කෞතුකාගාරයේ කඩු හොරකම කළේ කුරුඳුවත්ත පොල

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කෞතුකාගාරයේ කඩු හොරකම කළේ කුරුඳුවත්ත පොල


    අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ සොරකම සිදුවී දැනට මාස 4කට ආසන්නය. නමුත් මෙතෙක් ඇල්ලු හොරෙක් නැත. සති 2න් හොරු අල්ලනවායැයි පසුගියදා නියෝජ්‍ය පොලිස්පතිවරයා පම්පෝරි ගැසුවද තවමත් ඒ හොරා ඇල්ලූ බවක් පෙනෙන්නට නැත.

    කොටින්ම වරෙන්තුවක් තිබියදී පෙනි පෙනී සිටින සුදර්මන් රදලිගොඩ අල්ලාගැනීමට බැරි පොලීසිය කටුගේ හොරුන් ඇල්ලීමද විහිළුවකි.

    කෞතුකාගාර සොරකම ගැන පරීක්ෂණ පවත්වන්නේ කුරුඳුවත්ත පොලීසියයි. ඒම සොරකම සිදුකර ඇත්තේද පරීක්ෂණ පවත්වන කුරුඳුවත්ත පොලීසියම යන්න සැකසහිත බැවින් සොරෙකු හසුවීමක් අපේක්ෂා කිරීමද විහිළුවකි. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නොව හොරාගෙන්ම පේන ඇසීමකට සමානය.

    මේ නින්දා සහගත කොල්ලකෑම වාර්තා වන්නේ පසුගිය මාර්තු 17 සෙනසුරාදා උදෑසනය. එදින පාන්දර 1.30ට පමණ කුරුඳුවත්ත පොලිසියේ හදිසි ඇමතුම් කාරය කෞතුකාගාරයේ දොරකඩට පැමිණ ඇත. එහි සිටි එක් අයෙක් කාරයට හේත්තු වී සිට ඇති අතර තවත් අයෙක් කෞතුකාගාරය දෙසින් පැමිණ එම හදිසි ඇමතුම් පොලිස් වාහනයේ නැඟී පලා ගොස් ඇත.

    මෙම සිද්ධිය දැක ඇත්තේ කොළඹ කටුගෙට නුදුරු කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා වූ ස්ටැන්ලි ලියනගේ ය. ස්‌ටැන්ලිගේ පදිංචිවය උඩුනුවර ලීමගහකොටුවේ රංගමය.

    රාජකාරිය කරන අතරතුරේදී තමන් දුටු දේ පොලීසියට පැවසූ පසුව ඔහු පැහැරගන ගොස් දින 20ක් පහරදී ඇත්තේ කෞතුකාගාරයේ නැතිවූ කඩු ගත්තේ ඔහු බවට පිලිගන්නා ලෙසත්, එසේ කලහොත් ඔහුගේ පරම්පරා හතක් ගොඩ යන බවත් පවසමිනි. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා සති 2කින් හොරු අල්ලනවා යැයි පාරම්බා සති 2කට පමණ පසුවය



    ඒසේ කිරීමට අකමැතිවූ නිසා පසුගිය ජූනි 12 වෙනිදා පැහැරගත් ඔහුව නැවත මුදා හැර දමන්නේ ජූලි 2 වනදාය.

    මේ වන විට ඔහු අස්‌ථි බිඳුම්, ස්‌නායු ආබාධ ඇතිව බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ 17 වන වාට්‌ටුවේ ඇඳක්‌ මත නිසොල්මන්ව සිටින්නේ දෑත් බැඳ එල්ලා පහරදීම නිසාය.

