2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුගෙ ගොඩාක් videos පත දිගයි. මේ clip එකෙ තියනවා අර කලින් කියපු විස්තරේ. translate කරන්න නම් බෑ හිමීට අහලා තෙරුම් ගනින් :D
    මෙයා කියන දේවල් වලින් බාගයක් විතර මාත් දන්නව..ඔරිය කියන්නෙත් ඕවම තමා..facts and assumptions!,මටනම් ඕව වෙනකන් ශුවර් නෑ වෙයි කියල හිතන්නත් අමාරුයි!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මෙයා කියන දේවල් වලින් බාගයක් විතර මාත් දන්නව..ඔරිය කියන්නෙත් ඕවම තමා..facts and assumptions!,මටනම් ඕව වෙනකන් ශුවර් නෑ වෙයි කියල හිතන්නත් අමාරුයි!:D

    ඔව් එහෙම වෙනසක් කරන්න පුලුවන් කියලා මාත් හිතන්නෙ නෑ. අනික එහෙම කරන්න යනවා වුනත් මේ කියනවා වගේ කෙටි කලකින් සිදුවන වෙනසට කැමති වගේම අකමැති අයත් ගොඩාක් ඉන්නවා.

    famous physicist Michio Kaku කියලා තිබුනා ET(extraterrestrial)/Aliens ලාට අපිව පේන්නෙ හරියට කූඹ් ගුලක් වගේ කියලා. අපි කවදාවත් අහක තියන කූඹ් ගුලවල් වලට ඇගිල්ල ගහලා කරදර කරන්න යන්නෙ නෑ නෙ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe

    පාඩම් කරන්නැද්ද අම්ම බරබරේ...
    පොකට් එකේ සල්ලි නැද්ද මාර ජරමරේ...
    කෙල්ල දාල යන්න ගිහින් නැද්ද ආදරේ...
    කරදර මකල දාන මේක කාමරේ...
    බයිල කාඹරේ ඔරියගෙ බයිල කාඹරේ...
    බයිල කාඹරේ ඔරියගෙ බයිල කාඹරේ...:cool::cool:

    ෆ්රයඩේ සැටඩේ එව්රීඩේ අපි set වෙන්නේ...
    කට වැඩි කොල්ලො එන්න...කියවල බලමු ඔන්න...
    හැඩ වැඩ දාල කියන ඔරියො එපා නවත්තන්න...
    ඔරියගෙ කතා හොදයි...ආතල් කනේ තමයි...
    වීල් වලින් බැහැල එන්න...එපා නිකං බලං ඉන්න...
    හිතේ තියන කුණු කන්දල් විසික්ක කරමු මෙයා...
    ඔක්කොම එකතු වෙලා අහමුකො මුගේ කතා...;);)

    හොඳා..මේ..හොඳා..ඔරිය අපේ හොඳා...
    හොඳා..මේ..හොඳා..කව්ද මූට බනින බෙබා..:eek::eek:

    සතුටයි දැන් අපේ හිතේ තියෙන්නේ...
    පරිනාමයනේ දැන් ඇගට දැනෙන්නේ...
    ලොකු පොඩි කම් කව්ද ගානට ගන්නේ...
    2012න් පස්සෙ කව්රුත් එක වාගේනේ...:D:D

    කරල මෝඩ කම් අපිමයි වරද්ද ගත්තේ...
    දැන් ඉන්න ටිකෙවත් සතුටින් කල් ගෙවපන්නේ..
    කියපන් දෙකට නැවිල..ඔලු ගෙඩි ටික පලා මචං..
    හිතේ තියන රින අදහස් ඔක් ඔක්කොම හලා දමා..
    බයිල කාඹරේ ඔරියගෙ බයිල කාඹරේ...:P:P

