2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔයාලගේ බ්‍රේන් එකේ දාගෙන ඉන්න බොරු අයින් කරලා සත්‍ය තොරතුරු බ්‍රේන් එකට අප්ලෝඩ් කරනවා.

    එතකොට අපේ අතීතය පිළිබඳ මතකයන් නැති වෙලා යනවද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අඩෝ මචන් ඔරියො..එලියන්ස්ල ඇවිත් අපේ ඇස්ට්‍රල් බොඩිය ලෙඩ රෝග නැති සියලු ආතල් සහිත වෙන ඇඩ්වාන්ස් බොඩි එකකට ට්‍රාන්ස්පර් කරනවද?:P
    එහෙම කරන්න නම් දෙසැම්බර් 21 ලෝක විනාශය කරලා ආපහු බබාල වගේ කෘතිමව පුනර්භවය කරන්න ඕන.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට අපේ අතීතය පිළිබඳ මතකයන් නැති වෙලා යනවද?
    ඒවා බොරු සහ මායාවන්,මනස්ගාත කියල අවබෝධ කරගන්නවා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඒවා බොරු සහ මායාවන්,මනස්ගාත කියල අවබෝධ කරගන්නවා.

    එහෙම නෙමෙයි මම කියන්නෙ අපේ පොඩි කාලේ මතකයන් සහ විශේෂ සිදුවීම් වල මතකයන්

    උදා:-

    Dead Island ව ආදේශයකට ගත්තොත් උගේ මල්වර වීමේ දිනය වැනි මිනිස්සුන්ගෙ ජීවිත වලට සමීපතම විශේෂ මතකයන්
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එක්කො එපා. මේ body එකම හොදයි :eek::eek:
    බය වෙන්න එපා.ඒක නෙවෙයි ප්ලෑන් එක.ඔයාලට වසර 50ක් ඔය බොඩි එක තියාගන්න පුලුවන්.නමුත් නව යුගය තුල ඇතිවන සියලූම ලමයින් ඉතාම ඉහල ඝනයේ ජීවීන්.සුපිරි මානව බබාලා තමයි.වයස අවුරුදු හතට අඩු සේරම ජානමය තාක්ෂනය තුලින් සුපිරි වර්ධනයක් ලබා ගනීවී.when you see these kids, you will beg us for a rebirth.
     

    33000W

    Member
    බය වෙන්න එපා.ඒක නෙවෙයි ප්ලෑන් එක.ඔයාලට වසර 50ක් ඔය බොඩි එක තියාගන්න පුලුවන්.නමුත් නව යුගය තුල ඇතිවන සියලූම ලමයින් ඉතාම ඉහල ඝනයේ ජීවීන්.සුපිරි මානව බබාලා තමයි.වයස අවුරුදු හතට අඩු සේරම ජානමය තාක්ෂනය තුලින් සුපිරි වර්ධනයක් ලබා ගනීවී.when you see these kids, you will beg us for a rebirth.
    අෆ්ෆා එකත් එහෙමද? එත් උන්ට අපිට වගේ ආතල් කාලයක් නැති වෙනවා බන්. හොරෙන් ඉස්කෝලෙන් පැනල මිස්ලගෙන් ගුටි කන්න උන්ට පිනක් නෑ:lol::lol:
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    Psychosis යනු කුමක්ද?


    • ලොව සත්‍ය තත්වය ඇති සැටියෙන් වටහා ගැනීමේ පැහැදිලි නොහැකියාවක් මින් අදහස් වේ.
    • කායික රෝග හා මානසික රෝග ගණනාවක් නිසා මෙය ඇතිවිය හැක.

    Psychosis ආශ්‍රිත ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

    • සංජානනයෙහි අසාමාන්‍යතා - ව්‍යාජ දැනීම් (hallucinations)
    • සිතීමට භාජනය වන කරුණු ආශ්‍රිත අසාමාන්‍යතා - මිත්‍යා විශ්වාසයන් (delusions)
    • සිතීම ආශ්‍රිත අසාමාන්‍යතා - thought disorders
    • ප්‍රඥාව නොමැතිකම (lack of insight)

    පුද්ගලයෙකු psychosis තත්වයකට මුහුණදීමට බලපාන හේතු:


    1. භින්නෝන්මාදය
    2. මානසික ආතතිය
    3. මත්ද්‍රව්‍ය භාවිතය
    4. වෙනත් (වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු) රෝගී තත්ව

    භින්නෝන්මාදය යනු කුමක්ද?