    කෞතුකාගාරයේ ආරක්‌ෂක ක්‍රමවේදයට අනුයුක්‌තව ආරක්‌ෂක නිලධාරීන් දොළොස්‌ දෙනෙක්‌ හා මැදිරි භාරකරුවෝ විසිහත් දෙනෙක්‌ සේවය කරති. දිවා කල ආරක්‌ෂාව භාරව කටයුතු කරන්නේ ප්‍රධාන මුර භාරකරුවෙකි. ඔවුන් හරහා ආරක්‌ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක වියයුතු වන්නේ මෙසේය.

    කෞතුකාගාරයට ඇතුළු වීම සඳහා වන ප්‍රවේශ දෙකක්‌ වේ. එම ප්‍රවේශ දෙක පුරා පැය විසි හතරේම ආරක්‌ෂා කෙරේ. සෑම දිනකම මහජන ප්‍රදර්ශනය නිමවූ පසු ප්‍රධාන මුර භාරකරුවාත් රාත්‍රී වැඩ මුරය භාරගන්නා සහකාර මුර භාරකරුවාත් කෞතුකාගාරයේ සෑම මැදිරියකටම ගොස්‌ අදාල මැදිරියේ මැදිරි භාරකරු සමග එහි භාණ්‌ඩ නිසි ආකාරව පවතීදැයි පරීක්‌ෂා කරයි.

    අනතුරුව එම භාණ්‌ඩ නිසි ආකාරයෙන් පවතින බවට සෑම මැදිරියකම ඇති පොතක තිදෙනාම අත්සන් කරයි. ප්‍රධාන මුර භාරකරුවා විසින් කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවේ දොරගුළු වැසීම සිදු කරන්නේ ඉන් අනතුරුවය. පසුව රාත්‍රී මුර රාජකාරි වාර්තා කරනු ලබන්නා සහකාර මුරභාරකරු මගින් කුරුඳුවත්ත පොලීසිය වෙත කෞතුකාගාරයේ යතුරු භාර දේ.

    කෞතුකාගාරයෙන් භාරගන්නා එම යතුරු උදේ හවස ගෙනයන්නේ එදින රාත්‍රියේ පැමිණි කුරුඳුවත්ත පොලිසියේ හදිසි ඇමතුම් කාරයෙනි.

    මෙම සිද්ධියට මුහුණ පෑ ස්ටැන්ලි තමා දුටු දෙය පවසන්නේ මෙසේය

    "අපට කෞතුකාගාරය හොඳට පේනවා. කෞතුකාගාරයේ බඩු නැතිවුණා කියන රාත්‍රියේ කුරුඳුවත්ත පොලිසියේ හදිසි ඇමතුම් කාරය රාත්‍රි එකත් එකයි තිහත් අතර කෞතුකාගාරයේ දොරකඩ නතර කරලා තිබුණා. එක්‌කෙනෙක්‌ කාර් එකට හේත්තු වෙලා හිටියා. තවත් කෙනෙක්‌ කෞතුකාගාරය පැත්තෙ ඉඳලා ඇවිත් වාහනයට නැග්ගා. ඒක අපි දැක්‌කා. ඔය කාර් එකේ තමයි කෞතුකාගාරයේ යතුර උදේ හවස ගෙනයන්නේ.

    පසුදා මහ කලබැගෑනියක්‌. කෞතුකාගාරයේ බඩු වගයක්‌ නැතිවෙලා. පොලිසිය පරික්‍ෂණ කටයුතු ආරම්භ කරලා. අපි දැක්‌ක දේ එදා අපි ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය තමයි මේ තත්ත්වයට ප්‍රධාන හේතුව"



    මේ පිළිබඳව ඊයේ පුවත්පත් කිහිපයකම ලිපි පලවී තිබුණි. දිවයින පුවත්පතේ පලවී ලිපිය මෙසේය

    අතුරුදන්වීම්, පැහැරගෙන යැම් හා සබැඳුණු "සුදු වෑන්" සංස්‌කෘතියද යම් මට්‌ටමකින් සමාජගතව ඇත. අපේ රටේ සමස්‌ත මාර්ග පද්ධතියේ ධාවනය වන ලියාපදිංචි කර ඇති වාහන අතරින් සියයට අනූනවයක්‌ම "සුදු" වර්ගයේ වෑන් වන බැවින් අවාසනාවකට ඒ කිසිදු වෑන් රථයක්‌ හඳුනා ගැනීමට හෝ ආරක්‍ෂක අංශයකට අත්අඩංගවට ගැනීමට නොහැකිවී තිබේ.

