මුලින්ම කියන්න ඕන මේක තනිකරම කොපියක් .ඒ කියන්නේ මම කලේ අපේ එළකිරි සගයින්ට බලන්න copy peste කිරීම පමණයි කියන එක ..
හැමෝටම වැදගත් වෙයි කියල හිතුන නිසයි දාන්නේ ..රිපොස්ට් නම් sory ...
ගත්තේ ' ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ''බ්ලොග් එකෙන්..ලින්ක් එක යට තියෙනවා
රථ වාහන පදවන ඔබ සැමට ගොඩාක් වෙලාවට අධිකරණය හමුවට යන්න ඕන වෙනවා... වර්ථමාන පොලීසියේ මහත්තුරු ගොඩාක් අල්ලස ගැන නොහිත ලෙසටම දඩ ගහන හා නඩු දාන පිරිසක් බවට පත් වෙලා තියෙනවා... සුළුතරයක් තාම කලින් වගේම ඇති.... නමුත් රට පුරා කරක් ගහන මටනම් මේක ඇත්තටම දැනිලා තියෙනවා... ඉස්සර කොච්චර බේරිලා ගියත් දැන්නම් කළාතුරකින් තමයි බේරිලා යන්නේ.... ඉතින් ජංගම දුරකථනයෙන් කථා කරපු වරදට මටත් නඩුවක් වැටුනා... අදාල නඩු දිනයට ගියේ නැති නිසා මෝසමක් ඉදිරිපත් කරන්න බලාගෙන මමත් ගියා අධිකරනයට ඊයේ.. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගත්තේ...
අධිකරණයට පිටිපස්සේ මේසෙක වාඩිවෙලා කලුකෝට් නීතීඥ මහත්තුරු කීප දෙනෙක් ඉන්නවා.. යන අයගෙන් අහන්නේ මෙහෙමයි, මොකටද ආවේ... මේක අහන්නේ සැර වොයිස් එකකින්... නඩුවක් නම් මේ මැඩම් එක්ක යන්න, මේ සර් එක්ක යන්න වගේ කියලා එක එක නීතීඥ කෙනාට භාරදීලා සල්ලි අරගෙන නඩුව කතා කරනවා... ට්රැෆික් නඩු කථා කරන එක තමයි නීතීඥ මහත්තුරුන්ට ලාභම වැඩේ... මොකද වැරදි කරු ස්වාමීනී කිව්වා.. දඩේ ගැහුවා.... ගාස්තුව ගෙව්වා.. ලයිසන් එක ගත්තා.. ගෙදර ගියා.... .1%ක් වගේ තමා මේ විදිහෙන් වෙනස් වෙන්නේ.... හරි දැන් මම කියන්න යන්නේ මට වෙච්ච දේ.....
මමත් ගියා.. මේ විදිහටම මගෙන් ඇහුවා.... මේ තියෙන්නේ දෙබස...
මොකටද ආවේ....?
නඩුවක්.... ට්රැෆික්...
මේ මහත්තයා එක්ක යන්න.....
දැන් ඒ මහත්තයාත් එක්ක යනවා.... මෙන්න ඒ දෙබස... කොහොමත් මම කලින් පොලිසියේ යාළුවෙක්ගෙන මේ ගැන අහගෙන අවබෝධයක් ඇතුව ගියේ....
මොකක්ද කේස් එක...
ෆෝන් එක කණේ ගහගෙන එළවලා. ..
කෝ දෙන්න බලන්න ටෙම්පරිය.... අහ්... මේක පරණ එකක් නේ....
ඔව්... මොශන් එකක් දාන්න වෙනවා නේද? දඩේ කීයක් විතර ගහයිද?
පරණ එකක්නේ.. 5000ක් වත් ගෙවන්න වෙයි... (ඒත් මම දැනගෙන හිටියා 1000යි උපරිම කියලා..)
අප්ප..... එච්චර ගෙනාවේ නෑනේ.... 2500යි අතේම තියෙන්නේ....
පොලිසියෙන් අවුලක් නෑ නේද?
නෑ... ඇයි?
එහෙනම් ගැටළුවක් වෙන එකක් නෑ.. 2500 දෙන්නකො එහෙනම්...
අපොයි, 2500 දීලා බෑ.. එතකොට ගෙදර යන්නවත් සල්ලි නෑ... 2000කට කරමු..
හරි 1000ක් දඩේ ගැහුවොත් ඒ ගානට කරමු මචන්.. ඊට වඩා ගැහුවොත් ගෙවපන් ඈ......