    වව්ලෝ වගේ රෑට තමයි අපේ කොල්ලො connect වෙන්නෙ...
    හයෙන් පස්සෙ තමයි මේකෙ ඉන්න එවුන් ටියුන් වෙන්නෙ...
    කිසිම දේක අව්ලක් නෑ...කෙප්ප ඩිග්රි ගහල ඉන්නෙ...
    ලැජ්ජ නැතුව කියපන් මෙක..ඔරියගෙ කාඹරේ...
    බයිල කාඹරේ ඔරියගෙ බයිල කාඹරේ...
    බයිල කාඹරේ ඔරියගෙ බයිල කාඹරේ...:rofl::rofl:

    (සැ:යු: හුදෙක් ඔරියන්තුමාට මඩගැසීමකට නොව..ආතල්එක සදහාම පමණි..):yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ ඔරියො ඔය ඒලියන්ස්ල මීට අවුරුදු 100කට විතර කලින් ආවනම් දැන් පෘතුවිය සුපිරියට තියෙයිනෙ..අවේ නැතත් පරිසර දූෂනයටයි ලෝක විනාස වෙන වැඩ වලටයි මුල් උන/සොයාගැනීම් කරපු එවුන්ට බ්‍රේන් තරංග එව්වනම් ඉවරයිනෙ එහෙම නොකරන්න..මොකද දන්නෙ නෑ මෙච්චර පරක්කුවෙලා ලොකු අයියලට අපිව මතක් වෙලා evolution කොරන්ට එන්න හදන්නෙ!:rolleyes:
    මේකටත් මොනාහරි කියපන් ඔරියො!:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මට කිසිම පිස්සුවක් නෑ. මම කියන දේවල් ඔබලාට හිතා ගන්න බැරි දේවල්.නමුත් ඔබලා දන්නවා එය විය හැක්කක් බව. ඔබලා විසින් නොදැන සිටි පිටසක්වල ජීවින් ගැන නියම තොරතුරු මම මෙතන කියලා තියෙනවා.හුඟක් අය කියන්නේ මානවයන්ගේ න්‍යෂ්ඨික අවි ගැන තියෙන අවදානම නිසා පිටසක්වල 2012 බලපෑම එල්ල වෙනවා කියලා.ඇත්තටම ඔය පෘථිවියට පිටසක්වලින් එවන ලද න්‍යෂ්ඨික අවි ,අන්තර්සක්වලට වෝටර් පිස්ටල් වලටත් වඩා අවදානමෙන් අඩුයි.
    එහෙම නැත්නම් වහලුන් සහ ශ්‍රමය සොයාගෙන එන පිරිසක්. ඔය පහලොස්වැනි ශත වර්ෂයේ දේශ ගවේෂනය කල යුරෝපීයන් වගේ ප්‍රාථමික මනසවල් සහ ප්‍රාථමික අවශ්‍යතා සක්වල සැරි සරන සුපිරි තාක්ෂනික පිටසක්වල ජීවින්ට නැත.
    පෘථිවියේ සම්පත් කොල්ලා කන්න එනවා කියලා අදහසකුත් දාන අය ඉන්නවා.මේක අද ධනවාදී ප්‍රාථමික මානසික මට්ටමෙන් සුපිරි අන්තර්සක්වල ඒලියන්ස්ලා ගැන සිතන හාස්‍යජනක චින්තනයක්.
    පෘථිවියේ තිබෙන ඩීසල් ගහගෙන අන්තර්සක්වල සැරි සරන්න බෑ.ඒවගේම ඔයාලගේ රත්තරන්,දියමන්ති අන්තර්සක්වලට වැලි කැට වගේ හොයාගන්න පුලුවන්.මේ වගේ වටිනාකම 2012 වසර තුල ශූන්‍යය වෙනවා.රත්‍රන්,දියමන්ති,මැණික්, සහ මානවයන්ගේ සෑම දෙයකම වටිනාකම ශූන්‍යය බවට පත් වෙන්න දින ගනනක් තියෙන්නේ.
    එතකොට මානවයන් සමග සටන් කොට පෘථිවිය අල්ල ගැනීම.ඒක තවත් දෙකේ පංතියේ චින්තනයක්. සක්වල සැරිසරන දෙවිවරුන්ට එහෙම නැත්නම් ගැලක්ටික් ට්‍රැවලින් ඒලියන්ස්ලට මානවයන් සමග සටන් කරන එකත් අවමානයක්.ඒක ඕනිනම් වෙනත් ගැලක්ෂියක ඉඳලා තත්පර ගානකින් මානවයන් බොඩීස් රහිත ඇස්ට්‍රල් ඩයිමන්ෂන් එකට ස්ථාන ගත කරන්න පුලුවන්.
    එවැනි ප්‍රාථමික චින්තකයන් සක්වල සැරිසරන පිටසක්වල ජීවින් අතර නැත.වසර ට්‍රිලියන ගානකට කලින්වත් එහෙම චින්තනයක් නැත.
    එහෙම නම් එකම අරමුන කුමක්ද.ධනාත්මක පරිණාමයක් පෘථිවිය තුල දියත් කිරීමේ මී ලඟ අදියර නව යුගය තුල ඇරඹීමයි.
    සමහර අය සිරියස්, ස්නේක් ඒලියන්ස්ලා නොහොත් නාග වංශිකයන්,ඇන්ඩ්‍රොමෙඩාලා ගැන කතා කරනවා.ඒ සේරම අන්තර්සක්වල පාට්නර්ස්ලා.සාමුහික මෙහෙයුමක් සහ පලල් අරමුනක් මිසක් වෙනත් ප‍ටු අරමුනක් හෝ වෙන්වුන අරමුනු නැත.
    හැම විටම අන්තර්සක්වල ඔවුන්ගේ පාලනයට ගන්නා ඇස්ට්‍රල් ජීවින්ට ඔවුන් සිටි තැනට වඩා දහස් ගුණයක් හොඳ තැනක් මිස පහල මට්ටමක් ලබා දෙන්නේ නෑ.ඒක ඔවුන්ගේ අචල ප්‍රතිපත්තියක්