    මේ සියල්ලටම පසුබිමින් ඇසෙන තවත් කථා පුවතක්‌ පසුගියදා මුද්‍රිත හා රූප මාධ්‍ය හරහා ජන මනස කළඹන්නට සමත් විය.

    අපේ රටේ අගනුවර රැකියාවක නියුතුව සිටි ස්‌ටැන්ලි ලියනගේ නම් වූ පෞද්ගලික ආරක්‍ෂක අංශ සාමාජිකයෙක්‌ හිටි හැටියේම අතුරුදන් වීමත් සමග මේ මතෘකාව කරලියට පැමිණියේය. ස්‌ටැන්ලි පදිංචිව සිටියේ උඩුනුවර ලීමගහකොටුවේ රංගමය. ඔහු රැකියාව කරනු ලැබුවේ කොළඹ කටුගෙට නුදුරු කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා ලෙසිනි.

    මේ වන විට ස්‌ටැන්ලි ලියනගේ නම් වූ කලාභවනේ ස්‌ථාන භාර නිලධාරියා අස්‌ථි බිඳුම්, ස්‌නායු ආබාධ ඇතිව බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ 17 වන වාට්‌ටුවේ ඇඳක්‌ මත නිසොල්මන්ව සිටින්නේය. ස්‌ටැන්ලිට මොකද වුණේ. කව්ද ස්‌ටැන්ලිට මෙහෙම කළේ යෑයි අද මිනිස්‌සු අසති. ඊට උත්තර තවමත් සමාජය හමුවේ ඉතිරිව ඇත.

    ඔහු පසුගිය ජුනි 12 දා උදේ සිය නිවසේ සිට රැකියාව කරන කොළඹ බලා ගියේ දින කිහිපයක විවේකය අවසන් කරමින්ය. කුඹුරු වැඩ ටිකත් අවසන් කර දරුවන් තිදෙනාගේ වැඩකටයුතු හැකි පමණින් අවසන් කර ඔහු රැකියාව සඳහා ගොස්‌ තිබේ. එහෙම ගිය ස්‌ටැන්ලි අද සිටින්නේ රෝහලේ යහනක්‌ මතය.

    වැඩට ගිය ස්‌ටැන්ලි ඇටකටුත් කඩාගෙන නුවර අවටදීම හමුවීමේ අරුමය දැක ගැනීමට මම ඔහු බැලීම සඳහා මහනුවර මහ රෝහලට ගියෙමි. ඔහුගේ ඇද වටේට පවුලේ උදවිය, හිතවතුන් පිරී ඉතිරී ගොස්‌ය. සෑම කෙනකුගේම මුහුණේ ඉරියව්වලින් දක්‌නට ලැබුණේ කුතුහලයයි. ත්‍රාසයයි. ඔවුන්ට මාව අමුත්තෙක්‌. ඔහුගේ ඥති සහෝදරයෙක්‌ මාව හඳුනාගත් නිසා ස්‌ටැන්ලි සමග පිළිසඳරක යෙදීම එතරම්ම ගැටලුවක්‌ නොවීය.

    සිද්ධිය වූ දිනයේ පටන් අද දක්‌වාම වූ සිද්ධීන් ඔහු ක්‍රම ක්‍රමයෙන් පෙළ ගසන්නට වූයේය.

    පසුගිය 12 දා උදේ දහයට විතර මම ගෙදරින් පිටත්වෙලා කොළඹ යන්න ගියා. මගේ ගෙදර තියෙන්නේ උඩුනුවර රංගම කියන ප්‍රදේශයේ. මම කොළඹට ගිහින් බසයෙන් බහින කොට වේලාව දහවල් දෙක පහුවෙලා තිබුණා. මතකයේ හැටියට 2.15 යි. බස්‌ එකෙන් බහිනකොටම මං ඉදිරියට ආපු දෙන්නෙක්‌ අපි සී. අයි. ඩී. අපට ඔයාගෙන් කට උත්තරයක්‌ ගන්න තියෙනවා. කොටුව පොලිසියට යමු කියලා ත්‍රිරෝද රථයකට මාව නග්ගවා ගත්තා. මම වැඩ කරන තැන කෙනකුට, විඡේසිංහට දුරකතනයෙන් කථා කරලා මේ ගැන කිව්වා. විඡේසිංහ ආපසු මගේ දුරකථනයට ඇමතුම් කළත් ඒවාට උත්තර දෙන්න ඉඩක්‌ ලැබුණේ නෑ.




    ත්‍රිරෝද රථය වේගයෙන් ඇදී ගියේ කොටුව පොලිසිය දිසාවට නම් නොවෙයි. සුගතදාස ක්‍රීඩාංගනයේ නාමපුවරුව මතකයි. එතැනින් අතුරු පාරකට හරවල ගියා.

    කටඋත්තර ගන්න යමු කිව්වා. මම බය වුණේ නෑ. පසුගිය මාස කිහිපය පුරාවටම කටඋත්තර දීලා තිබුණා. ඒක මට අමුතු දෙයක්‌ නෙවෙයි. කටුගෙයි පුරාවස්‌තු කොල්ලය ගැන තමයි ඒ කටඋත්තර ගත්තේ.

    මාර්තු මාසයේ මැද භාගයේදී ජාතික උරුමයේ මහගෙදරට හොරු පැනලා අපේ ඉතිහාසය සොරා ගත් දිනයේ ඉඳන්ම කටඋත්තර දීලා හොඳ පුරුද්දක්‌ දැන් තියෙනවා. ඒ කාලේ අයි. ඩී පෙන්න පෙන්න ආපු සී. අයි. ඩී. අය අනන්තයි. අප්‍රමාණයි.

    එහෙම හිතලයි මම එදත් ගියේ. නමුත් ඈතට ඈතට යනකොට අමුත්තක්‌ සැකයක්‌ ඇතිවුණා. නමුත් කරන්න කිසිවක්‌ මට ඉතිරිවෙලා තිබුණේ නෑ.

    සුගතදාස එක ළඟදී මගේ ඇස්‌ දෙක බැන්දා. අත් දෙකත් බැන්දා. ත්‍රිරෝද රථය නතර කරලා වෙනත් වාහනයකට මාව මාරු කළා. තේරුණු හැටියට ලොකු වාහනයක්‌. කොටුවේදී හම්බවුණ අයට අමතරව තවත් කිහිපදෙනෙක්‌ සිටි බව තේරුම් ගියා.

    වාහනය සෑහෙන දුරකට ගිහින් ගොඩනැගිල්ලක්‌ තුළට මාව අරගෙන ගියා. අත් කුකුල් බැඳලා පොල්ලක දාලා කැරකුවා. බොහෝ දෙනා ඔය ක්‍රමයට කියන්නේ ධර්ම චක්‍රයේ දානවා කියලා. දවස්‌ තුන හතරක්‌ අත් දෙකෙන් කකුල් දෙකෙන් එල්ලලා තිබ්බා. පහරදීම් කළා. බත් පාර්සලයක්‌ දීලා කන්න කියනවා. ඒ වෙලාවට අත් දෙක ලිහනවා. මුළු පාර්සලයම කන්න ඕනෑ. ඉතුරු කළොත් කාපුවා වමාරන්න ගහනවා. අද මට බත් පේන්ත් බෑ. අප්‍රියයි.

