අප්පච්චී..මා සමග දිනක්
Uploaded with ImageShack.us
සමන් දෙවි අඩවියට අනෝරා වැහි වැටෙනවා..හැම වැහි බින්දුවකම සීතල එක්කම පොලවට එනවා ..
වැස්ස වහින්නේ ටිකක් ඇලේට..නිරිත දිග මෝසම කාලෙට හැමදාම මෙහෙට ඔහොම තමා
මම තෙමුනට කමක් නෑ ඉස්කෝලේ බැග් එක තෙමෙන්න බැරි හන්ද ඉස්සරහට බැග් එක එල්ල ගෙන එක නනයක් කැඩුන කුඩේ ඉහල ගත්තා
බස් එකෙන් බහින කොටම තිබ්බ මඩ වලට පැන්න මම ගෙදරය යන්න ටිකක් ඉක්මන් කලා
ගස් කෝලන් වැස්සට කැමැතියි වගේ..අහසට අත් දිගු කරන ඉන්නවා වගේ මට පෙනුනේ ..
කොළ පාට කොළ වැස්සට හොදටම හේදිලා දිලිසෙමින් තිබ්බ
ගහක හිටපු කපුටෙක් හොදටම තෙමිලා..
තාර පාර අයිනෙන් වතුර පර ගලාගෙන යනවා..රබර් ගස්වල කොළ ගහ ගෙන ඇවිත් මගේ කකුල් දෙක මුල රැදෙනවා..වතුර පාර පොඩ්ඩක් මඩ පාට වුනාට නරකම නෑ ..දිය බුබුළු නගමින් ඇවිත් මාව පහු කරලා යනවා
සපත්තු දෙකයි මේස දෙකයි තෙමුනොත් හෙට ඉස්කෝලේ ගිහින් ඉවරයි
මම එනකොට අම්ම නංගිව තුරුල් කරන් ඉන්නවා ..රෝස පාට වෙලා ඉන්නේ සීතලටද කොහොද..
මම දැන් ලොකු අය්යා...
හා හා නංගිව තෙමන්න එපා .
කුලියට ඉන්න ගෙදර වහලෙන් වතුර වැටෙනවා..අම්ම ඒ තැන හොයා හොයා වලන් තියනවා ..
මේස් දෙක ගලවල වේලෙන විදියට තියලා සුදු ඇදුම මාරු කරන් මම නැග්ගේ මේසේ උඩට..මේසේ උඩ ඉදන් පාඩම් වැඩ කරන එක පොඩි කලේ ඉදන් මගේ පුරුද්දක්ලු .ඉස්කෝලේ දුන්න ගෙදර වැඩ ටික ඉවර කරනකොට අම්ම බත් බෙදල තිබුණා..ගේ හැමතැනම වතුර වැටිලා..කුස්සිය පිටිපස්සේ පස් තදවෙලා තියෙන ඉබේ හැදුන පේමන්ට් එක උඩට වතුර වැටිලා ලිස්සනවා..මම අකමැතිම එක උඩින් අත් හෝදන්න යන්න..
මේ කොරහෙන් හොද ගන්න ..ලිස්සල වැටෙන්නේ නැතුව ..ඒ අම්මගේ කටහඩ
පුතේ..අප්පච්චිට තේ ටිකක් ගිහින් දීල එනවද..
වැස්ස නිසා නංගිව දාල යන්න බෑ..නංගිට උණ ගනිල ඉන්නේ..
බෑ කියන්නත් බෑ..අප්පච්චි ඉඩමක් අරන් අලුතෙන් මැටි ගහලා ගෙයක් හදනවා ..තනියම..නෑ නෑ හිටපු යාලුවෝ කව්රුත් නෑ ..අප්පච්චිට සල්ලි නැනේ.ඉස්සර සල්ලි තියෙන කාලේ ඕන තරම් හිටියා...මම නොගියොත් තනියම හීතලේ ඇති..අනිත් එක වැස්ස හරිම ලස්සනයි..පොඩි ඇළත් පිරිලා ඇති..දන්ඩි පැටවූ ටිකත් බලන්න පුළුවන්..ප්රශ්නයකට තියෙන්නේ යන පාර කළුවරයි එක පැත්තක තියෙන රබර් ගස් හන්ද..
