කර්මය

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
389640_454742894555562_513401177_n.jpg


ඒක නිසා තමන් යම් කිසි චේතනාවක් දරාගන්න කලින් ඒ ගැන දෙවරක් සිතන්න. මතක තියාගන්න කර්මය කියන්නේ චේතනාවෙන් හටගන්න දෙයක් මිසක් ක්‍රියාවෙන් හටගන්න දෙයක් නෙවෙයි. චේතනාවක් නැතුව වෙන ක්‍රියා Accident හෙවත් අත්වැරැද්දෙන් සිදුවෙන් ක්‍රියා ලෙස හැදින්වේ. පාරේ යනකොට කූඹින් පෑගීම වගේ ක්‍රියා වලට කර්මයේ බලපෑමක් සිදුනොවේ.


 
  • Like
Reactions: thilinasb

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
umba moka unath umbe me daala thiyena post eka nam bohoma niwarai post ekak. :yes: hari de kawru kiwwath agaya karanna one. :yes:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

මම මේක ගැන තමයි කලින් කිව්වේ. උඹට පේනවා ඇති දැන් මම කිව්ව එකේ ඇත්ත.

උඹ මම කියන එක මුලින්ම තේරුම් ගනින්. මම කැමති නැත්තේ ජාති/ආගම් වාදියෝ වගේම ජාති/ආගමික Jilmart කාරයන්ට වගේම ව්‍යාජ දර්ශන වලට මිසක් සාමාන්‍යය මිනිස්සුන්ට නෙවෙයි.
ස්ලාම්, ක්‍රිස්තියන් වලත් ඉන්නවා තමන්ගේ ආගම (අපි කියන්නේ CULT) කිව්ව පළියට කිසිම දෙයක් නොකරන එවුන්. උන් නමට ඒ ආගමේ නමුත් ඇත්තටම කරන්නේ තමන්ට ඕන දේවල් සහා අනුන්ට කරදරයක්/බාධාවක්/හිංසාවක් කිසිම ආකාරයකින් නොවන විදියට සිදුවෙන දේවල්. ඒ වගේ අයට මම කිසිම දෙයක් කියන්නේ නෑ.මිනිස්සු ඉපදෙන්නේ කිසිම දෙයක් නැතුවයි පස්සේ ලොකුවෙනකොට මේ ව්‍යාජ දර්ශන ඔළු දූෂණය කරනවා. මේකට හොදම උදාහරණය තමයි ඔසාමා බින් ලාඩන් සහා ඌගේ ළමයා ඔමාර්, ඔසාමා ස්ලාම් වලින් කියන හැම දේම කරපු නිසා ත්‍රස්ත වාදියෙක් වුනා නමුත් මේ ඔමාර් කියන කෙනා පොතේ තිබ්බ විදියට කරන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හොද ටික විතරක් බේරලා ඒක පිළිපදින්න ගත්තා. ඔමාර් එතකොට සැබෑ මුස්ලිම් කෙනෙක් නෙවෙයි මොකද ස්ලාම් වලින් කියන හැමදේම පිළිපදින්නේ නැති නිසා. නමුත් ඔසාමා සැබෑ මුස්ලිම් කෙනෙක් මොකද හැම දේම පිළී පැදපු නිසා ස්ලාම් වල තියෙන. මේක නිසයි මුස්ලිම් සහා ක්‍රිස්තියන් යන CULT වලත් හොද මිනිස්සුන් ඉන්නේ අතරින් පතර. මොකද ඒ මිනිස්සු බුද්ධිමත් තමන්ගේ CULT එකෙන් කියන හැම දේම පිලිපදින්නේ නැතුව ඉන්න. මේ අය කරන්නේ හොද සාරය විතරක් අරගෙන ත්‍රස්ත, අනුන්ට කරදරයක්/බාධාවක්/හිංසාවක් වෙන දේවල් පැත්තකට විසිකරලා දාලා තියෙනවා. මේ ලෝකේ කිසිම සාමාන්‍යය මිනිසෙක් 100% යකෙක් වෙන්නෙත් නෑ 100% යහපත් වෙන්නෙත් නෑ.