    කොච්චර හොදයිද මෙහෙම දෙයක් වෙනවනම්...ඇත්තම කිව්වොත් රත්තරන්,දියමන්ති වගේ දුර්ලභ දේවල් වල වටිනාකමත් කඩදාසි කොලෙකට යට වෙලා තමා තියෙන්නෙ..ගහ කොළ සතා සිව්පාවා වගේම මනුස්ස ජිවිතත් දැන් මුදල කියන කඩදාසි කොලෙකට යටවෙලා තමා තියෙන්නෙ..තමන්ගෙ සුඛවිහරණය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන තත්වයට අද ලෝකේ පත්වෙලා..මේ ක්‍රමයනම් පැහැදිලිවම වෙනස් විය යුතුයි..:):)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොච්චර හොදයිද මෙහෙම දෙයක් වෙනවනම්...ඇත්තම කිව්වොත් රත්තරන්,දියමන්ති වගේ දුර්ලභ දේවල් වල වටිනාකමත් කඩදාසි කොලෙකට යට වෙලා තමා තියෙන්නෙ..ගහ කොළ සතා සිව්පාවා වගේම මනුස්ස ජිවිතත් දැන් මුදල කියන කඩදාසි කොලෙකට යටවෙලා තමා තියෙන්නෙ..තමන්ගෙ සුඛවිහරණය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන තත්වයට අද ලෝකේ පත්වෙලා..මේ ක්‍රමයනම් පැහැදිලිවම වෙනස් විය යුතුයි..:):)
    මොකක් හරි භාවනා සීන් කෝන් එකක් හරහා ඉදිරි මාස 6-7තේ වෙන්නෙ මොනාද කියල බලාගන්න බැරිද?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මොකක් හරි භාවනා සීන් කෝන් එකක් හරහා ඉදිරි මාස 6-7තේ වෙන්නෙ මොනාද කියල බලාගන්න බැරිද?:rolleyes:

    පුළුවන් බං..සමාධියේ ප්‍රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුළුවන් බං..සමාධියේ ප්‍රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..
    එහෙනම් ඉතුරු මාස ට්කත් ඉවසන් ඉඳල ඔරියට පලුයන්න බැනල ත්‍රෙඩ් එක අහවරක් කරමු!:(:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එහෙනම් ඉතුරු මාස ට්කත් ඉවසන් ඉඳල ඔරියට පලුයන්න බැනල ත්‍රෙඩ් එක අහවරක් කරමු!:(:rolleyes:

    ඔව් ඔව්...ඒත් ඌට බැනල වැඩකුත් නෑනේ බං...ඔරිය කියන්නෙ බොරුවෙ උල්පතනම් අපි තමා වැස්ස...වහින්න වහින්න උල්පත පිරෙනවනෙ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අඩෝ ඔරියො ඔය ඒලියන්ස්ල මීට අවුරුදු 100කට විතර කලින් ආවනම් දැන් පෘතුවිය සුපිරියට තියෙයිනෙ..අවේ නැතත් පරිසර දූෂනයටයි ලෝක විනාස වෙන වැඩ වලටයි මුල් උන/සොයාගැනීම් කරපු එවුන්ට බ්‍රේන් තරංග එව්වනම් ඉවරයිනෙ එහෙම නොකරන්න..මොකද දන්නෙ නෑ මෙච්චර පරක්කුවෙලා ලොකු අයියලට අපිව මතක් වෙලා evolution කොරන්ට එන්න හදන්නෙ
    ක්ෂීරපථ සක්වල නොහොත් මිල්කි වේ ගැලක්ෂි එක මම කලින් කීවා වගේ ජීවය රහිත ගැලක්ෂි එකක්. අර ජීවීන් රහිත ග්‍රහලෝක වැඩි ගනනක් තියෙනවා වගේ එකම ජීවයක් වත් රහිත ගැලක්ෂි විශාල ප්‍රමාණයක් විශ්වය තුල සැරිසරනවා.
    මිල්කි ගැලක්ෂිය ජීවීන් සහිත බවට පත් කරේ අන්තර්සක්වල වාසීන්.ඒ කෘතිම සහ ස්වභාවය සංකලනය කරගෙන වේගවත් ඇස්ට්‍රල් පරිණාමයක් කිරීමේ ව්‍යාපෘතියක් ලෙසයි. ඒක නිසා වසර සියයකට කලින් නෙවෙයි වසර ලක්ෂ ගනනාවකට කලින්ම මේ මිල්කි සක්වල තුල පිටසක්වල පරිණාමය දියත් කරා.ඒ වගේම ආරම්භයේ සිටම පෘථිවි පරිණාමයට ඔවුන් දායක වුනා.මම කලින් ප්‍රකාශ කල පරිදි ස්වභාවික සෞර ග්‍රහ මණ්ඩල වල බොහෝ විට තියෙන්නේ එක් ග්‍රහලෝකයක් විතරයි.හුඟක් තාරකා වලට එක ලෝකයකවත් නෑ.මානව පරිණාමයට සූර්යයා සහ චන්ද්‍රයා කියන දෙකම අවශ්‍යයි. චන්ද්‍රයා නැත්නම් එහි ඇතිවන ජීවයන් වෙනස්. ඉතින් මේ සූර්ය මණ්ඩලයට ග්‍රහලෝක කීපයක් තියෙනවා.ඒවා සේරම පිටසක්වල විසින් වෙනත් තැන් වලින් ගෙනල්ලා ඒවා නිසියාකාරව ස්ථාන ගත කරා.ඒ කරේ අනාගත පිටසක්වලට ඒවායේ සිට පෘථිවිය නිරීක්ෂනය සහ පරිණාමය කිරීම සහ අනාගත මානවයන්ගේ ජනාවාස ඇති කරන්න.
    මීට වසර සීයකට කලින් දාහකට කලින් එන්න බෑ.පලමුව යම්කිසි තාක්ෂනයක් මානවයන්ට දෙන්න ඕන.ටීවී,ලැප්ටොප්, ෆෝන්ස්,අහස්යාත්‍රා,කාර්,උසස් ජනාවාස,උසස් ආහාර ගැන පුහුනවක් දෙන්න ඕන.මෙමගින් අන්තර්සක්වල තාක්ෂනය ගැන මූලික සංවේදීතාවයක් ලබා දෙනවා.එහෙම නැතිව වැද්දන් ගස් පිරිසක් එකපාරම අලුත් තාක්ෂනික ලෝකෙකට ගෙනියන්න බෑ. මඩේ ඉන්න කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බෑ.ඒක ඌට කම්ෆර්ටබල් නෑ.
    නමුත් තවමත් මම කලින් කීවා වගේ පෘථිවියේ ඉන්න බහුතරයක් ඔවුන් දෙවිවරුන් ලෙසම දකීවී.මොකද හුඟක් අය ඒලියන්ස්ලට වැඩිය දෙවියන් ගැනනේ දන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් ඔව්...ඒත් ඌට බැනල වැඩකුත් නෑනේ බං...ඔරිය කියන්නෙ බොරුවෙ උල්පතනම් අපි තමා වැස්ස...වහින්න වහින්න උල්පත පිරෙනවනෙ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එහෙම කාටවත් මාස 6ක් එක දිගට බොරුවක් ගෙනියන්න බෑ. මට එක දිගට පැයක්වත් බොරුවක් ගෙනියන්න බැරි කෙනෙක්.මම කියන කරුණු පිටසක්වල ජීවින් ඉතාම පැහැදිලිව සහ මානවයන්ට ආවේනික නොවුන තාක්ෂනයක් හරහා ලබා දෙන බැවින් ඒවගෙන් සමහරක් මම ඔයාලට ලබා දෙනවා.ඒක නිසා මම කියන දේවල් අනිවාර්යෙන්ම වෙන දේවල් පමණයි.2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයක්.ඒක මීට වසර දහස් ගනනකට කලින් ගත් තීරණයක්.ඒකට අවශ්‍යය වටපිටාව තමයි නව තාක්ෂනය තුලින් පෘථිවිය මත ඔවුන් ඇති කලේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුගෙ ගොඩාක් videos පත දිගයි. මේ clip එකෙ තියනවා අර කලින් කියපු විස්තරේ. translate කරන්න නම් බෑ හිමීට අහලා තෙරුම් ගනින් :D

    මෙයා කියන දේවල් මම කියන්නේ නෑ.ගියර් මහතා කියන්නේ මානවයන්ගේ න්‍යෂ්ඨික අවි වලට බය වෙලා ඒ අය එනවා කියලා.ඉස්සර වැද්දොත් හිතාගෙන හිටියා පිටසක්වල ජීවින් එයාලගේ දුන්නට බයයි කියලා. ඔය න්‍යෂ්ඨික අවි කියන්නේ පිටසක්වලට වෝටර් පිස්ටල්.හිරු මැදින් කිසිම අනතුරක් නැතිව යන පිටසක්වල යානා මේ න්‍යෂ්ඨික අවි වලට බය වෙන්න මොකටද? ඇත්තමට ඒ අය බය ඒවා අනිසි විදිහට භාවිතා කරලා මේ ජීව ලෝකය වනසලා දායිද කියලා.ඒක නිසා ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා නිතරම මොනිටර් කරනවා.එහෙම නැතිව ඒවගෙන් කිසිම තර්ජනයක් අන්තර්සක්වලට නැත.
    හඳට වසර 40කින් බැහලා නැති මානවයන්ගෙන් මොන අභ්‍යවකාශ තර්ජනද?
    මේවා මේ විදිහට හිතන්නේ ඔයාලගේ මට්ටමෙන් ගැලක්ටික් ඒලියන්ස්ලා තක්සේරු කරන්න යන නිසයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එහෙනම් ඉතුරු මාස ට්කත් ඉවසන් ඉඳල ඔරියට පලුයන්න බැනල ත්‍රෙඩ් එක අහවරක් කරමු!:(:rolleyes:
    ඔයාලා මට බැනලා නෙවෙයි මට වැඳලා තමයි මේ ත්‍රෙඩ් එක අහවර කරන්නේ.ඒක මමනම් හොඳින්ම දන්නවා.මට බැනපු අයත් හුඟක්ම පසු තැවෙයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba december wala kiyay, dan pitasakwala jeeween manawayan parinamaya karana eka patan aran tiyenne secretly kiyala. Uba oya pitasakwala jeeween ena dawase wena wishesha siduweem tikak kiyapan balanna :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙයා කියන දේවල් මම කියන්නේ නෑ.ගියර් මහතා කියන්නේ මානවයන්ගේ න්‍යෂ්ඨික අවි වලට බය වෙලා ඒ අය එනවා කියලා.ඉස්සර වැද්දොත් හිතාගෙන හිටියා පිටසක්වල ජීවින් එයාලගේ දුන්නට බයයි කියලා. ඔය න්‍යෂ්ඨික අවි කියන්නේ පිටසක්වලට වෝටර් පිස්ටල්.හිරු මැදින් කිසිම අනතුරක් නැතිව යන පිටසක්වල යානා මේ න්‍යෂ්ඨික අවි වලට බය වෙන්න මොකටද? ඇත්තමට ඒ අය බය ඒවා අනිසි විදිහට භාවිතා කරලා මේ ජීව ලෝකය වනසලා දායිද කියලා.ඒක නිසා ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා නිතරම මොනිටර් කරනවා.එහෙම නැතිව ඒවගෙන් කිසිම තර්ජනයක් අන්තර්සක්වලට නැත.
    හඳට වසර 40කින් බැහලා නැති මානවයන්ගෙන් මොන අභ්‍යවකාශ තර්ජනද?
    මේවා මේ විදිහට හිතන්නේ ඔයාලගේ මට්ටමෙන් ගැලක්ටික් ඒලියන්ස්ලා තක්සේරු කරන්න යන නිසයි.

