සබන් හදමු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,900
    3,235
    113
    සබන් හදමු
    🌺🌺🌺🌺🌺

    සබන් මිල ඉහල ගිය නිසා ගෙදරදීම සබන් හදා ගන්න විදිහක් කියලා දෙන්නම්කෝ. කැමති නම් විකුණන්නත් පුලුවන්.

    ගෙදරදීම සබන් හදමු.

    මිලියන ගානක් වටින බිස්නස් අයිඩියා එකක්.

    ගොඩක් අය හෑල්ලුවට හිතන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය කරලා හදාගන්න පුලුවන් (මමත් මේ විදියට අත්හදා බැලුවා ) වගේම හොද වෙලද පොලක් තීනවා. මම දැක්කා මෙහෙම හදපු සබං කෑලි 3ක් රු.100 අලවි කරනවා හොද ඉල්ලුමක්ත් තිබුනා මොලද වෙලදපොලේ තීන අනෙකුත් සබං එක්ක බලනකොට මේ සබං මිලෙන් අඩුයි හදන්නන්යන පිරිවැයතෙක්ක වෙලෙන්දාට හා පාරිබෝගිකයාට ගොඩක් ලාභයි.

    🌺 . හදන විදිය(ඔයාලට පුලුවන් මේක ඩිවලොප් කරලා අලුත් ව්දියයකට හදන්න)

    ★උසස් තත්වයේ සබන් නිවසේදීම.★

    සබන් යනු තෙලක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය.

    සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ total fatty matter (TFM) අගයයි. එය සන්ලයිට් වැන්නක 54% ක්. TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා. ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා. ලක්ස් වැනි සබං වල සත්ව තෙල් අඩංගු නොවන බව සඳහන් වෙනවා.

    පොල් තෙල් හා කෝස්ටික් සෝඩා භාවිතා කර උපරිම TFM අගයට ලඟා වෙමින් ඉතාමත් පහසුවෙන් උසස් තත්වයේ සබන් ගෙදරදීම හදාගන්න පුලුවන්.

    අවශ්‍ය දේ

    පිරිසිදු පොල් තෙල් : කලවම් තෙල් ගන්න එපා මිනුම් වරදිනවා. පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්න එපා. හොඳ පොල් තෙල් ලීටරයක් 600/- විතර වෙයි.

    කෝස්ටික් සෝඩා (NaOH) : පිටකොටුවේ භංගසාල වීදියෙන් ගන්න පුලුවන් ග්‍රෑ. 250ක් 50/- යි.

    පිරිසිදු වතුර

    සුවඳ කාරකයක් : මම දාන්නේ කේක් වලට දාන එසන්ස්. කුප්පියක් 75/- යි.

    සබන් අච්චු : ඕනෑම සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප්…

    මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් : අයිස්ක්‍රීම් කප් එකක් වගේ.

    Hand mixer හෝ beater එකක්.

    සැ.යු.

    කෝස්ටික් සෝඩා ප්‍රබල භස්මයක්. අතේ ගාගන්න එපා. අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ. ගොඩක් ගාගත්තොත් හම යයි. අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.

    කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ හොඳින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.

    ක්‍රමය:

    සබන් හදන එක සම්බෝලයක් හදනවාටත් වඩා ලේසියි. මේකේ අමාරුම වැඩේ තමයි කෝස්ටික් සෝඩා ටික හරියට කිරාගන්න එක.

    ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒක නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ලඟ තියෙන කඩේට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගෙන එන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකේම තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ. ඒවා ගෙදර තරාදියෙන් මැනගත හැකියි.

    අනුපාතය: තෙල් ග්‍රෑ. 540 ට සෝඩා ග්‍රෑ. 97 යි, වතුර ග්‍රෑ. 242 යි.

    1. ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.

    2. තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.

    3. සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.

    4. විනාඩි 10ක් විතර බීට් කරලා අච්චු වලට වක් කරලා වහලා තියන්න.

    5. දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරන කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.

    මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ moisturizing සබන් කියලා කියනවා. ඇඟේ ගාන්න හොඳයි. චුට්ටක් ගෑවත් හොඳට පෙන එනවා. අත්දුටුවයි.

    උපුටා ගැනීමකි.✍️✍️උත්සහ කරලා බලන්නකෝ.
    FB_IMG_1650868117287.jpg
    FB_IMG_1650868114856.jpg
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,900
    3,235
    113
    නිවසේදී සබන් හදමු (Washing Soap )

    අවශ්‍ය ද්‍රව්‍ය :

    පොල්තෙල් 550 ml (ගුණාත්මකභාවය වැඩිකර ගැනීම සඳහා ඔබ කැමති ස්භාවික තෙල් වර්ග භාවිතා කළ හැකියි)
    කෝස්ටික් සෝඩා 100g
    සෝඩියම් සිලිකේට් 15g
    ජලය 280ml
    කලරින්
    සුවද ද්‍රව්‍ය
    අච්චු

    සාදන ක්‍රමය :

    ප්ලාස්ටික් භාජනයකට කෝස්ටික් සෝඩා සහ ජලය දමා ලී පත්තකින් හොදින් දිය කර ගන්න. දියවෙනවිට මිශ්‍රනය රත්වෙන බැවින් සැලකිලිමත් වන්න.

    මෙය පැය 1/2 පමන නිවෙන්න තබන්න.

    පොල්තෙල් වෙනම බදුනක 55*c ( අතට රස්නය දැනෙනෙ උෂ්නත්වය ) රත් කර , එය ප්ලාස්ටික් උස භාජනයකට දමා, කෝස්ටික් සෝඩා ද්‍රාවණය එක්කරමින් හොදින් දිය කර ගන්න.

    සෝඩියම් සිලිකේට් , පොල්තෙල් මේස හැන්දක දියකර , අවශ්‍ය පාට එක්කර එයද මුල් මිශ්‍රනයට දමා දිගටම කලවම් කරන්න .

    මිශ්‍රනය තරමක් උකු වූ පසු, ගැලපෙන සුවද ස්වල්පයක් එක්කර ,අච්චු වලට දමා , අවම පැය 24 ක් සෙට් වෙන්න තබන්න .

    සති 2කට පසු පාවිච්චියට ගැනීම සුදුසුයි . ( කෝස්ටික් සෝඩා වල සැර අඩු වීමට )

    සෝඩිටම් සිලිකේට් මගින් භාවිතා කරන ජලයේ කඨින බව නැතිකර සබන් හොඳින් දියවීමට උපකාර වේ.
    එමෙන්ම සෝදන පෘෂ්ඨයේ පැල්ලම් ඇතිවීම වලකයි.

    සාමාන්‍ය කැට 7 ක් සාදා ගත හැකිය

    සබන් මිල ඉහලයෑමෙන් වියදම ඉහලයාම නිසා පීඩාවට පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් පලකලෙමු.

    Copied
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සිංහල ගූ හුත්ටල කියලදීපන් මචන් පින්
    මුන් අනුන්ගේ ගූ බෙට්ට ඉවරකරලා උ කාපු දේවල් හොයල ඌ ට ගහන ජාතියක්
    අපතයෝ
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    දේශීය සබන් ගොවියාට හොද මිලක් .
    ඉස්සර වගේ බාර් සබන් දැන් ආයෙත් කරලියට එයි වගේ
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,041
    1,402
    113
    ගෙදරදීම හැම ලබ්බම හදාගමූ, ලද දෙයින් ශාතුටු වෙමු.

    ගෝටාශර් ඔබේ දිවිය වෙනශ් කරනවා ශ ත්තයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පිරිසිදු පොල් තෙල්
    labeta???

    දේශීය සබන් ගොවියාට හොද මිලක් .
    ඉස්සර වගේ බාර් සබන් දැන් ආයෙත් කරලියට එයි වගේ
    api nam kohomath ganne bar saban thamai.

    walan hodanna witharaine.
    ------ Post added on Apr 25, 2022 at 12:51 PM
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මන් අද බැලුව මිල, කෝස්ටික් සෝඩා (NaOH) 1kg නව මිළ 1000/=, ඉදිරියේදී තවත් සහන...
    කලින් තිබුන කඩවල ne, සුවර් හංගල
     
    • Like
    Reactions: NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක හදන්න බඩුයි time එකයි අව්ලක් වෙන්න පුලුවන් එවයි ඔක්කොම බැලුව 175 ට වැඩි තාම ... 250 ක් වගේ උනමනං ලාබවෙයි ... එතකොට ඉතින් හදන්න ගන්න අමුද්‍රව්‍යත් වැඩි වෙන්ව ඒ ගානට ...