    පුද්ගලයෙකුගේ සිතීම, දැනීම හා හැසිරීම යන සියළු අංශයන්ට බලපෑ හැකි මානසික රෝගී තත්වයකි. වයස අවුරුදු 15-35 අතර වැළදිය හැකි මෙය, සෑම 100 දෙනෙකුගෙන් 1 අයෙකුට තම ජීවිත කාලය තුළ වැළඳීමට ඉඩ ඇත.

    භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහානිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති.

    භින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද?

    ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත.

    බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.



    භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?

    “Positive” රෝග ලක්ෂණ

    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.

    • තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය.

    “Negative” රෝග ලක්ෂණ
    උනන්දුව, ශක්තිය හෝ හැඟීම් නොමැතිවීම, සිටින තැනින් නැගිටීමට, නිවසින් එළියට යාමට, එදිනෙදා කටයුතු කිරීමට (රෙදි සේදීම, පිරිසිදු වීම ආදී) අතපසු කරයි. අනුන් සමඟ අපහසුවක් දැනේ.




    ප්‍රතිකාර මඟින් සුවයක් ලැබිය හැකිද?

    රෝගය මුල් අවධියේදී හඳුනාගතහොත් සුවය ලැබීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ වේ. එසේම රෝහල්ගත වීමද අත්‍යවශ්‍ය නොවනු ඇත.




    source
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බිග් බැන්ග් තියරිය කියන්නේ විශ්වය හැදෙන්න ඕන ශක්තිය ජනනය වුන ආකාරය ගැනයි. ඒක ගැටීමක් නිසා,එහෙම නැත්නම් පිපිරීමක් නිසා කියලා එයාලා උපකල්පනය කරන්නේ .නමුත් ශක්තිය ජනනය වෙන්න පුලුවන් ගැටීමක් හෝ පිපිරීමක් නිසාම නෙවෙයි.ශක්තිය ක්‍රම රාශියකට ජනනය වෙන්න පුලුවන්.ඒක නිසා එම ක්‍රියාවලිය උනත් ප්‍රශ්නකාරියි.
    අනිත් එක බිග් බැන්ග් සත්‍යය වෙන්න අපි උපකල්පනය කරන්න ඕන තියෙන්නේ එකම අපි දන්න මේ තාරකා විශ්වය පමණක් කියලා.ඇස්ට්‍රල් ශක්තිය පවා මේ විශ්වය තුලම ජනනය වුනා කියලා නේද.අපේ ඇස් ගෙඩි වලට මොලේට පේන්න තියෙන්නේ මේක විතරක් නිසා අපි හිතන්න හොඳ නෑ මේ අපිට පේන මේ විශ්වයම විතරක් තියෙනවා කියලා.අපි හැදිලා තියෙන්නේ අපිව නිර්මාණය වෙලා තියෙන්නේ මේ විශ්වය දකින්න විතරයි.අපිට පේන විශ්වයට අපි පරිණාමය වෙලා විතරයි කියලා අපි හිතන්න ඕන.වෙනත් ඩයිමෙන්ෂන් තියෙනවා කියලා විශ්වාස කරන අය බිග් බෑන්ග් හරි කියලා හිතන එක විහිලුවක්.වෙනත් ඩයිමෙන්ෂන් වල සිදුවීම් නිසා අපි ඉන්න ඩයිමෙන්ෂන් එක හැදුනා වෙන්න බැරිද.වෙනත් විශ්වයක ශක්තිය තුලින් අපි ඉන්න විශ්වය එහෙම නැත්නම් අපේ ඩයිමෙන්ෂන් එක හැදුනා වෙන්න ඕන නේද.ඉතින් තව සමාන්තර සහ සමාන්තර නොවන විශ්වයන් රාශියක් ඇති කියලා හිතන්න ඕන නේද.ස්ටාර්ගේට් හරහා ඩයිමෙන්ෂන් වලට යන්න ඕන කියලා හිතන අපි බිග් බැන්ග් ගැන හිතන එක මෝඩ කමක්.ඩයිමෙන්ෂන් එකක් විශ්වයක් බවට පත්වෙන එකට ශක්තියම විතරක් මදි.හුඟක් සාධක බලපාන සංකීර්ණ ක්‍රියාවලියක්.අන්තර්සක්වල පලමු වැනි මට්ටම් වල ඉන්න ජීවින්වත් තේරුම් ගත නොහැකි දැවන්ත සිදුවීම් මාලාවක් සහ සිද්ධාන්තයක් නොහොත් ධර්මතාවයක්.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අෆ්ෆා එකත් එහෙමද? එත් උන්ට අපිට වගේ ආතල් කාලයක් නැති වෙනවා බන්. හොරෙන් ඉස්කෝලෙන් පැනල මිස්ලගෙන් ගුටි කන්න උන්ට පිනක් නෑ:lol::lol:
    paw ban ehema unoth :dull:
     