මම වැස්ස වහලෙන් වැටෙන හැටි බලාගෙන කල්පනා කරමින් උන්න ..යන පාර පේනවා..කවුරුවත් යනවා පෙන්නේ නෑ ..ඒ කියන්නේ තනියම වැස්සේ යන්න වෙනවා ..
පුතා...හරි ..පරිස්සමෙන් යන්නේ
බටා දෙකත් දාගත්ත මම කුඩෙත් ඉහලාගෙන දැන් ඉතින් ගමනේ
තාර පාරෙන් ඇතුලට හැරුන පස් පාර දිගේ යනවා
අම්මෝ ලොකු ඇළේ වතුර වැඩියි ..පාලම් ගැට්ටෙන් මීටරයක් විතර මෙහායින් ඉදන් ඇළ දිහා බැලුව ..
වෙලේ ගොයම් ටික වැස්සට බය වෙලා ඔලුව හංගගෙන වගේ බිමට නැවිලා ..ඒ අතරින් චන්ඩි දෙන්නෙක් තුන්දෙනෙක් නොහිටියාම නොවේ
දඩ බඩන් ඩොන් .......අහස පුරා නිල් ඉරක් ගිය .උස තැන වලට හෙන ගහන නිසා මම කුඩේ ඔලුව ගාවටම පත් කර ගත්තා ...
පාර දිගේ සුදු පෙන බිදු එක්ක වතුර ගල එනවා..
මම වතුර පාර උඩ හිට ගත්තා ..කකුලට වැදිලා වටෙන් මාව පහු කර ගෙන යන වතුර පාර හරිම හීතලයි
තේ නිවෙනවා ඇති..අප්පච්චි තනියම ..මම ආයිත් කකුල ඉක්මන් කලා ..
රබර් කොළ මගේ කකුලේ ඇලිලා ..සෙරෙප්පුවෙන් විසිවෙන වතුර බින්දු වලින් කලිසම තෙමිලා ..කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ ..සොබාදහම නම් නියමයි
වැස්ස වැටෙන්නේ පැත්තකට..මම වැස්ස ඇල වෙලා වහින පැත්තට කුඩේ අල්ල ගත්ත..දැන් අඩුවෙන් තෙමෙන්නේ ..
පොඩි ඇලේ පාලමේ පාලම් ගැට්ට ගාවට ගිහින් ඇළ බැලුව..දන්ඩි පැටවූ පීනනවා ..එතන පැත්තකින් වතුර ගලාගෙන ගියාට අනිත් පැත්ත නිස්කලංක තටාකයක්..
රූස්ස ගසක් හොදට ඒ තටාකෙට හෙවන දෙනවා..අතරින් පතර ඒ තටාකෙට වැටෙන වැහි බින්දු අපුරු රවුම් රවුම් රටා මැව්වා ..
මම සාක්කුවේ ගෙන ආපු බත් ඇට ටික අරන් ඒකට විසි කලා ..ඔය ඉන්නේ දන්ඩි ටික..
හිමිහිට පයින් යන්නේ මේ හරිය හරිම ලස්සනයි..වහිනකොට නියමයි..සබරගමු කදුවැටිය පාරට වම අත් පැත්තෙන් වැස්සට බය නැතුව හිටගෙන ඉන්නවා
මම බය වෙන්නේ මොකටද..
දඩ බඩන් ඩොන්.. අඩියක් විතර උඩ ගිය මම අප්පච්චිගේ තේ ගෙනියන පොඩි කෙතලේට අත් තිබ්බා ..නිවෙන්න වගේ..කෙතලේ වටේටම වතුර බින්දු ..
