මෙන්න මෙහෙමයි පුයර(පියරු) හදන්නේ
අපි කවුරුත් හොඳින්ම දන්න කරුණක් තමයි ලොව පුරා වෙසෙන මිනිස්සු
පුයර තවරා ගැනීමට විශේෂ ළැදියාවක් සහ කැමැත්තක් දක්වන බව.




උෂ්ණ කාලයේදී සම උෂ්ණයෙන් බේරා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වන අතර එයින් සමට සිසිලක්ද ගෙන දෙනවා.




එහෙනම් කවුරුත් කැමති මේ පුයර යනු කුමක්ද??? 
මෙය සුවඳ ගල්වන ලද කුඩු වර්ගයක් ය.එය ටැල්ක්(Talc) නම් ඛනිජ වර්ගයෙන් සාදා ඇත.ටැල්ක් යනු ඉතා සුමුදු ඛනිජ ද්‍රව්‍යකි.
එය ඝන තත්ත්වයට පත් වූ විට 'සබන් ගල' යනුවෙන් ද හැඳින්වේ.එය සාමාන්‍යයෙන් අළු පාට හෝ කොළ පාට වේ.
එය සුමුදු ග්‍රීස් වැනි ස්වභාවයක් ඇත.එහි දුඹුරු පැහැති ළප ඇත.
ටැල්කම් පවුඩර්(පුයර) සෑදීමට සුදු පාට සබන් ගල ඉතා සිනිඳු කුඩු වලට කුඩු කර ගැනීමෙන් පසු එහි ඇට ගතිය ඉවත් කර ගැනීමට පෙනේරයකින් හලනු ලැබේ.
මෙම හලා ගත් කුඩු වලට අවශ්‍ය සුවඳ ගල්වති.
ඉන්පසු එය ටින් වල අසුරා ගනිති.




ටැල්කම් පවුඩර් වල මූලිකව ඇත්තේ මැග්නීසියම් සිලිකේට්ය.සබන් ගල ගෘහීය භාණ්ඩයක් වන අතර එයින් උණුසුම වළක්වා
ගත සිසිල් කර තබනු ලැබේ.එය අවශ්‍යය ලෙස පහසුවෙන් හැඩ කළ හැකිය.
සමහර විට මෙම සබන් ගල යොදාගෙන ගෘහ උපකරණද සාදනු ලැබේ.
සබන් ගල තද උණුසුමේදී ඝන වේ.එය පහසුවෙන් විනාශ කළ නොහැකිය.
රසායනාගාර වල අම්ල භාජන වල මේ කෑලි යොදා ගනු ලැබේ.
මේ ගල් වර්ග විදුලි යතුරු පුවරු වලටද යොදා ගනිති.




හොඳම වර්ගයේ පුයර සඳහා ඉතාලිය ප්‍රසිද්ධය.
ජ්ර්මනිය,ප්‍රංශය,රොඩේෂියාව ද හොඳ පුයර නිශ්පාදනය කරන රටවල්ය.
අත්ලාන්තික් වෙරළබඩ ප්‍රදේශ වලදී ලෝකයේ කිසිම තැනක නැති තරම් සුවද පුයර වර්ග විකිණීමට ඇත.




ටැල්ක් නම් ඛනිජ ගල් වර්ගයත් 1\4 ක්ම බටහිර රටවල් ප්‍රයෝජනයට ගන්නේ තීන්ත සෑදීමට,උළු,බිම් උළු ඔප මට්ටම් කිරීමට,පිඟන් බඩු,කඩදාසි,සහ රබර් භාණ්ඩ නිශ්පාදනය සඳහාය.