    • Like
    Reactions: 121221

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථීවියේ ඉන්න ඔයාලා දන්නේ සූර්යයා නිකුත් කරන ශක්තිය ගැන විතරයි.දැකලා තියෙන්නේ ඒ ශක්තිය පමණයි. විඳලා තියෙන්නේ ඒ ශක්තිය පමණයි.නමුත් ඊටා වඩා වෙනස් ශක්ති විශේෂ අනෙකුත් විශ්වයන්ගේ තියෙනවා.මේ ස්ටාර් විශ්වයට වඩා උසස් ශක්තීන් තියෙන විශ්වයන් තියෙනවා. සමහර විශ්වයන්ගේ ශක්ති ප්‍රභවය සූර්යයා නෙවෙයි. ඔවුන් ජීවත් වෙන වටපිටාවයි ශක්ති ප්‍රභවය. එහි තිබෙන ශක්ති ප්‍රවාහය හුඟක් වෙනස්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    • සංජානනයෙහි අසාමාන්‍යතා - ව්‍යාජ දැනීම් (hallucinations)
    • සිතීමට භාජනය වන කරුණු ආශ්‍රිත අසාමාන්‍යතා - මිත්‍යා විශ්වාසයන් (delusions)
    • සිතීම ආශ්‍රිත අසාමාන්‍යතා - thought disorders
    • ප්‍රඥාව නොමැතිකම (lack of insight)
    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.
    තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදි
    ඔබ කතා කරෙන්නේ මේ ලොව සිටින ආගම් අදහන බහුතරය ගැනයි. මේ අයට මේක තදින් තියෙනවා.ඒවගේම ඒක බහුල නිසා සහ එය ප්‍රචලිත නිසා රෝගයක් ලෙස පේන්නේ නෑ. හුඟක් අය මැරුනට පස්සේ දිව්‍යලෝකයට යන්න හිතාගෙන ඉන්නේ.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔබ කතා කරෙන්නේ මේ ලොව සිටින ආගම් අදහන බහුතරය ගැනයි. මේ අයට මේක තදින් තියෙනවා.ඒවගේම ඒක බහුල නිසා සහ එය ප්‍රචලිත නිසා රෝගයක් ලෙස පේන්නේ නෑ. හුඟක් අය මැරුනට පස්සේ දිව්‍යලෝකයට යන්න හිතාගෙන ඉන්නේ.

    දැන් මොකද ඔයා ""මම ඉන්නේ කොහෙද"" ත්‍රෙඩ් එකට පොස්ට් දාන්නෙ නැත්තෙ ඒකෙ ඉන්න අයගෙන් බැනුම් අහල ඇති කියල හිතුනද..? :) කෝ ඔයා අර දානව කියපු ලොකු,, දිග,, ඩේලි වෙච්ච්, පොස්ට් එක..ඒක ඉක්මනට දාන්න.. please
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බොරු කියන්න එපා. ඉස්සර මිනිස්සුන්ගේ කෙලෙස් වැඩිය්. ඉස්සර හිටපු රජ වරු පවා ගෑනු 100 ක් විටර තියන් හිටපු උන්. එතකොට මොහොමඩ් ?
    උබේ අනිත් ප්‍රශ්නවලටත් උත්තර දෙන්නම් තව පැයකින්. දැන් මම busy.

    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.

    මම ඔයාට ඔය ඉල්ලන හැම දේම දුන්නොත් (if ask 100 billion $ will give, anything,). ඔයා ගාව ලෝභ කමක් ඇති වෙයි ද ? තණ්හාවක් ඇති වෙයිද ?

    ඔයා කෙලෙස් කියල හිතල තියෙන්නෙ රාගය ගැන විතරයි..

    මම ඔයාට ඔය ඉල්ලන හැම දේම දුන්නොත් (if ask 100 billion $ will give, anything,). ඔයා ගාව ලෝභ කමක් ඇති වෙයි ද ? තණ්හාවක් ඇති වෙයිද ? :lol::lol::lol:

    ඔයා මොනව කතා කරනවද..ඔයා මට ඉල්ලන ඉල්ලන හැමදේම දුන්නත් මගේ ලෝභය තණ්හාව ඉවරයක්‌ වෙන්නේ නෑ..