ඉස්සරහින් පාලු පැත්ත..දැන් අපේ ඉන්න ගේ පේන්නෙත් නෑ ..ඉස්සරහින් රබර් ගස් වල අතු පාරට නැමිලා..ඇල අයිනෙනුත් හොදට ගස් වැවිල..දිය බල්ලෙක් පිනගෙන යනවා ..
මගේ ඉස්සරහ පාර හරහා දුවගෙන ගිය කබරයෙක් ජබොස් ගලා ඇලට පැන්න..මේ වගේ පාලු තැන වල මෝහිනී ඉන්නවලු..හම්බ වුනොත් මොකද කරන්නේ..හදවත ගැහෙන හඩ මේ අනෝරා වැස්සේත් මට ඇහෙන්නේ හෙන ගහනවා වගේ...
මගේ පයේ වේගේ වැඩිකරන්න උදවු වුනු උත්තේජකත් අරන් මම වේගෙන් ඇවිදිනවා ..කවුරුවත් වත් පාරේ නැනේ..කමක් නෑ ..මම ඈතින් පෙනෙන අවසාන වෙන තැන බලා ගෙන යනවා..වෙන මොනවත් පෙන්නේ නෑ ..
යන්තම් ඉවරයි..ඉස්සරහ කන්දෙන් උඩට නගින්න ඕනේ ..මම වේගේ අඩුකළා..ඇදුමේ පිටි පස්ස නම් ඉවරයි ..කුඩේ ඉහලන් අවට ඔලුව තෙමිලා..
උඩට නගින්න තියෙන අඩිපාර දිගේ වතුර පාර ගලාගෙන එන්නේ ..ගල්වැටිය මටත් වැඩ උසයි..මම තමා අඩි 3 ක් වත් උස නැනේ ..තේ ගෙනාපු කෙතලේ ගල්වැටිය උඩින් තියලා කුඩෙත් අකුලලා ලගින් තිබ්බ ..රබර් ගස් නිසා තෙමෙනවා අඩුයි..කුඩල්ලෝ ඉන්නවද මන්ද .
ගල්වැටියේ පොඩි ගලක් ගැලවුණු තැනකට අඩිය තියලා යන්තම් උඩට නැග ගැත්තා..කමිසෙන් පොඩ්ඩක් කෙතලේ වටේම පිහදලා අපේ අලුතෙන් හදන ගේ බලන්න මගේ ඉස්සරහ තියෙන කැකිල්ල ගාල මැද්දෙන් මම අමාරුවෙන් උඩට ආවා..
අප්පච්චි මැටි ගොඩක් අනාගෙන තනියම වැඩ .. අලුතෙන් හදන බිත්තියේ කණු හිටවල පොඩි බට වලින් අපුරුවට ඒවා බැදල තිබුණා..අලුතෙන් කපපු කණ්ඩිය දිගේ වතුර ගල එනවා..කණ්ඩියේ පස තමා අලුත් හන්ද පස කහ පාටයි වගේ මට පෙනුනේ
පුතා තේ අරන් අවදා..අම්ම නංගිට බෙහෙත් අරගෙනද ..
අප්පච්චි හීතල වෙලා තිබ්බ තේ කෙතලේ එළියේ හදලා තිබ්බ ලිපේ තියලා රත් කර ගත්තා..
මැටි ගොඩේ අමුතුම අලුත් සුවදක් එනවා ..අප්පච්චිගේ දාඩිය වැටිලා කලවම් වෙලාද මන්ද ..
ලබුගම ජලාශය තියෙන කන්ද අපේ අලුත් ගෙපැලට හොදට පේනවා ..වැස්සට මීදුමෙන් ලාවට වැහිලා..
වැස්ස ටිකක් අඩුවෙලා..එනකම් වද දුන්න වැස්සට මව නවත්වන්න බැරි වුන හන්දද කොහෙද බටහිර පැත්තෙන් මහේ මුනට කහපාට ලා ඉර එළියක් වට්ටලා වැස්ස පරාජය බාර ගත්තා ..
