බෝපාල් ( Bhopal ) ඛේදවාචකය.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    බෝපාල් ( Bhopal ) ඛේදවාචකය.

    බෝපාල් ඛේදවාචකය ගැන හුගක් අය දන්නවත් ඇති, නොදන්න අයට මුලින් පොඩි හැදින්වීමක් කලොත් මේක සිද්ධවුනෙ අපේ අසල්වැසි ඉන්දියාවේ 1984 වර්ශයේදී, හරියටම කියනවානම් දෙසැම්බර් 2-3 රාත්‍රියේදී මධ්‍යප්‍රදේශ්, බෝපාල්වල. ඛෙදවාචකය තමයි මේ ප්‍රදෙශයේ තිබුන යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කියන සමාගමෙන් වැරදීමකින් කාන්දුවුන මීතයිල් අයිසොසයනේට් හා තවත් විශවායූන්ට ප්‍රදේශවාසීන් නිරාවරණය වීම.
    සිදුවීමෙන් ඇතිවූ ජීවිතහානිය එක් එක් පාර්ශ්වයන් විසින් විවිධ ලෙස තක්සේරු කලා. සිද්ධිය සිදුවූ සැනින් සිදුවූ මරණ සංඛ්‍යාව මධ්‍යප්‍රදෙශ් රජය 3,787ක් ලෙසද නිලවාර්ථා 2,259ක් ලෙසත් වාර්තාකලා. එසේම සිද්ධියෙන් සතියක් ඇතුලත එය තවත් 8,000න් පමණ ඉහල ගිය බව කියවේ. කෙසේවෙතත් 2006 වසරේදී රජය විසින් 558,125 ක තුවාලකරුවන් ප්‍රමාණයක් මින් පීඩාවිදින බව ප්‍රකාශයට පත්කලා. මේ අතරට 38,478ක සාමාන්‍ය තුවාල කරුවනුත් 3,900ක දරුණු තුවාල ලැබූ සදාකාලික රෝගීනුත් අයත්වන බව පැවසේ.
    සිද්ධිය සිදුවූ 1984 දෙසැ 2-3 රාත්‍රියේදී කිසියම් හේතුවකින් මීතයිල් අයිසොසයනේට් (MIC) ටොන් 42ක් අඩංගු E610 ටැංකිය තුලට කිසියම් අයුරකින් සිදුවූ ජල කාන්දුවක් හේතුවෙන් එහිදී සිදුවූ තාපදායක ප්‍රතික්‍රියාව හේතුකොටගෙන එහි උශ්ණත්වය සෙල්සියස් 200කට වඩා ඉහල නැගඇත. එසේම මේ හෙතුවෙන් සිදුවූ පීඩන වැඩිවීමත් සමග ඒතුලින් MIC ටොන් 30ක ප්‍රමාණයක් වායුගෝලයට විනාඩි 45, 60ක කාලයකදී වායුගෝලයට නිරාවරණය වී ඇත. මෙය දරුණුවට බලපා ඇත්තේ එම අවස්තාවේ සුළග සමග ගිණිකොන දෙස බෝපාල් ප්‍රදෙශයට පැතිරීමෙනි.
    කෙසේවෙතත් සිද්ධිය අවසානයේ සිද්ධියට හේතුව වශයෙන් කරුණු කිහිපයක් හදුනාගන්නා ලදී.

    • MIC විශාල ප්‍රමාණයක් එකම ටැංකියක සම්මත ප්‍රමාණයට වඩා ගබඩාකිරීම.
    • දුර්වල අලුත්වැඩියාකිරීම හා පවත්වාගෙනයාම්.
    • ආරක්ශක පද්ධති කිහිපයක දෝශ.
    • ආරක්ශිත පද්ධති මුදල් නාස්තියක් ලෙස සලකා ක්‍රියාවිරහිත කිරීම. මෙහිදී MIC ටැංකි සිසිලන පද්ධතියත් අදාල වේ.
    Bhopal-Union_Carbide_2.jpg


    MIC ටැංකි.

    මෙහිදී සමාගම වැඩකර ඇති ආකාරය පිලිබාදව සොයා බැලීම වැදගත්වේ.

    ප්‍රධාන වශයෙන් සමාගමේ ඇති අඩු ලුහුඩුකම් මෙලෙස සොයාගත හැක.

    • MIC ටැංකි අනතුරු ඇගවීමේ සීනුව වසර 4ක සිට ක්‍රියාවිරහිතව ඇත.
    • ඇමරිකාවේදී 4ක් ලෙස බාවිතාකරන back up system, මේසදහා තිබී ඇත්තේ 1ක් පමණකි.
    • වායු පිරිසිදු කිරීමට භාවිතාකරන පද්ධති රාශියකින් මාස 5ක සිට ක්‍රියාකාරීව තිබී ඇත්තේ 1ක් පමණි. එය ප්‍රමාණවත් නොවේ.
    • MIC සෙල්. 4.5ක පවත්වාගත යුතුද මුදල් ඉතිරි කිරීමේ අරමුණින් එය පවත්වා තිබුනේ සෙල්: 20 ක උශ්ණත්වයේය.
    • නළ පිරිසිදුකිරීමේ පද්ධතිය ක්‍රියා විරහිතව තිබිණි.
    • හදිස්සියකදී ඇතිවන වායුකාන්දුවකට විදින ජලය ඒ සදහා ප්‍රමාණවත් පීඩනයක පවත්වාගෙන නොතිබිණි.
    • MIC ටැංකි තුල පීඩනමාන සතියක තුල සිට අක්‍රීයව පැවතුනි.
    මීට අමතරව යුනියන් කාබයිඩ් සමාගම තුල තවත් බොහෝ අඩුපාඩුකම් පැවතුනි. සිද්ධියට කලින් සිදුවූ පූර්ව සිද්ධීන් ඊට උදාහරණ සපයයි. ඒවා මෙසේ හදුනාගෙන ඇත.


