බය වෙලා නිවන් යන්න බෑ හලෝ. බියගුල්ලන්ට රහත් වෙන එක හරියන්නේ නෑ.රහත් වෙන්න ඊටත් වඩා ත්‍රාසජනක දේවල් හරහා යන්න ඕන. ඒක හරියට තනියම ගෙදර රෑට ඉන්න බය කෙනෙක්ට ලොකු සොහොනක් මැදින් ගිහින් කට්ටිය පිරිලා ඉන්න ගෙදරකට යන්න වෙනවා වගේ දෙයක්.නිර්වානයට යන්න අවබෝධය සහ එඩිතර කම දෙකම තියෙන්න ඕනී.බුදුන් වහන්සේ නිවන් ගියේ දුකට බයේ නෙවෙයි.යම් අවබෝධයක් නිසයි.
ඔයා ඔය කියනවා වගේ බයක් ගැන නෙමේ මම මේ කියන්නෙ..ආශ්වාදය, ආදීනව,තුලින් නිස්සරණය කියන මාවතට පැමිණීලා සසර ගැන කලකිරීම කියන දේ ගැන මම කියන්නෙ..සසරෙ බියකරු බව තේරෙන්නනම් ඒක හොදට අත්විදලා තියෙන්න ඕනෙ ඒකට තමා ආශ්වාදය කිව්වෙ පස්සෙ ඒ අශ්වාදයේ විපාක දකින්න ඕනෙ ඒකට තමා ආදීනවය කියල කිව්වෙ..මේ දෙකෙන් ගැලවෙන්න තියන මාවතට තමා නිස්සරණය කිව්වෙ..බුදුන් වහන්සෙ
“බුද්ධෝ හං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයෙ පරේ
තිණ්ණෝ හං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා
(මම සසරින් එතරවෙමි –අනුනද එතෙර කරවමි මහත් බිය දෙන සසර නසමි –අනුනගේ සසරද වනසමි)
කියල දේශනා කරේ අන්න ඒ නිසා..
ඕක නිකම් මේ පොඩි ළමයෙක් මකුනෙක් දැකල බයවෙනවා කෑගහනව වගේ බයක් නෙමේ..ඊට වඩා ගැඹුරු අවබෝදයකින් එන බියක්..





උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..