    ඔබට එහෙම ගහන්න තිබුණ හේතුව මොකක්‌ද මම ඔහුව විමසීමි.

    හේතුවද? හේතුව කෞතුකාගාරයේ බඩු නැතිවෙච්ච දා දැක්‌ක දේවල් එළිකරපු එක.

    මොනවද එදා දැක්‌කේ

    අපට කෞතුකාගාරය හොඳට පේනවා.

    කෞතුකාගාරයේ බඩු නැතිවුණා කියන රාත්‍රියේ කුරුඳුවත්ත පොලිසියේ හදිසි ඇමතුම් කාරය රාත්‍රි එකත් එකයි තිහත් අතර කෞතුකාගාරයේ දොරකඩ නතර කරලා තිබුණා. එක්‌කෙනෙක්‌ කාර් එකට හේත්තු වෙලා හිටියා. තවත් කෙනෙක්‌ කෞතුකාගාරය පැත්තෙ ඉඳලා ඇවිත් වාහනයට නැග්ගා. ඒක අපි දැක්‌කා. ඔය කාර් එකේ තමයි කෞතුකාගාරයේ යතුර උදේ හවස ගෙනයන්නේ.

    පසුදා මහ කලබැගෑනියක්‌. කෞතුකාගාරයේ බඩු වගයක්‌ නැතිවෙලා. පොලිසිය පරික්‍ෂණ කටයුතු ආරම්භ කරලා. අපි දැක්‌ක දේ එදා අපි ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය තමයි මේ තත්ත්වයට ප්‍රධාන හේතුව.



    එදා ඉඳන් වරින් වර මගෙන් ප්‍රකාශ ලබාගත්තා. ආයතනයට ඇවිත් ප්‍රකාශ ගත් දින, වෙලාවල් මම පොත්වල සටහන් යොදා තිබුණෙ. ස්‌ටැන්ලි සිද්ධිය ඒ ආකාරයට දිගහැරියේය.

    මේ අතරතුර කාලයේදී එනම් 13 දා ස්‌ටැන්ලිගේ සහෝදර ආරක්‍ෂක නිලධාරියා ඔහුගේ නිවසට කථා කළේය. ස්‌ටැන්ලි වැඩට ආවේ නැති බවත් මගදී කථා කර කොටුවේ පොලිසියට යනවා කියා කී බවත් දන්වා තිබිණි. නැවත ඔහු ආවේ නැති බවත් කථා නොකළ බවත් එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියා තිබිණි.

    ඒ පණිවුඩය පවුලේ අයව මහත් සේ කම්පා කළේය. ස්‌ටැන්ලිගේ බිරිඳ සේපාලිකා ඇයගේ සහෝදරයා වන සුනිල් සමග 13 රාත්‍රියේ දව්ලගල පොලිසියට ගොස්‌ අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක්‌ සටහන් කෙරුවාය. බිරිඳ සහ සොයුරා ඉන් නොනැවතී පොලිස්‌පතිවරයාටත් පැමිණිලි කළහ.

    පොලිස්‌පති කාර්යාලයෙන් ඔවුන්ට උපදෙස්‌ දෙන්නේ රහස්‌ පොලිසියේ පරීක්‍ෂා කරන්නටය. ඒ අනුව ඔවුහු රහස්‌ පොලිසියට යති. එහි නිලධාරීහු ස්‌ටැන්ලි පිළිබඳ කිසිවක්‌ නොදන්නා බව දන්වා සිටිති. අනතුරුව ඔවුහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරති. අනතුරුව සියලු තොරතුරු ජනාධිපතිතුමාටත් ආරක්‍ෂක ලේකම්වරයාටත් ෆැක්‌ස්‌ කර යවති.

    මට හිතෙන්නෙ ස්‌ටැන්ලි පැහැරගත්තෙ අතුරුදන් කරන්න කියලා, ඊට හේතු කාරණාවන් තියෙනවා" එහෙම හඬ අවදි කළේ ස්‌ටැන්ලිගේ ඥති සොයුරු ප්‍රාදේශීය දේශපාලනඥයකු වන සුනිල්ය.

    කෞතුකාගාරයේ බඩු නැතිවුණු දා ඉඳලා මෙයාගෙන් සී. අයි. ඩී. ය කටඋත්තර ගත්තා කියලා අපි දන්නවා. සී. අයි. ඩී. අය අපේ ගමට රංගොඩට ආවා. ස්‌ටැන්ලි එක්‌ක වැඩ කරන බණ්‌ඩාර හොයන්න, ප්‍රකාශන ලබාගන්න පොල්වත්තේතැන්නට ගියා. ඒ නිසා අපිට මේ සිදුවීම පිළිබඳ සැකයක්‌ තිබුණා. මේ සිද්ධිය ගැන අපි ස්‌ටැන්ලිගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයේ ප්‍රධානියාව දැනුවත් කළා.13 දා දුරකථනයෙන් කථා කරලා ඔහුගෙන් විමසීමක්‌ කළා. ඔහු කිව්වේ මට ඒ බව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දුන්නා කියලා. ඒ කරුණු එක්‌ක අපි මේක අතුරුදන්වීමක්‌ හැටියට තීරණය කළා. අපි දිගින් දිගටම සෙව්වා. සුනිල් ඒ ආකාරයට කීවේය.

    යළිත් වතාවක්‌ ස්‌ටැන්ලි හඬ අවදි කළේය. ජුනි මස නව වැනිදා CID එකේ ඒ. එස්‌. පී. කෙනෙක්‌ මාව හම්බවෙන්න වැඩ කරන තැනට ඇවිල්ලා ටිකක්‌ කථා කරන්න හම්බුවෙන්න ඕන කිව්වා. මම කිව්වා මම අද නිවාඩු යනවා දවස්‌ තුනකින් 12 දා එනවා ආපහු ආවාම හමුවෙමු කියලා. CID අය මගේ පස්‌සේ එන බව මට තේරුණා.

    හැබැයි එදා බස්‌ එක ළඟට ආවේ CID යේ IP ලා දෙන්නෙක්‌. පැහැරගෙන ගිය දවසේ ඉඳලම මගේ ඇස්‌ දෙක බැඳලා තිබුණේ. කොහේද හිටියේ, කවුද හිටියේ කියල මම දන්නේ නෑ. කටුගේ කඩුව උඹ ගත්තා කියපන්. එතකොට මේ කරදර ඔක්‌කොම ඉවරයි. අපි උඹේ පරම්පරා හතක්‌ බලාගන්නම්" කියලයි ඔවුන් මගේ ප්‍රකාශයක්‌ ගන්න උත්සාහ කළේ. ඇයි මම ඒක භාරගන්නේ. එදා වේදිකාවේ ලයිට්‌ හයිකරන්න කට්‌ටිය ඇවිත් හිටියා. දහදෙනෙක්‌ විතර එතැන වැඩ කළා. පිටස්‌තර කවුරුවත් එතැනට ආවේ නෑ.



    දැන් කථාවක්‌ පතුරවනවා පොලිස්‌ බල්ලෝ කලාභවන ළඟට ඇවිත් නතර වුණා කියලා. එහෙම දෙයක්‌ වුණේ නෑ. අසත්‍ය ප්‍රචාර සිදුකරලා සත්‍ය වසන් කරන්නයි කට්‌ටිය උත්සාහ කරන්නේ.

    ඔය දැන් කලබල වෙලා ඉන්න අය ඇවිත් අපිට කිව්වා නම් උඹලා දැක්‌ක දේවල් කාටවත් කියන්න එපා කියලා අපි කාටවත් කියන්නේ නෑ.

    සොරකම් කරපු අය අල්ලලා දඬුවම් කරන එක ඒ අයගේ වගකීමක්‌. ඔහු පවසයි.

    ස්‌ටැන්ලි ලියනගේ අතුරුදන් වී දින 20 කට පසු පසුගිය 02 දා අලුයම් කාලයේදී ත්‍රිරෝද රියකින් රංගම පිහිටි තම නිවසට පැමිණියේය. එය සිදුවූ ආකාරය පිළිබඳ මම විමසීමි.

    දැත් ඇස්‌ බැඳලා හිටිය මාව වාහනයකට නග්ගවාගෙන වාහනය පිටත් වුණා. කොහේ ඉන්නවාද කොහේ යනවාද කිසිම දෙයක්‌ දන්නේ නෑ. වාහනය එක තැනක නතර වුණා. එහි හිටපු කට්‌ටිය බැස්‌සා. මාවත් බිමට ගත්තා. තල්ලුකරල දාල මට කිව්වා අපි උඹව දාලා යනවා. විනාඩි පහකින් ඇස්‌ දෙක ලිහාගනින් කියලා. අත් දෙක ලිහලා ඔවුන් වාහනයෙන් පිටත් වුණා.

    මම මගේ දැතින් ඇස්‌ ආවරණය ලිහා දැම්මා. කළුවරක සිටින බව තේරුණා. සෑහෙන වෙලාවක්‌ මහ පාරේ වැතිර සිටියා. යම්තම් එළිය වැටීගෙන එන බවක්‌ තේරුණා. ඔµස්ස්‌ යන වාහනවල හඬ ඈතින් ඇහෙන්න ගත්තා. අඩි සද්දත් ඇහුණා. ඔවුන් ටිකෙන් ටික ළං වුණා. කොහේද කවුද කිසිවක්‌ නොදන්න මම ඔවුන්ගෙන් ඇහැව්වා කොළඹට යන්නේ කොහොමද කියලා.

    කොළඹට යන්න නම් මෙතැනින් පිළිමතලාවට ගිහින් කොළඹ යන්න ඕනෑ කියලා. මම ඇහැව්වා මේ කොහේද කියලා.

    මේ ගඩලාදෙණිය. ඔවුන් පිළිතුරු දුන්නා. මම නිහඬ වුණා. ඔවුන් එතැනින් නික්‌මිලා ගියා. හිතට ලොකු සහනයක්‌ දැනුණා. ඒත් මට නැගිටගන්න බෑ. හොඳට එළිය වැටෙනකම් හිටියා. ත්‍රිරෝද රථයක්‌ නතර කරලා මාව රංගමට ගිහින් දාන්න කියලා කිව්වා. ඔහොම තමයි මම ආපසු ගෙදරට ආවේ. ඊට පස්‌සේ පවුලේ අය එකතුවෙලා මාව රෝහලට ගෙන ආවා.

    මාව මහමඟට ගෙනත් දාපු අය මට අවවාද කරලයි ගියේ. මට මාධ්‍යයට කරුණු දන්වන්න, මාධ්‍ය සාකච්ඡා තියන්න තහනම්. එහෙම කළොත් උඹේ දුවව පාරදිගේ හොයන්න වැඩක්‌ කරනවා." උඹේ සහෝදරයාව රුපියල් විසිහතරක්‌ (24/-) වියදම් කරලා ඉවරයක්‌ කරලා දානවා කියලා.

    අද වන විට කාගේ හෝ අවශ්‍යතාවකට අනුව සැලසුම් වූ සිද්ධියක්‌ හේතුවෙන් ඉතා අවාසනාවන්ත ආකාරයට බරපතළ තත්ත්වයෙන් ඔහු රෝහලේ වැතිර සිටී. බිරිඳ දරුවන් හා පවුලේ ඥතීන් දැඩි කම්පනයෙන් යුතුව දැස අයා සිටියි.