    eka nam atta. taama eka ape suryakgraha mandalaye eka grahalokekatawat minihekwa yawa ganna bari una prutuwiyata puluwanda inter galactic alienslata challenge karanna.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔයාලා මට බැනලා නෙවෙයි මට වැඳලා තමයි මේ ත්‍රෙඩ් එක අහවර කරන්නේ.ඒක මමනම් හොඳින්ම දන්නවා.මට බැනපු අයත් හුඟක්ම පසු තැවෙයි.

    බලමුකෝ ඉතිං තව වැඩි කලක් නැනේ...සේරම හරි කියමුකෝ මට ඔයාගේ පිළිගන්න බැරිම ටිකක් තියනව..අනික්වා සේරම හරි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බලමුකෝ ඉතිං තව වැඩි කලක් නැනේ...සේරම හරි කියමුකෝ මට ඔයාගේ පිළිගන්න බැරිම ටිකක් තියනව..අනික්වා සේරම හරි

    ubata piliganna bari monawada tiyenne ? :rolleyes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එහෙම කාටවත් මාස 6ක් එක දිගට බොරුවක් ගෙනියන්න බෑ. මට එක දිගට පැයක්වත් බොරුවක් ගෙනියන්න බැරි කෙනෙක්.මම කියන කරුණු පිටසක්වල ජීවින් ඉතාම පැහැදිලිව සහ මානවයන්ට ආවේනික නොවුන තාක්ෂනයක් හරහා ලබා දෙන බැවින් ඒවගෙන් සමහරක් මම ඔයාලට ලබා දෙනවා.ඒක නිසා මම කියන දේවල් අනිවාර්යෙන්ම වෙන දේවල් පමණයි.2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයක්.ඒක මීට වසර දහස් ගනනකට කලින් ගත් තීරණයක්.ඒකට අවශ්‍යය වටපිටාව තමයි නව තාක්ෂනය තුලින් පෘථිවිය මත ඔවුන් ඇති කලේ.

