කියපු දේ හරියටම හරි. Dark Knight කියන්නෙ සෑහෙන්න සැලසුමක් ඇතිව බොහොම ගැඹුරු තේමාවකින් නිර්මාණය වෙච්ච කතාවක්. ඉතාම සාර්ථකයි.
බැට් මෑන්ගෙ චරිතයට මම ගොඩක් කැමතියි. මේ අහල තියෙන ප්‍රශ්න ඔක්කොටම පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්.
කොහොම වුනත් මේ ෆිල්ම් එකේ කතාව සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව Joker. ඒකෙ කිසිම සැකයක් නැහැ. උඹ කිව්ව වගේ Joker ට තියෙනව වෙනම දර්ශනයක්.
ඔව්... Joker සම්පූර්ණයෙන්ම පරදින්නෙ නැහැ. එයාට ඕනෙ කරන දේ බොහෝ දුරට සාර්ථක වෙනව. Joker හිරේ ගියත් එයාට ඕනෙ දේ වුනා. Comic books stories වල ඉඳන්ම බැට් මෑන්ට බරපතල විදිහට අභියෝග කරන එකම හතුරා තමා Joker.
ඒ වගේම මේ ගැන තව දෙයක් කියන්න ඕනෙ. සමහර විට ඕගොල්ලො දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්.
Joker කියන චරිතය රඟපාන එක බොහොම අසීරුයි කියල තමයි ගොඩ දෙනෙක් කියන්නෙ. Dark Knight Film එකේදි තමයි ඒ චරිතය බොහොම කාලෙකට පස්සෙ ඉතාමත්ම සාර්ථකව වෙන කිසිම ෆිල්ම් එකක දැකපු නැති විශිෂ්ඨ රඟපෑමක් දකින්න හම්බ වුණේ. ඒ චරිතය නිරූපණය කළේ Heath Ledger කියන නළුවා. අනිත් නළු නිළියන්ට වඩා වයසින් බාලයි. අවුරුදු 28 යි. Joker චරියට එයා කරපු විශ්ෂ්ඨ රංගනයට OSCAR සම්මානයකුත් දිනුව. නමුත් ඒ සම්මානය ගන්න එයා ජීවතුන් අතර හිටියෙ නැහැ. අභාග්‍ය සම්පන්න විදිහට එයා අසනීපයකට බීපු බෙහෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් අරගැනීම නිසා මරණයට පත් වුණා. ඒ නිසාම OSCAR සම්මාන උළෙලක පළමුවෙනි වතාවට මරණයට පත්වුණු කෙනෙක්ට සම්මානයක් ලැබුණෙ Heath Ledger විසින් The Dark Knight ෆිල්ම් එකට රඟපාපු Joker යන විශිෂ්ඨ රංගනයටයි. සම්මානය ලබාගත්තේ අම්මයි, සහෝදරියයි. ඒක බොහොම හැඟීම්බර මොහොතක්. You Tube එකේ හොයල බලන්න.
(මම අපේ දේශයේ නොවන රංගන ශිල්පියෙක් ගැන වර්ණනාවක් කරනවා නෙමෙයි. නමුත් විශිෂ්ඨ රංගන හැකියාවක් තිබුණු කෙනෙක්ට පවා අභාග්‍ය සම්පන්න විදිහට ජීවිතයෙන් සමුගන්න වූ සිදුවීම අපිටත් ජීවිතය ගැන පණිවිඩයක් දෙනවා.)