පසුගිය සියවසේ හොඳම පේනකාරිය

Jun 26, 2012
591
162
0
පසුගිය සියවසේ හොඳම පේනකාරිය

Garrett,Eileen.jpg


r101side.jpg


r101_crash.jpg


බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් වාණිජ මට්ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්තෝබර් 05 වෙනිදායි. R101 නැමැති මෙම යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බිවොයි නැමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි. මංගල ගමනේ නියමුවා වූ පියසර ලුතිනන් කටිතෙල් අර්වින්, බ්‍රිතාන්‍යයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ සෙෆ්ටන් බ්‍රැන්කර්ද සියලු මගීහුද ගුවන් යානා කාර්ය මණ්ඩලයද මේ අනතුරින් කැබලි වී මිය යතී. අදාළ පාර්ශවවලට වන්දි ගෙවීමෙන් ඒ කතාව එතැනින් නිම කිරීමට බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය තීන්දු කරයි.

ඊට දින දෙකකට පසු එනම් 1930 ඔක්තෝබර් 07 වැනිදා ලන්ඩනයේ ජාතික අධිමානසික පර්යේෂණාගාර රැස්වීමක් කැදවනු ලැබීය. භූතාත්මක සමග කතා කිරීඹට හැකි අයලින් ගැරත් නැමැති කාන්තාව හරහා ඊට ස්වල්ප කලකට පෙර මියගිය ශ්‍රිමත් ආතර් කොනන් ඩොයිල්ගේ භූතාත්තමය සමග සාකාච්ඡාවක යෙදීම ඔවුන්ගේ අරමුණයි.තමා කාතා කරන්නට යන්නේ කා සමගද යන්න එහි එන තුරුත් අයලින් ගැරත් දැන සිටියේ නැත. මෙය බ්‍රිතාන්‍යයේ අධිමානසික පර්යේෂණ විද්‍යාගාරයේ සම්ප්‍රදායකි. භූතාත්මය සමග කතා කිරීඹට එන තැනැත්තා හෝ තැනැත්තිය කලින් සූදානම් වීම වැළැක්වීම සදහා මෙය අනුගමනය කෙරේ. සාමාන්‍යයෙන් සිදු කෙරෛන්නේ අදාළ තැනැත්තා හෝ තැනැත්තිය (මාධ්‍යය) කාමරයට පැමිණි පසු ඇයට ආවේශ වීමට ඉඩ දී ඇය සම්බන්ධ විය යුත්තේ කා සමගද යන්න රැස්ව සිටින අය සිතා ගැනීමයි.එ අනතුරුව ඇය ඒ පුද්ගලයා සමග අදහස් හුවමාරු කර ගැනීමට පටන් ගනී. රැස්ව සිටින අය ඒ අදහස් මගින් දෙන තොරතුරුවල නිර්වද්‍යතාව සළකා බලා ඇය හරියටම තමන්ට අවශ්‍ය පුද්ගලයා සමග කතා කරන්නේද යන්න තක්සේරුව ලබාගෙන ප්‍රශ්න අසන්නට පටන් ගනී. එදා අයිලින් ගැරත් සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේද එයමය. ඇය ආතර් කොනන්ඩොයිල් සමග කතා කරන බව දැන සිටියේ එදා රැස්ව සිටි අයගෙන් හැරී ප්‍රයිස් නැමැත්තා පමණි. ඔහු මෙම පර්යේෂණාගාරයේ ආරම්භකයාය.

තොනන් ඩොයිල් යනු සතුන් ප්‍රේතයන් සහ භූතාත්මක ගැන ඉමහත් විශ්වාසයක් තිබූ කෙනෙකි. ඔහු ෂර්ලොක් හෝම්ස්ගේ හේතු එලවාදි අපරාධ පරීක්ෂණ ගැන ලියන අතර රහසින් මළ පෙරේතයන් සමග කතා කළේය. මේ නිසා ඔහු මේ කාමරයට ගෙන්වා ගැනීමට අපහසු බව හැරී ප්‍රයිස් දැන සිටියේය. ඊටත් කොනන් ඩොයිල්ගේ මිතුරියක වූ අයිලින් ගැරත්ද කොනන් ඩොයිල් මරණින් මතු ජීළුිතය ගැන විශ්වාස කළ බව දැන සිටියාය. මේ අනුව සියලු සුදුසුකම් එක තැනට කැටිවී තිබිණ. පෙරේත සංවාදය පටන් ගැනුණි.

සවස තුනට වැඩේ ඇරඹීණ. දිගු ඈනුම් කිහිපයක් මුදාහල අයලින් ගැරත් ක්‍රමයෙන් ගැඹුරු ආවේගයකට අවතීර්ණ වූවාය. මුලින්ම ඇය උවානි නැමැති ඉන්දියානු භූතයා සමගද කතා කළාය. ඇය පිවිසීමට අදහස් කරන භූත ලෝකයේ දොරටු පාලකයා ඔහුය. ඔහු හරහා භූත ලෝකය පුරාම පණිවුඩ යවන ලද නමුත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අල්ලා ගැනීමට බැරි විය. එක්කෝ ඔහු වෙනත් මානයක (Other Dimentions) භූත ලෝකයකට මාරු වී තිබිණ. එහෙමත් නැත්නම් ගන්ධබ්බ කාලය නිමවී වෙනත් මවු කුසකට ඔහු අන්තර්ග්‍රහණය වී තිබිණ.

කැරත් හරහා කතා කරන උවානී භූතයාගේ ස්වරය හිටි හැටියේම වෙනස් විය. බෙහෙවින් කලබල වූ ඔහු අර්වින් හෝ අර්විගේ යන නම දිගටම කියවන්නට පටන් ගත්ත්ය. ක්‍රමයෙන් උවානිගේ හඩ හරහා තවත් හඩක් මතුවිය. හඩ මහත් භීතියෙන් හා සංත්‍රාසයෙන් මෙසේ කෑ ගසන්නට විය. “යානය බර වැඩියි.. එන්ජිමේ ධාරිතාවට මේ බර දරන්න බෑ.. එන්ජින් දෙකත් බර වැඩියි.. මේ වගේ දුර ගමන් වලට මේ කාලගුණය හරියන්නෙ නෑ.. අපි ප්ලේන් එකේ ඉස්සරහ කොටස බිමට හරවමුද.. ඒකත් කරන්න බෑ වගේ.. යානය කඩා වැටෙන්නටයි යන්නෙ..”

කාමරයේ සිටි සියලු දෙනාම සංත්‍රාසයට පත් කරමින් ඒ කතා කළේ ඊට දෙදිනකට පෙර ප්‍රංශයට කඩා වැටුණු බ්‍රිතාන්‍ය ගුවන් යානයේ නියමු කටිතෙල් අර්වින්ය. ඔහු සිය අවසාන මොහොත ප්‍රනරාම්වාරණය කරමින් යානය කඩා වැටීමට හේතුව ඕනෑවට වඩා බර පැටවීඹ සහ එන්ජින්වල දුර්වලකම බව කියා දුන්නේය. මේ කියන කාලයේ ගුවන් යානාවල කලු පෙට්ටි නැත. යානයක් වැටුණත් ඒ ගැන තොරතුරු සෙවීමට නර ලොවට ගොස් මියගිය අය හමුවිය යුතුමය.


අයිලින් ගැරත් යනු ගතවූ ශත වර්ෂයේ බිහි වූ විශීෂ්ටතම පේන කාරිය බව විශ්වාස කෙරේ. විද්‍යාඥයන් විසින් ඇය තරම් පර්යේෂණයට ලක් කෙරුණු වෙනත් පේන කාරියක්ද නොවූ බව කියන ලැබේ. ඇය සිය ජීවිතයේ වැඩි හරියක් කලේ අන් අය වෙනුවෙන් භූතාත්ම සමග කථෝතෝපකථනයේ යෙදීමේ මාධ්‍යයක් ලෙසය.