ආ හරි හරි... මොකද කරන්න ඕන මම...
එහෙනම් ගිහින් 2ට විතර එන්න... මෝශන් දාන්නේ ඒ වෙලාවට තමයි...
හරි.. මම ගියා...
දැන් අධිකරණයේ පිටිපස්සෙම ලී බංකුවකට වෙලා අහගෙන ඉන්නවා අධිකරණ තීන්දු දිහා.. අපරාදේ කියන්න බෑ මහේස්ත්රාත් තුමා සාධාරණව හා මානුශිකත්වය මුසුකොට ඉතා සාධාරණ තීන්දු ලබා දුන්නා... පොලිසි නිළධාරීන්, නීතීඥයින්, මහ ජනතාව කියා වෙනසක් නැතුව වැරදි පැත්තට දොස් කියන්න එතුමා අමතක කලේ නෑ....
බීමතින් රිය පදවලා අහුවුන අයටනම් ඒ වෙලාවේ කික් එක අමතක වෙනවා තීන්දුව අහනකොටම... දැන් අවම වශයෙන් රියදුරු බලපත්රය මාස තුනකට තහනම් කරනවා... ඒකනම් හොඳ නිවැරදි තීරණයක්..
අන්තිමේදි ඉඳලා ඉඳලා මගේ වාරේ උදා වුනා... තෝල්ක තැන මගේ නමයි වැරැද්දයි කිව්වා... මම දිව්වා විත්ති කූඩුවට... නීතීඥ තුමා නැගිට්ටෙත් නෑ.. තෝල්ක තුමා වැරදි කරුද නිවැරදි කරුද කියලා අහනකොටත් මම මග.. මම එතැන ඉඳන්ම කිව්වා වැරදිකරු ස්වාමීනී... ඊලඟ අඩිය තියන්නත් කලින්ම රුපියල් 1000.00ක දඩයක් නියම කරනවා කිව්වා.. එතන හිටපු බන්ධනාගාර නිලධාරී මාව යැව්වා කූඩුවට.... නීතිඥ තුමා ඇවිත් අර 2000.00න් 1000.00ක් මගේ අතට දීලා ගියා... මම දඩේ ගෙවලා ලයිසමත් අරන් ගෙදර ආවා..... අනේ අරූට දුන්න 1000.00 කියලා හිතෙන් බැන බැන....... ඒත් ඉතින් 5000.00ක් ගෙවන්න තියෙන එකනේ 1000.00න් ශේප් වුනේ කියලා හිත හදාගත්තා.... කකාගේ අර පිංතූරෙත් මතක් උනා බුද්ධි ඇඳපු...
අතර මඟදි මෙහෙම සිද්ධියකුත් වුනා,,, මම දැන් උසාවියේ හිටගෙන නඩු අහන දිහා බලන් ඉන්නවා... නිකන් නොසැලකිලිමත්ව ඇදගත්ත මැදිවියේ මනුස්සයෙක් මම ලඟට ආවා... දෙබස මෙහෙමයි....
මල්ලි නඩුවකට ආවද?
ඔව්.....
මමත් නඩුවකට ආවේ.. දඩේ ගෙවාගන්න සල්ලි නෑ.. රුපියල් 150ක් දෙනවද පුලුවන්නම්...
කීයද දඩේ....
1750යි....
හරි.. කෝ ඉතිරි සල්ලි ටික.....
ආ.. මේ... මේ.... අර පොලිසියේ මහත්තයා ගාව...
මම ලඟ සල්ලි නෑ.. තරහ වෙන්න එපා...
ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා උසාවියේ.....
මම මේ කථාව ලිව්වේ ඔයාලට එක දෙයක් කියන්න.. රථ වාහන වැරදි කරන්න නම් එපා මේ ලංකාවේ... ඒ දඩේ නිසා නෙමෙයි... කන්න වෙන චාටර් එකනම් කියලා වැඩක් නෑ.. ඒ වගේද පොලිස් කට්ටියගේ කතා.. අපිව බල්ලට දාලනේ කතාව... හදිසියේවත් උසාවි යන්න උනොත් පේනවනේ විස්තරේ... දවසක් ඉවරයි.... ඒ නිසා බොහොම කල්පනාවෙන් රිය පදවන්න... මම නම් දැන් එහෙමයි...

Code:
tikakhinawenna.blogspot.com/2012/03/7.html
Last edited by a moderator: