපුවා.”

:rolleyes:
:rolleyes:
:rolleyes:





බල්ලා බැදල?

එක් ගෙදරක බල්ලකු යාබද නිවසේ බැල්ලියක සමඟ හාද ව සිටියේ ය. දිනක් තම නිවසේ වැට අද්දරට ගොස් බැල්ලිය සමඟ සංවාදයක යෙදුණු බල්ලා මෙසේ කීවාය.

“බලන්ඩකො අනේ, මේ ගෙදරට එන හැමෝම මුලින් ම අහන්නේ මං මැරි කරලද කියලනෙ.”

“මොනවා මිනිස්සුන්ට මොකටද අපේ වගක්? ඔය ඇත්තම ද?” බැල්ලිය කෝපයට පත්ව මහ හඬින් බිරුවේය.

“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බල්ලා පිළිතුරු දුන්නා ය.

:love:
:love:
:love:





මළේ කවුද?

ගමේ රාලහාමි රාජකාරියක් සඳහා ගම මැදින් යමින් සිටියදී දන්නා හඳුනන මහලු ගැමියකු අතරමඟකදී හමුවිය.

ගැමියා පාරේ පසෙකට වෙමින් බයාදු ලෙස රාලහාමි සමඟ සිනාසුණේ ය.



“ඈ බං සියදෝරිස්... බෑරක් ද මේ උදේ ම?” රාලහාමි මඳකට නැවතී ගැමියා විමසීය.

“මම මේ අපේ පුතාලගෙ දිහා යනවා රාලහාමි. ඒක නෙමෙයි පහුගිය දවසක මළයි කිව්වේ රාලහාමි ද, එහෙම නැත්තං රාලහාමිගෙ මල්ලි ද?” ගැමියා බැරෑරුම් ප්‍රශ්නයක් නැඟීය.

රාලහාමි උඩ බලාගෙන මොහොතක් කල්පනා කළේය. අනතුරුව ගැමියා දෙස බලා මෙසේ කීවේය.

“ම්...ම්, මල්ලි නං මට ඊයේ හවසත් හම්බ වුණා. එහෙම නං මං වෙන්ඩ ඇති.”

:baffled:
:baffled:
:baffled:





නඩුව

මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද''

විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.''

මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ

විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''

:rofl:
:rofl:
:rofl:





බෙහෙත

මැදිවියෙ පසුවන සිල්වා හදිසියේ බලවත් ලෙස රොගාතුර විය බැරිම තැන ඔහු වෛද්‍යවරයකු වෙත ගියේය. සිල්වා හොදින් පරික්ෂාකල වෛද්‍යවරයා බෙහෙත් පෙති හතරක් ඔහු අත තබමින් මෙසේ කිය.

''අද රෑ නින්දට පෙර මේ බෙහෙත් පෙති දෙකක් ගිලින්න. උදේ නැගිට්ටොත් අනිත් දෙකත් ගිලින්න. ලෙඩේ නිට්ටාවටම හොදවෙයි.''

:shocked:
:shocked:
:shocked:





පුතාගේ කරුණාව

[FONT=&quot]නිමල් ලගට දුවගෙන ආ ඔහුගෙ පුතා[/FONT]

[FONT=&quot]''තාත්තේ තාත්තේ මට රැ 10 ක් දෙන්න පුලුවන්ද අර පාරෙ ඉන්න අංකල්ට දෙන්න''

[FONT=&quot]එකවරම තම පුතා පිං දහම් කිරිමට පෙලඹිම ගැන සතුටුවු නිමල්, [/FONT][/FONT]

[FONT=&quot]''හොදයි පුතා මන් දෙන්නම්, ඇයි ඔයාට එකපාරටම හිතුනේ මෙවගේ වැඩක් කරන්න''
[/FONT]

[FONT=&quot]''නෑ තාත්තේ මන් ඒ අංකල්ගෙන් අයිස් ක්‍රිම් එකක් ගත්තා.''

:P
:P
:P





[/FONT]
මං ඇවිත් මොකටද?