1893 මාර්තු 17 වෙනිදා අයිලින් ගැරත් අයර්ලන්තයේදී උපන්නේය. කතෝලික බිස්කූන් වහන්සේ නමකට දාව ප්‍රොතෙස්තන්ත ආගමික කාන්තාවකට උපන් අයිලින්ගේ ළමා විය අදුරුය. ඇය ඉදපී දෙසතියකට පසු මව ගංගාවක ගසාගෙන ගියාය. තවත් සති කිහිපයකින් පියා දිවි නසා ගත්තාය. ඇය හදා වඩා ගන්නා ලද්දෙඇගේ මාමා සහ නැන්දා විසිනි. නව යොවුන් වියට පත් වෙද්දීම ඇය තම ආගම ප්‍රතික්ෂේප කරමින් ප්‍රේතයන් සහ භූතාත්මක සමග ගනුදෙනු කරන යකැදුරන් ඇසුරට වැටුණාය.
;
අයිලින්ගේ ළමා කාලයෙදී ඇයට මිතුරු මිතුරියෝ රැසක් වූහ. ඒ සියල්ල භූතාත්ම වූ අතර ඒවා පෙනුණේ ඇයටම පමණි. ඇය නිවාඩු දිනවල ඔවුන් සමග වරු ගණන් ගත කළාය. ඒ අතර හදිසියේම ඇයගේ මාමා මළේය. මෙය ඇයට දැඩි පහරක් විය. මන්ද යත් ඇයගේ මාමා එතරම්ම කාරුණික මිනිසෙක් විය. මාමාගේ අවසන් කටයුතුවලින් සති දෙකකට පසු ඔහු ඇයට දර්ශණය විය. “මාමා වෙනදාට වඩා තරුණ පෙනුමෙන් හිටියා. ඔහු කිව්වා මම ලන්ඩනයට යා යුතුයි කියලා.”

මරණින් මතු ලෝකය ගැන අයිලින් මහත්සේ උනන්දු වන්නට පටන් ගත්තේ මෙතැන් සිටය. ඇය ලන්ඩනයට යයි. අනතුරුව නව යොවුන් වියේදීම ගෘහ නිර්මාණ ශිල්පියකු සමග විවාව වෙයි. ඇය දරුවන් දෙදෙනෙකුට උපත දෙන අතර මොළේ උණ රෝගයෙන් ඒ දෙදෙනාම මිය යතී. තමා කාර්ය බහුල ජීවිතයක් ගත කළ යුතු බවට තීරණය කරන ඇය ලන්ඩනයේ ගීත් වීදියේ තේ කඩයක් අරඹයි. මේ තේ කඩයට ඒ යුගයට අයත් විශිෂ්ටතම මිනිසෙක් නිතර එයි. ඔහු ලේඩි ටැලිස් ලවර්ස් ලියූ මහා ලේඛක ඩී. එච්. ලෝරන්ස්ය.

ඒ අතර සිය සැමියාගෙන් වෙන් වෙන ඇය පළමුවන ලෝක සංග්‍රාමයේ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් ලැගුම් හලක් පටන් ගනී. මේ අතර ඇයට සිය දෙවන සැමියා මුණ ගැසෙයි. ඔහු යුද පෙරමුණේ සිටින සොල්දාදුවෙකි. තමා ළගදීම මැරෙන්නේය යන අදහසින් ඔහු නිතර කැළඹෙයි. ඔහු යුද පෙරමුණේ සිටින දිනක ඇය සිය මිතුරු මිතුරියන් සමග ලන්ඩනයේ සැවෝයි හෝටලයේ භෝජන සංග්‍රහයකට සහභාගී වෙයි. එසේ සිටින අතර යුද පෙරමුණේ සිටින සැමියා හදිසි පිපිරීමකින් මිය යන අයුරු ඇය මනසින් දකී. ඇය ක්ලාන්ත වෙයි. දින කිහිපයකට පසු ලන්ඩනයේ යුද කටයුතු කාර්යාලය ඇයට දන්වන්නේ ඇගේ සැමියා යුද පෙරමුණේදී අතුරුදන් වූ බවය. ඔහු කිසි කලෙක ආපසු එන්නේද නැත.

පළමුවන ලෝක යුද්ධයෙන් පසු හෙවන් මැනැන්සි නැමැත්තෙක් ඇයට මුණ ගැසුණේය. ඔහු බ්‍රිතාන්‍ය අධි මානසික පර්යේෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයායි. මෙහිදී ඇය ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ලියූ ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් හදුනා ගනී. කොනන්ඩොයිල්ගේ මනස සමග චිත්ත තරංග මගින් කතා කිරීමට ඇය පුරුදු වෙයි. මේ අතර සුප්‍රකට ඉංශ්‍රීසි කවියෙකු වන ඩබ්ලිව්. බී. ගේට්ස් සුරදූතයන්ගේ භූතාත්මය සමග සංවාදයක යෙදීම සදහා මාධ්‍යයන් ලෙස ඇගේ චිත්ත තරංග යොදා ගැනීමට සැරසෙයි. මේ අතර ශත වර්ෂ ගණනාවකට පෙර ඉන්දියාවේ ජීවත් වූ සොල්දාදුවෙකු වන උමානිගේ භූතාත්මයද, දොළොස්වන ශත වර්ෂයේ ජීවත් වූ ඉස්ලාමීය රජෙකු වන සලාවීන්ගේ මාළිගයේ සේවය කළ අබ්දුල් ලතීෆ් නැමැති වෛද්‍යවරයාගේ භූතාත්මයත් ඇයට මුණ ගැසෙයි.

අයිලින් ගැරතන්ගේ මතයට අනුව භූතාත්ම දෙවර්ගයක් තිබේ. පළමුවැන්න තම උප විඥ්ඥානය තුළ තමන් විසින්ම ඇතිකරගනු ළබන කල්පිත භූතාත්මයන්ය. තමන්ටම ගල් ගසා ගනිමින් තමන්ගේම නිවසේ ඇති බඩු බාහිරාදිය විනාශ කර දමමින් ඒවායේ වගකීම භූතාත්මවලට පැවැරීම එකී කල්පිත භූතාත්ම අයිති අයගේ සිරිතය. එය මානසික රෝගයකි. ඒ අතර මේ සංසාර සාගරයෙහි සැරිරසන සැබූ භූතාත්මද වෙයි. මානසික රෝගි තත්වයන් බහුල දෙවන ලෝකයක් තුළ පෙරකී ප්‍රබල පාර්ශවය හදුනා ගැනීම දුෂ්කරය. එහෙත් ප්‍රවේශමෙන් ප්‍රගුණ කළ ඉවක් ඇති කෙනෙකුට අධිමානසික තරංග යොදා එම සැබෑ භූතාත්ම හදුනාගත හැකිය.

1950ට පෙර ලෝක සිනමාවෙහි සිටි විශීෂ්ටතම අධ්‍යක්ෂකවරයා සිසිල් බී. ද මෙල්ය. 1933-35 අතර කාලයෙදී හොලිවුඩ් නගරයේ චිත්‍රාගාරවල සංචාරය කරන ඇය සිසිල් බී. ද මෙල් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන හැටි දකී. ඔහු පසෙකින් සිටින මහලු ස්ත්‍රියක්ද ඇයට නිතර පෙනෙන්නේය. ඇය සිසිල්ගේ මියගිය මවගේ භූතාත්මය බව අයිලින් ගැරත්ට වැටහෙයි. ඒ බව සිසිල්ට පැහැදිලි කරදෙන ඇය පසුකාලයේදී ඔහුගේ හොදම බිතාන්‍ය මිතුරිය බවට පත්වෙයි.