    ස්‌ටැන්ලි ලියනගේ වසර දහයක්‌ මෙම පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවය කර ඇතත් මේ සිද්ධියෙන් පසුව එහි කිසිදු ප්‍රධානියෙක්‌ හෝ බලයලත් නිලධාරියෙක්‌ ඔහු පිළිබඳ සොයා නොබැලීම පිළිබඳව ද ඔවුන් මෙන්ම පවුලේ ඥතීන් අතර දැඩි අප්‍රසාදයක්‌ ගොඩනැඟෙමින් පවතී.

    බරපතළ ලෙස පහරදීම්වලට හා වධ හිංසනයන්ට මුහුණදී සිටින ස්‌ටැන්ලි ලියනගේ ගේ වචනවලින්ම ලියෑවුණු මේ කතා පුවත පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය.

    කථාව ආරම්භයේ සිටම අවසානය තෙක්‌ම සෑම තැනකදීම පාහේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නාමය පැටලවී තිබේ. නම් හා තනතුරු කිහිපයක්‌ම කරුණු දැක්‌වීමේදී හෙළි වුවත් ඒවා මාධ්‍යවලින් හුවා දැක්‌වීම නොවටිනා දෙයකි. මේ අප ජීවත් වන රටේ හැටිය.

    යුක්‌තිය හා සාධාරණය ඉටුවීමට නම් රටක්‌ තුළ අවනීතිය වෙනුවට නීතිය ක්‍රියාත්මක විය යුතුය. අවනීතිය ස්‌ථාපිත වීමට අවැසි පසුබිම විනාශ කළ යුතුය. නීතිය තුළ අවනීතිය පාලනය කිරීමට දැන් කාලය එළැඹ තිබෙන බව අප ගැඹුරින් වටහා ගත යුතුය.

    ලෝකයට පේන්නට නඩු කියන නඩු නැති රටක කථාව දිගහැරෙමින් ඇත. අප හමුවේ ඇත්තේ ඉතා සරල ප්‍රශ්න කීපයකි. මේ අපරාධය මේ ආකාරයෙන් වළක්‌වන්නට උත්සාහ කරන්නේ ඇයි? ඒ කා සඳහාද? කවුරුන් වෙනුවෙන්ද?

     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේවගේ ආණ්ඩු තිබ්බට වඩා හොද්යි..රට බල්ලට ගියානම්..
    දැන් වෙලාඅතිය්න්නේත් ඒ ටික නේ
    නීතිය බැල්ලිට..! රට බල්ලට!
     
    • Like
    Reactions: shenat

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    sri_lanka_tourism_logo.gif

    හා හා ඔක පසිද්ද රහසක්

    ගණන් ගන්න එපා මගෙ සිංහල වල පොඩි අවුලක් තියෙනව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වන විට ස්‌ටැන්ලි ලියනගේ නම් වූ කලාභවනේ ස්‌ථාන භාර නිලධාරියා අස්‌ථි බිඳුම්, ස්‌නායු ආබාධ ඇතිව බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ 17 වන වාට්‌ටුවේ ඇඳක්‌ මත නිසොල්මන්ව සිටින්නේය. ස්‌ටැන්ලිට මොකද වුණේ.
    ??
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඕකෙන් උස්සපු එක්තරා කඩුවක් උණු කරලා තමයි සුනාමි හොරෙක් අයිටම් එකක් හැදුවයි කියන්නේ. මේ පොටෝ එක නං නිකන් දැම්මේ

    I2Y0ynV.jpg


     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඕකෙන් උස්සපු එක්තරා කඩුවක් උණු කරලා තමයි සුනාමි හොරෙක් අයිටම් එකක් හැදුවයි කියන්නේ. මේ පොටෝ එක නං නිකන් දැම්මේ

    I2Y0ynV.jpg


    uba hithanwada museum ekak kadala gold ussanna one kiyala mkak hari item ekak hadanna.ewa wal baila.

    owa gnne kawru hari collection ekathu karana ekekta wikunanna wage seen ekakata.

    nathuwa unu karala item hadanna newe :P