අසනීපයෙන් පසු වූ නිහාල් ගේ උණ බලා වැරදි ලෙස උණ කටුව කියැවූ අනෝමා බියට පත්ව වහාම තම පවුලේ වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නාය.

අනේ ඩොක්ටර් ඉක්මන් කරලා එනවද? මගෙ මහත්තයගෙ උණ අංශක එකසිය විස්සට නැඟලා.

එහෙනං මිසිස් අනෝමා මට ඇවිත් වැඩක් නැහැ. ගිනි නිවන හමුදාවට කෝල් කරන්න.වෛද්‍යවරයා වහා පිළිතුරු දුන්නේය.


:D
:D
:D





යුද්ධ ප්‍රකාශය

සාලයට වී පාඩම් කරමින් සිටි පුතා, ලියන මේසය ඉදිරිපිට වාඩිවී කිසිවක් ලියමින් සිටි පියා දෙස බලා මෙසේ ඇසීය.

තාත්තෙ යුද්ධ ප්‍රකාශ කරනවා කියන්නෙ මොකටද?
මං මේ ලොකු වැඩක්නෙ පුතා.

ඕක අම්මගෙන් අහගන්න කො..ලියමින් සිටි ඉරියව්ව වෙනස් නොකරම තාත්තා කීවේය.

කුස්සියේ සිට සාලය දෙසට එමින් සිටි ඔහුගේ බිරිඳ මෙය ඇසී පරල වූවාක් මෙන් කෝපයට පත් ව මෙසේ කියවන්නට වූවාය.


ඔව්, තමුසෙ ඉතින් හැම තිස්සෙම වැඩ. මං විතරයි නිකං ඉන්නෙ.

දරුවෙක් යමක් ඇහැව්වොත් කියල දෙන්ඩ බෑ. ඒ තරමට වැඩ.

ඒ වුණාට පිට එකෙක් මොකක් හරි කිව්වොත්..

ඇති ඇති අම්මෙ යුද්ධ ප්‍රකාශ කරන හැටි දැන් මට තේරුණා..පුතා මවගේ කතාව මැද්දට පැන්නේය.


:angry:
:angry:
:angry:





පනහද හැටද?

ඡායාරූප ශාලාවේ කවුන්ටරය වෙත ගොස්,රිසිට්පත ඉදිරිපත් කොට ඡායාරූප ඇතුළත් කවරය ලබාගත් පියතිස්ස එතැනම හිඳ ඡායාරූප එකින් එක නරඹන්නට විය.

මොකද්ද ඕයි. මේ තමුසෙලා ගත්ත ෆොටෝවල හැටි. මම හරියට අවුරුදු පනහ පැන්න මිනිහෙක් වගේනෙ මේවයෙ වැටිලා තියෙන්නෙ.කළමනාකරු වෙත ගිය පියතිස්ස කීවේ කෝපයෙනි.

මේවා නරක නෑ සර්. මූණ දිහා බැලුවාම සර්ට හැටකටත් වඩා වැඩියි වගේනෙ පේන්නෙ.කළමනාකරු කීවේ පියතිස්සගේ මුහුණ දෙස සුපරික්‍ෂාකාරී ලෙස බලමිනි.

:nerd:
:nerd:
:nerd:





රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
;)
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
:rolleyes:



picture.php

 
Last edited:

Aselak

Member
May 31, 2012
829
301
0
මං ඇවිත් මොකටද?

අසනීපයෙන් පසු වූ නිහාල් ගේ උණ බලා වැරදි ලෙස උණ කටුව කියැවූ අනෝමා බියට පත්ව වහාම තම පවුලේ වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නාය.

අනේ ඩොක්ටර් ඉක්මන් කරලා එනවද? මගෙ මහත්තයගෙ උණ අංශක එකසිය විස්සට නැඟලා.

එහෙනං මිසිස් අනෝමා මට ඇවිත් වැඩක් නැහැ. ගිනි නිවන හමුදාවට කෝල් කරන්න.වෛද්‍යවරයා වහා පිළිතුරු දුන්නේය.


LOL