භූතාත්මයන්ට විද්‍යාත්මක කියැවීමක් ඇත. මානසික තරංගවලට විද්‍යාත්මක පදනමක් තිබේ නම් සහ මානසික තරංගවලට භූතාත්ම සමග ගනුදෙනු කළ හැකි නම් භූතාත්මයටද විද්‍යාත්මක පදනමක් තිබිය යුතුමය. අයිලින් ගැරත් ජීවත් වූ යුගයේදී නොකළ හැකි වුවත් පුද්ගලයෙකුගෙන් නිකුත්වන චිත්ත තරංගවල පින්තූර ගැනීමට පවා කැමරාවලට නොකල හැකිය. භූතාත්මයක් යනු අප සමග වෙසෙන පියවි ඇසට නොපෙනෙන ප්‍රජාවක් යැයි තේරුම් ගත් විට ඕනෑම සොහොන් පිට්ටනියක් මැදින් රෑ දොළහට ගමන් කළ හැකිය. භූතයා යනු බෙහෝ විට කිසිවක් කරකියාගත නොහැකි සිතුවිලි මාත්‍රයකි. එහෙත් පාලනය නොකරන සිතකට රිංගා ඒ සිත අයිති පුද්ගලයා ලවා මිනී මැරවීමට වුවද භූත ආත්ම වලට පුලුවන.


Source : Divaina 2012/02/05
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ අනාවැකි තමයි 2012 වසරේ තිතටම හරියන ඒවා.
     
    Jun 26, 2012
    591
    162
    0
    එකම ත්‍රෙඩ් එක දෙපාරක් වැටිල සුදෝ!:P
    :yes::yes: අනිත් එක අයින් කරන්න බැරිද? ඒකෙ ටයිටල් එක වැරදියි.

    මගේ අනාවැකි තමයි 2012 වසරේ තිතටම හරියන ඒවා.
    ඔයා අනාවැකි කියනවද?:oo:

    බෝම ස්තුතියි :yes:
     

    33000W

    Member
    මගේ අනාවැකි තමයි 2012 වසරේ තිතටම හරියන ඒවා.
    නංගි ඔයා මෙයා කියන ඒව ගණන් ගන්න එපා:no:.ඉස්සර ඉදන් එළකිරි එකත් එක්ක හිටියනම් මෙයා කවුද කියලත් දන්නව ඇති නෙ. අනාගත ලෝක පාලකය:eek::eek:
     
    Jun 26, 2012
    591
    162
    0
    නංගි ඔයා මෙයා කියන ඒව ගණන් ගන්න එපා:no:.ඉස්සර ඉදන් එළකිරි එකත් එක්ක හිටියනම් මෙයා කවුද කියලත් දන්නව ඇති නෙ. අනාගත ලෝක පාලකය:eek::eek:
    :):):)

    ඇඩ්මින් ලොක්කට විතරයි ඒක කරන්න පුලුවන්..PM එකක් දාල බලන්න!:)
    මම කියුවා. අයින් කරලා නෑනෙ තාම. :oo:

    හොද පොස්ට් එකක්....
    +++
    බෝම ස්තුතියි.
     

    33000W

    Member
    ෴සමනලී෴;12941361 said:

    බෝම ස්තුතියි. ඊයෙ මට බැන්නා නේද කට්ටිය එක්ක අලුත් Thread එකක් හදාගෙන :(
    අයියෝ හලෝ:oo:. ඔයාට බාල්දිය දුන්නම ඔය ඇදගෙන නාගන්නවනේ:rofl:. ඕව ගණන් ගන්න එපා. ඒ අපි බැන්න නෙමෙයි:P. අපි බනිනකොට එහෙම නෙමෙයි බනින්නේ. ටික දවසක් ඉන්නකො. සමහර වෙලාවට අපි සමහරුන්ට බනිනව:cool:. ඒවා දකිනකොට ඔය මොනවාද කියල හිතෙයි:shocked::shocked:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    විස්තරාත්මකව කියලා තියනවා.. හෆොයි කියවලා ඇස් දෙකත් රිදෙනවා.. මටත් බූතයෝ පේනවා... එලකිරියෙත් ඉන්නවා...

    ස්තුතියි ත්‍රෙඩ් එකට...