    • 1976, පරිසර දූශන සම්බන්දයෙන් සංගම් 2ක් අනතුරු අගවා ඇත.
    • 1981, එක් සේවකයෙක් විශවායු ආග්‍රහණයෙන් පැය 72ක් තුල මිය යයි. හෙතුව ඔහු ආරක්ශිත වෙස්මුහුණ පැලද නොසිටීමය.
    • 1982 ජනවාරි, විසවායු ආග්‍රහනයකින් සේවකයන් 24ක් රෝහල් ගත කිරීම, ඔවුන් කිසිවෙක් ආරක්ශිත ක්‍රියාමාර්ග ගැන දැන සිටියේ නැත.
    • 1982 පෙබරවාරි, MIC කාන්දුවකට සෙවකයන් 18 ලක්වීම.
    • 1982 අගෝස්තු, රසායන ඉංජිනේරුවා MIC ගැටීමක් හෙතුවෙන් සිරුරෙන් 30% දැවීම.
    • 1982 ඔක්තොම්බර් , MIC, මීතයිල් කාබෙරිල් ක්ලෝරයිඩ්, ක්ලෝරෆෝම් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ල කාන්දුවක් හා එය වැලකීමට ගිය සේවකයන් 2ක් ඊට නිරාවරනය.
    තත්වය මෙසේ තිබියදීත් තවදුරටත් සමාගම පවත්වාගෙන යාමෙන් 1984 බෝපාල් ඛෙදවාචකය දක්වා වැඩ සැලසිනි. සිද්ධියට අදාල පහතින් දක්වා ඇති ඡායාරූප වලින් සිද්ධියේ බරපතලකම තවදුරටත් පහදා දෙයි.

    bhopal+disaster+death3.jpg


    may06_agent_orange_bhopal.jpg


    Bhopal+industrial+disaster+gas+photo.JPG


    pic2.jpg


    Bhopal%202.jpg


    Bhopal+Gas+Survivors4.jpg


    bhopalgastraegedy_victimss.jpg




    මේ සිදුවීමෙන් මා යමක් තේරුම් ගතිමි, මිනිසා සොබාදහම්ත් එක්ක යායුතු ගමන සොබාදහමට පිටුපා යා නම්. ඔහු යන දුර ඉතා අල්පයකි. ඒ සදහා උදාහරණ උවමනාවටත් වඩා ලෝකයෙන්ම සොයාගත හැක. එය තවත් හිරෝශිමාවක්, නාගසාකියක්, චර්නෝබිල්, බෝපාල් නැතිනම් ලගදී සිදුවූ ෆුකොචිමා වැනි අනතුරක් සිදුවනතුරු තේරුම්ගැනීමට බලාසිටීමට අවශ්‍ය නොවේ.

    ____________________________________________________________

    මේක repost වෙන්න බෑ, මොකද නෙට් එකෙන් හොය හොය මමමයි කෙටුවෙ. කියවල ඉවරවෙලා බම්ප් එකක් වත දාලා යන්න.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේගැන මීට අවුරුදු විස්සකට විතර කලින් මුතුහර සඟරාවේ ලිපියකින් අහලා තියෙනවා
    thanks for sharing
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ඉන්දියන් කාරයන්ගේ වැඩ වල කොහොමත් කිසිම ප්‍රමිතියක් නැ ඒ තියෙද්දී සමහරු ඉන්දියන් බයික් ත්‍රී විල් අරන් නිකන් ජිවිතේ අවදානමකට දාගන්නවා
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    rep

    h2so4 neda leak una

    මම දන්න විදිහට නම ඒක විශවායු ගොඩක්, ඒ අතර සල්ෆියුරික් තියෙනවද නම් දන්නෙ නෑ. විකීපීඩියා එකේ තියෙන්නෙ phosgene, hydrogen cyanide, carbon monoxide, hydrogen chloride, oxides of nitrogen, monomethyl amine (MMA) සහ carbon dioxide කියලා.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඉන්දියන් කාරයන්ගේ වැඩ වල කොහොමත් කිසිම ප්‍රමිතියක් නැ ඒ තියෙද්දී සමහරු ඉන්දියන් බයික් ත්‍රී විල් අරන් නිකන් ජිවිතේ අවදානමකට දාගන්නවා

    යූනියන් කාබයිඩ් ඉන්දියා සමාගමේ 49% ක අයිතිය තිබුනෙ ඇමෙරිකානු සමාගමකට මම දන්න විදිහට