ලස්සන ගෙපැල ..කන්ද පල්ලහායින් කුබුරු යාය..ඉස්සරහ කන්දෙන් වැටෙන පොඩි දිය ඇල්ල..
අපප්ච්චි මැටි ගොඩෙන් මැටි බෝල හදල බිත්තියේ තියලා ගල් කලි දෙක තුනක් තියලා අයිමත් මැටි බෝලයක් තියනවා ..ඒ මැටි බෝලයක් හරිම බරයි..මට නම් උස්සන්න බෑ..මේ වැස්සේත් අප්පච්චිගේ ඇගේ දාඩිය බින්දු බේරෙනවා ..මම පොඩි මැටි ගුළු ටිකක් හදල දෙනවා පොඩි පොඩි අඩු පාඩු වහන්න ..
කන්ඩියෙන් වැහි උල්පත් මතුවෙලා .."බොබ්" හඩක් එක්ක වතුර එනවා ..කහපාට අවුව අලුත් තෙමුණු කන්ඩියට දිලිසීමක් ලබා දෙන ගමන් හිමිහිට පල්ලම් බහිනවා ..
පුතේ,මේ මැටි ගොඩ ඉවරයි..ගෙදර යන්න අර කෙතලේ එහෙම අරගන්න රෑ වෙන්න කලින් යමු..
ඉර සබරගමු කදුවැටියෙන් බටහිරට බැහැල යන්තම් කළුවර වෙනකොට අපිත් හිමිහිට කන්දෙන් පල්ලම් බැස්ස..
මම අනිත් පැත්ත හැරිලා බැලුව ..අලුත් ගේ ලස්සනට හැදෙනවා ..අනාගතේ මෙතන අපේ පවුලේ මාලිගාව හැදේවි..මැටි ගෙදර ලස්සන ගඩොල් ගෙයක් වේවි සිතමින් මම අප්පච්චිට ඉස්සර වුනෙමි..
අප්පච්චිගෙන් එන දාඩිය සුවද අපිට හෙට ලෝකේ හදනවා ..කවදා හරි අප්පච්චි වගේ වෙන්න ඕනි...
එදා ඒ තනියෙන් වැස්සේ ගිය ගමනෙන් පස්සේ කවදාවත් වැස්සටයි ගෙරෙවිල්ලටයි මාව නවත්වන්න බැරි වුණා..එයින් පස්සේ මම ඉස්සරහට ගත්ත කකුල පස්සට තියන්න මගේ හිත කොහොමටවත් ඉඩ දුන්නේ නෑ ..තාමත් මම එදා බල බල ගිය තැන එහෙමමයි..අදත් මම ඒ තැන වලට ආදරෙයි..එදා අප්පච්චිට තේ අරන් යන්නේ නැතුව අපහු ආවනම් මට ඒ පව ගෙවා ගන්න බැරි වෙනවා..අප්පච්චිගේ නොපසුබට උත්සහයයි අම්මගේ ආදරෙයි හන්ද එතන අද අපිට ලස්සන මාලිගාවක් තියෙනවා..හැබැයි මැටි ගේ නම් නෑ ...වැස්සයි..ඇළ දොළ කදු තාම එහෙමමයි..අද අපි හැමෝම ලොකුයි..එකම එක ප්රශ්නයයි තියෙන්නේ අම්මයි අප්පච්චියි වයසට යනවා...
නිමි නැත..
සම්පුර්ණ අයිතිය කතෘ සතුයි
sam@ Creation
2012 July
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා
තුරු හිස මුදුනේ මල් පලඳ්ර
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
පද රචනය - කුමාර ලියනගේ
සංගීතය - රෝහණ ධර්මකීර්ති
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
Uploaded with ImageShack.usසමන් දෙවි අඩවියට අනෝරා වැහි වැටෙනවා..හැම වැහි බින්දුවකම සීතල එක්කම පොලවට එනවා ..

Last edited:

Rep+