මේක නිසයි කියන්නේ හැම විටම ප්‍රඥ්ඥා වන්තයන් ඇසුරු කරන්න කියලා.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කර්මය විපාක දෙන ආකාරය අනුව මෙ සේ දක්වයි. මෙය කුසල කර්ම හා අකුසල කර්ම විපාක දෙන විට ක්‍රියාත්මක වන ආකාරය යි.
    • ජනක කර්මය - යම් භවයක උපත සඳහා ඉදිරිපත් වන කර්ම ශක්තිය
    • උපත්ථම්භක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය ට උපකාර කිරීම.
    • උපපීළක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය ට බාධා පමුණුවයි.
    • උපඝාතක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය සම්පූර්ණයෙන් ම නැති කර දමයි.
    කර්මය විපාක දෙන කාලය අනුව ද, සතර වැදෑරුම් වේ. මෙය ද, කුසල් අකුසල් ලෙස ද්විවිධ බව දත යුතු ය.

    • දිට්ඨ ධම්මවේදනීය කර්ම - මෙ ලොව දී ම විපාක දෙන කර්ම.
    • උපපජ්ජවේදනීය කර්ම - දෙවන භවයේ දී විපාක දෙන කර්ම.
    • අපරාපරියවේදනීය කර්ම -තුන්වන අත්භවයේ සිට නිවන් අවබෝධකර පරිණිර්වානය සිදුවීම දක්වා.
    • අහෝසි කර්ම - විපාක දීම ට අවකාශ නො ලැබෙණ කර්ම.
    කර්මය විපාක දීම ට ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව ද, සතර වැදෑරුම් වේ. මෙය ද, කුසල් අකුසල් ලෙස ය.

    • ගරුක කර්ම - ප්‍රබල ම කර්මය යි. ජනක කර්මය සඳහා මෙය බලපානු ලැබේ.
    • ආසන්න කර්ම - මරණාසන්න මොහොතේ සිහිපත් වන කර්ම යි.
    • ආචිණ්ණ කර්ම - ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන ලද කර්ම වේ.
    • කටත්තා කර්ම - බලවත් නො වන චේතනා ශක්තියකින් යුතු ව සිදුකළ කර්ම වේ.
    කර්මානුරූපී ව විපාක දෙන කර්ම පිළිබඳ ව බුදුදහමේ මෙ සේ දක්වා ඇත.

    "යාදීසං වපතේ බීජං තාදීසං හරතේ ඵලං
    කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං
    "


    එ නම් වපුරන බීජ අනුව අස්වැන්න ලැබෙන්නා සේ ම සිදුකරන ක්‍රියා අනුව විපාක ලැබෙණ බව යි.

    ඒ සඳහා වර්තමාන කාලයේ අප ට හමුවන උදාහරණ කීපයක් පහතින් දක්වා ඇත. මේ දෙස බලා කම්පා නො වන්න.

    sfccxx.jpeg




    මිනිසත් භාවය ලැබීම අතිශය දුශ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. මොහු චීන ජාතිකයෙකි. සමහර විට ඔහු මේ මිනිස් ලොව ට පැමිණෙන්න ට ඇත්තේ බොහෝ කලක ට පසු ව විය හැකි ය. ශේෂ වූ කර්මය මෙ සේ විපාක දෙනවා විය හැක.

    මෙය ද, ඒ සමාන ම සිදුවීමකි.


    fyjj.jpeg



    මධුවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පච්චති
    යදා ච පච්චතී පපාපං අථ බාලෝ දුක්ඛං නිගච්ඡති"


    අණුවනයා තමන් සිදුකරන අකුසල කර්මයන් හි විපාකයන් ලැබෙනතාක් එය මී පැණි මෙන් සිතා සිදුකරයි. නමුත් අනුරූප විපාකය ලැබෙන විට හෙතෙම ඉතා දුක්ඛිත තත්වය ට පත් වේ.


    බුද්ධෝත්පාද කාලයක ලැබූ මේ වටිනා මිනිස් ජීවිතයෙන් උපරිම ඵල ලබා ගැනීම ට සියලු දෙනා ට ම හැකියාව ලැබේ වා!
    තෙරුවන් සරණ යි!