    ‘න කහාපණ වස්සේන තිත්ථි කාමේසු විජ්ඣති’(කහවණු වැස්සක් වැටුණ ද ආශාවන්හි කෙළවරක් නොවේ)කියල තමා බුදුන් වහන්සෙ මේ සම්බන්දව දේශනා කරල තියෙන්නෙ.

    ඔයාගෙ දහමට අනුවනම් කෙනෙක්ට සේරම දේවල් දෙද්දී ලෝභය නැති වෙනව ඇති,,but බුදුන්වහන්සෙ දේශනා කරේ ඊට වඩා වෙනස් කතාවක්..ලැබීම තුල නෙමේ අහිමි වීම තුලයි නිකෙලෙස් භාවය රැදිල තියෙන්නෙ..

    කෙනෙක් බුද්ධත්වය කියන මේ ලොව ලබන්න පුළුවන් උත්තරීතරම තත්වයට එන්න පුළුවන් වෙන්නෙත් අහිමි වීම,අත්හැරීම තුල මිසක් ලැබීම තුල නෙමේ,,ඒ විදියට බෝසතාණන් කෙනෙක්ට මුලින්ම අහිමි වෙන්නෙ මොකක්ද දන්නවද ඒ තමයි,,මව් සෙනෙහස,,අම්මගෙන් පටන්ගෙන බිරිඳ,දරුවන්,රටරාජ්‍ය,සළු පිලි ආදී සියල්ලම අත් හරිනව ඒ තුලින් ඒ දේවල් අහිමි වෙනව..ඒ අහිමිවීම තුල උන්වහන්සෙට පුලුවන් වෙනව අවසානෙ සියලු කෙලෙස් මුලිනුපුටා දමන්න..:):):)

    නැතුව,බෝසත් කෙනෙකුට ලැබෙන ලැබෙන දේ බුක්ති විද විද හිටියනම් ලෝභය තණ්හාව නැති වෙන්නෙ නෑ..අඩු වෙන්නෙ නෑ..මම මේ කියන දේවල් ගැන පොඩ්ඩක් හිතල බලන්න කරුණාකරල.ඔහේ කටට ආපු දේවල් ගිරව් වගේ කියවන්නෙ නැතුව..:):)ඔයා ඕන තරම් අහල ඇතිනේ ඔය TV එකේ Radio එකේ මොනවහරි දෙයක් දිනපු අය මොනවද කියන්නෙ කියල "මට හරිම සතුටුයි..මේ දිනුව වගේ ආයි පාරක් දිනන්න try කරනව,අනිත් අයටත් කියනව උත්සහ කරල දිනන්න කියල"" එතකොට පරාද වුනු කෙනා මොකද කියන්නෙ ""කමක් නෑ ඊළඟ වතාවෙ ආයි Try කරනව"" කියලනේ මම අහන්නෙ දැන් කෝ මේකෙ ඉවරයක්‌....? අසාවල්වල ඉවරයක්‌, නිමාවක්,? ලැබීම තුල ඉවරයක්‌ තියනවද..? ""මේ දිනුව ඇති"" කියල කෙනෙක් කියනව බොහොම අඩුයි නේද..ඔය මම කිව්වේ primary Example එකක්..ඕකෙන්වත් තේරුම ගන්න බලන්න..

    බුදුන් වහන්සෙ කියන්නෙ අත්හැරීම මගින් ලෝභය තණ්හාව දුරු කිරීමක් ගැන..එහෙම නැතුව ඔයා කියන වගේ සේරම දේවල් ලැබෙනකොට ඉබේ කෙලෙස් දුරුවිමක් ගැන නෙමේ..:lol::lol::lol:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මචන්. උබ මහා මෝඩ මිනිහෙක්. උබ හැම තිස්සෙම හදන්නේ උබ කියන දේ හරි කියන්න විතරයි. මම මෙතන බුදු දහම විකුර්ති කරලා නෑ. මම කිව්වේ මගේ idea එකක්. උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් අද ලංකාවේ තියෙන බුදු දහම 75% ක් වත් පිරිසිඳු නෑ.

    උබ අනිත් ඒක මේකේ ඉන්න අයට බන කියන්නේ, ඇයි උබ ගිහිල්ල මහන වෙන්නේ නැත්තේ ? උබට ගෙදර ඉඳල පොඩි පොඩි සීන් වෙලා තියෙනවා කිව්වනේ. මහන උනොත් උබට එහෙනම් රහත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඇයි උබ තාම ගෙදර ඉන්නේ ? ගිහිල්ල මහන වෙලා රහත් බාවයට පත් වෙන්නේ නැතුව.