    අවරුදු ගණන් බොරු කරපු අයත් ඉතිහාසේ ඉන්නව...මම ඔයාගේ ගොඩක් දේවල් පිලිගන්නවා නමුත් ඔයාගේ පිළිගන්න බැරි පරස්පර කතා ටිකක් මට තියනව..ඔයාට මතකයිද ඔයා දවසක් කියල තිබ්බ..මම මේ දේවල් ලංකාවට කියන්න ලොකු හේතුවක් තියනව,,but ඒක ලොකු රහසක් මොකද කියල කව්රුවත් අහන්න එපා කියන්නේ නෑ,,කියල පස්සේ මම කිව්ව මම අහල තිබ්බ හේතුව,,දවස 2-3කට පස්සේ ඔයත් ඒක කියනව...කියන්න බැරි දවස් වල අන්තර්සක්වල රහසක් වෙච්ච ඒක පස්සෙ මොකද ඔයා කියලදැම්මෙ..පිටසක්වලයෝ කිව්වද ඔයාට ඒක අපිට කියන්න කියල.. මං හිතන්නේ ඔයාට ඒක මතක ඇති..:yes::yes::yes::yes::yes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ubata piliganna bari monawada tiyenne ? :rolleyes:

    * අන්තර් සක්වල තුල ජිවිතයක්‌ අවසානයේ ඔහුට අයිති ඇස්ට්‍රල් බොඩි එකේ සෘණ ශක්තිය(අකුසල කර්ම)තාක්ෂණිකව ඉවත් කිරීම..

    * ගව්තම බුදුන් වහන්සේගේ පෘථිවි ගමන තාක්ෂණිකව සිදු කිරීම

    * තාක්ෂනය මගින් කෙනෙක් රහත් මාවතට ගැනීම

    * ලංකාව සහ මුළු පෘථිවියම තුල බුදුන් වහන්සේගේ ධාතූන්වහන්සේලා නොමැති බව

    * තාක්ෂණිකව පුනර්භවය පාලනය කිරීම

    * එ මගින් කර්ම බලවේගයට පැහැදිලි බලපෑමක් එල්ල කිරීම

    * ඉල්ලා සිටීම මගින් කැමති තැනක ඉපපිම

    * කර්මයක් නැත සියල්ල සක්වල ජීවින් පාලනය කරනවා යැයි ප්‍රකාශ කිරීම

    * විශ්වය තුල මේ වන විටත් නව සත්වයින්,,(ඇස්ට්‍රල් ශක්තින්) නිර්මාණය වන බව

    * නිර්වාණයට ගොස් ඇති පුද්ගල අනන්‍යතාවයන් නැවත විශ්වය තුල හට ගැනීම

    * නව සත්වයින් (ඇස්ට්‍රල් ශක්තින්)විශ්වයට එකතු වන්නේ"නිවන"යන තත්වය තුල මතින් වීම

    * 2012 අවසානයේ සියලු ජීවින් සම තත්වයට ගැනීම

    * එමගින් මුළු පෘථිවි තලයම බ්‍රහ්ම ලෝකයක තත්වයට පත් වීම
     
    මම ඔයාගේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. තාක්ෂණයෙන් ඇත්තටම කෙනෙක්ව රහත් මාර්ගයට යොමු කරන්න පුළුවන්.

    ඉතාම තාක්ෂණයෙන් දියුණු ග්‍රහලෝක වල ඉන්න අයට පව් කෙරෙන්නේ නෑ. හැම දේම නිකන් ලැබෙන නිසා හොරකන් කරන්නේ නැ කව්රුත්. ප්‍රානගාථ කරන්නේ නෑ. තණ්හාව ඇති වෙන්නේ නෑ. ලොබ කමක් ඇති වෙන්නේ නෑ. එතකොට නිකන්ම රහත් මාර්ගයට එන්න පුළුවන් පොඩි effort එකකින්.
     
    Status
    Not open for further replies.