    ඔය උබ ගොඩක් කියවන පොත් වල තියෙන ගොඩක් ඒවා බුද්ධ කාලයේ ලියපු ඒවා නෙවෙයි. ත්‍රිපිටකය උනත් 100% ඇත්ත නෙවෙයි.. මොකද ඕක ලියල තියෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේදී නිසා. උබ දන්නේ බෞද්ධ සංස්කෘතිය මිසක් නිර්මල බුදු දහම නෙවෙයි.

    බෞද්ධ සංස්කෘතිය රටෙන් රටට වෙනස්. එහෙත් නිර්මල බුදු දහම නියතයක්.

    වෙන්න ඇති..:(:( ඔයාට සාපේක්ෂව මම මෝඩයෙක් වෙන්න පුළුවන්:(:( මම කියන්නෙ මේ මගේ මතයක් අදහසක් නෙමේ..වරද්ද ගන්න එපා..මම කියන්නෙ බුදුන් වහන්සෙගෙ අදහස්..තේරුම ගැනීම නොගැනීම සහ..පිලිගැනීම නොගැනීම ඔයාගෙ වැඩක්,,මට එකට බලපෑම් කරන්න බෑ,,අනික මම හැමදාම කියන්නෙ මම කිව්වට පිළිගන්න එපා, ටිකක් හොයලබලල පිළිගන්න කියල..මොකද මේක "ඒහි පස්සික" දහමක් නිසා.

    ඔයා බුදු දහමට ඔයාගෙ Idea එකතු කරන්න හදන එක බුදු දහම විකුර්ති කිරීමක් නෙමේද..බුද්ධ කාලෙදී උන්වහන්සෙ කරෙත් ඔය වගේ අදහස් තියන අයගෙ ඒ වැරදි අදහස් උගුල්ලල දාල,සත්‍ය මේකයි කියල පෙන්නපු එක තමා..මම පිළිගන්නව අද තියෙන්නෙ පැහැදිලි බුදු දහමේ හරය නෙමේ කියල..අද ප්‍රතිපත්තිය පැතකට දාල ආමිසයම බදාගෙන සේරමල පින් කරකර සංසාරේ දික් කරගැනීමක් තමා කරන්නෙ.මම ඒක පිළිගන්නව..එහෙම කියල අපිත් ඒ රල්ලටම අහුවෙලා යන ඒක වැරදි කියන එකයි මම කියන්නෙ 75%ක් විනාස වෙලා තියන දහම තමා විසින්ම සොයාගත යුතුයි..

    මහන වෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද මට..ඒත් දැන් එකට මම පරක්කු වැඩි සහෝ..සියල්ල අතහැරල Full time වැඩේට බැස්සොත් රහත් වීම කෙසේ වෙතත් සෝවාන්වත් වෙන්න බැරි වෙන එකක් නෑ..:D:D:D:D:D නමුත් රහත් වීම කරන්න බැරි වැඩක් නෙමේ..බුදුවරු කරන්න බැරි වැඩ කියන්නෙ නෑ 100% practical :D:D:D

    ඔය උබ ගොඩක් කියවන පොත් වල තියෙන ගොඩක් ඒවා බුද්ධ කාලයේ ලියපු ඒවා නෙවෙයි. ත්‍රිපිටකය උනත් 100% ඇත්ත නෙවෙයි.. මොකද ඕක ලියල තියෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේදී නිසා. උබ දන්නේ බෞද්ධ සංස්කෘතිය මිසක් නිර්මල බුදු දහම නෙවෙයි.

    ඒක නේන්නම් මම මේ මෙච්චර කට කැඩෙනකම් ඔයාට කියන්නෙ' ඔයා දන්න, ත්‍රිපිටකයට සහ බව්ද්ධ පොත් වලට වැරදිච්ච තැන් කියලදෙන්න කාටත් දැනගන්න..ඒක ඔයා කරගන්න ලොකු පිනක් ධර්ම දානයක්..

    දහම තුලින්, එම දහමට අනුරුපිව ගැලපීමක් තුල සහ අදාල වශයෙන් එම රට තුල ධර්ම සංස්කෘතියක් ගොඩනැගෙනව..ඒකෙ වරදක් නෑ..මතක තියාගන්න ධර්ම සංස්කෘතිය ඇතිවෙන්නෙ දහම තුලින් කියල..:yes::yes::yes:
     
    Status
    Not open for further replies.